Sunday, June 24, 2012

පයිතගරස්ලා මෙව්ව හොයාගන්නකොට අපේ මිනිස්සු ඒකෙන් වැඩත් ගන්නවද..?



මගේ බ්ලොග් එකට ආපු හැමෝම දන්නව ඇති මම ගෘහ නිර්මාණ  සැලසුම් ශිල්පියෙක් කියන වග. ඉතින් මේ ‍රැකියාවට මම ඇතුලූඋනේ අහම්බෙන් කීවොත් නිවැරදියි..! ඉස්කෝලෙ ගිහිල්ල ඉවරවෙලා,හතර අතේ රස්තියාදුවෙවී ඉන්නකාලෙ දෙමව්පියන්ට ඕක ටිකක්විතර හිතට වදයක් වෙනවනෙ.
ඔන්න ඉතිං මාත් අපේහරියෙහිටපු හොඳම ගැන්සියට සෙට් උනා.ඒකාලෙ දැන් වගේ චාටර් වැඩ නොකලත්,තක්කඩි වැඩනම් අනන්ත කරල ඇති.හැබැයි කතාවට ඒව අදාල නැහැ.
මගේ පියා පලාතෙ ප්‍රසිද්ධ මේසන් හෙඩ්බාස් කෙනෙක් ,මට මතකයි...අපි කුඩාකාලෙ ඉන්ජිනේරු සැලසුම් , ගෘහනිර්මාණ සැලසුම් වගේ දේවල් මුකුත් නැතිව තාත්තල තට්‍ටු 3,4, ගොඩනැගිලි හැදුව,ගෙවල් හැදුව. මේව සියල්ල සැලසුම් කෙරුනෙ හෙඩ්බාස්ගෙ ප්‍රධානත්වයෙන් සහ දැනුමෙන් ,හැබැයි මේඅය සැලසුම් කියල ඇන්දෙ නිකං දිග පලල සහ කාමර බෙදෙන හැටි දැක්වෙන සටහනක් විතරයි. සියල්ල තිබුනෙ බාස්ගෙ හිතේ. ඒ වගේම මගේ පියා ඉස්කෝලෙ ගිහින් තිබුනෙ 3පන්තියට විතරයි..ඒ නිසා අකුරු ලියන්නත් ටිකක් අමාරුයි.හැබැයි..ඒකාලෙ බොරුවැඩනැහැ..ගෝලයෙක් විදියට සෑහෙන කාලයක් පෙරුම්පුරල..තමයි ඉගෙන ගන්න ඕන.මුලින්ම අත්වැඩ දෙන්න ඕන , ඊට පස්සෙ තමයි බාස් වැඩේට පුරුදුකරන්නෙ.සමහර වෙලාවට ගුටිත් කන්නවෙනව වැරද්දුවාම.වාස්තු විද්්‍යාව හොඳට ප්‍රගුණකරල තිබුනනිසා සැලසුම් අඳිනවැඩෙත් තාත්ත කලා.
ඔය හේතුව නිසාම මට ඉබේම වගේ සැලසුම්වල ගනන් මිමි දාන්න වගේ දේවල්වලට සම්බන්ධ වෙන්න උනා.මටත් කිසිම දැනුමක් තිබ්බෙ නැහැ..හිතල සහ තාත්ත කියල දීපු කාරනා විශේෂයෙන් ජෝ‍යාතිශය ගැන වගේ දේවල් ටිකක් ඉගෙන ගත්ත.


ඔහොම ඉන්න අතරෙ එක දවසක් තාත්ත කියපි..


"හෙට නැකැත් දවසක් මට එක තැනක වැඩක් තියෙනවා,අහවල් තැන...උඹ අහරෙ වැඩක් තියෙනවා තනියම ගිහින් ලණු ටික ඇදල දීපන්..මෙන්න ප්ලෑන් එක හොඳට බලපන්.."
ඒකියන්නෙ හෙට උදේ පාන්දර කුකුලත් අතින් අරන් නැගිටපන්කො...
දැන් ඉතින් මාත් ප්ලෑන් එක බලනවා ප්‍රශ්ණයක් නෑ...
මටත් ඕකෙ එච්චර බරක් පතලක් තේරුනේ නැහැ.


