Friday, May 3, 2013

ජීවිතය ගෙන එන්න...!



මුලු මිදුල හැඩිවෙලා......
ගේ මකුලුදැල් බැඳිල.......
ලිප පාලුවට ගිහින්....ලිප්ගලුත් අඬනවා..
බැරිය මට හෝදන්න.....රෙදි අට්ටියක් හැදිල.

පොඩි එකී ගේ හිනා....
ලොක්කිගෙ... මුනුමුනුව...
කෝ කොහේ ගෙනිහින්ද....
ඇහෙන්නෑ මට දැන්...

ඒයි...නැගිටින්න...දැන්..
තේ හදල නිවෙනවා.......
කෝ නුඹේ පිලිවදන්........!

ජංජාලෙ කොහෙදෝ...........
බ්ලොග් එකත් මන්ද...දැන්..!
කියවන්න හිතෙන්නෑ........හිතත් ඈ ගෙන ගිහින්..!

ඝණාඳුර  පැමිනෙන්න.....
දවස ගෙවිලා යන්න...
විදුලි පහනක් දවා........බැහැ අඳුර දුරලන්න......

ලේ කිරට හරවන්න..නුඹගියා... පොඩි දුරක..
ඒත් මට මහමෙරක් ගමේ සිට ගෙන එන්න...!



ප/ලි..........මගේ මිතුරන් මට කමා කරත්වා.......කියවන්න බැරි උනා බොහෝ අයගෙ බ්ලොග්....ඉදිරියටත්.......රිසිලෙස බැරි වේවි. ගෙදර තනිවෙලා මම.......!කාර්‍යබහුලයි බොහෝම......හැකි විලස ඇවිත් යන්නම්..!
ගෙවල් අස්පස් කරගෙන....රස්සාවත් කරගෙන..කෑමත් හොයාගෙන...ඉන්න එකත් ලේසි නෑ බොල.


90 comments:

  1. තාම කට්ටිය ආවේ නැද්ද....

    හපොයි... තනියෙන් ඉන්න ගියාම එපා වෙනවා නේ... හැබැයි දැන් ආයිත් ආවම නම් ඇතිවෙන්න වැඩ තියෙයි ගෙදර කට්ටියටම.... නයිට් ඩියුටි එහෙම... හි හි...

    ( ඔන්න “ අනේ යන දේවාලෙක යනවා ඕයි... තමුසේ නැතුවට මට තනියෙන් ඉන්න පුළුවන්” එහෙම නැත්තම් “ අනේ මට එක දවසක් මේ කරච්චල් නැතුව පාඩුවේ ඉන්න දෙන්නකෝ...” කියලා කියවෙන වෙලාවට මේ පාලුව, තනිකම මතක් වෙන්නෙ නැති අයට ප්‍රින්ටි කරලා තියාගන්න වටින පෝස්ට් එකක්... හි හි)

    ReplyDelete
    Replies
    1. අපිනම් එහෙම කිව්වෙ නැ‍තෝ..!

      තව ටික දවසක් කට්ට කන්න වෙනව අප්පා.......!
      ගලපගන්න බැරි උනත් නිසැඳසක් වගේ ලිව්වෙ..........බුදු අම්මෝ ලියතෑකි ගමකට..කන කට්ට..!

      Delete
    2. මමත් මේ දුවං ආවේ හිරුවට අපේ නම් ඇරලා ගායනා කොරන්ටය කියලා කියන්න. උඹම කලින් කියාපු එක හොඳා.

      Delete
    3. මේ මේ.. තොප්පිය හරි යන කට්ටිය කාටවත් හොරෙන් ඔලුවට දාගන්න.. ( ඇත්තටම මාත් මේ වැඩේ කරනවනේ කියලා එකපාරටම හිතෙනවා නම් එච්චරයි...) අනිත් අය අපිට නෙවෙයි කියලා පැත්තකට වෙන්න... හි හි...

      Delete
    4. මොන පිස්සුද මම මේ ඉන්නේ යස අගේට...

      ඒත් ඇයි අනේ එයා තාම නාවේ ..?

      Delete
    5. @ සහන්, හෙහ්..හෙහ්..හෙහ්.....එහෙමත් අහනවා නේ.....)))))))

      Delete
  2. මන් දත් ඇහුවා හාමිනේ මොකෝ මේ හදිසියේ ගමේ ගියේ කියලා කෝ කිව්වේ නෑනේ.ඒත් දැන් තමා හිතාගත්තේ.

