Thursday, June 20, 2013

වෙසක් බබා..!

වෙසක් පොහොය ලබන දිනේ  නුඹ මෙලොවට ඉපදෙන්නේ
ගිහිගෙය අතහැර යන්නට     මමනම් නෑ ඉඩදෙන්නේ
මුළු පවුලට පිරිමි පුතෙකු  වෙලානේ නුඹ ඉපදෙන්නේ
පියාගෙ නම ගෙනියන්නට දිරිය බලය හැමදෙන්නේ...

ඉපදුනු මේ පොලොව නුඹේ
ජීවිතයයි පරිසරයේ
ගහකොල හා දිය ධාරා
‍රැකගැන්මයි උරුම පුතේ..

හෙළකම නුඹෙ සිරිත වෙලා
වැඩිහිටි දැක ගරුකරලා
බොදු සිතිවිලි පහලවෙලා
‍රැකගැනීම විරිත වෙලා..

සමාජයම මඩ ගොහුරකි
ජීවිතයම විඳවීමකි
‍රැකුනොත් නුඹෙ මිනිසත් ගති
ගරු බුහුමන් හැමගෙන් යෙති..!



ප/ලි..:-    ටික කාලයක් බ්ලොග් කියවීම අතපසු උනත් ..ලිවීම කෙසේ උනත්..වෙලාවක් ලැබුනු හැමවෙලාවෙම ටිකකට හරි ගොඩවැදුනු බව කියන්නෙ අවංකවමයි.
මේ දවස් වලත් විවේකය කියන එක ඇත්තේම නැති උනත් බොහෝ අය .."මොකද මචං ඒ පැත්තෙ වෙන්නෙ.." කියල හර්ද්‍යාංගවම විමසල තිබුන නිසා..කෙටියෙන් හරි පෝස්ට් එකක් දැම්මෙ.
පින්තූරයක් දාන්න හිතුවත් කුඩාම දරුවෙකුගෙ පින්තූරයක් දාන එකට පවුලේ අය දැඩි විරෝධයක් පලකල නිසා පින්තූරයක් නොදැම්මාට අහිතක් හිතන එකක් නෑ කියල හිතනව මිත්‍රයිනි.

රෙදි අයන් කරන ඒව.,.දවල්ට ගෙදර හිටියොත්..මේ අවේලාවෙ වහින වැස්ස ගැන විමසිල්ලෙන් ඉන්න එක..ඇරුනාම..වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ..! ඔහොමයි අප්පා පවුල් ජීවිතේ..!!


78 comments:

  1. වෙසක් කුමාරයට වාසනාවන්ත අනාගතයක් පතනවා වීයෝ !!

    ගිහිගේ හැරයනවනම් යන්න දීපන්..එයා ඉපදුනේ උබේ ආශාවල් ඉෂ්ඨ කරන්න නෙමේ..

    ReplyDelete
    Replies
    1. වෙසක් දවස නිසා එහෙම කිව්වෙ..බං..!

      ස්තූතියි..ඕං.!

      Delete
    2. නෑ නෑ මට තේරුනා උඹ කියපු එක.. මම කිව්වෙ හුඟක් දෙමාපියො කරන මෝඩ වැඩක් ගැන තමා..තමන්ගෙ අරමුණු, ආශාවල් ළමයා ලවා ඉෂ්ඨ කරගන්න දගලන එක. එතනදි ඔවුන් ළමයා කියන්නෙ තමන්ගෙන් වෙන්වුනු ස්වාධීන ජීවියෙක් කියන එක අමතක කරලා හෙන විකාරයක් නටනවා.

      උඹ එහෙම නොකරන බව මට විශ්වාසයි.

      Delete
    3. අන්තිම ටික කියෙව්වානම් මගෙ..ආසාව..,ප්‍රාර්ථනය කුමක්දැයි..උඹට තේරෙනවා නේද..?

      Delete
  2. ඉතින් ඇයි උඹ ඤරු ඤුරු ගාන්නේ? මේකනේ උඹට ඕනෙ වුනේ.

    අලුත් පුත්තරයාටත්, ආඩම්බරකාර තාත්තාටත් අම්මාටත් අනිත් දුවණියන් දෙදෙනාටත් පැහැබර අනාගතයක්.

