Thursday, December 20, 2012

පිටසක්වලින් ඇවිල්ලා අපේ ගෙට්‍ටුවට..!



ෂූස්...ෂූස්....ඇනකොන්ඩාවෙක් පිඹිනව වගේ මහ විසාල සද්දයක් ඇහිල...එක සැරේට ඇදෙන් උඩගිහින් බිම වැ‍ටුනෙ හරියට කා‍ටුන් එකක වගේ.මම හිතුවෙ මේ දවස්වල තියෙන සීතලට ගුලිවෙලා නිදියගෙන ඉන්නකොට දැකපු හීනයක් කියල. ආයෙත් අනික් පැත්ත හැරිල නිදාගත්ත.

ෂූස්..........ඉස්සෙල්ලට වැඩිය  සද්දෙන් අපේ වහල උඩින් වගේ ඇහෙන්න ගත්ත.

බුදු අම්මෝ...#$%@^&%# මොකක්ද මේ වෙන්නෙ...!

පි..පි..පිටසක්වල යානාවක්ද..? සරම උඩින් පල්ලෙන් ඇඳගෙන මිදුලට දිව්වෙ ."තුහ්" කියල කුනුකෙල තලියක් මිදුලෙ පතබාවන ගමන්.මම උඩ බැලුවෙ හීනෙන් වගේ....

ඈ...පිටසක්වල යානාවක් තමා...මේං සයිස් එක. අපේ ගෙදර වහලට පතබෑවෙන්නද යන්නෙ...!!!

අපේ ගෙදර තියෙන විශාල ගල් තලාවට හිමින් හිමින් පහත් කරපු යානාව බැලුන් එකක්නෙ...ඒකෙ සයිස් එක. පාට පාට.පොලොව කිට්‍ටුවෙන් යන්න උවමනා උනාම පාවිච්චිකරන බැලුන් යානාවක් වෙන්න ඇති.
ඈ ඒකෙ කූඩයකුත් තියෙනව..මෙන්න ඒකේ අමුතු කුරුමිටි ඈයො වගයක්...ඔලුවෙ ඒරියල් දෙකකුත් තියෙනව.
හරි..හරි...අර සුනිල් පෙරේරගෙ සින්දුවකත් කියන්නෙ මෙවුන් ගැන තමා.පිටසක්වල ජීවීන්...අපොයි..!! මෙන්න දෙන්නෙක් මේ පැත්තට එනව....?


"බීප්...බීප්..වීයා කියන්නෙ තමාද..?"

ඈ...මොකක්..! ම..මලකෙලියයි...අන්තර් ජන්ජාලෙන් ආපු එවුන්ද...නැත්තං මේ අහ මම වීය කියල දන්න ඈයො කොයින්ද..?.හරිනෙ...!!!

කොහෙද මන් මුන්ට කිව්ව ගම්පහ තියෙන ගෙට්‍ටුවට එන්න බෑ කියල කෝ ඇහැව්වද....දැන් ඉතින් ඉඳල හමාරයි වගේ..!

ඔය ගොල්ලො කව්ද...!මම ටිකක් බයෙන් උනත් ඒ බව පෙන්නන්නෙ නැතිව ඇහැව්ව.

"හී..හී..නුඹට හිතාගන්න බැරිද...දැක්කම ....බීප්..බීප්..අර ගල උඩ තියෙන්නෙ අපි පෘතුවිය පුරා පහතින් යන්න උපයෝගී කරගන්නා යානය.ඒක අපි අකුලල අපි ආපු ඉන්ටසිටියෙ ගෙනාවෙ...ඒකෙ ආවෙ නැත්තෙ  ගස් වල වැදිල අපිව පෘතුවියේම සුවාස් වේවි කියල බයේ..බීප්."

ඇත්තද..එන්න වාඩිවෙන්න..හැබැයි..මම මේ නැකිට්ට ගමන්...හි..හි..!

වාඩි වෙන්න උවමනා නෑ..අපි ආවෙ රාජකාරියකට..! මේ තමාගෙ ගෙදරද...!

ඔව්..ඔව්..! එක අතකින් කට වහගෙන උත්තර දුන්නෙ..උදේ පාන්දර කටේ ගඳ දැනිල කුරුමිට්ටො ටික රාජකාරිය දමල දුවාවි කියල හිතිල. 