    සුභ පැතුම් අයියා.

    ReplyDelete
  3. ඔහේට කියන්න ආයිබොවං මම මෙහේ ඇවිත් මෙච්චර කල් උන්නට ගෙදර නම් උන්දෑ නැතුව ඉන්නවා බොරු. පැටික්කිව ඇන්න එන්ට ඉස්පිරිතාලේ උන්නු සතියේ මගේ මොලේ කොලොප්පං වෙලා උන්නේ. මොනවද ඉතින් මම ඉස්පිරිතාලේ පදිංචි නොවුන එක විතරයි. දැන් මටම පුදුමයි මම දෑවුරුද්දක් මෙහේ උන්න එක ගැන. හැබැයි එහෙම නැති ඈයොත් ඉන්නවා නේද...? හිතේ තියෙන පාලුව පෝස්‍ටුව පුරාම දැනෙනවා වීයා..

    ReplyDelete
  4. අමුත්තෙක් එන්න වගේ යන්නෙ..

    වී පවුලට ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුවෙන් ඉන්නෙ සෙන්නා...මම මෙහේ.....ඈ ගමේ..!

      Delete
  5. ශා හරි ලස්සනයිනෙ. අලුත් ආරංචියකුත් දැන ගත්තා. සුබ පැතුම්. අමුත්තෙක්ද අමුත්තියෙක්ද දන්නේ නෑ නේද. මට මතක් උනේ අර කලේ පැන් ඇත සින්දුව. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මටත් මතක් වුනා ඒක...

      Delete
    2. මතක ඇති කාලෙක ඉඳල මම ආසම කරන ගීයක්......ප්‍රායෝගිකවම අත්දකිනව ඒ ගීය.
      සින්දු ලියන්න පුලුවන් උනානම්..මෙලහකට......අම්බානකට ලියල...P.))))

      තව සුට්ටක් ඉවසල ඉමු..යාලුවන්ට කියන්නම්.
      මට දුක බ්ලොග් ටික මඟහැරෙන එකට.

      Delete
  6. අනේ පව්!!!

    ඒත් ඉතින් ඉක්මනට තවත් චූටි පැටියෙක් එක්ක ගෙදර එයි නේද? සුබ පැතුම් වීයෝ...:)

    ReplyDelete
    Replies
    1. පව්.........!
      අයියෝ..ලැජ්ජත් එක්ක..!)))))

      එහෙමයි..එහෙමයි..පොඩ්ඩි....!

      ස්තූතියි...!

      Delete
  7. සුබ පැතුම් වීයො,තනියම ඉන්න එකනං පුදුම කට්ටක් තමයි එපාවෙනව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..!
      මොකට කියනවද හැලපෙ...ඒ ගැනනම්..!

      Delete
  8. මගෙනුත් සුභ පැතුම් වීයෝ....

    වී කිරිල්ලෙක්ද? කුරුල්ලෙක්ද??

    අපොයි තනියම ගෙදර ඉන්න ගියාම තමා පිස්සු හැදෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජී..

      පිස්සු හැදෙනවා නේන්නම්.............ගෑණු නැතුව මේලෝකෙ රහක් නෑ කියන්නෙ ඇත්ත තමා.

      Delete
  9. Replies
    1. ස්තුතියි..ඉන්ද්‍රජිත්....
      පහුගිය ටිකේ දැක්කෙම නෑ...!

      Delete
  10. අහ අහා...එල එල....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. අම්මා ඉස්පිරිතාලේ, තාත්තා ඔෆිස්, ගෙරද වැඩ ටික තනියම කරලා, දවල් හවස,උයාගෙන එහෙම අම්මා බලන්න ගිහිල්ලා,එයාව නාවලා එහෙම ආයේ ඇවිල්ලා ආයෙත් වැඩ ටික කරලා,තාත්තා ඔෆිස් යනවා, ඒ දෙන්නම ස්ට්‍රෙස් නොවී මමත් ඔලුව සිහියෙන් තියන් ඉන්න වෙලා තියන නිසා මටත් තේරෙනවා වගේ ඔය කට්ට.. :( මට නම් ඇතින් හරි ඉදන් උදව්වක් වෙන්න සාදිරිස් ඉන්න නිසා ඔලුව අවුල් කරගන්නෙ නැතුව ඉන්න පුළුවන් ඩිංගක් :)

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම වචනයෙන් උනත් ඒ වෙලාවට හිතට ගටක්..!

