Wednesday, November 14, 2012

ඩොල්කියත් අරන් එන්නද බජව්වක් දාන්න.


මෙන්න භාණ්ඩෙ..මගේම ඉස්තෝප්පුවෙ.

දැන් කාලෙ වැඩිය දකින්න නැති උනාට,මීට අවුරුදු ගානකට කලින් මගුල් ගෙදරක රාත්‍රියේ වගේම ගෙදරක තියෙන පුන්චි පහේ පාටි එකකදී,යාලුවො කට්ටිය පොඩ්ඩක් සෙට්වෙන වෙන වෙලාවකදී, නැතිවම බැරි උන වාදන භාණ්ඩයක් තමා "ඩොල්කිය". ඉතාමත් මිහිරි වගේම පාටියක උච්චතම අවස්ථාවකත් වින්දනය උපරිම ලෙස ,නැතිනම් නැටවෙන්න වාදනය කරන්න පුලුවන්.

මම පුංචිම කාලෙ අපේ අම්මලගෙ මහගෙදර..ගිය වෙලාවක තමයි මුලින්ම ඩොල්කියක් අතපත ගාන්න ලැබුනෙ. ඒකත් නොවදිනා වැඳුම් වැඳල. මම කලින් කිව්වෙ මට සරුංගල් හදන්න පුරුදු කලේ...අන්න එයා තමයි අයිතිකාරයා. මිනිහ කලාකාරය, එයාම හදාගත්ත ඩොල්කි කඳකටකොහෙන්හෝහොයාගත්ත හම් පදම් කරල එයාම තමයි හදල තිබුනෙ.

එක පාරක් ආච්චිලගෙ ගෙදර යනකොට ජය පාටියක්, සිංහල අලුත් අවුරුදු කාලෙ. මට ඈතටම සද්දෙ ඇහිල පිස්සු හැදිල ගියේ. බලන්න එපායැ...ජෝති,මිල්ටන්,බෙග් යන ගායකයන්ගෙ සිංදු නලවල ස්වර උස් පහත් කරල කට්ටිය එක්ක කියනකොට...ඩොල්කි දෙකයි, තාලෙට තර‍ඟෙට දෙපැත්තකින් ඉඳගෙන මවල ගහන ගැහිල්ල. 
මට උන්හිටිතැන් අමතක උනා. මම බලන් හිටිය මේ වික්‍රමය කොහොමද කරන්නෙ කියල.
කට්ටිය හවස්යාමෙ වෙනකන් ආතල් එක. 

‍රැ වුනා.... ආයිත් කට්ටිය මදපවන වැඩිකරගන්න ගියා ගෙදර පැත්තකට. 
ඔන්න මට වාරෙ..මමත් අතපතගාල..පොඩි සෙල්ලම් පාරක් දැම්ම. 
ම්හ්..! පට්ට ආතල්නෙ...මටත් යන්තම්..පුලුවනි...මටම හිතාගන්න බෑ...!ටිකක් වෙලා ඔහොම සද්දෙ දානකොට කට්ටිය ආව. එදා ඒ විදියට ඉවර උනා.

ආයිත් පාරක් ආච්චිලගෙ ගෙදර ගියාම  මාම මට සෙල්ලම් කරනවකො කියල දුන්න. මමත් ඉතිං අතෑරියේ නෑ...දවසෙම ඩොල්කිය එක්ක අන්තිමට අත්දෙකේ ඇඟිලි ඉදිමිලා.ඒ මදිවට හිරිවැටිල..නවන්න තියා හොලවන්නවත් බෑ.

ඔහොම ටික කාලයක් ගියා..ටික ටික ආච්චිලගෙ ගෙදර ගියාම මම තනියම ඩොල්කිය අතපත ගාල යම් තරමක තත්වයකට ආව.

මම සා.පෙ. කරන කාලෙ බාප්පලගෙ ගෙදරක තිබුන කොටහලු මගුල් පාටියක්, ඔන්න දැන් ‍රැබෝවෙලා ඒ ගමේ කට්ටිය පැදුරු පාටිය.ඩොල්කියක්,සර්පිනාවක් ගිටාරයක්, තව නම නොදන්න අටමගල කීපයක් තිබුනා මතකයි. සාජ්ජය නැගල යනව. මට උන්හිටිතැන් අමතක් උනා...ඩොල්කිය ගහනවා...ලොවෙත් නෑ..නැලවෙනව. ඔය විදියට ටිකවෙලාවක් ගියා.

ඔය සාජ්ජවලදි ...එක් එක් ගායකයගෙ සිංදු ගොඩක් වෙලාවට කියන්නෙ එක් එක් අය. ජෝතිපාල මහතාගෙ සිංදු 10ක් විතර කියල. දැන් බෙග් මහතාගෙ සිංදු කියන්න හදන්නෙ...පොඩි කසුකුසුවක්...
ඩොල්කිය වයන කෙනා තමයි බෙග් මහතාගෙ සිංදු කියන්නෙ. ඒ වෙලාවට ඩොල්කිය වයන අමතර කෙනා අද .....වැඩි වෙලා..කර්පට් වෙලා..කන සාක්කුවෙ දාගෙන ඉන්නෙ. සාමාන්‍යයෙන් ඩොල්කි ගහන ගමන් සිංදුකියන්න හරි අමාරුයි.