    ReplyDelete
    Replies
    1. මොන ඤුරු..ඤුරුවක්ද අය්යා.....පස්වනක් ප්‍රීතියෙන් ඉන්නෙ..( එහෙම කිව්වට පස්වනක් ප්‍රීතිය කියන්නෙ මොකක්ද කියල නම් දන්නෑ..!)

      ස්තූතියි..මචං..ඩූඩ්..!

      Delete
    2. පස්වනක් ප්‍රීතිය කියන්නේ උඹලා පස්දෙනා තමයි.

      Delete
    3. නව සොයාගැනීමක් වෙයිද..!:P

      එතකොට සිව්වනක් ප්‍රීතිය උනොත් උඹල හතර දෙනා වෙන්න ඇතිනේ..

      Delete
  3. ඔන්න පළවෙනි කයියේ අන්තිම පදේට මං විරෝධය පළ කරනවා... ඇයි වදේ.. ඉපදුන ගමන් ගෑණු පිරිමි බේද...

    දැන් දුවලා දෙන්නව අමතක වෙයිද දන්නෑ.. ( හි හි.. මං දන්නවා වීයා කෙල්ලෝ දෙන්නට පණ වගේ කියලා.... )

    දැන් සිකුරුටි රස්සාව කොහොමදෑ....... හි හි...

    ඔන්න අපි දෙන්නගෙනුත් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. අපොයි..එහෙම නෑ බොලේ..කොල්ලෙකුත් ඉන්න එපායැ..! හය්යක් වෙන්න.
      කෙල්ලො දෙන්නගෙන් තමා බේරගන්න වැඩේ..පොඩ්ඩක් ඇඬුවත්..තර‍ඟෙට දුවන්නෙ ලඟට.

      කියල වැඩක් නෑ..අම්මලාටම ..දහදුක් විඳිනවා...කිව්වෙ කව්ද මන්දා..?අප්පලාට කවුරුවත්..මුකුත් කියන්නෑනෙ..:)

      ස්තූතියි හිරුවො..!අපේ මහත්තයටත් ..,දෙන්නටම.

      Delete
  4. හප්පේ.. ඔන්න බලාපං කො මේ පෝස්ට් එක මග හැරුනු හැටි.. නදිනිගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැකලයි මෙහෙට ගොඩ් වුනේ...

    සුබ පැතුම් මචෝ...!

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එක අද නෙ දාල තියන්නෙ. ඒක දැක්කෙ පස්සෙ නෙ බං. :D

      Delete
    2. හැක...හැක...හැක..මොකෝ බං..ඔය පැත්තට වැස්ස වැඩි නිසා..මෙව්ව වෙලාද..?

      උඹත් පහුගිය ටිකේ වහන් වෙලා උන්නනෙ..!

      සුබ පැතුමට ස්තූතියි..!

      Delete
  5. සුභ පැතුම් වීයෝ.. දැන් එහෙනම් ආයෙම ටික දවසකට රාජකාරි වැඩිවෙයි.. පුත්‍රයාට සුභ අනාගතයක් පතනවා..

    ReplyDelete
    Replies

    1. ස්තූතියි..! මචං...!

      ටික දවස මොකක්ද දැන් මාසයක් කනව..!

      Delete
  6. අනේ හරිම ප්‍රීතිදායක ආරංචියක්..මම නිකමට හිතුවා පුතෙක් වෙන්නැති කියලා. දෙජාතියෙන්ම ඉන්නකොටනේ හොඳ. ඉතින් නමක් එහෙම දැම්මද?

    වෙසක් කුමාරයාට සුබ අනාගතයක් පතනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..! සයුරි.

      නම් තැබීම කාන්තා පාර්ශවයට දීල තියෙන්නෙ..අනුමත කිරීම පමනයි මගෙන්..:)))

      Delete
    2. මම පැහැදිළි කරපු නම් තැබීමේ සිස්ටොන් එක දැක්කනේ වීයා...? අන්න ඒ ක්‍රමේට දෙන්න බලන්න ...( තව දෙයක් දිව උලුක් වෙන විකාර නම් දාන්න එපා දරුවට වත් තමන්ගේ නම කියාගන්න බැරි..සරළ නමක් දාන්න..දැන් බලන්න අපේ නම්..හරිම සරළයි නෙව..)

