Sunday, January 27, 2013

සැමාගේ සපත්තු දෙක සහ සුන්දර ගෙට්‍ටුවේ.. විකට්‍ටුව..!




ගෙට්‍ටුවේ ආරම්භය හා ඊට පෙර සිදුවූ බොහෝ සිද්දි දාම තිබුනත්....ඊට කලින් ලියන්නට හිතුනේ වෙනත් දෙයකි.

සිරාගේ සහ සැමා ඇතුලු සංවිදාන කමි‍ටුවේ ඇත්තන්ගේ නොමද කැපවීම මධ්‍යයේ සියලු දෙනා හඳුන්වාගැනීමෙන් පසු  ක්‍රිකට් තරඟයට සියලු දෙනා සූදානම් උවත්..සිරා උගුර ලේ රහවනතුරු කෑ ගැසුවත් ක්‍රීඩා කිරීමට පිරිමි පාර්ශවයෙන් එකතු වුයේ 16ක්හෝ ඊට ආසන්න  පිරිසකි,කාන්තාවන් නම් කිසිවෙක් එකතුවූයේ නැත..වේලාව මතක නැති උනත් ඒවන විට පැමින සිටියේ කාන්තා පාර්ශවයෙන් කිහිප පොලක් පමනි..සිරා ඇතුලු පිරිස සිටියේ නහයෙන් අඬමිනි.

යුගල තරඟයක් ලෙස සිරා මෙම තරඟය හඳුන්වා දුනි. ලෝකයේ මුල් වතාවට වාර්ථාවක් පිහි‍ටුවීමට මෙම තරඟ පෙල සමත් විය. ඒ හතරේ සීමාවට උඩින් එල්ල කලොත් 4ක් ලෙසත්,බිමින් එල්ල කලොත් 6ක් ලෙසත් අමුතු නීතියක් හඳුන්වාදීමයි. මුන්ගේ ලෝභකමට ටෙනිස් බෝල 2ක් පමනක් ‍රැගෙන ආ බවත් ඒවා නැතිකරාවි යැයි උපකල්පනය කර මෙලෙස නීතියක් ගෙන ආවත් මුන් එල්ල කල 4රේ,6යේ පහරවල නැත.

අම්පයර්ලා උනේ ප්‍රධාන විනිසුරු ලෙස සුදීකත්.දෙවන අම්පයර් හා පිටියේ අණ දෙන්නා ලෙස සිරාය. නැත්නම් ඕවර දෙකක් වූ  තරඟය මුන් වැඩිපුර සෙල්ලම් කරන්නටද මාන බැලූ තැන්ද නැතිවානොවේ.එවිට සිරා ..මහ හඬින් කෑගසා අනෙක් යුගල කැඳවයි.

මුලින්..මුලින් බැට්කලවුන් ලකුනු 20ගනන් ලබා ගත්තත්..අනෙක් කිසිවෙකුටත් ඒ ආසන්නයට යාමට නොහැකි විය.

වීයාට ලැබුන සගයා උනේ වෙඩික්කාරයාය. අපිත් ගේම අතෑරියේ නැත..එහෙත් වෙඩික්කාරයා මුලිනුත්..වීයා පසුවත් කුජීත විදියට දැවී ගොස් ඉනිම අවසන් විය. 

මම පන්දු ‍රැක්කේ කවර්පොයින්ට් හා ඩීප් පොයින්ට් යන ස්තානයේය. ඒ අසල සැමා පන්දු‍රැක්කේය. පිටියේ පන්දුවක් බිමවැටෙන්නට ඉඩක් නැත. සූ ගාල පන්දු රකින්නෝය.එහෙත් උඩින් අතටම ගසා මුලින් බැට් කල ඈයෝ ලකුනු ගත්හ. නාඩියා පිටපිටම උඩපන්දු පෝලිමක් අතෑරියේය.අහෝ...ඌව ඉස්සරහට දමා තවකෙක් එතැනට ගියේය.ඌත් එහෙමය..එකම හූ විලාපයකි...අවට බංකුවල ප්‍රේමයේ ගුලිවී සිටි ඇත්තෝ බ්ලොග් කරුවන්ගේ මෑණියෝ මතක් නොකරානම් පුදුමයකි.තවත් ඇත්තෝ මේ මලමගුල් වැඩ දිහා බලාගෙන සිටියා මිස ප්‍රේම කලේ නැත.ඒ අස්සේ දුවද්දී දැවීයාමක් ගැන සිරාත් ,රත්ගමයාත් තවත් එකෙකුත් කාලගෝට්ටියකි.