දැන්  විවෘත ආරාධනයක්....කවුරු හරි යන්තම්වත් දන්න කෙනෙක් ඉන්නව නම් එන්න කියල. ඔන්න වාරෙ ..
"අයියෙ මට හොඳට බෑ..තාලෙට යන්තම් පුලුවන් .." මම ඉදිරිපත් උනා.

"අරි..අරි..මල්ලි..මම සප් එක දෙන්නම් මල්ලි දෙන්නකො තාලෙ".
මමත් අතපය සොලවලා...දුන්න බැටේ...!

අල්ලල ගියේ නැද්ද...! මුං ටික මාර සප් එකක් දුන්නෙ මට මම අත් දෙක යකාට ගියාදෙන් කියල...ඩොල්කිය වැයුව. කොච්චර අල්ලල ගියාද කියනවනම් අන්තිමට සාජ්ජයේ අහවර වෙනකන්ම ඩොල්කිකාරයා උනා මම. 

ඔයින් ටිකකාලයක් යනකං මට පුදුම ආසාවක් තිබුන ඩොල්කියකට. යාලුවෙකුගෙ ගෙදර උන්ගෙ තාත්තට තිබිල පැත්තකට දාල තිබුන ඩොල්කි කදක් අරන් ඇවිල්ල අපේ කිට්‍ටුව තියෙන් ලැයිම් කාමර පැත්තෙ අඳුනන අයෙක් මාර්ගයෙන් එළු හම් දෙකක් හොයාගෙන බැඳගෙන තමයි මගෙ මුල්ම ඩෝල්කිය හදාගත්තෙ.

ටික කාලයක් ගියාම මට අතට කීයක් හරි ලැබෙනකොට...මාතර හක්මන පාරෙ තියෙන වාදනභාණ්ඩ හදන තැනකින් නියම භාණ්ඩයක් හදව ගත්තා..මතක හැටියට..රු.2500ක් වගේ ඉස්තරම් භාණ්ඩෙ.ඒක තමා ඔය තියෙන්නෙ. 
ඒගොල්ලගෙ ලේබල් එක ඉරිල තිබුනෙ.කාලයක් වෙනවනෙ.
මේ තියෙන්නෙ අපේ මිදුලෙ දර්ශණ පතයත් එක්කම. ඔය පේන වැටෙන් පල්ලෙහා ලොකු ගල්වැටියකින්  පහල අඩි25ක් විතර.

දැන් අවුරුදු ගානකින් අතින් අල්ලන්න බැරි උනා.
මීට ඉස්සර ඒක පාරක් අපේ ගෙදර ආපු ඥාති මල්ලි කෙනෙක් මම නැති අතරේ...බුම් එකපැත්තට වැඩේ දීල මට ඇඬුනත් එක්ක. මම ඩොල්කිය ගමේ කිසි කෙනෙකුට අල්ලන්න දෙන්නැතිව තියන් හිටියෙ.සමහර යාලුවො තරහත් වෙලා තියෙනව ට්‍රිප් යන්න ඉල්ලන්න ඇවිල්ල. මේ භාණ්ඩ හරියට දන්නැතිව ගැහැව්වොත් පැලෙනව. ටියුන් එක වෙනස් වෙනව.


මමත් ඉතිං ඔය වී පොකුරිත් එක්ක මල් කඩන කාලෙ...ඉදල හිටල රාත්‍රියට විදුලිය නැති උනහම..ඔන්න පොඩි රොමෑන්ටික් ගතියක් ආවම නිශ්ෂබ්ද වටපිටාව නැලවෙන්න දෙන්නෙ..ගමටම ඇහෙන්න අර මුලින්ම පේන ඉස්තෝප්පුවට වෙලා ....වයනව.., ගයනව...හරි අමාරුයි වයමින් ගයන්න..."පොඩි කුමාරි හාමියේ..."ඕව තමා නැගල යන ගීත.


මේ අත්කාල දුකේ බෑ..!

දැනුත් මේ තියෙන්නෙ ඉරිල.ඒකියන්නෙ..කාලයක් සෙල්ලම් කරන්නෙ නැතිව එකතැන තිබුනොත් "අත්කනව" කියල එකක් වෙන්නෙ අන්න ඒක වෙලා දිරල ගිහිල්ල...දැන්නම් දෙපැත්තෙ හම් බදින්න ඩොල්කිය ගත්තට වඩා ගානක් යනව. 
මේ ලඟදි කාමර අස්පස් කරන වෙලාවක එලියට අරගත්තම හිතුන අලුත්වැඩියා කරල ගන්න ඕන කියල.

ඔන්න ඕගොල්ලගෙ සාජ්ජයක් තියෙනව නම් කියන්න....නටවල ගන්නම්..!

94 comments:

  1. පැදුරකට නම් නියම භාන්ඩේ..

    අපි එක පාරක් ගෙදර කස්ටිය බෑන්ඩ් එකක් ගෙන්නල ගැස්සෙව්වා පැදුරක්.. සිරා අහ්..

    ReplyDelete
    Replies
    1. පැදුරු පාටි..කියල වැඩක්නෑ සංගීතය උපරිමේටම විඳිතෑකි..!

      Delete
  2. මේක හදවගත්තේ ගබඩාවීදියේ තිබ්බ තැනින්ද ,ඔහෙත් මාතරෙයි ?දාන්නකෝ පොඩි විසිට් එකක් http://apegamamathara.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අර ප්‍රසිද්දම ඈයො නම් නොවේ..!ගෙදරම හදන්නෙ ඒ දවස්වලනම් පොරට ටිකක් වයසයි..මම ගාල්ලෙ මචං..මාතර මගේ බොක්කක් ඉන්නව. වගේම වීපොකුරි මාතර.
      අනිවා ඒ පැත්තෙ එනව ..!