      Delete
    3. බලාන යනකොට සහන් නොලිව්ව දෙයක් නෑ නේ බොලේ.
      මම මේක බුක් මාක් කරගත්තා ඔන් :D

      Delete
    4. ස්තූතියි ස්තූතියි ප්‍රමුදි..ඕකේ පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ ලිය වරුණට සහ සයුරිට..එයාල ඔය ප්‍රශ්නේ අහපු නිසයි මම ක්‍රමේ කිව්වේ..මට තව එක දෙයක් ගැන ලියන්න බැරි උනා ( අනිත් හැමෝම වගේ ලියපු ) ..ඒක ලියපු දාට මම එවන්නම්කො ප්‍රමුදිට ලින්ක් එක...:))))

      ප්‍රමුදි සාමාන්‍යයෙන් පාවිච්චිකරන සින්ඩිය මොකක්ද ...? මට කියන්න ඒක..

      Delete
    5. @ සහන්.., අනිවා..සරල විය යුතුයි . බොහෝ අය අහවල් එක්කෙනාගෙන් ගන්න කීව..තැපෑලෙන්..මම ලම්යි තුන්දෙනාටම තිබ්බෙ අපි දෙන්නගෙ සාමූහිකත්වයෙන්. අනික පද දෙකේ නම්ක් තමයි..උදා..:- අපේ ලොක්කි..චතුනි චිරංසා.
      තාම පොඩ්ඩට නම දැම්මෙ නෑ..එකක් සූජානං කොරං ඉන්නෙ..බලමු..!

      උඹේ ලිපිය නම් බැලුව..ආසත් හිතුන එහෙම තියන්න.ඒත් අනික් උන් දෙන්නට නැති නිසා..පොඩ්ඩටත් කලින් විදිය හොඳාකියල හිතුන..:))

      Delete
    6. @..ප්‍රමුදි., හොඳා හොඳා..ලඟදිම ඕනවෙයි වගේ..නේ..:)))

      Delete
  7. උදේම ගොඩ වුනේ මෙහාට . හරිම සතුටුයි වියෝ ..අපේ හද පත්ලෙන්ම සුබ පැතුම් .මෙහෙම සුබ පතලා මදි සබන් පවුඩර් අරන් හරි නම් අපි එන්න ඕන පොඩ්ඩා බලන්න ..

    [පින්තුර දාන්න එපා ලොකු වුනාම වත් . ]

    ReplyDelete
    Replies

    1. ස්තූතියි..! බින්දි..!

      ඇත්තටම බින්දි දැන් වෛද්‍යවරු පවුඩර් ගානවට බනිනව...! ඒ නිසා අපේ ලමයි එක්කෙනෙකුටවත් පුයර දැම්ම කියල මතකයක් නෑ..! ඉස්සර නම් පුයර නාවලනෙ බබාල ගමන් එක්ක යන්නෙ.

      සබනුත් එහෙමනෙ..වොෂින් මැෂින් ආවට පස්සෙ ඇඟේ ගාන්න විතරයි උවමනා..
      අපොයි ...!වොෂින් මැෂින් එක හොයාගත්ත මිනිහ නම් බුදුබව ලබන්න ඕන..:)))

      [පින්තුර දාන්න එපා ලොකු වුනාම වත් . ] හේතු පාඨයකුත් කිව්ව නම්.?

      Delete
    2. විහිළුවට කීවාට මමත් අපේ දෙන්නට පවුඩර් දාලම නැහැ . ක්‍රීම් ගෑවෙත් බොහොම කලාතුරකින් . මොට්ටු තිබ්බෙත් නැහැ . මොට්ටු බෝතලයක් තිබිල අපේ ලොක්කි බෙඩ් ෂිට් එකක් විනාස කරලා තිබුණ ඒක සොයාගෙන .