සැමාත් මාත් හිටි තැන පිටිපස්සේත් බංකුවල අහිංසක ප්‍රේම වන්තයෝ පිරිසකි .ටිකකින් උන් යන්නට ගියේ අපේ එවුන්ගේ නරකාදී කෑගැසීම නිසා වන්නට පුලුවන.

ගිනි කූටක අව්වය..ඉන්නට නම් බැරිය...බැට් කරන උන් පහරවල් ගහන්නේත් ලෙග්සයිඩ් එකටමය. අපිට මද අස්වැසිල්ලකි. සෙවන ඇතිතැනෙක ඇති බංකුවක් අසල මාත්,වෙඩික්කාරයත් තවත් නම මතක නැති බ්ලොග් කරුවෙකුත් සිටි තැන සැමාද සිටියේය..එහෙත් ඌ හිටියේ පට්ට අප්සට් එකෙන්ය උගේ සපත්තු දෙක කව්දෝ උස්සලාය.හතර අතේ සොයමින් සැමා කන්කෙදිරිගාමින් සපත්තුදෙක සොයයි.

"බොලාට කන්න ගෙනල්ල දෙන්නෑ යකෝ සපත්තු දෙක දෙනකං" උගේ මූන අඬනවාද හිනාවෙනවාද සොයාගන්නට බැරිය. ඒ අස්සේ බැට් කරමින් සිටියේ තරියා හා තවත් එකෙකි. ඒ උනාට එනවුන්ස් කරන්නේ රජා සමග තවත් අයෙක් පන්දුවට පහර දෙනවා කියාය...මුලු පිටිය පුරාම හූවකි...ගම්පහටත් නොහෑහුනානම් පුදුමයකි.

බැරිම තැන යකඩ කටින් එනවුන්ස් එකකුත් කලේය. ඒත් නැත.
අන්තිමට සැමාට සපත්තුදෙක ලැබුනේ  කෑමත් ගෙනාවාට පසුව විය යුතුය.සපත්තු දෙක ඇවිදගෙන ශාලාවට පැමින තිබුනි.

*************************************************************************

ප/ලි. වීයාට ලොකු දුරක් ආපසු යාමට තිබුනු නිසා අන්තිම තරඟය මඟ හැරුනි.හමුවු අය ගැන සොඳුරු මතකයන් ගැන ආවර්ජනය කරන්නටද බලා පොරොත්තු වෙමි.

ක්‍රිකට් තරඟයේ ඡායාරූපයක් නැතිවීම ලොකු අඩුවකි.ක්‍රීඩාකල නිසා පිංතූරයක් ගන්නට බැරිවිය.


105 comments:

  1. :D
    මෙන්න පලමු වෙඩි මුරය නෑ නෑ පලමු මඩ මුරය පත්තු කරලෝ :D

    ReplyDelete
    Replies
    1. උඹත් ඔය අවට හිටියනෙ. මොකෝ මම කියන්නෙ බොරුද ඈ..!

      Delete
  2. අඩේ කවුරුත් මගේ අතිදක්ෂ වෘත්තීමය ක්‍රීඩා විලාශය ගැන කියන්නෑනේ..
    හරි අසාධාරණයි ඈ...

    ReplyDelete
    Replies
    1. හිටපන්, හිටපන්. ෆෝටෝස් එනකන්, අපි විස්තර කරන්න.

      Delete
    2. උදේ ඉඳලම බැට් එක අතේ තියාගෙන හිටියට කෝ වැඩ.
      මම හිතුවෙ ඇඟේ හැටියට බෝල් පලාවි කියල.

      Delete
    3. හැපෝ...යි ජාත්‍යයන්තර ක්‍රීඩකයෝ දෙන්නවා...

      Delete
  3. අපිට එන්න උනේ නෑනේ බං. දුක තමයි.
    තව හොඳ හොඳ විස්තර එයිනේ ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. ‍තෝ කතාකරන්න එපා..!

      කෝ පෝස්ට් කියල කිව්වට ඒ වෙනකොට ගෙට්‍ටුවට යන්න සූජානම් උනා බං..!