තව කව්ද ඉන්නෙ....!

ඈ... මේ FBI එකෙන් වගේ..! මට දැනගන්න පුලුවන්ද ඔයාල මං ගැන හොයන්නෙ ඇයි..අනික මා ගැන දන්නෙ කොහොමද...!

"හැක..හැක...හැක...මෙහෙමත් මෝඩයෝ..හැක..හැක..!"

"ඇයි වීයො බොලා අර ගෙට්‍ටුවක් වගේ එකක් තිබ්බ නේද  ගම්පහ කියල..පැත්තක.!"

හරි..බඩුම තමා ...ඔය කියන්නෙ. 

ඒකෙදි තමා අපි බොලාගෙ තොරතුරු ‍රැස් කලේ..!

"දැන් කියනවද..ඔයාලට මොකෑටද..අපේ විස්තර..?"( අනෙ අප්පේ...පිටසක්වල ගෙනියන්නද..? මලත් මොකෝ ඔන්න ඔහේ)

අපිට නම් වැඩක් නෑ..ඒත් අර රජ තුමාට තමා ඕන.

"ඈ..මොකක්...?? ඔහේලයි...රජයි..පයුරුපාසානමක් තියේද..!"

"හැක..හැක...බීප්...බීප්..$%&**#$%^"

මෙන්න මුන් දෙන්නා උන්ගෙ බාසාවෙන් මොනවද දොඩාගන්නව.
"ඔව් අපි කියන්නම් හේතුව..,"

මීට සති කීපයකට උඩදි අපි අපේ යානාවකින් පෘතුවියේ කක්ෂය වටා පොඩි සර්ච් පාරක් දාගෙන හිටිය..මෙන්න බොලේ කවදාවත් දැක්කෙ නැති..සතෙක්ගෙ පින්තූරයක් එක්ක...යානාවක් තියෙනව...මීට කලින් දැකල තිබුන්නැති නිසා අපි ඒ යානාව හැක් කලා..එතකොට තමා ලංකාව කියල රටක් එක්ක මේ යානාව සම්බන්දයි කියල දැන ගත්තෙ. අපි හැමතැනක් එක්කම සම්බන්ද උනා..අපිට එහේ අපේ ලෝකෙ..සෑහෙන්න රත්‍රන් තියෙනවා කීවාම අපි එක්ක උදේ හවා..කොබ්‍රාල් කියල කෙනෙක් සම්බන්ද උනා..
අනේ අය්යෙ අපිට දැන් වැලේ වැල් නෑ...අපිට ණය දෙන්න කිසිම රටක් මේ මිහිපිට නෑ අය්යලවත් අපිට රත්‍රන් වලින් වත් ආධාර කරන්නකො..අපි පොලියත් එක්කම දෙන්නම් කිව්ව. අනේ අපිට දුක හිතුන. අපි ලංකාවට ගොඩ බැස්ස.
හරිම ෂොක් අය්යල ටිකක් ඉන්නෙ..අපිට කෑම වේලකට ආරාධනා කලා   අරලිය මල් පිරිච්ච තැනකින්..අපි අපේ පොඩි ඈයොත් අරගෙනම ගියේ...!
හරිම ෂෝක් අය්යල ටික වීයො..අපේ පොඩි ඈයින්ව... අපිවත් ඉඹල නෑ එයා ඉඹගෙන ගියා අපේ හිත හරි සතු‍ටු උනා...බීප්.

 ඔය අතරෙ අපේ අනික් ඉන්ටසිටි යානා ටික හැම තැනකම කරක් ගහල අපිට ආරක්ෂාව සැපයූව.නැත්නම් අපිටත් ගේමක් දුන්නොත්...අපි හොඳට හොයල ආවෙ පුතයල ගැන. 

අපේ යානා තමා...ඔය එහෙන් මෙහෙන් දැකල රටේ මාධ්‍යකාරයො  පට්ට ගැව්වෙ. අපෙ උන්ටත් කිසි විනයක් නෑ....ඉන්ටසිටියක් අතට අහුවුන ගමන් එහෙන් මෙහෙන් යන්න බලන්නෙ...ඒකයි ඔය කට්ටිය දැක්කෙ නැත්නම් රේඩාර් වලටවත් ඔය ඉන්ටසිටි අල්ලන්න බෑ...