      Delete
    2. හරි මං දන්නවා පොට් එක ,මාත් එක පාරක් ඩොල්කියක් පැලුවා අපේ චමරියේ තිබ්බ සාජ්ජෙකදී

      Delete
    3. ඔව් ඩොල්කි ගහන්න පදමක් ඕන... අතේ ඇඟිලි. අපි කොච්චර හය්යෙන් ගහනවද...!

      Delete
  3. ඩොල්කිය තියෙනවා නම් එළිවෙනකන් සින්දු කියන්න මට පුලුවන්... මොකෝ කියන්නෙ කරලම බලමුද ?

    ReplyDelete
    Replies
    1. අඩේ මෙන්න මොර‍ටු ගස්...දාන්නම් 5ක්..!
      පැනල එන්නෙ. දුර නැත්නම් අපි එකට බං...!

      Delete
    2. කොරමු කොරමු වැඩක් දාමු

      Delete
    3. මේං මාත් ඉන්නව ඈ..!

      Delete
  4. ඉස්සර අපේ ගමේ උන්නා ජෝකීනු කියලා මාමා කෙනෙක්. උන්දා ගාව තිබ්බා ඩොල්කියක්. අපි පුංචි ඇයෝනේ..උන්දාට මාර ලස්සනට සින්දු කියන්න පුළුවන්.පරණ තැටි තමා ගහන්නෙ..ඒත් ඉතින් මාරම මාරයි...

    ඇයි නත්තල් කාලෙට...උන්දා අපි වගේ පොඩි උන්ව පුරුදු කරනවා කැරොල් සින්දු කියන්න...මහ රෑ දොළහට නත්තල් පූජාව ඉවර වෙලා අපි යනවා ගෙයින් ගෙට කැරොල් ගායනා කරන්න...උන්දා ඩොල්කිය ගහනවා. අපි තාල වරද්ද වරද්ද කැරොල් ගීත කියනවා...නිදිමතේ..පිණි බබා...සීතලේ ගෙයින් ගෙට යද්දී...ගෙවල්වල වැඩිහිටියෝ අපිට සල්ලි එහෙමත් දෙනවා...හරිම ලස්සන අතීතයක්...

    දැන් ජෝකීනු මාමා නෑ. ඒත් අර ඩොල්කිය තවමත් තියෙනවලු..ඉස්සර ගමේ තිබ්බ සාජ්ජ දැන් නෑ... ගමේ අය බාගෙට බාගයක් ඉතාලියේ...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ..ලිහිණි..මීගමු පුරේ..!
      මටත් මතකයි අපේ පැත්තෙ අය්ය කෙනෙක් දහම් පාසල් උත්සව වලට සිංදුවලට තාල අල්ලන්න.එනව අපි වහ වැටිල බලන් ඉන්නෙ.
      මම දැන් උනත් ඕය බස්වල ඩොල්කිගහනව දැක්කොත් ගමන නවත්තල බලන් ඉන්නෙ.

      Delete
    2. මම වෙන්නප්පුවේ...:)

      Delete
    3. ඒ පැතිවල අයම මෙච්චර ඉතාලි යන්නේ ඇයි ලිහිණි?

      Delete
    4. ඒක සමාජ සම්බන්දතාවක් මම හිතන්නෙ. අපේ පැත්තෙත් ඉන්නව පවුලෙ එක්කෙනයි ඉස්සෙල්ල යන්නෙ. ඊට පස්සෙ පරම්පරාවම ගෙන්න ගන්නව....මාත් ඉතින් එක්කෙනෙකුට ප්ලෑන් එකක් ඇන්දම.... පරම්පරාවම එනව මාව හොයාගෙන....හිකිස්..!

      Delete
    5. @සයුරි

      වී පොකුර දීල තියෙන උත්තරය හරි සයුරි. එක්කෙනෙක් ගියාම පවුලේ අනෙක් අයව ගන්නවා. සමහරු ගන්නෙ බිස්නස් එකක් විදියට. අපේ අම්මටත් වීසා තියෙනවා. එයත් ගිහින් ආවා කීප සැරයක්. දැන් වීසා එකක් විකුනන්නෙ ලක්ෂ 15 කට.. සල්ලි තිබුනත් නොතිබුනත් යන්න ඕනෙ එකා යනවා. ඇත්තටම තරුණ අය නැත්තටම නැති තරම් ඒ පැත්තේ. ඒ වගේම තමා සල්ලී. හොයන අය හොයා ගන්නවා ඇති තරම්. මගෙ අයියත් එහෙම එකෙක්. තියෙන වත්කම් ගැන දන්නෙ මමනෙ..

      Delete
    6. හ්ම්ම් ඒක තමා..මී ගමුව පාරේ හලාවතට යනකොට ලොකුම ලොකු ගෙවල් පේන්නේ ඉතාලි ගියපු අයගේ වෙන්න ඕන. ඒ ගෙවල් වෙන් කරලා අඳුරගන්න පුළුවන්. ටිකක් විතර එක සමානයි..

      Delete
    7. ඉතාලිය තව දුරටත් සුර පුරයක් නොවේ... එහි අතීත සෞභාග්‍ය දැන් පැරණි කථාන්දරයක් පමණි... ඉතාලිය දැන් බංකොලොත්ය...