      බලන් ගියාම........හැමෝටම පොදු ප්‍රශ්ණනේ..?

      අම්ම අසනීපවෙලාද නංගි...ඉක්මන් සුව ලැබේවා....!!

      Delete
    2. ඇයි ශම්මි අම්මට මොනවා වෙලාද...?කිව්වේ වත් නැහැනේ..

      Delete
    3. අම්මා ඔපරේෂන් කරලා,,දැන් දවස් 10ක් විතර ඉදන් ඉස්පිරිතාලේ.. :(

      වීයා අය්යා - ඇත්තටම ඔව්,, වචනෙකින් හරි කරන උදව්ව ලොකු දෙයක් අප්පා ඒ වෙලාවට,, කිසිම දෙයක් කරගන්න බැරි වුනාම දුවන් ඇවිල්ලා ළගට වෙලා හරි ඉන්න එකත් හිතට නිදහසක්.. :)

      Delete
  12. හෆොයි ඔය කට්ටනං මාත් කාල තියෙනව. ඉවසගෙන ඉන්න. සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ඉහෙනං.......ප්‍රසන්න..
      ඕය ඉන්නෙ අත්දැකීම් ඇත්තො...!

      ස්තුතියි..!

      Delete
  13. ඉස්සර අකමැති උනාට. දැන් නම් තනියෙන් ඉන්න එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා. අතීතය ආවර්ජනය කොරගෙන ඉන්න ඇහැකි නොවැ. ගෙවල් දොරවල් අස් පස් කරන එව්වා අපි පොඩි කාළේ ඉඳන් කොරනවා, අම්මට උදව්වක් හැටියට. අදටත් එහෙමමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන් එහෙම එකකුත් තියෙනව. පොඩි ශොට් එකක් එහෙම දාගෙන පාඩුවෙ හිටිතෑකි.

      ඒත් ගෙවල් අස්පස් කරන මිදුල් අතුගාන...දේවල් කලමනාකරනය කරගැනීමේ දුර්වල කමක් තියෙනව......ඒකයි මේ සේරම.ඇත්ත දුර්වල කමක් තමයි.

      ඔක්කොටම හපන් අපේ පැත්තෙ දවසට දෙකට මිදුලෙ තණකොල වැවෙන්නෙ...කම්කරුවොත් නෑ දැන්.බේතකට වත්...දවස ගානේ අතුගානකොට තණකොල උනත් වැවෙන්නෙ අඩුවෙන්නෙ.

      Delete
  14. හහ් හහ් හා! හොහ් හොහ් හෝ!

    මොනවද බං මේකට කියන්න හොඳම දේ?

    (ලියපු දේවල් කිහිප වරක්ම වාරණක කිරීමෙන් පසුව...)

    (නමුත් චමීෆෝයූගේ "කකුල කැඩිලත් නිකං.." පෝස්ට් එකද මතක් වූ බව කිව යුතුමය:D)

    දැනට උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. අඩෝ.......!

      වාරණය කරපුවා දාන්න එපාබං..වඳින්නං.)))

      Delete
    2. චමියගෙ නෙමේ අටමගෙ නේද ඒක ඩූඩ් ?

      Delete
  15. ජය වේවා!!! වීයා බහු වීයා වෙලා වගේ මේ පාරත්...

    ReplyDelete
    Replies
    1. බොලත් ආදුර්සෙට ගනිල්ලා..!

      Delete
  16. සුබම සුබ පැතුම් වීයෝ..වී කිරිල්ලි සුට්ටන් කුරුළු පැන්චෙක්
    එක්ක ආවම ඔය පාළුව නැති වෙලා යාවි..හරිම සතුටුයි වීයෝ...

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්..හෙහ්...ආයිත් අහල.
      ස්තුතියි මචං...!

      Delete
  17. උණුසුම් සුභ පැතුම්.සියළුම පැතුම් ඉටු වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයනි..!(නමත් වෙනස් කරලනෙ...පින්තූරෙන් අඳුරගත්තෙ.)

      Delete
  18. දැන් සනීපයි නේද අයියා හොඳටම ??

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලියා........ගෙදර හැමෝටම බෝ උනානෙ.ඔයාගෙ කතාටිකනම් මරු..පොඩි උන්ට.