" හැබෑට..වීයො මෙහෙ නැත්ද ඉන්ටසිටි..?" 

" අනේ මොකටද..මගෙ කට..!!!" 

ඉතින් අපෙන් ඉහලම තැනකින් ඉල්ලිමක් කලා...
ගම්පහ  පැත්තෙ...සිංහල බ්ලොග් කියල..ලියන මහ නසරානි..ඈයොය්..ඇයීයොය් වගයක්..ගෙට්‍ටුවක් කියල එකක් තියනවය...ඕකුන් ගොඩක් එවුන් අපිට විරුද්ධ එවුන් නිසා තොරතුරු හොයා දෙන්න කියල. ඒ අනුව තමා...... තමා ගැන හොයාගෙන ආවෙ...!

" හැබැයි අපිට වැඩිය අමාරු උනේ නෑ..බීප්" 

ඒ මොකද..මටත් කට පියාන ඉන්නබෑනෙ.

තොපේ එවුන් එකාට...... එකා මඩ ගහගෙන තිබුනෙ..පොටෝ එක්කම දාල නම්,ගම් එක්කම..අන්තර්ජංජාලෙ.  බීප්.

"  හ්ම්..හ්ම්..දැන් කියමු දැන් විස්තර..."  


මම...මුකුත් බැලුවෙ නෑ...සරම කැහැපට ගහ ගත්තා...පැන්න ගේ ඉස්සරහ  අඩි 25ක් විතර උස ගල් වැටියෙන්...!


අනේ අම්මේ............වැටෙනවා...වැටෙනවා..ඉවරයක් නෑ....මාව හිරි වැටීගෙන එනව...!!!!!

ඒයි...ඒයි...
මෙන්න ඒ අස්සෙ කව්ද කතාත් කරනව...!!!
"  නැගිටින්නකො අනේ... වැස්ස පායල ගොඩක් වෙලා..උදේට කන්නෙ නැතෙයි....හි..හි..!!!"  


අපරාදෙ මගෙ හීනෙ..!

66 comments:

  1. අඩේ මේකා මහ රෑත් ඩොල්කි ගහනවා නෙව. බීප් ගාල මගේ ලැපත් කෑ ගහනවා බං ඌත් පිට සක්වල ජීවිකේද මන්ද. සුපිරි හීනයක් බං

    ReplyDelete
  2. අඩේ අප්පා..මට පෙන්නේ නෑ නේ මෙහෙම හීන..

    ReplyDelete
    Replies
    1. හි..හි..බලන්න ඕන්නම් දැන්ම නිදාගන්න.

      Delete
  3. හත් ඉලව්වේ අපේ රජා පිටසක්වලයෝන්ගේත් දත් ගලවයි වගේ. උන්වවත් අතාරින එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අයියේ ලෝක විනාසෙන් පස්සේ හම්බ වෙමු ඈ......

      Delete
    2. ආයිත් අහල...!!

      හම්බෙමු...හම්බෙමු...!!

      Delete
  4. හිහ..අපිට නොකිය ගෙට්ටුත් තියලා එහෙනම්. අපේ රජතුමා මුන්ගේ පොඩි එවුන්වත් ඉඹලද?

    ReplyDelete
  5. බයටමද මන්දා හැමෝටම හීන පේනවා.. මට නම් බයටම නින්ද ගියෙත් නෑ.. දැන් අපේ ලෝකෙ විතරද විනාස වෙන්නේ.. පිටසක්වලයන්ගේ ලෝක විනාස වෙන්නෙ නැද්ද.. අපේ මලින්ද මමා එහේ පනින්නටද දන්නෙ නෑ ට්‍රයි එක..

    ReplyDelete
    Replies
    1. එහේටත් ආස්චර්‍ය දෙන්න වෙන්ටෑ..!

      Delete
  6. ඔන එකෙකුට එන්න කියපන් හැබැ අඩුගානේ බ්ලොගක් කියොලවත් එන්න කියහං

    ReplyDelete
    Replies
    1. කූල් ඩවුන්..කූල් ඩවුන්.. රාජ්..මේ සුවාස් වෙන්න ඔන්න මෙන්න එකේ..!