"හරි..හරි.."


මමත් ගනන් ගන්නෙ නැතිව කීව.



දැන් උදේ පාන්දරින්ම නැගිට්ටා, කොහොමත් රාත්‍රියේ හරිහැටි නින්දක් ගියෙත් නැහැ මේ වැඩේ හරියට කරතෑකිද..? කියල හිතේ බයකින් තමයි හිටියෙ. ත්‍රීවීල් රාජයෙක් ඇවිල්ල හෝන්කරල අපිව වැඩේ කරනතැනට එක්කගියා කියමුකො. "ගෙපල" කියලනෙ සාමන්්‍ය භාශාවෙන් කියන්නෙ. දැන් එතනට ගියාම හරිපිලිගැනීම..ඒ වගේම සෙනග පිරිල ..මාව නිකං ස්ටේජ් එකක් උඩ තනියම තිව්ව වගේ උනා. ඒමදිවට කකුල් දෙකත් ටිකක් විතර වෙව්ලන්න ගත්තා කතාකරගන්නත් බැහැ. 
මිනුම්ටේප් එකක් මගේ අතට දීල, හතර පැත්තට අල්ලල දිග , පලල බලල, තාත්ත මෙහෙම කිව්ව...
"ඉස්සෙල්ල මේ 28 දිග පැත්ත ඒකට මාලිමාව තියල දිශාවට ගහනව  ,අනිත් ලණුව ඊලඟට හරහට තියල..දිග පැත්ත අඩි 20ක් දානව , කොට පැත්ත අඩි15ක් දානව. හරහට අඩි 25 ගන්නව එතකොට පරහ හරි."
ම්...ම්... මම නිකං කරකවල අතෑරිය වගේ..! හුරුපුරුදු..ක්‍රමයක් මෙන්න මේක,




"තව එකක් මුලින්ම කූංඤය ගහනකොට කකුලෙ ඇඟිලිකරුවෙ තියල තමයි වෙලාවට ගහන්න ඕන.


ඔය විදියට එක,එක උපදෙස්..මමත් හා..හා.. කියල කිව්වත් එයින් කීයක් ඔලුවට වැ‍ටුනද මන්දා..? කොහොම හරි තාත්ත ටික වෙලාවකින් ගියා , දුන්නු උපදෙස් විදියට වැඩේ කලා කියමුකො. ගේ හත‍රැස් කරල ඉවරවෙනකොට , එක ..එක ..ඈයො තමන්ගෙ දන්නාකම පෙන්නන්න පටන් ගත්තා , මම පොඩි එකානෙ.වයසක බාස්ල  නිකං  ලෙමන් බික්කක් කටේ තිබ්බවගේ,අරහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා.ඇයි මේ පුන්චි එකා පොරවෙලා , ඉහ නිකට ඉදෙනකන් වැඩකරපු උන්ට කිසිම තැනැක් නැහැ.
දැන් හෝගාල එක..එක උපදෙස් මමත් නිකං බඩයන්න ඔන්න මෙන්න එකාවගේ අරහෙට...හැරෙනවා ...මෙහෙට හැරෙනව...!ඒ අස්සෙ එකෙක් කියපි..


"මුල්ලෙන් මුල්ල අල්ලල පරහ බලමු" කියල.