      Delete
    8. මාත් අහල තියේ එහෙම කතාවක්..ඒත් කලින් ගිය අය තාම මිලියනස්ල බං..!

      Delete
  5. පසු ගිය 11 වන දින පැදුරු පාටියක රස වින්දා.එකේ අවස්ථා පෙන්නන්ම් කො.ඇත්තටම වටිනවා මේවා පෙන්වන එක.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔව් පෙන්නන්න ගයනි ආසයි බලන්න.

      Delete
  6. මට නම් ලොකුවට වෙඩිමක් ගන්න සල්ලි නැහැ. ලංකාවට අවිති පුංචි සාදයක් වගේ සැට් කොරන්න ඉන්නවා මම වී අයියටත් එන්න කියන්නම්කො. පලිච්ච ඩොල්කියත් අරගෙන

    ReplyDelete
    Replies
    1. හි..හි..හදනවා බං ලඟදිම..!
      පාටිනම්..පු‍ටුවකට , මේසයකට ගහල හරි තාලය දෙන්නම්කො..!

      Delete
  7. අනේ බං, උඹත් නියම වෙලාවට බජව් දාන්න හදන්නෙ. දැන් නිදිමතයි, හෙටම කමෙන්ට් කරනව. එහෙනම් ඔන්න ප්ලේස් එක බුක් කරා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ..කියවලම බලමු..!.

      Delete
    2. මමත් ඔලෙවල්වලට කළේ නම් සංගීත, ඒ දවස්වල වයලින් එකත් උස්සගෙන ක්ලාස් යනව. ස්වර වාද්‍ය භාණ්ඩ මිස තාල වාද්‍ය භාණ්ඩ ඩොල්කි, තබ්ල එහෙම මට ගහන්න බෑ.

      අපේ බාප්පලගෙ ගෙදරත් ඔය සර්පිනා, තබ්ල, ඩොල්කි එහෙම තියෙනව, අවුරුදු කාලෙට එකදිගට පැදුරු පාටි එහේ. අපේ අල්ලපුගෙදර ඉන්න අම්මගෙ මල්ලිගෙ ගෙදරත් ඔය පැදුරු පාටි භාණ්ඩ සෙට් එකම තියෙනව, නංගිට පුරුදුවෙන්න ගෙනත් දීල. එහේ නම් නිතරම කස්ටිය එකතුවෙල සාජ්ජෙ, ඒ නිසා අපිට නම් පැදුරු පාටිවලින් අඩුවක් නෑ. පරණ සිංදු ඔය පැදුරක ප්ලේ කරනකොට නියමයි බං, තබ්ල ඩොල්කි සද්දෙ ඈතට ඇහෙනව, නිකන්ම නැටවෙනව.

      Delete
    3. මම නම් චිත්‍ර විශය කලේ. ඒත් ඩොල්කිය ,තබ්ලාව විතරයි යන්තම් පුලුවන්.

      නැටවෙනව නේන්නම්... පැදුරුපාටි...ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  8. මම නම් ඕකට ආස නෑ බන්... මට ආස හිතුනෙ උඹ වැටෙන් එහා තියනවා කිව්ව හෙලට.. එතනට හොඳ වීව් එකක් අති නේද ?

    ReplyDelete
    Replies
    1. සෙන්නා , අපේ ගේ තියෙන්නෙ කන්දක් උඩ අතුරු පාරෙ ඉඳල අඩි30ක් විතර උඩින්..මහ පල්ලමක් තියෙන්නෙ. ගේ බිත්තිය ලඟම මහා විසාල ගලක් තියෙනව..ඊට අල්ලල ගල්ගේකුත් තියෙනව...වවුල්ලු ඉන්නව..බ‍ටු වවුල්ලු කියන්නෙ. සමහර වෙලාවට අර ගල උඩටවෙලා රෑට මම ඩොල්කි ගහනව ඉස්සර. දැන්..ගල්ගේ කැලේ වැවිල.ගල උඩ කැලෑවක් හදල තියෙන්නෙ..තණකොල,රොඩු දාල...පොඩිඈයො ඉන්න නිසා බයයි බං..වෙලාවක ගල්ගේ පින්තූර ටිකක් දාන්න පුලුවනි. මතකද "ගොරකගහේන් වැ‍ටුන" පෝස්ට් එක අන්න ඊට පහලින් තමා ගල්ගේ තියෙන්නෙ...ගල් පොත්තේ ප්‍රමානය කිව්වොත්..පර්චස් 40ක් විතර හිතාගන්න පුලුවන් නේද ප්‍රමානය.

      Delete
    2. නියමයිනෙ බන්.. අපේ සීයලෑ ගේත් ඔය වගේ කන්දක් උඩ තිබුනෙ.. ගේ අයිනෙන්ම හෙල..මට ඒකත් මතක් වුනා මේක කියවපුවම..

      Delete
    3. සුන්දරයි තමා....ඒත් බයයි බං...පොඩිඈයො ඉන්නවනෙ.

      Delete
    4. පොඩි ළමයි ඉන්නකොට ඔය වගේ පරිසරයක් ටිකක් අවදානම් තමයි. ඒ වුනාට වී අපූරු පරිසර පද්ධතියක්නේ ඔය හරියෙ තියෙන්නෙ. මොනවද අනේ කරන්නෙ .... ගේ වටේට ෆොටෝ ටිකක් ගහල දාන්නකෝ අපිටත් බලාගන්න. අපි මේ ගල් ගෙවල් බලන්න ට්‍රිප් යනව, මෙයා මේ ගේ ළඟ තියන් නිකන් ඉන්නව, ඉක්මනට ඒකත් දාන්ටකෝ බලන්න.