      Delete
  7. මම හිතුවා කොහෙට හරි මොකෙක් හරි ඇවිල්ලා කියල....බැලුවහම හිනෙන්නේ

    ReplyDelete
    Replies
    1. සමහරු අද ඉන්නෙ හීනෙන් බයවෙලා වගේ තමා..බීප්

      Delete
  8. හෙහ් හෙහ්.. මරු හීනේ.. මටත් ආසයි පිටසක්වල මල යකෙක්ව හීනෙන් හරි දකින්න. කොහෙද පේන්නේ නෑනේ.
    හෙට අනිද්ද වෙනකොට පිටසක්වල ජීවින් පිලිබඳ ඇමති, හඳුනා නොගත් ආකාශ වස්තු පිලිබඳ උපදේශක වගේ ඒවත් පටන් ගනියි. බීප්... බීප්...

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා ලඟදිම පෙනෙයි..නොමිලෙම පිටසක් වල යන්නත් ඇහැහි..බීප්

      Delete
  9. අඩේ මටත් පෙවුනා මේ වගේම ඩ්‍රිමක්. ඒත් එකේ අවසානේ හරිම දුක්බරයි.

    ReplyDelete
    Replies
    1. දැම්ම දාමු පොස්ට් එකක් සුවාස් වෙන්න කලින්..!

      Delete
  10. මං නං පරණ එක්ස් ෆයිල්ස් එපිසෝඩ් එකක් බලපු හැමදාම ඔහෙම හීන දකින නිසා ඕවා මට පුරුදුයි... හි හි

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නෙ එක්ස් ෆ්යිල්ස් බැලුවම නින්දයන්නෙ නැති එකනෙ..හි..හි..!

      Delete
    2. මම බලන්නෙ දවල්ට විතරයි...නැත්තම් රෑට කේස්... :D

      Delete
    3. ඔව්..ඔව් තනියම ඉන්න නිසා ඕව බලල හීනෙන් ඇවිද්දොත්...සුවාස් තමා.

      Delete
  11. හික්.... මරු හීනෙ..... ඈ....

    ReplyDelete
    Replies
    1. හික්.. බයවෙන්න එපා අනේ..!

      Delete
  12. හරි හරි හරි.. එහෙනම් උනේ ඈ....අර බීප්..බීප් කෑල්ල මක්කටෙයි.

    ReplyDelete
    Replies
    1. දන්නෑ බං හීනයක්නෙ..!! :)))

      Delete
  13. අනේ වීයො, එකාතකට උඹ වාසනාවන්තයි බං. උඹට හීනෙන් විතරයි ඔව්ව පෙන්නෙ. අපේ රටේ හුඟක් එවුන්ට දැන් හැබැහිනුත් ඔය මඟුල් පේනවනේ.

    සුබ ලෝක විනාශ දිනයක් ඔබට! :)

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්...එසේම වේවා..!

      Delete
  14. ගහපියවු වතුර පාරක්.. අවදි වෙන්න අනේ.. අවදි වෙන්න..:)

    ReplyDelete
    Replies
    1. වැහි වතුර නම් එපෝ ඒවත් පිසක්වලද කොහේද..? රතු පාටයිනෙ.

      Delete
  15. හපොයි වීයට ගෙට්ටුව ඔලුවට ගහලා :D

    ReplyDelete
    Replies
    1. සිරයි,සැමයි ඔක්කොම කරල දැන් පලාතෙ එන්නෑ බං..!

      Delete
  16. ඔක්කොම හරි අර සද්දෙ තමා හරි නැත්තේ...බීප් බීප්.. :D

    ReplyDelete
    Replies
    1. හැබෑට මේ කෙල්ල ගෙදර යනව කිව්ව නේද...ලැපත් නැතිව තාම ගියේ නැද්ද...?

      එහෙමද...මං කියන්නම්..ඕං බීප් ගාන්න එපා කියල.

      Delete
  17. ඒ කියන්නේ ලෝක විනාසෙට පස්සෙ, පිටසක්වලින් ඇවිත් ද බං ගෙට්ටුවට ??

    එදාට සැට් වෙමු.. ජය !

    ReplyDelete
    Replies
    1. ෂ්...ෂ්....ඔව් බං ඔව්...සද්දකරන්න එපා පරිස්සමෙන්...!

      සැට් නේන්නං..!