මාත් ඉතින් බැලුව.. සමාන වෙන්න එපායැ..හුටා..!!!.මගේ කන්දෙකේ ඉඳල..මුලුසරුවාන්ගෙම රත්වෙන්න ගත්ත...අඟල් 6ක් වෙනස්.....මලා..!!! දැන් මොකක්ද....කරන්නෙ..?
මමත් ඉතිං  9,10 කැලෑසිවල..ගණිත..තාක්ෂණය දාල බැලුව..කෝණය අංශක 90 වට ගන්න එපායැ...ඔන්න බොලේ වැඩේ..පොතේ තිබුනට මෙතන්ට දාන්නෙ කොහොමද...? ආයිත් ඔන්න උපදේශකයින්ගෙ විවිදාකාර උපදෙස්..අරෙහෙම..කරන්න , මෙහෙම කරන්න..! හැටහුටාමාරකුයි...තවත් ටිකකුයි..උපදෙස්..!! හැදුව ..,හැදුව...ම්හ්..හරියන්නෙ නැහැ...ඊටපස්සෙ අවක්ඤාව..මේ පොඩි එකකුට පුලුවන්ද...? මේ වගේ අමාරුදෙයක් කරන්න තාම හුජ්ජකොල්ලො...! මල සංතෑසියයි...මට කකුල් දෙකත් පණනෑ වගේ...ඒ මදිවට කතාකරගන්නත් බැහැ.හැමෝම වටවෙලා..එක..එක කතා..,


"පරහ තියෙන්න හොඳ නෑ ගෙවල් වල..ගෙහිමියාට .මෙව්ව වෙනව" එකෙක් කියනව.


"පො...පො..ඩ්..ඩි බාෂුන්නැහේ...මොක්..කක්ද... ප්‍රශ්ණේ...ස්..සපෝට් එකක්  ඕන නම්  කියන්ඩ...ලැජ්ජ වෙන්න එපා..හ් හර්රී...! "ඒ අස්සෙ උදේපාන්දරම කණපැලෙන්න බීපු එකෙක්..මගෙ උරහිසෙන් අල්ලල කියනවා.. යකෝ මම බාස් කෙනෙක්යැ..මට මල එකයි..ඒත් මොනව කරන්නද...ඉවසනව හැර.


"මල්ලි ඔයා මුල ඉඳල ආයි ලණුගහන්න" ඒ තව උපදෙසක්,


"එපා...එපා ..අපෝ..මුල් ලණුව ගලවන්න එපා..හොඳ නෑ..! තවෙකෙක් කියනව...මට මොනව කරන්නදකියල හිතා ගන්න බෑ..!!! මට ආව හොඳ අදහසක් 


තව ටිකකින් තාත්ත ඒවි එතකන් ඉමු...ලැජ්ජාව වහගෙන මම කිව්ව....! තාත්ත ආව ආපු ගමන් අර බාස්ල ටික සමච්චලයට  වගේ ඔක්කොම ටික කිව්ව ,


හා සුලු දෙයක්නෙ කියල අංශක 90ට කෝණය හැදුව හරිම අපූරු විදියට...කට්ටිය හූම්..නෑ..!
මට මගෙ මේ වෘත්තියෙ , පලමු වැදගත්ම පාඩම කියල දුන්න... ත්‍රිකෝණයක පාදවල තියෙන  සම්භන්දතාවයකින් අපට පරස් නැතිව (අංශක90 කෝණ ඇති)ලණුගහන හැටි කියල දුන්න. ඒක  කොහොමද  3 පන්තියට විතරක් ඉස්කෝලෙ ගිය තාත්ත දැන ගත්තෙ ..? මට ප්‍රහේලිකාවක්...!
"ඕක බොලා ඉස්කෝලෙන් ඉගෙන ගත්තට මේක මට ඉගැන්නුවෙ මගේ ගුරුන්නාන්සෙ , එතුමට උගන්නල තිබුනේ උන්දැගෙ ගුරුන්නාන්සෙ..ඔව්ව සුද්දො ගේන්න කලින් අපේ මිනිස්සු දැනගෙන හිටිය බොල..!" 
"මේක එක කරමයක් විතරයි...තව ඒව තියෙනව.. කිව්ව.
ඇත්තටම මමනම් හරියට දන්නෙ නැහැ මේක මොන සූත්‍රයෙන් එන එකක්ද කියල...ඒත් අපේ මිනිස්සුන්ට කලින් සුද්දො මේක හොයාගත්තද..? නැත්නම් මේක මුලින් අපි හෝ ඉන්දියානුවන් හොයාගත්තද... මේතරම් තාක්ෂණය දියුනු නැති කාලෙ අපේ මිනිස්සු කරල තියෙනදේවල් දිහා බලනකොට..මොකක්ද හිතෙන්නෙ....!!!!