      Delete
    2. ඇත්තටම කට්ටිය අඳුන ගෙන කතා කරන්න නම් ආසාවක් තිබුන මචෝ.. බලමුකෝ ඉදිරියේදී වත්.

      Delete
  4. යකෝ මුං තාම අතනින් මෙතනින් කොනිත්තනව විතරයි නෙව. අරහෙ අටමත් හීනියට එකක් දාලා තිබුන.

    ReplyDelete
    Replies
    1. උඹ මොකද බොල එන්න බෑ කිව්වෙ...මෙච්චර දුර එද්දි කලිසමේ චූ යයි කියලා භය හිතුනද ? නැත්නම් බස් එකේදි වමනෙ යයි කියලා හිතුනද ?

      Delete
    2. ඒකනෙ බං සිරා..කයිය විතරයි මුගේ..!

      හොඳම ඒව දාන්න එපා මුන්ට තීන හදිස්සියට.

      Delete
    3. අඩෝව් .... සද්ද එපා, හරිය.

      ගනං ගන්න එපා මචංලා. උඹලව දැකල අඳුරගෙන කතාකරන්න ආසාවක් නම් තියෙනව, ඒත් ඉතිං .... බලමු, බලමු.

      Delete
  5. මෙන්න මඩ පටන් අරගෙනෝ... එල එල.. එන්න බැරි උන අපි වගේ උන්ට මඩ තමා වටින්නේ.. :)

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ මේ....දිනේෂ් වෙන්න ඕන.
      සිහින මදාරා ඉන්නව කියල සිත්තමී මට පෙන්නුව ඈතට..ඒත් කතාකරන්න බැරි උනා..ක්‍රිකට් ගහල කංචි වෙලා හිටියෙ.

      Delete
  6. සෑමාගේ සපත්තු උස්සපු එකාගේ පාපෝච්චාරණය කියලා දැම්මා නම් හරි මේ පෝස්ට් එකට.

    ReplyDelete
    Replies
    1. ඔය රජා දාල තියෙන්නෙ ඩූඩ් අයියෙ.

      Delete
  7. අටම පටං අරන් තිබ්බෙම තෝ එපා කියලා මට... ඉහි ඉහි..

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තියෙන්නෙ ඒ ටික තමා...
      ලිහිනිත් නෑ..සිත්තමී නම් ලඟටම ඇවිත් කතාකලා.

      Delete
  8. සපත්තු දෙක හැංගුවේ වෙඩික්කාරයා!

    පස්සේ මමයි ඌයි නංගි පිටේ ගිහිල්ලා කැන්ටිමෙන් අරං ආවා හිස් බිස්කට් පෙට්ටියක්!ඒක අරං ඇවිත් පැය ගානක් සපත්තු දෙක හෙව්ව කියහන්කෝ හංගපු තැන මතක නැතුව!

    පස්සේ සපත්තු දෙක පෙට්ටියේ දාලා වහලා අර ගේ ඇතුලෙන් තිබ්බා! සෑමා ඒකෙන් සපත්තු දෙක අරං දාගන්න පොටෝ එකකුත් තිබ්බා! එව්ව මම ගහන මඩෙන් බලාපොරොත්තු වන්න!!! :)

    ReplyDelete
    Replies
    1. ගෙට්ටුවේ හොදම මඩ පාඨකයන්ට දෙන්නෙ රජා බව මට නම් හොදටම විශ්වාසයි...

      Delete
    2. යකෝ මගේ ටීම් එකේ එකා වෙච්චි වෙඩික්කාරයා මටත් හොරා ගේම දීල තියෙන්නෙ.

      මුං තමා මිනිස්සු. මට නිකමට හීතුනා රජාවත්ද කියල.වෙඩිය ඉන්නෙ නම් 10ට ගනින්න බෑ වගේ. අනේ බං වෙඩික්කාරයගෙ බ්ලොග මොකක්දබං..!

      රජාත් එක්ක පොටෝත් ගත්ත බයේ බෑ..නසරානියා ඇඟේ හැටියට නෙවෙ වැඩ.

      Delete
    3. අඩේ මෙන්න රජාගෙ වලිගෙත් අමතක වෙලා ආතල් එකට..!