      Delete
  18. Heenayak athule heenayak :)
    Ela ela kavada hari davasaka un aththatama mehe evi naya ganna apen :)

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා මඩයො ලොකු අය්ය ඉන්නකං..:)))

      Delete
  19. මමත් දැක්ක සතියකට විතර කලින් එකක්. පිටසක්වල උන් නෙවෙයි. සුරංගනාවියෙක් ඇවිත් මට උම්ම දෙනව (දිව දොට්ට)

    අර ඕකුන් ආපු යානාව කීයකට හරි විකුණගන්න බැරි වෙයිද ?

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න බං....දැන් ඒක සතියකට දෙපාරක් තුන් පාරක් උදේ 7 ට විතර යනවනෙ අපේ ගෙට උඩින්...ඒ මදිවට 2,3යන වෙලාවලුත් තියෙනව.

      Delete
  20. මේ දවස් වල හැම එකාම ලෝකෙ විනාසෙන් ඔල්මොරොන්දම් වී හීන දකිනව.. උඹ මහ දේශපාලන රාජ්ජ්‍ය ත්‍රාන්තික හීනයක් නොවැ දැකල තියෙන්නෙ :D

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඔලුව මෙව්ව වෙල තියෙන්නෙ..!

      Delete
  21. hik..mama nan dengaththa meyaage lanuwa ! habayi ithin e heeneth narakama ne , moko ithin heen tokkakuth aenala thiyenne :)

    ReplyDelete
  22. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්... යකඩෝ... හීනෙනුත් පිටසක්වල ඇත්තො පේන්වනෙ මෙයාලට...

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්..දැන් හිනා උනාට බයවෙලාඋන්නෙ අය්යො..!!

      Delete
  23. බීප් බීප්......ඔයිට වඩා හොඬ සද්දයක් එයාලට ඇත්තෙම නෑනේ....ලොල්..

    ReplyDelete
    Replies
    1. අතීතයේ සිට හඳුන්වපු විදියනෙ..

      උඹේ පෝස්ට් බැලුවනම් හීනෙ වෙනස් වෙනව...බයටම..:))

      Delete
  24. ගෙට්ටුවට එද්දි ඩෝලෙ උස්සගෙන එන්ට ඕනෙ... බීප් බීප්...

    ReplyDelete
    Replies
    1. මල මගුලයි කිව්වලු..!!!

      ඒක නෙවේ උඹේ සැක්සපෝනයෙන් සින්දුවකුත් ඕනා..!

      Delete
  25. හීනයක්ම වුණු එකත් හොඳයි වගේ :D

    ReplyDelete
  26. වියෝ ඕක හීනයක් උන එක හොඳයි. නැත්නම් පිටසක්වලටත්,......" සුබ අනාගතයක්".

    ReplyDelete
    Replies
    1. ඔව් මචං උන් ආවොත් ඒ ටික තමා..!

      උඹේ බ්ලොගක් තියෙනං දාන්න නාමපුවරුව..හෙව්වට හොයාගන්න බැරි උනා.

      Delete
    2. හරි මචං බ්ලොග හම්බ උනා..!

      Delete
  27. මේ දවස්වල ඇදහැලෙන මහ වැසිවලට හින නෙපෙනෙන එකතමයි පුදුම වෙන්න‍ ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම දයා...ඔයා කොලඹ හිටියට...ගම්පලාතට බරටම හානි ඇතිනේද...?
      අපේ පැත්තට මේ දැනුත් මුරුගසං වරුසා.

      Delete
  28. එහෙනම් මේ පියාඹන පීරිසි දැක්කයි කියන කතාව බොරුවක්ම නෙවෙයි නේ? අර ගෙට්‍ටුවෙ මගෙ නම නෑ නේද?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අඩේ ඇයි අය්යා නම නෙත්තෙ....එන්ඩ...එන්ඩ..!

      Delete
  29. හීනෙන් නෙවැ පෙනිලා තියෙන්නේ..මේ දවස් ටිකේ නම් හිනාවෙලා පන යනවා මුන්ගේ කතා අහලා.හේහහේ

    ReplyDelete
    Replies
    1. උපහාස රසය නොවැ තියෙන්නෙ.

      ස්තුතියි රතී..!

      Delete
  30. මෙන්න මෙයාටත් ගෙට්ටුව දැන්මම පිස්සුවක් වෙලා වගේ

    ReplyDelete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...