      Delete
    5. ටික දවසක ඉඳල මට හිතිල තියෙන්නෙ. කැලේ වැවිල මේදවස් වල ..සුද්දකරගන්න මිනිස්සු හොයන්න නෑ බං..!

      Delete
  9. හක්මන පාරේ තිබුන එක කිව්වේ "රිද්ම තරංග" එකද? මාත් එතනට ඕන තරම් යනවා වයලින් එකේ වැඩ වලට. ගිය අවුරුද්දේ ලංකාවට ගියපු වෙලාවෙත් ගියා.

    ඩොල්කියට මෙහෙම දිරන්න දීපු එකනම් අපරාදේ.

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරියේ....මට නම අමතක වෙලා තිබුනේ..
      අර වයසක අන්කල් කෙනෙක් කරන්නෙ..ලස්සන ඇන්ටිකෙනෙකුත් ඉන්නව...!

      ඔයත් කලාකාරියක් එහෙනං..!
      හදන්න ඕන..ලඟදිම..අපේ පොඩ්ඩි තාම අවු.2යි හුරතලේට නටනව අපූරුවට..ඩොල්කිය තිබුනොත් අපූරුයි කියල හිතෙනව.

      Delete
    2. අනේ ඔව් ඒ සීයා හරිම හොඳයි නේද? ගිය අවුරුද්දේ ගිය වෙලාවෙත් හිටියා. පොඩි වැඩක් හින්දා කියලා සල්ලිත් නොගෙන ඉන්න හැදුවේ (කිසිම අඳුරන කමකට නෙමෙයි). බලෙන්මයි දීලා ආවේ.

      ෂෝක් නේ..පොඩ්ඩි නටන විදිහ බලන්න ආසයි. ඒත් ඉතින් එන්න කියලයැ

      Delete
    3. ඇත්තටම හරිම හොඳයි ඒ මනුස්සයා..!
      මම උදෙන්ම ගිහින් ලඟ ඉඳලමයි ඩොල්කිය බඳව ගත්තෙ. ඉතින්..අලගිය තැන්..මුලගිය තැන් ඔක්කොම කිව්ව.හම් ගෙන්නන්නෙ ඉන්දියාවෙන්..පොල්කොටන් පලල ඩොල්කි කඳ හදන්නෙ කුරුනෑගල පැත්තෙ.

      ඒ විතරක් ද...ඔහේල දන්නවැයි අපේ මේ මාය්ය හම්බු උනේ මං නැ‍ටුං කරන්න ගිහිල්ලනෙ කිව්ව...මම ඉතින් ඇහැව්ව...දූල නැද්ද කියල..හැහ්...හැහ් කියල හිනාවෙල..අනේ මහත්තය..කොල්ලො දෙන්නෙක්නෙ ඉන්නෙ කිව්ව..නැත්තන් ඔහේ ව්ගේ පැලෑන් අදින ඈයො කොච්චර වටිනවද කිව්ව. හිකිස්..!

      Delete
    4. //කොල්ලො දෙන්නෙක්නෙ ඉන්නෙ කිව්ව..නැත්තන් ඔහේ ව්ගේ පැලෑන් අදින ඈයො කොච්චර වටිනවද කිව්ව. හිකිස්..!//

      වී අයියත් ඕන නැති ඒව අහන්න ගිහිල්ලනෙ. හිහි

      Delete
    5. හි..හි...වී පොකුරිත් හිටියෙනෑ නොවැ ඒ කාලෙ...!

      Delete
    6. මාතර මේ අංශෙන් තියෙන අනිත් සුප්‍රසිද්ධ ආයතනය ශ්‍රි මධුර එක. එයාලගෙ මිළ ගණන්වලට සාපේක්‍ෂව රිද්ම තරංග කට්ටිය සාධාරණයි කියල මම අහල තියෙනව. ඒත් මම ඔය වයලින් වයර් ගන්න එහෙම ඉස්සර ගියේ ශ්‍රී මධුර එකට තමයි, ගාලුපාර අයිනෙම නිසා ලේසිනේ. අනිත් තැනට මම ගිහින් නෑ.

      Delete
    7. ශ්‍රී මදුරේ ට වැඩිය අතන හරි හිතේෂියි බං...සාධාරන මිනිස්සු.

      Delete
    8. සෙටිපිකෙට් ට්‍රු

      Delete
    9. //කොල්ලො දෙන්නෙක්නෙ ඉන්නෙ කිව්ව..නැත්තන් ඔහේ ව්ගේ පැලෑන් අදින ඈයො කොච්චර වටිනවද කිව්ව. හිකිස්..!//
      ඒක සිරා කතාව.. :) කලාකාරයෙක් නිසා ඕන එකක් කියන්න පුළුවන් ඇති..

      Delete
    10. මේ මාතර ඈයෝ කාන්දං වගේ එකට ඇලෙනව නෙව.. හැක්ස්..

      Delete
    11. ඔය ඔහෙත් ඇලිල තියෙන්නෙ..! :))))

      Delete
    12. ඔහේ කොහොමෙයි දන්නේ මං එහේයි කියලා. හැක්...

      Delete
    13. // මේ මාතර ඈයෝ කාන්දං වගේ එකට ඇලෙනව නෙව //

      අපි ඒමයි, හරිය ....