මේකෙන් ලැබුනු කීර්තියත්  එක්ක ගෙදර ආපුගමන් තාත්ත කිව්ව...
"මම දැනගෙන හිටිය උඹට මේ සාත්තරේ පිහිටනව කියල අහවල් හාමුදුරුවන්ට කියල කේන්දරේ බලවල තමයි උඹව මම අරන් ගියේ... මේව පරම්පරාවෙන් අපේ මුතුන් මිත්තො ‍රැකගෙන ආපු දේවල් ඒක නිසා මේක අදකාලෙට හරියන්න උඹට ඕනවිදියට ඉගෙනගෙන මේකකරපන්..මගේ අල්මාරියෙ ඇති වාස්තුවිද්්‍යාව ගැන ලියවුනු පොත් , පත්තර කියවාපන් ,  " 


මට එතකොට තමයි තේරුනේ තාත්ත උවමනාවෙන්ම මාව එතනට දාල ජීවිතේටම මතක හිටින අත්දැකීමක් ලබාදුන්න කියල. ඒ අත්දැකීම් දැන් වැඩක් කරන්න ගියහම කොච්චර වටිනවද...? 

ඒ කාලෙ කොයි සාත්තරෙත් ගෝලයින්ට දුන්නෙ අත්දැකීම් වලින්,ඒකයි ඒ අය වැඩ හරියට කරන්නෙ..න්‍යායික දැනුමට වඩා ප්‍රායොගික දැනුමටයි ප්‍රමුඛත්වය දුන්නෙ. පයිතගරස්ලා පොත්වල හිටියට අපිවැඩකරන්නෙ...මහපොලවෙනෙ...!!(හැබැයි මේක පයිතගරස් වගේ විද්්‍යාඥයන්ට අපහාසයක් නම් නොවේ.)


(පයිතගරස් පින්තූරය ගූගල් වෙතිනි.)





Wednesday, June 13, 2012

මරනයට කැපවූ ගවයෙක් නිදහස් කරගැනීම මොනවගේද..?



බ්ලොග් එකේ පලමු පෝස්ට් එකෙන් පස්සෙ හොඳ ලිපියක් ලියන්න ඕන කියල හිත හිත හිටියත්...මේදවස් වල හිතේ හරි එකලාසයක් නැහැ...!


ඒ අතරේ උන දෙයක් නිසා...හිතේ කනගා‍ටුවකින්..ලියමි..!


 ලිපි කියවන එකනම් කරගෙන ගියා.ඒ අතරෙ බ්ලොග් රචිකාවියකගේ ලිපියක්  දැක්කා මරන්න ඉන්න ගවයින් බේරගෙන දෙන මුදලින් උන් මරන්න ගවයින් දෙන්නෙක් ගන්නවයි කියල..(මම එතුමියගේ අදහසට ගරු කරමි.) මම ඒකට වෙනස් අදහසක් දුන්නට ඒක සාධාරණීයකරනය උනේ නැහැ කියල හිතෙනව.


ඒ නිසා මෙහෙම ලියනව...
අපි 20ක් පමන දෙනා එකතුවෙලා ගිය අවුරුද්දෙ වෙසක් එකට ගවයෙක් නිදහස් කරමු කියල කතා උනා.සිංහල අවුරුද්දට එකතුවෙලා ඉන්න වෙලාවක ආපු පුංචි අදහසක්,කීපදෙනෙක්ගෙ මහන්සියෙන් මල්පල ගැනුනා.මේ වෙසක් එකට තව ගොඩක් අය දායක උනා සත්තු දෙන්නෙක්  නිදහස් කලා. මේ ඉන්නෙ ඒ දෙන්නා.අම්මයි ,දුවයි,..!
තව සංවේදී පිංතූර තියෙනවා..මනුෂ්‍යයොත් ඉන්න නිසා  දාන්න බැහැ. දකුනු පැත්තෙ ඉන්න අම්මගේ ඇස්වලින් කඳුලු ආව... බලන්න සෙනඟ පිරුනු නිසා පොටෝ ගන්නත් බැරි උනා ඒක.