      මැෂිමට බේබි ඇඳුම් වලට මෘදු සබන් කුඩු ජාතියක් තියනෙවා නේද .
      පින්තුර දාන්න එපාය කිවේ එයාලගේ පුද්ගලිකත්වය රකින්න ඕන නිසා .

      Delete
    3. ඔව්..බින්දි..කුඩු සහ දියර වශයෙන් ..රෙදි සෝදන්න තියෙනව පොඩි අයගෙ.


      ඕය එක එක ක්‍රීම් වර්ග ගානවට වඩා හොඳයි..වෙනිවැල්ගැට් තම්බල හෝදන එක,රත්මල් තම්බල වතුරින් දරුව හෝදන එක..නේද බින්දි..මම නම් අපේ ලමයින්ට අනුගමනය කලෙ එහෙම.

      Delete
  8. මේ තරම් සතුටුදායක ආරංචියක් මේ තරම් කාලයක් හංගං හිටියේ ඇයි වියෝ.... ඒ පුංචි කුමාරයාටයි අම්මටයි තාත්තටයි දෙන්නටම හදවතින්ම සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. මේ ආරංචිය මොන විදියට ඔයාලට කියනවද..කියල හිතාගන්න බැරිව හිටියෙ..!

      ස්තුතියි නලින් අය්යා..!

      Delete
    2. ඇයි බං මූ කලින් කිව්ව නේ ඕක.. මට නං මතකයි

      Delete
    3. @ දේශා, ලැබෙන්න ඉන්නව කියලයි කීවෙ..:)

      Delete
  9. අලුතෙන් ඉපදුනු චූටි කුමාරයටත්, පවුලේ හැමෝටමත් සුබ පැතුම්!!!

    ගෙදර (බ්ලොගේ ) නිල්පාටින් හැඩ කරන්ට තිබුනේ වීයෝ.:)

    අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. ගෙදර ඇත්තිට රෙදි හෝදලා, බබාගේ වැඩ කරලා උදව් කරන්ට.:D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි....!දැන්නෙ දැක්කෙ ස්පෑම් වෙලා කියල..!
      ඇත්තම්යි පොඩ්ඩි..ෂහ්..අමතක් උනා..හරිම අවිවෙකීයි..හිතන්නත් වෙලාවක් නෑ වගේ,...ඒකයි.

      //අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. ගෙදර ඇත්තිට රෙදි හෝදලා, බබාගේ වැඩ කරලා උදව් කරන්ට.:ඪ්//
      පොඩ්ඩිගේ කාන්තාවාදී අදහස් හෙලා දකිමි..D..)))(හාමිනේ දකීවිද මන්දා..?)

      Delete
  10. සුබ පතමි ,සුබ පතමි
    බොක්කෙන්ම සුබ පතමි
    වෙන කොහිද සතුටක්,
    සතුටින්ම විදවන එකම කරදරය මෙය වුනුකොට

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මචං..! වෙන කොහිද මෙවන් සතුටක්..!
      ස්තූතියි බොහෝම..!

      Delete
  11. සුභ පැතුම්... බොහොම හොඳයි.. නෝනම් මරන්නෙ නැතුව.. වැඩ බෙදා හදාගෙන කරන එක...

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව බැහැනෙ ..මාතලන්..!

      බොහොම ස්තූතියි..!

      Delete
  12. මම මෙලෝ මගුලක් නොදන්න උනාට පොඩ්ඩ පොඩ්ඩ තේරුනා... ඔන්න එහෙනම් මගෙනුත් උනුසුම් සුභා සීර්ශණ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..ජීවිතය සුන්දරද මෙතරම්..!!

      Delete
  13. සුබ පැතුම් අලුත ඉපදුන කුමාරයටයි වී පවුලෙ සැමටයි.

    ReplyDelete
  14. magenuth suba pathum weeyo punchi kumaarayatayi pawle hamadenatamai..senehewantha thaththa kenek weeyath neda?

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල...සෙනෙහෙ කොල දීපු යුගේ නොවැ අපි..!

      ස්තූතියි රෙහානි..!