      Delete
  19. ආව්...ආව්.... සුභම සුභ පැතුම් වීයෝ.... :)
    වීයාගේ පාළුව කාන්සිය නම් හොදට දැනෙනවා පද ටිකෙන්....
    අළුත් පැංචා ආවම පාළුව ඇරිලා යාවිනේ...... :)

    ReplyDelete
    Replies
    1. හ්ම්...හ්ම්...යශෝදරා දේවි..කොහොමද..))))

      Delete
  20. >> කාර්‍යබහුලයි <<

    ඒක නෙමේ බන්, ඔන්න ඔය රේපෙ ලියන හැටි කියලා දියන්කො මට..

    ReplyDelete
    Replies
    1. සෙන්නා මම ලියන්නෙ සිංග්‍රීසි වලින්...උඹ ලියන්නෙ මොනවයින්ද සිංහල
      (මම ටිකක් එලියට ගියා බං දැන් දැක්කෙ)

      Delete
    2. සෙන්නා ටයිප් කරන්නේ මේකේ කියල කොතන හරි කිව්වා වගේ මතකයි. එකේදී නම් ආර් අකුර කැපිටල් වලින් ගහන්න.

      kaaRyaya = කාර්‍යය

      http://unicode.malindaprasad.com/

      Delete
    3. චන්දන කාටත් උදව්කරන එකානෙ..:)

      සෙන්නා ආයිත් ආවොත් උත්තරය ලැබුනද කියලම යන්න.

      Delete
    4. ස්තූතිය් චන්දන..

      වැඩේ ගොඩ...

      "කාර්‍යාලය"

      ඒත් එතනදි පෙන්වන්නෙ වෙන විදිහකට. මෙතන ගෙනත් පේස්ට් කරාම හරි යනවා.. කොහොම හරි වැඩේ වෙනවනෙ.. :D

      දෙන්නටම රොම්බ තෑන්ක්ස්..

      Delete
  21. හි හී.... දැං ඉතිං ආවට පස්සෙ පැටියයි අම්මවයි දෙන්නම් හුරතල් කරන්න බැරිය...

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්..හෙහ්...ආයිත් අහල..:))

      Delete
  22. හහා... සුබ පැතුම් සුබ පැතුම්..!! ඉවසලා හිටු..!! :)

    ReplyDelete
  23. කවියත් එක්කම සුභ ආරංච්යක් කියලම ගිහින් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අනේ මචං බොලාට වගේ ගලපල ලියන්න නම් බෑ....අදහස විතරයි..!

      Delete
  24. සුභ පැතුම් වී පොකුරටම..
    දැන් තමා කවි සිත් අවදි කරන්න හොඳම වෙලාව..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...රූ..!
      කවිසිත් නම් අවදිවෙනව.......ගලපගන්න තමා බැරි..?

      Delete
  25. අම්මමද බොල.. වී-පොකුරක්ම වෙන්න යන්නේ..

    ජයම වේවා මිත්‍රයා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා..!

      Delete
  26. http://www.youtube.com/watch?v=Rm0yBwnAYdY

    කලේ පැන් ඇත
    නැවුම් රහ නැත
    මොකද මන්දා
    ලිඳට වූයේ ..
    පුළුස්සගත් රොටි‍ය කරවී
    මොකද මන්දා ලිපට වූයේ
    හදාගත් ලුණු මිරිස රහ නැත
    මොකද මන්දා දිවට වූයේ..

    සැලේ ගහකොළ සුළඟ ඇත
    එද සිහිළ කොයි අත ගියාදෝ
    කෝල බව මුසු සිනා හඬ නැත
    සවන් බිහිරිව ගියාදෝ...

    පුරුදු නිවහන නුහුරු වීනම්
    කාට මේ ගැන කියන්නෙම්
    කාට මේ ගැන කියන්නෙම් මම
    බිරින්දෑ නෑ ගම් ගොහින්..

    ReplyDelete
    Replies
    1. ලස්සන සිංදුව නේද..?

      පොඩි වෙනසයි තියෙන්නෙ..! "නෑගම් ගොහින්"
      බාඳුරා බලන්නත් ගියා ඕං..!

      Delete
  27. පවුලට අලුත් සාමාජිකයෙක් එකතු වුනාද වීයා.... කාලෙකින් ආව නිසා මම ඒ ගැන දන්නෙ නෑ...මගේ සුභ පැතුම්....