මේකට මුල් උන අය ලොකු සල්ලිකාරයො නොවේ,මම හඳුනන සාමාන්‍ය මේසන් බාස්ලා කිහිපදෙකෙනෙකුයි,ඒ අයගේ යාලුමිත්‍රයෝ ටිකකුයි..හරියට මහන්සිවෙලා දන්නකියන අය හමුවෙලා එක්කෙනෙකුගෙන් 1000,2000 හෝ ඊට අඩු වශයෙන් එකතුකරල තමයි මේක කලේ.මේ සැරේ 56 දෙනෙක් විතර එකතු උනා.තව අය ඉල්ලනවා ඊලඟ සැරේ ඒ අයටත් කියන්න කියල. 
අපේ උත්සාහය විශාල පිරිසක් මේකට දායක කරගෙන කරන්න.එතකොට මේකට සංවේදීඅය ගෙන් තවත් අයට ලැබෙන  මස් නොකෑමේ බලපෑම වැඩිවෙනවා.




සත්තුන්ව දෙන්නෙ හොඳට දන්න කෙනෙක්ට හදාගන්න.ගියපාර ගෙනා සතා පැටියෙක් බිහිකරල, දැන් කිරිබොන්න ගිනියන්න, බබාල හම්බවෙන්න ඉන්න අය පෝලිමේ එනවලු. හේතුව බබාල හම්බවෙන්න ඉන්න අයට "පින් වැස්සිගෙ" කිරිබීවම  බබා ලැබුනම හොඳට කිරි එරෙනවලු. 


ඔයවගේ අපේ බලාපොරොත්තුව එතන ඉන්න ඔක්කොම සත්තු ටික බේරගන්න.හැබැයි මරන තැනින් නොවේ .මරන තැන තියාගන්න පුලුවන් සීමිත ගනනක් නිසා හරක් හොරු සත්තුන්ව බාරදෙන බ්‍රෝකර්ල කියල කට්ටියක් ඉන්නවලු.අන්න ඒඅයගෙන් තමා බේරගන්න හදන්නෙ.


මේකටයුතු වලට පිරිසක් ඉන්නව මම ඒකෙ පැත්තක ඉඳන් සහයෝගය දෙනකෙනෙක් පමනයි. 
ඒත් ඔයගොල්ලො මට කියන්න.....මේ වැඩෙන් එක් සතෙක් නිදහස් කිරීමෙන් උන්ට තව සත්තුදෙන්නෙක් මිලට අරන් මරන්න අනුබල දීමක් වෙනවද...?සමහර විට උන් දුප්පත් ඈයො නම් එහෙම හිතතෑකි.....ඒත් මට නම් එහෙම හිතන්න හිත් දෙන්නෑ...එතකොට අපි මහන්සිවෙලා පාරමී  දම් පුරනවා වගේ...අහිංසක සත්තු ටිකක් නිදහස් කරල ලබන සතුට.............!!! ජීවිතයක් නිදහස් කරගත්තා කියල ලබන නිරාමිස සුවය...!!! ඒක වතුරේ ගියා වෙනවා.


අනික බලන්න අපි මේ සතා කාටහරි දෙන්නෙ,පන්සලේදි..තව විශාල පිරිසක් ඉදිරියේදි ඒ අය පන්සලේ සිල්ගත්,ඒ අයට සාත්තුවට අපු,පෝය දවසේ පන්සලට ආපු,ආදී  විවිද අවශ්‍යතාවයට පන්සලට ආ අය වෙන්න පුලුවනි.