      Delete
  10. පැදුරු සාජ්ජයක් කියන්නේ පට්ට ආතල් වැඩක්.. මමත් පැදුරු සාජ්ජ, කැලිප්සෝ,අන්ප්ලග් බෑන්ඩ් එකක් එක්ක වැඩ.. සංගීත වැඩ නෙමෙයි.. කෝර්ඩිනේටින් , සවුන්ඩ් සෙටප් එක්ක.. බෑන්ඩ් එක පුහුණුවීම් කරනකොට බලන් ඉන්න ආසයි..


    ජය..


    ReplyDelete
    Replies
    1. බණ්ඩා...සාදරයෙන් පිලිගනිමි...!

      වෙන පොස්ට් වල ඔබව නිතර දැක ඇත්තෙමි.

      ඔය ජොබ්බෙකත් නියමයි...සංගීතයට ආසා හිතෙන්නෙ එතකොට තමා.

      ඔබටත් ජය පතමි...!

      Delete
  11. අපෙ තාත්තගේ පවුලේ කොල්ලො හතරයි ඉස්සර හැම අවුරුදු කාලේකටම අච්චිලගේ මහගේදරට සෙට්වෙනව 15 වෙනිදට ඉතින් සාජ්ජේ තමයි දැන් අපේ ලොකු අයියා මහප්පගේ පුතා පොරත් බැන්ඩ් එකක් එහේම හදාගෙන කාලයක් බජව් දැම්මා පොර තමයි මටත් අත්පොත් දුන්නේ ...මටත් ඉතින් පොඩ්ඩක් වෙන්න බොංගො කොටෙකට තලාගන්න පුලුවනි මචං

    ReplyDelete
    Replies
    1. එල....එල..ඔය ඉන්නෙ..තකට තක...
      මැවිල පේනව බං..
      මටත් කොලඹ පැත්තට එන්න හිතේ...!

      Delete
  12. මං නම් තාම සජීවීව ඩොල්කි සද්දයක් අහලා නෑ. ;(

    ReplyDelete
    Replies
    1. හිතාගන්නත් බෑනෙ බං..! :))

      Delete
  13. ඩොල්කිය කියන්නේ ඉබේ නැටවෙන භාණ්ඩයක් නේ සද්දේ ඇහුණාම. මට නම් ඕක ගහන්න නම් බෑ. හැබැයි ඇහැ ඉන්න නම් හෙන ආසයි. සමහර වෙලාවට ටවුන් එකේ දකිනවා ඩොල්කි ගහ ගහ සින්දු කියන අය.
    ඩොල්කි ගහල සින්දු කියනවා මං මුලින්ම ඇහුවේ පුංචි කාලේ බස් එකකදී. බස් එකට ගොඩ වුනු කොල්ලෙක් "රිදී නිම්නය කඳුළු නිම්නය" සින්දුව තමා කිව්වේ. මට ඒ සින්දුව පස්සේ කට පාඩම් වෙලා තිබුන.
    ඕකේ මචන් අර මැද තියන ඇහැ ද මොකක්ද කියන කොටස වෙනම අලවලා තියන එකක් ද.. හදලා ඉඳ හිට හරි තට්ටුවක් දාල පරිස්සම් කර ගත්ත නම් වටිනවා.
    වී ගේ ගේ තියන තැන නියමයි නේ. කන්ද උඩ නිසා ඈත පේනවා ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩොල්කිය දුප්පතාගෙ වාදන භාණ්ඩෙ කියලනෙ කියන්නෙ.
      බන්දුල විජේවීර..වගේම ඉස්සර ගොඩක් ගායකයින්ගෙ සිංදුවලටඩොල්කිය උපයෝගී කරගෙන තියෙනව. ඒ තාලවලට ලස්සනට ගහන්න ඇහැකි.

      ඇහැ තියන්න විශේෂක්ඥ දැනුමක් අවශ්‍යයි.ඒකෙන් තමා නියම ටියුන් එක..ටං...වගේ ශබ්දයක් එන්නෙ. ඒක අලවලා තියෙන්නෙ..සමහර වෙලාවට නියපොත්ත වැදුනම ගැලවෙනව. ඒ විශේෂ කුඩු ගම් එක්ක අලවල විශේෂ ගලකින්( තිරිවානා වගේ) මදිනව.
      අපිනම් බැටරි කුඩු ගම් එක්ක කවලම් කරල තමා තියන්නෙ.

      අඩේ ගේ තියෙන තැන ගැන ඉල්ලීම් හරියට එනවනෙ.
      මම ඉන්නෙ තාත්තගෙන් හම්බවුනු පරනතාලෙ ගෙදර තාම මේක අයින්ම කරල අලුත් එකකට යන්න හදන්නෙ ඊට කලින් පොටෝ ටිකක් ගහනව ඒව දාන්නම්.

      Delete
  14. සුපිරි භාන්ඩයක්නෙ....

    ReplyDelete
  15. මමනම් .. නියම වැඩක් කරා. අපේ දොල්කියට.. දොකියේ හඬ මදි උනාම.. පොඩ්ඩක් ගින්නට අල්ලලා රත් කරන පුරුද්දක් අපේ තාත්තට තිබ්බ.. ඉතින් මාත් ඕක ඇත පත ගානවා.. මම 4වසරෙදි විතර තමයි.. මම ඉතින් එක දවසක.. දොලියේ සද්දේ න.. කියල.. වැඩි හොඳට රත් වෙන්නත් එක්කලා.. ලඑක පැත්තක් ලිපේ දාල සෙල්ලම් ඇරලා එනකොට දොල්කියේ.. බෝම් එකේ අඟුරු තමයි තිබ්බේ හේ හේ

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියේ..අයිතිකාරයගෙ පපුව පත්තුවෙන්න ඇති..!
      ඒ රත් කිරිල්ල අතින් පිරි මැදල...දහ්..දහ් ගාල අයිනට පහර දීල හදාගන්න පුලුවනි.!