      Delete
    4. හප්පට සිරි.. කෝ රජෝ රාජ සම්පත.. ! සුභ වේවා!! :)

      Delete
    5. මූ කොහොමත් හෙන පැපරාසියා :D

      Delete
  9. එල කිරි දුකයි එන්න බැරි උනාට.පින්තූරත් තියෙනවනම් එලම එල

    ReplyDelete
    Replies
    1. පින්තූර සිරාගෙන් බලා පොරොත්තු වන්න.

      මාගාවත් ටිකක් තියේ..! පස්සෙ බලමු.

      Delete
  10. ගෙට්ටුවේ නිළ ඡායාරූප ශිල්පියා ඡායාරූප ලබාදුන් විගසම කාමරෙන් ඒවා බෙදලා දෙන්නම්...දුර බැහැර ගෙවාගෙන ගම්පහට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න කාලය වෙන්කර ගත්තට බොහොම ස්තූතියි වීයා...ආයෙත් දවසක හමු වෙමු!

    ReplyDelete
    Replies
    1. අනිවා උඹ මගේ කල්‍යාන මිතුරෙකු උනා කීවොත් නිවැරදියි. මමහිතුවෙ නෑ උඹ මාව ඒ තරම් උනුසුම් ලෙස පිලිගනී කියල. ස්තූතියි බං උඹල කරපු කැපකිරීමට.

      මම ඇත්තටම ආවෙ අසනීපයෙන් ඉන්න ගමන්..ක්‍රිකට් ගහල ආපු ගමන් බෙහෙත් බිව්ව.

      කෝ බං ඩොල්කියක් සෙට්කරනව් කිව්ව පැදුරුපාටි..ම්හ්..!
      පින්තූර ඉක්මනට දාපන්...!

      Delete
  11. //බොලාට කන්න ගෙනල්ල දෙන්නෑ යකෝ සපත්තු දෙක දෙනකං"// හි හි ........මැවිලා පෙනේවි රූපේ ...මටනං
    :D

    ReplyDelete
    Replies
    1. අඬන්න වගේ කිව්වෙ.
      මං මේ බලන් ඉන්නෙ සැමා බනිනකං..!

      Delete
  12. අර සපත්තු දෙක උස්සපු එකාට සිහි මූර්ජා උනේ නැද්ද???

    ReplyDelete
    Replies
    1. වෙඩික්කාරයා හොයාගන්න ඕන ඌනෙ විස්තරේ දන්නෙ. දන්න එකෙක් කියාපල්ලකො.

      මම උඹවත් හෙව්වා..පස්සෙ දන්නෙ උඹ ඉන්නෙ පිටරට කියල.

      Delete
    2. සැමා සපත්තු දෙක හොයද්දි ඒකත් කිව්වා.....අම්මපා මේ සපත්තු දෙක කරුමෙටම මම ඊයෙ හේදුවා .හේදුවෙ නැත්තං ඒකෙන් පිටවෙන විශ වායුවෙන්වත් හොයාගන්න පුළුවන් කියලා. වෙඩික්කාරයට උස්ම ගැනීමේ අපහසුතා ඇති වුණාද කියල දන්නෙ නෑ නමුත් සපත්තු දෙක හංගපු වෙලේ ඉදන් ටිකක් තෝන්තු වෙලා වගේ හිටියා....

      හික්ස්.........

      Delete
    3. ඒක තමයි මම බැට් කරල ඉවර උනාම අය්යෙ උඹනියමයි වෙල්ඩන් කිව්ව. මං බැලුව යකෝ මම ගහපු ගැහිල්ලක් නෑ...මූ මොකද එහෙම කිව්වෙ කියල. හරී...හරි...මූ හෝන්දු මාන්දු උනා තමා..!

      Delete
    4. සිත්තමී කියලා තියෙන්නෙ ඇත්තම කථාව... සෑමා එහෙම කිව්වා තමා...

      Delete
  13. මාරම මාර හැපී......සිත්තමී කෙල්ලත් ආවෙ යාළුවො ටික බලන්න.ආපු හැම කෙල්ලෙක්ම රෙස්ප පාරවල් දාගෙන හිටියට සිත්තමී එහෙම හිටියෙ නෑ...බලෙන් හැමෝගෙම ලගට ගිහින් කථා කගා හොයාගන්න සමහරු හරි අමාරු වුණා.නමුත් වෙන්ඩ හබීවත් තනි කරල සිත්තමී ගොඩක් අය අදුරගත්තා.....