වැදගත් දේ..පෝයට පන්සලේ සිල්ගන්න..කුඩා ලමයින්ගේ සිත්වල ඇතිවන සිතිවිල්ල...ඔවුන් හරක් මස් කෑම අප්‍රියකරාවි...! ,කන අයට අප්‍රිය කරවාවි....!


මේ හරක් මැරිල්ල අපට නවත්වන්න නම් බැරි වේවි....ඒක රජය සතු වගකීමක්....!


ඔයගොල්ලොන්ගෙන් ආදරෙන් අහන්නෙ මෙවැඩේ හොඳද... නරකද...?



Tuesday, June 5, 2012

ගොරක ගහකින් පත බෑවුනෙමි...!

පිලිගැන්වීමේ ලිපිය දාල ටික දවසක් උනා...ගොඩක් අය ඇවිත් තිබුන... ,ගොඩක් ස්තුතියි...!ආපු හැමෝටම..
හිත ඇතුලෙ කතා ගොඩක්  තෙරපුනත් පලවෙනියට දාන කතාව පෙලගස්සවගන්න ලොකු වෙහෙසක් ගන්න උනා. හැමෝම තියපු විශ්වාසය ‍රැක ගන්නත් එපැයි...!


මේ  කතාව වෙලා දැන් අවුරුදු බරගානක් වෙනව.එතකොට මට ඕන්නම් අවුරුදු15ක් වෙනව ඇති.මාත් එක්කම මේකට තව මගේ සහොදරයො දෙන්නකුත් සම්භන්දයි.සහෝදරයො කිව්වට මගේ බාප්ප කෙනෙකුගේ පුතෙක් වුන රෝහිතත්, නැන්දගෙ පුතෙක් වුන බිංදු කියන අය.


මුං දෙන්න මට වැඩිය අවුරුදු තුනක් විතර බාල උනාට මගේ අතීසාර මිත්‍රයො තමයි ඒ දවස් වල . කොයිදේටත් උන්ට මමත්, මට උනුත් නැතිව බැහැ.මේ සෙට් එකේ තව උන් හිටියට මේ කතාවට උන් සම්භන්ද නැහැ. අපි නෑදෑයො ඔක්කොම කිට්‍ටුව පාත ඉන්න නිසා  සෙල්ලම් කරන්න එකතු උනේ ආච්චිලගෙ ගෙදරට.
අපේ ගෙදර තිබුනෙ.., කන්දක් උඩ තිබුන ආච්චිලගෙ ගෙදරට ,පහලින් තිබුන ඉඩමට පහල ඉඩමෙ නිසා අපේ තාත්ත ගෙදර නැති උනොත් අනිවාරෙන්ම උන් අපේ ගෙදරත් එනව.


මෙහෙම තමයි ගොරක ගහේ තියෙන්නෙ.මේදවසවල අවාරෙ..ඒකයි අඩු..