      Delete
  16. මටනම් එක ගහන් බැහැ.එත් ලඟට වෙලා අහන ඉන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. කලාකාමී සිත නොවැ..! අහන් ඉන්නකොට අත්දෙක ඉබේම එකට වදිනව..අත්පුඩි..!

      Delete
  17. සිරා අයියේ මට නම් තාම බැහැනේ බොන්ගෝ එකක්වත් තාලෙට ගහන්න :(

    ReplyDelete
    Replies
    1. අනේ බොරු නොකිය හි‍ටු..
      උඹ සිංදුත් කියනවනේද..!

      Delete
  18. මම නම් ඩොල්කියක් ගහලා නෑ. නමුත් ගහනවා බලං ඉඳලා තියෙනවා. වීයගෙ කලාකාමී පසුබිම ගැන අහන්නත් සතු‍ටුයි. අර ගල් තලාවෙන් ගෙට වතුර පාරක් හෙම එන්නෙ නැද්ද?

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මොන පසුබිමක්ද බං යන්තම් තාලයක් අල්ලතෑකි.

      නෑ ..වහින වෙලාවට නම් එනව..අපිට රෙදි වේලන්න නම් මසුරං..
      හි‍ටුකො වෙලාවක පොටෝ දාන්න.

      Delete
  19. ඔන්න මචං උඹ මට ගෙදර මතක් කලා. මේ වාදන භාන්ඩය මගේ ජීවිතේට හරි සමීපයි. පොඩි කාලේ ඉඳන් තාත්තා මාවයි නංගිවයි ලඟ ඉන්දගෙන සිංදු කියනවා ඩොල්කිය ගහ ගහ. එයා නම් සංගීතේ ඉගෙනගෙන තියෙන්නේ මාස්ටර් කෙනෙකුගෙන්. මට ඉගැන්නුවේ එයා. ඩොල්කිය, සර්පිනාව වගේම ඕගන් එකත් ප්ලේ කරන්න මට පුලුවන්. ඩොල්කිය ගහන ගමන් තාත්තා කියන්නේ බෙග් මාස්ටර්ගේ සිංදු.කට හඬත් ඒ වගේමයි. මට වගේම එයාටත් මාව මතක් වෙනවා ඇති.............................

    ReplyDelete
    Replies
    1. අපේ අහ ආවට ස්තුතියි..!
      ෂා ...අහන්නත් ආසයි...ගෙදර හරි සුන්දර පරිසරයක් තියෙන්න ඇති නේද...!

      උඹ එහෙනං දක්ෂයෙක් සංගීතයට..!

      Delete
    2. කොලොප්පන් කරන්න එප බං. සංගීතය ගැන දැනුමක් තියෙනවා. මම දක්ෂයෙක් නෙමේ.

      Delete
  20. ඩොල්කියක් ගහල නම් නෑ... ඒත් මන් ඒ භාන්ඩෙට ආසයි.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනලී...කාන්තාවන් තබ්ලා වාදනය කලත්,ඩොල්කිය වයනව මමත් දැකල නෑ.

      Delete
  21. මෙන්න නියම භාණ්ඩෙ පැදුරු සාජ්ජ දාන්න. හැබැයි මේකෙය් 70 දශකයේ සිංදු නම් දෙන්න පුළුවන් ඇට්ටි හැලෙන්න. මේ කාලෙ සිංදු නම් මේවයින් වයන්න බෑ. මටනම් පැදුරු සාදයක් මාස දෙක තුනකට සැරයක් වරදින්නෙ නෑ. ඒකත් එක කලාවක් .

    ඇත්තටම හොඳ අතීත මත කයක් අවදි කළා වගේම මෙවැනි භාන්ඩ නොදන්න අය පාව්ච්චි කලාම විනාශ කරනවා. මටත් තිබුණා හොඳ සර්පිනාවක් 90 හෝ 91 දි මිලදී ගත්තේ ඒකාලෙ හැටියට ලොකු ගානක්. යාලුවෙකුට දුන්නා ගෙදර තිබුණ සාදයක් සඳහා අයෙ කවදාවත්ම දැක්කෙ නෑ.

    ReplyDelete
    Replies
    1. දයාට නම් හොඳ අත්දැකීම් ඇතිනේද...?
      සර්පිණාව මටනම් මෙලෝ හසරක් දන්නෑ...ඔබට නම් පුලුවන් ඇතිනේද..

      මට මතක් වෙන්නෙ..වික්ටර් රත්නායක මහතාගෙ.."පොඩි කුමාරිහාමියේ" ගීතය.
      පර්යේෂණයක් වගේ...සර්පිනාවත්,ඩොල්කියත් උපයෝගී කරගෙන නිර්මානාත්මක ගීයක්.

      මමනම් වාදනය කරන්නවත් දෙන්නෙ නැහැ.වෙන කෙනෙකුට.

      Delete
  22. වී පොකුරා සහ සංගීතඥ සමාගම වෙළෙඳ දැන්වීමක්ද :P

    ReplyDelete
    Replies
    1. ම්....ඩොල්කිය හදපු තැන ගැනද..?