    වීයා සෙල්ලම් කරද්දි තමයි සිත්තමී ඒ ඉන්නෙ වීයා කියල හොයා ගත්තෙ.සෙල්ලම් කරල අපුවම හොයාගන්න බැරි වුණා.මතක තියාගත්තේ කොලපාට කැප් එක කියල ආපුවම කැප්එක ගලවලා.පොට යනකම් හොයල හොයල වීයා හොයාගත්තා...

    සතුටුයි ගොඩක් ආපු හැමෝම නැතත් ආදරණීය යාළුවො ටික දැකගත්තා....

    තෑන්ක් සිරා....සැමා.....අටම්පහුර (මෙතුමා කවුද කියල හෙවුවත් හොයාගන්නනම් බැරි වුණා අහන හැමෝම කිව්වෙ කොහේ හෝ මුල්ලක අඩියක් ගහනව ඇති කියලා....හික්ස්)

    ReplyDelete
    Replies
    1. සිත්තමක් වැනි සිත්තමී....
      මතකද මම එහෙම කිව්ව..ඔයාගෙ අඬන පෝස්ට් එකකට....ඔයා ඇවිල්ල කතා කලාම මට හිතුනා මම එහෙම කියපු එක හරි කියල.

      ඇත්තටම අනිත් කට්ටිය ඔහේ පැත්තක..සමහර අය හිටිය අපි ඒගොල්ල්ගෙ දිහා ගිහින් කමෙන්ට් කලත් පිලිතුරුවත් නොදීපු...ඒනිසා මාත් පැත්තකට වෙලා හිටිය. ඔයා හොයාගෙනම ඇවිල්ල කතාකලාම මට හිතාගන්න බැරි උනා. හරිම සතු‍ටුයි නංගො.
      වෙන්ඩහබීවත් මතක් කලා කියන්න.හැන්ඩ්සම් කොල්ලා..!මට නමවත් අහගන්න බැරි උනා.කමක් නෑ ආයිත් හමුවේවි දවසක. දැන්වත් මකුලු දැල් කඩල රෙපෙයාර් එකෙක් දීල කවියක් ලියන්න...කවි විතරක් ඔට්‍ටු නෑ ඕන්න.

      ෂ්..ෂ්..කව්ද කිව්වෙ අඩි ගහනව කියල.
      අනිවා මාත් යලිත් උන් තුන්දෙනාටත් සහයෝගය දීපු අනික් අයටත් තුති පුදනව.

      Delete
    2. ඇත්තනේ සිත්තමියේ ඔයා තමා මා ළගටත් ඇවිත් කතාකොට ගියේ. මාත් මෙහෙම එකකට ආවෙ එදාමනේ.ඇස් පේන්නේ නැති හින්දා ක්‍රිකට් ගහන්නත් බෑ ඉතිං අටමයි මායි සුමිතුයි චමියයි පොඩ්ඩක් පැත්තකට වෙලා සැට් උනා... කොහොම වුණත් ආදරණීය දවසකි ගෙවී ගියේ

      Delete
    3. සිත්තමී ගති ගුණ වලින් වගේම රූපයෙනුත් බොහොම සුන්දර කෙල්ලෙක්... උඹ ඇත්තටම ලස්සනයි නංගි...

      Delete
    4. ඇත්තෙන්ම සිරියාවන්ත කෙල්ල..!

      Delete
    5. අඩේ මම මෙයාව දැක්කේ නෑනේ :(

      Delete
    6. මටත් මතක නෑ.. පොටොවෙන් මතක් කරන්නකෝ සිත්තමී

      Delete
    7. මාගාව පොටෝ ඇති අද/හෙට දාන්නම්..!

      Delete
  14. කට්ටිය හොඳට සත්තු වෙලා වගේ ..අපිටත් සතුටුයි එහෙනම් ඔන්න

    ReplyDelete
    Replies
    1. //කට්ටිය හොඳට සත්තු වෙලා වගේ .// සතු‍ටුවෙලා වෙන්න ඕන.

      ඇත්තටම තව අය පෝස්ට් දමාවි පින්තූරත් එක්ක.

      බින්දි පහුගිය පෝස්ට් වලට නො ආවට අමනාපයි ඔන්න.

      Delete
  15. දුකට කරුණු සහ ඉරිසියාව අමතක කරලා හිත හදාගෙන..............
    අයියෝ......... මොකට මං මෙච්චර දුරක ඉපදුණාද ඈ.........