දකුණු පලාතෙ කිව්වට මම ඉන්න හරිය අයිතිවෙන්නෙ...තෙත් කලාපයට  ඉතින් මේපැත්තෙ බොහොම සරුවට හැදෙන සුලුඅපනයන බෝගයක් තියෙනව "ගොරක",කවුරුත් දන්නව ඇති මම හිතන්නෙ.බික්..බික්..ගොඩක් තියෙන්නෙ..කවුරුත් දන්නෙ ව්‍යංජන ඇඹුල් කරන රස කාරකයක් කියලනෙ.
ඒත් අපට නම් මේක රසවත් පලතුරක්........, දැන් කට්ටිය බලයි ඒ කොහොමද කියල,දන්නා ඈයො පොඩ්ඩක් බලා ඉන්න මම කියන්නෙ වෙන කතාවක්.
ඔය ගොරක ගෙඩිය සාමන්‍යයෙන් ලෙදර් බෝලයක් විතර ප්‍රමානයේ වෙනවා. ඕක සාමාන්‍යයෙන් බාගෙට  ඉදීගෙන එනකොට ගොරක ගෙඩිය අතින් තද කරල තලල පලාගන්න පුලුවනි.මේන් ඊට පස්සෙ බැබලි..බැබලි මදය තියෙයි..හරියටම කිව්වොත්,  මැංගුස් කාල ඇතිනෙ ඕන කෙනෙක්, අන්න ඒ මදය වගේ.හැබැයි පාට වෙනස් මැංගුස් මදය සුදුපාටයි.. මදය තමයි කන්නෙ.. හරිම රසයි..මැංගුස් වගේ හැබැයි ඇඹුලයි..!
ගොරකා මෙහේ නම් වර්ග තුනක් තියේ. එකක් "පොල් ගොරකා" ඒව පොල් ගෙඩියක් විතර ඇති,අනෙක "කහ ගොරක" ඒව කහ පාට මං කලින්ම කිව්ව තරමේ ඒව. අනික්වා ඒ තරමේම "රතු ගොරක".මේවායෙ මදය ලා රතු පාටයි, අනික්වා ජාති සියල්ල..කහ පාටයි. ඉතිං ඕව කන්නනම් ගහට නැගලම කඩන්න ඕන. මොකද..බිමට වැටෙනකන් හිටියොත් ඉදිල වැඩී,අනික පනුවො ඉන්න සම්බාවිතාවත් වැඩී බිමට වැ‍ටුනම.


මෙන්න කතාව....  ඉතිං දවසක් ඉස්කෝලෙ ගිහිල්ල ඇවිල්ල ,බත් පිඟානකට එහෙම වග කියල ඉස්මුරුත්තාවෙන් වගේ , මම නින්දත් නොනින්දත් අතර ඉන්න කොට...


"වී අයියේ...වී අයියේ...


අපේ ගෙදර පඩිපෙල පාමුල මේං අරුන් දෙන්නා..බිංදුයි,රෝහිතයි..


"ඇයි..? බං....මම සරම පපුව හරියෙන්ම ඇඳගෙන යනගමන් ඇහුව.සරම පහලින් අඳින්න බැහැනෙ. දන්නෝ දනිති.., ඉතිං ඇයි කාපු ගමන් සරමට බඩ තදවෙන තරම..


"මේ අයියේ බොලාගෙ ගොරක ගහේ ආං ගොරක පිරිල..ලැයිට් දාල වගේ ආච්චිලහට පේනව..!


"ඈ.. ඇත්තෙයි බං යමුද.. කඩන්ට..!මගේ කටට කාපු ගමන් උනත් කෙල උනන්නගත්ත..
අපේ ගෙයට උඩට වෙන්න ලොකු ගලක් තියෙනවා. (ඕකෙ ලොකු ගල්ගේකුත් තියෙනවා..ඉවසල ඉන්න ආයුබොවං පස්සෙ එලකිරිවගේ ඔව්වගේ පෝස්ට් දෙන්නම්..!) ඊටත් උඩින් පොඩි පස් තියෙන ගොඩැල්ලක් ගාවට උඩින් තව ගලක් උඩ තමයි මේ කියන ගොරක ගහ තියෙන්නෙ.පින්තූරය ටිකක් බලල  ඉන්නකො..




මෙන්න මෙතන තැන..ඔය තියෙන්නෙ ගලයි..ගහයි..දෙකම.


දැන් තුන්දෙනත් එක්ක වටෙන් ඔතනට ගියා.උදේ වරුවෙ ටිකක් විතර පොදයක් ගිහිල්ල ගස් කොලන් අලුතින් පොලිශ් කරල වගේ බැබලි බැබලි..තිබුනෙ.


"ඒ බිංදු උඹ නගිනවැයි..? මම ඇහැව්ව..


"රොහිතේ... උඹ නැගපංකො මගේ අත රිදෙනවා..!වෙනද හැමදාම නගින ඌ කියනව..


"සික්... අනේ බං.. 