      අපි 3ක් ඉන්නව සමාගමට,..ඉංග්‍රීසි රාජ්,සිරා හා මම..!උඹත් වරෙන්.

      Delete
    2. @ වීපොකුරෙ වීයා

      සමාගමේ නම වෙනස් කරන්න වෙයි වගේ " වී පොකුරා සහ සංගීතඥ බ්ලොග්කරුවෝ" :D

      Delete
  23. කාටවත්ම දෙන්න එපා කියන ලිස්ට් එකට මේකත් දාන්න වෙයි. අහන්නත් ආසයි සංගීතයට දක්ෂයින් . මට නම් පුළුවන් රස විඳින්න විතරයි . අපේ පොඩි දුට පියානෝ පුළුවන් හොඳට .

    ReplyDelete
    Replies
    1. සංගීතය හොඳින් රසවිඳින,අසාකරන අය....සංවේදී මිනිසුන් කියනවනෙ.ඉතින් මේ සමාජයට සංවේදී අය සිටින තරමට ලස්සන වේවි.

      දරුවන් සංගීතයට නැ‍ටුමට යොමුකිරීම හොඳදෙයක් බින්දි..!

      Delete
  24. නියමයි.
    මං සංගීතය විශයක් ලෙස හදාරා නෑ. ඒත් සංගීතයට ගොඩක් ආසයි. වාදනය නම් බෑ. ඒත් රස විඳින්න පුළුවන්.
    ලස්සන පරණ සිංදුවක් ඩොල්කිය සමග ඇසෙද්දි කොයි තරම් නම් රසවින්දනාත්මකද

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ත ඔබේ පැමිනීම දෛර්‍යක්මට..!

      පරණ සිංදු ඩොල්කිය එක්ක...ම්ම්...කියල වැඩක් නෑ..!

      Delete
  25. ඩොල්කි උදව්වක් ඕන වුණොත් දෙන්න පුළුවන් නේද? ජය!!!

    ReplyDelete
    Replies
    1. වෘත්තීය විදියට තරම්..ලස්සනට නැතැත්,සාමාන්‍ය විදියට ඇහැකි.
      ඔබටත් ජය වේවා....!

      Delete
  26. ඉස්සර අපේ ආතලාගේ ගෙදර අපි පොඩි කාලේ හවසට හැමදාම බටනලාවයො ඩොලැක්කියයි ගහලා පැදුරු පාටි තියෙනවා. ඒත් බාප්පලා ලොකු වෙලා රස්සාවල් වලට යන්න ගත්තම ඒක නැතිව ගියා වෙන්න ඕනේ. කාලයත් එක්ක ඒ සංස්කෘතියත් නැති වුනා වෙන්න ඕනේ. මතක පාරේ යන්න හොඳ අත්තිවාරමක් උනා මේ කතාව.

    ReplyDelete
    Replies
    1. යාලුවා ආදරයෙන් පිලිගන්නව වීපොකුරට..!
      ගොඩක් අයට මේ වගේ අත්දැකීම් තියෙනව කියල දැනගත්ත එකත් සතුටක්..
      ඔබට කෙටියෙන්ම අමතන්නෙ කොහොමද කියල කියමුද.

      Delete
  27. ape ayyatath puluwan oka lassanata waadanaya karanna

    ReplyDelete
  28. ආයිබෝන්....රෙහානි..බිසිවෙලා හිටියද...
    එහෙනං අය්ය කලාකාරයෙක්.
    රෙහානිට බැරිද..?
    ..

    ReplyDelete
  29. මම කියන්නේ ඩොල්කි කතා කියලා .....සතුටුයි සහෝදරය ඔබගේ දක්ෂතාවය ගැන....

    ReplyDelete
    Replies
    1. සංජය... සාදරයෙන් පිලිගන්නවා ..වීපොකුරට..!
      ස්තුතියි..!

      Delete
  30. බොහොම ලස්සන ලිපියක්නේ අද මද මන්දා මං මේ පැත්තට ආවේ . ඔන්න රෝලටත් දාගත්තා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. නලින්...ස්තුතියි..! මුලින්ම ගොඩවැදුනාට.

      සමකය වටේ නිතර නිතර ගොඩවැදුන..පහුගිය ටිකේ ලොකු වෙනස් කමක් කරල තිබුන..!

      Delete
  31. දැන් ඕං මගෙ හිත් පොජ්ජෙත් ආසාවක් මන්දු කොරැව්ව ඩොල්ික ගහන්ට...

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නව වී පොකුරට..!
      ඉහල ඉන්නව බජව්වට සෙට් උන අය...කට්ටියම එකතුවෙලා දාමු බජව්වක්...:))))

      Delete
  32. මේසන්බාස්ලාගේ නැගලා යන සංගීත භාණ්ඩය ගැන නොවැ මේ කියන්නේ....,

    ඒත් දැන් දැන් අර අප්‍රිකාවෙන්ද කොහෙද මේ රටට ආව “තනිඇහැ“ බෙරයට අපේ බාස්ලාගේ වැඩි මනාපය ලැබිලා වාගෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේසන් උන්නැහේ.....හැබැයි මේකෙ රස දන්නෝ අත්නොහරිති...!

      Delete
  33. දැන් ඔය මැදෑ ඩොල්කි ගැහුව, අළුතෙන් මොකුත් ලිව්වොත් නරකද?

    ReplyDelete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...