    ReplyDelete
    Replies
    1. ඇත්තටම යාන්ත්‍රියා කොහේද...?

      මමත් පට්ට දුර..උදේ 4.30ට නැගිටලා ආවෙ.

      Delete
  16. පින්තූර ටිකකුත් එකතු කලා නම් තමා හොද.... අපිටත් බලා ගන්න...

    ReplyDelete
    Replies
    1. පොටෝ තියෙන පෝස්ට් එකකුත් දාන්න ඉන්නෙ.

      Delete
  17. මට ඔය නෝටි ලමයි එපා... එන්නේ නෑ ආපහු සතියකට පෝස්ටු බලන්න... ඈයි ඉතින් හූල්ලනව කියල මෙහෙමත් හූල්ලන්න පුලුවන්ද? අනික අප්‍රේල් එන්න වෙන එකකුත් නෑ.... ඉතින් දුකම තමයි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ .....ගෑල්ලමයින්ගෙ හිගයක් තිබුනා.
      සුන්දර හෝරා කීපයක් ගෙවී ගිය හැටි ඇවිල්ලම තමා බලන්න තිබ්බෙ.

      හූල්ලන්න වෙන්නෙ ඉස්සරහට පොටෝ කාරිය දැක්කම...ඔඳවැඩේ..!

      Delete
  18. කට්ටිය හොඳට ඇන්ජෝයි කොරොලා නේද... ෆොටෝ ටිකක් දපල්ලකො මොකෙක් හරි එකෙක්.. අර අටමෙක් ඉන්නවා.. දුවගන දුවගන ඇවිල්ලා දැම්මා පෝස්ට් එකක් බල්ලෙකුට වැඩක් නෑ.. වචන් සීයක්වත් නෑ ඒකෙ...

    ReplyDelete
    Replies
    1. පොටෝ ටිකක් තියෙනව බං..අපරාදෙ දැන් හිතෙනව මේකටම දැම්මනං හරි කියල...හෙට වෙන පෝස්ට් එකකින් දාන්නම්..
      හැබැයි පැන,පැන පොටෝ ගත්ත එවුනුත් හිටිය. අපිනම් පිට්ටනියෙ දවසෙම. ඒ නිසා පොටෝ අඩුයි.
      සෙන්නව බලාගන්නත් එක්ක මේ වගේ එකකට සෙට් වෙමුකො ආයිබොවං..!

      Delete
  19. වීයෝ පංකාදු පහයි බං එදා දවස.

    ReplyDelete
    Replies
    1. නලින් අය්යා මට හරිම සතු‍ටුයි අඳුනාගන්න ලැබීම ගැන සුහදශීලී ආමන්ත්‍රනය මහමෙරක් වගේ. අපි ආයිත් මුනගැහෙමු.

      අන්තිම වෙනකන් ඉන්න තිබුනානම් පොටෝ ටිකක් ගහගන්න තිබ්බා..මොනව කරන්නද..දුර නිසා ඉක්මනින් පිටත් උනා.

      උඹේ නිහතමානීකම නැවත අගයකරමි.

      Delete
  20. ඔච්චර අමාරු තරගයක් සෙල්ලම් කරලා පට්ට ගේමක් දීලා හයේ පාරවල් ගහලා මැච එක දිනපු මේ අපු ගැන මේක කිසිම අකුරක් වත් කියලා නැනේ....

    මේක නම් පට්ට අසාධාරණයි ඉතින්...

    ReplyDelete
    Replies
    1. අඩේ උඹල හයේ ඒවත් ගැහැව්වද..?

      අන්තිම තරඟය වෙනකොට මම හිටියෙ නෑ බං..!

      Delete
    2. එදා 6 ඒවා ගැහුවෙ බිම දිගේ නොවැ...

      Delete
    3. කොහේ යන්නද බං..අර තණකොල ගාලෙ මගෙ මුලු ඇඟම රිදෙනවා අද. ඇයි බං කාලෙකින් සෙල්ලම් කලේ අනික ඇඟේ මුලු වීරියම අරන්නේ පොල්ෂොට් ගෑව්වෙ.

      සිරාත් හොඳ ක්‍රිකටර් කෙනෙක් නේද..?