කියන ගමන් කොට කලිසම කකුල් වලින් උස්සගන්න ගමන් ඌ ගහ යටට ගියා.
ඒ පාර මේං මේකා ගහ බදා ගෙන ඉන්නව විතරයි.. නගින්න බැහැ, කොහොමත් මේ ගහට අතු තිබිච්ච තැන් වල ගැටවලට අඩිය තියල නැතිව නගින්න අමාරුයි..! ඕව ඉතිං දන්නො දනිති තමයි...!
තාම මේකා එහෙමමයි..


"කෝ එහාට වෙයන් .."


දැන් මම වැඩ්ඩාවගේ පෙන්නන්න ලෑස්තිය ගස් නගින හැටි.ඇත්තටම මට පුලුවනි හොඳට ඒදවස් වල ,ඒත් ඉතිං මේජර් වගේ ඉදන් උන්ගෙන් වැඩකරවගත්ත මම.


"මේං බලාගනින් ගස් නගින හැටි..".


මමත් ඒපාර සරම රොල්කරල..අරගෙන කකුල් දෙක අස්සෙන් අරන් අමුඩයක් කාරිය ගහල...එක ගැටේකට අඩිය තියල අනිත් එකට අඩිය තිබ්බ..විතරයි...


"බෘස්.....හම්මේ.......#$%* ##


මගේ අත අතහැරෙනවා විතරයි මට මතක...
මාව බරාස් ගාල..  ගහෙනුත්  වැටිල ගලදිගේ ලෙස්සල ගිහින් පහලටම වැටිල....
මේ ගල දිගේ පහලටම වැ‍ටුන...!


"හම්මේ....මම හිතුව දැන් මාව මැරුනා තමයි..!
උතුර දකුණ  මාරුවෙලා දැන් මට..හිතාගන්න බැහැ මොකක්ද උනේ කියල...


"ඒයි කෝ බං... #$%* ## ...බිංදුවෝ....?


මේං මුන් දෙන්නා කැලේ පොඩිකරගෙන.. දුවනවා..පන එපා කියලා..!


"මල කෙලියයි..දැන් මට නැගිටින්නත් බයයි...කරටියම කැඩිල ඇති කියල..."


කමක් නැහැ. කොයිකටත් කියල.. බැලුවා ඔලුව උස්සල ගහ දිහා... ගත්ත දහිරිය හිතට..
"ඈ...ඔය නැගිට්‍ටුනේ.. කොයිකටත් කියල...ඔලුව,අත් , කකුල් අතගාල බැලුව කිසි ප්‍රශ්ණයක් නැහැ..
ඔය තියෙන්නෙ අපූරුවට අම්ම තාත්ත දුන්න විදියටම...ඒත් ටික වෙලාවක් යනකොට මට පිට පැත්ත අමුත්තක් වගේ දැනුන. මලා..පිටේ පදාසයක්ම හීරිල...දාඩිය දානකොට හොඳටම  විස ගහනවා ඉන්න බැහැ...අරුන් දෙන්න පලාතක නැහැ..මට ඉතිං මල එකේ හොඳම එක. ඒ මදිවට ගහේ සහ ගලේ බැඳිල තිබුන සෙවෙල් ඔක්කොම මගේ ඇඟේයි...සරමෙයි..ගස් ගඳේ බෑ....මොනව කරන්නද..ෂේප් එකේ අම්මට බොරුවක් කියල...බෙහෙත්තෙල් ටිකකුත්  ගාගෙන හවස අරුන් දෙන්න හොයාගෙන ගිහිල්ල..අමුතිත්ත කුනුහරුප දෙකකුත් කියල..හිත සනසගෙන ගෙදර ආව. ඒ ටිකේම නිදිය ගත්තෙත් එකම පැත්තට.සතියක් ඉස්කෝලෙත් ගියේ නැහැ.කමීසයක් අඳින්න බැහැනෙ.



ඒ ගොරක ගහ තාම තියෙනව...පින්තූරයක් දාන්නෙ ඒකනෙ.


කතාව ඉවරයි ..!


බත බුලතින් සරුවේවා...!!