    මට ඊයක් එවන්න...කථාකරගන්න දෙයක් තියෙනවා...ජය!

    ReplyDelete
    Replies
    1. ලඟදීම........!
      ඒකයි මම මෙහේ කට්ට කන්නෙ..:))

      Delete
  28. සුබ ආරංචියක් වගේ නේද?

    තනියම ඉන්නව කියන එක පිස්සු හැදෙන වැඩක් තමයි.
    ඒත් කට්ටියම ආවම සතුටින් ඉන්න පුලුවන්නේ

    ReplyDelete
    Replies
    1. හ්ම්...හ්ම්..

      පිස්සුහැදෙනවා නේන්නම්..!

      Delete
  29. සුභ පැතුම් වීයා.................වී පොකුරක් වෙන්න හදන්නේ.............නියමයි සිංහල ජාතිය නංවන්න ඔබටත් හැකිවේවා...........

    පාළුව කාන්සිය කොච්චරද කියන්න කවියෙන්ම තේරුණා..............ගලපගන්න බැරි වුන කවි අතරෙ සැගවුණු ඇගේ ආදරේ

    ReplyDelete
    Replies
    1. කොලු පැංවෙක්නම් මරේ මරු නේ................කෙලි පැටිටියො 2නෙක්නෙ ඉන්නේ

      Delete
    2. හැකෑස්...ටැංකියු ඈ..!

      Delete
  30. සුභ පැතුම් මචං. මම දවස් දෙකකට කලින් කියෙවුවෙ අයි කමෙන්ට් කලේ.

    ReplyDelete
    Replies
    1. මගේ මිත්‍රයා හුඟදවසකින් දැක්කෙ. ස්තුතිය් බං..!

      Delete
  31. අඩේ අයියේ බොක්කෙන්ම all the best කිව්වා. එල එල හොරට ගෙවල් දොරවල් සුද්ද කරන්න එපා හරිද. පඩි කපනවා

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්..බොලාත් ආදුර්සෙට ගනිල්ල..!

      Delete
  32. හා හා හොරෙ දැනුන වීයෝ...මගෙනුත් සුභ පැතුම් ඔන්න.... :)

    ReplyDelete
  33. ඔය පාළුව තමයි ලෝකේ දරාගන්න අමාරුම පාළුව.

    ReplyDelete
  34. අලුත් සාමාජිකයා පිලිගන්න හොඳට ගෙවල් දොරවල් අස් කරන්න දූවිලි නැති වෙන්න.
    ඔය පාලුව නැතිවෙලා යාවි පොඩ්ඩගෙ මූන බලන කොට.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ දව්ස්වල ඒකට ත් සූජානම් වෙනව...බ්ලූ ලෝටස් මේ පැත්තට සාදරයෙන් පිලිගත්ත ඕං..!

      Delete
  35. කෝ.. කෝ.. කට්ටිය ආවද ?

    ReplyDelete
  36. අපොයි වියෝ මන් පහු ගිය ටිකේ බ්ලොග් කියෙව්වේ නැහැ . හරි හරි දේවල් වෙලානේ . සුබ පැතුම් සුබපැතුම් ...

    අපොයි පාළුව නැති වෙන්න ගෙදර පිරේවි අලුත් අමුත්තා ආවම ...

    ReplyDelete
  37. අපෙනුත් සුභ පැතුම් වීයෝ.මේ පැත්තට අවේ අලුතින්.ඔක්කොම කියවන්නම්කෝ .පුළුවන් වෙලාවට ලියන්න.පොඩ්ඩා අවාම පින්තූරයක් දාන්න .

    ReplyDelete
  38. දැන් මොකද වෙන්නේ මචං?

    ReplyDelete
  39. "ලේ කිරට හරවන්න..නුඹගියා... පොඩි දුරක..
    ඒත් මට මහමෙරක් ගමේ සිට ගෙන එන්න...!"

    කලේ පැන් ඇත නැවුම් රහ නැත මතක් වුණත් මේක ඊටත් එහාට ගිහින් බොහොම ලස්සන හැඟීමක් මතුකරනව - මටත් ටික දිනකින් කියවන්න අතපසු වුණු ලස්සන සටහන් වීයාගේ
    සියළුදේ යහපත් විදිහට වෙලා ඇති කියල හිතනව මචං

    ReplyDelete
  40. මොකෝ හිටල. ලියන්න අදහසක් නැත්ද දැන්ම.

    ReplyDelete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...