      Delete
    4. මොනවා කියනවද වීයා...මාව ඒ දවස් වල ලගපාත ප්‍රාන්ත හයර් එකට අරන් ගියා මැච් වලට...තුන් ඉරියව්වෙන්ම වැඩ කරුවෙක්... ආයෙත් මැච් එකක් ගහන දවසක බලමු..කප් එක ගම්පහටද වයඹටද කියලා...

      Delete
    5. ඔය කොහේටවත් නෙවේ දකුනට ගේනවා අරී...
      කොහෙද හරියන එකෙක් සෙට් උන්නෑනෙ..!

      Delete
    6. කවදා ගැහුවත් කොහේ ගැහුවත් කප් එක වයබට තමා.....

      Delete
  21. වීයාගේ බෝලින් ගැන කියලා නැහැනේ සුපිරි ඈ.මඩ මදි තව ටිකක් දුන්නා නම්?.කෝ ගත්තු ෆොටෝස්?

    ReplyDelete
    Replies
    1. නිෂානයා උඹලත් එක්ක ගහපු පොටෝ තියෙනව දාන්නම්.
      අනේ බං මම මේ බයේ ඉන්නෙ...සැමා තරහ වෙලාදකියල තාම ඇවිත් නැහැ.

      ඇත්තටම මට බෝලිං කලෑකි ටිකක්...!කොහෙද සිරාල අපිට චාන්ස් එකක් දුන්නැයි..!

      Delete
  22. බලපන් ඉතිං!උඹලා මගේ ප්‍රවේගකාරී පිති හරඹය ගැන එහෙම කියලා නෑනේ! :D

    ReplyDelete
    Replies
    1. ඒ උඹ ප්‍රවේගකාරී උනාද ඈ..?

      කෝ අර උඹ කෝල් දිදී ගෙන්න ගත්ත කෑල්ල..පාරවැරදුනාද..?

      Delete
  23. වීයා මරු ඩයල් එකක්ය. ෆීල්ඩ් කරන අතර තුර ගස් සෙවනේ අපි විඩා නිවූවෙමු :)

    දුර සිට පැමිණ අප හා එකතු වූවාට ස්තුති වන්ත වෙමි.

    ආයෙ සැට් වෙමු හොදේ !

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මුලින් ආවේ පට්ට කුතුහලයකින්.ඒත් ටික වෙලාවක් යනකොට තේරුනා ඔක්කොම හොඳ බොක්කවල් ඇති එවුන් කියා.

      මටනම් ඇත්තේ මාර සතුටකි.උඹලාට පිං ..!

      අනිවා ආයෙ සැට් වෙමු.

      Delete
  24. //හතරේ සීමාවට උඩින් එල්ල කලොත් 4ක් ලෙසත්,බිමින් එල්ල කලොත් 6ක් ලෙසත් අමුතු නීතියක්//

    පත්තරේ දාන්න වටිනවා නොවෑ

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නෙ.
      අධිපති..ආවෙ නැද්ද..?

      Delete
  25. උබල ඔක්කොටම මතක සැමාගේ සපත්තු දෙක විතරද මන්දා? නියමයි. අප්‍රේල් 21 අවුරුදු උත්සවේදී හම්බ වෙමු. ජය...!

    ReplyDelete
    Replies
    1. නෑ..නෑ තව ඒව මතකයි. ඔය හෝගාල පෝස්ට් වැටෙන්නෙ.
      අනිවා සෙට් වෙමු.

      Delete
  26. පෝස්ටුවට මම පරක්කුයි...

    ReplyDelete
    Replies
    1. පරක්කු නෑ නගා..!
      ස්තුතියි..!

      Delete
  27. වීයෝ මම ඊයේ දාපු එක නෑ බං.. බහිරවයා ගිලල.. ඒත නෙමේ උඹ ෂර්ට් එක ගහල ආවම පවු අප්පා කස්ටිය රැවටිල හෙන අහිංසකය කියල. අනේ මගේ කට... ජොලි නං එළ.

    ReplyDelete
    Replies
    1. ඒ උඹ හිටියද...? නැහැනෙ.

      අඩෝ අපි අහිංසකයි තමා...හරිය.

      Delete
  28. වීයාත් එක්ක කථා බහ කරන්න නම් උනේ නෑ.. ඒ ගැන කණගාටුව. ඒත් හොද පන්දු යවන්නෙක් වග නං දැක්කා.. :ඩී
    21 හම්බුවෙමුකෝ... :)

    ReplyDelete
    Replies
    1. අනේ මචං මටත් තියෙන දුක ඒක තමයි . ගොඩක් දන්න කියන ඈයො ඉඳල තිබුනට කතාබහ කරන්න බැරි උනානෙ.
      අනිවා21 සෙට් වෙමු..!

      බ්ලොගක් නැත්ද..තියෙනන් ලින්ක් එක දානවද..!

      Delete
    2. සමාවෙයන් හම්බ උනා..!

      Delete
  29. උඹලා සෙට් වෙලා ආතල් ගත්තු පින්තූර ෆේස් බුක් එකේ දැක්කා . .

    සමහර ඒවාට කොමෙන්ට් කලත් එක්ක (ඔව් ඔව් මඩ මඩ . .හික්ස්)

    බලමු ඉතිං ඉස්සරහට තවත් ගෙට්ටු තියෙයිනේ නේද බන් ?

    ReplyDelete
    Replies
    1. වරෙන් මචං දකින්න ආසයි.
      පට්ට ආතල් ගත්තෙ .
      හොදම හරිය උනේ සැමාගෙ කාර් එකේ ඩිකිය ගාවදි..!

      Delete
  30. එන්න බැරි උනාට මේවා දකිද්දී හරි
    සතුටුයි මචන් ..එල එල එල ජය වේවා...

    ReplyDelete
  31. ගම්පහ උන්නැහෙලට අපේ ස්තුතීය

    ReplyDelete
    Replies
    1. උඹ ඇවිත් ගියා කියල සිරා කිව්ව...!

      වේලසනින් ගිය කාරනේ ආරංචි උනා....හම්බ උනාද.?

      Delete
    2. ඔව් මචං ඒ වැඩේ සාර්ථක උනා...

      Delete
    3. හොඳා..හොඳා..! සතු‍ටුයි....හොඳේ..!

      Delete
  32. රන අවුට් එකට රත්තා එක්ක මරා ගත්තේමම ඈ :ඪ්...ස්කූබි මතක තියා ගනින් දැන්වත්

    ReplyDelete
    Replies
    1. ස්කුබියා..උඹේ ඩයල් එක මතකයි...හරිද මන්දා..!

      හරි..හරි කීපින් කලේ උඹ නේ..අර උස වෙස්ට් ඉන්ඩියන් වගේ එකානේ..!:)))

      Delete
  33. බලාගෙන යත්දී වීයාත් මමත් එකම ප්‍රාන්තයේ පොරවල්ය. මමත් දැක්කයින් දැක්කේ නෑ මේ වගේ ක්‍රීඩකයෝ ටිකක්.

    ReplyDelete
    Replies
    1. එහෙනං එකම ඡන්දකොට්ටාශෙ නොවැ.
      ආයිත් ගහමු ක්‍රිකට් මැච් එකක්.

      මොකෑ මේ පින්තූරෙ වෙනස් කරල...අර තිබ්බ පින්තූරෙ සිරියාවන්තයි බං..!

      Delete
  34. අහ්... ඊලග පාරත් මම කිරිකට් ගහන්නේ වීයත් එක්ක ඔං....

    ReplyDelete
    Replies
    1. අඩේ වෙඩ්ඩා අපේ පිට් එක ඈ...!

      උඹ මුලින් අප්සෙට් උනා නේ..මූ මොන ක්‍රිකටර්ද කියල..!

      Delete
  35. Replies
    1. අල්ලලා දාපං බං .
      උඹ හිත හොඳ එකා..!
      ආයි දවසක හමුවෙමු.

      Delete
  36. දැක්ක වෙලේම හිතුනෙ හරිම පුරුදු මුණක්.

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙයන් මචං ..මුලින් හරි චකිතයකින්නෙ හිටියෙ..මට කතාකරන්න බැරි උනා.
      තවපොඩ්ඩෙන් සිරා කියල උඹට ‍රැවටෙනව.

      උඹ කරපු කැපකිරීම දැක්ක. ස්තූතියි බොහෝම...!

      ආයිත් දවසක හමුවෙමු..!

      Delete
  37. ගේට්ටුව නැගලම ගිහින් වගේ.. :)

    ReplyDelete
    Replies
    1. මොනව කියනවද...මං එහේ ගිහින් බැලුව මොකද නැත්තෙ කියල..))

      Delete
  38. අපි මේවා කියවා බලා සතුටුවෙමු :)

    ReplyDelete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...