      Delete
  15. මගේ උණුසුම් සුබ පැතුම් වීයෝ...කොල්ලෙක් ඉපදුනාම දැනෙන හැගීම කියලා නිමක් නැහැ..තමන් වගේම හැඩකාර , විසේකාර , ඉලන්දාරි වැඩ කරාවි නේද මූ කරදඬු ලොකු වෙද්දී කියලා හිතෙනවා..ඒ වෙලාවට පුදුම සතුටක් එන්න වීයෝ...අපිට දරුවෙක් හම්බුණා වගේ තමයි දැනෙන හැගීම්..හරිම සතුටුයි..

    තව වී පෑලක් ඕනේ වේවි නේද ඉස්සරහට...?

    ReplyDelete
    Replies
    1. ඇත්තම්යි..! ස්තූතියි සහන් මට කියාගන්න බැරි උන ටික ලියාදැම්මට..දැනෙන හැගීම නම් එලෙසම්යි....මම හිතන්නෙ සහන්ට ඒ අත්දැකීම ඇති..!

      ඔව්..ඔව් වී පෑලක්..!

      Delete
  16. වී පොකුරටම සුභ පැතුම් ඔන්න..

    ReplyDelete
  17. සුබපැතුම් වීයො! අවුරුදු කීපයක් යනකොට වී පොකුර වගේ තව පැටවු ටිකක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. :)

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වෙ..:))) බුදු අම්මෝ..!
      ස්තූතියි මචං..!

      Delete
  18. පොඩි වීයට සුබ අනාගතයක් විශ්වාසවන්ත හෙට දවසක් හැකියාවට රැකියාවක් ලැබේවා කියල ප්‍රාර්ථනා කොරනවා..!! :v
    ඇත්තටම හරිම සතුටුයි.උණුසුම් සුබ පැතුම් අක්කටයි අයියටයි කෙල්ලෝ දෙන්නටයි.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රමුදි..!
      දේශපාලන සුබපැතුමක් නේ..ජය වේව ..කියන්න ඕනද..?..P

      Delete
  19. හලේ...... මල්ලි බබෙක් ^_^ සුබ පැතුම් මගෙනුත් :D

    ReplyDelete
    Replies
    1. //මල්ලි බබෙක්// හොඳ පොඩි අක්ක..:)))

      ස්තූතියි ශම්මියෝ..!

      Delete
  20. මගේ කමෙන්ට් එක ස්පෑම් වෙලා...:(

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න දැන් නොවැ දැක්කෙ..!

      Delete
  21. පරිසර ‍වේදියාට ගස් හිටුවන්න ඕවන නැ

    ReplyDelete
  22. සුභ පැතුම් වීයෝ.... පැටියටත් නිදුක් නිරෝගී සැප ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..! කාලෙකින් මීගොඩස්..!
      උඹ තරම් රහට කවි ලියන්න බෑ බං..!

      Delete
  23. ඔන්න වී අයියේ මගෙනුත් උණුසුම් සුභ පැතුම්....
    පුංචි වී පැංචටයි, අක්කිලා දෙන්නටයි අම්මටයි තාත්තටයි ඔන්න සුභ අනාගතයක් වේවා !!!!

    ReplyDelete
  24. සුන්දරම ජීවිතේ එහෙම තමයි වැඩටික බෙදාගන්නම වෙනවා. ඒ නිසා මමත් අලුත උපන් පුංචි පුත් රුවනට සුබපතනවා. දූදරුවන් රැක බලා ගැනිමයි බ්ලොග් ලිවිල්ලයි දෙකම එකට... මහ අමාරු වැඩක් තමයි.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම .!ස්තූතියි දයා..!

      Delete
  25. අලුත් බබාට සුභ අනාගතයක් පතනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෝරලේ මලේ...
      වලව්වට තීන්ත ටිකක් එහෙම ගාල ගත්තනම් තමා හොඳ..!

      Delete
  26. උඹ නාඩං උඹ නාඩං උඹට ඕවා හොද පාඩං.. අපි කලින් සුභ පැතුවා මතක නේ. ඒක සදාකාලිකයි. ඒක නිසා ආයේ සුභ පැතුම් නෑ.. හැක්

    ReplyDelete
    Replies
    1. මන් දන්නව බං නොකීව්ට..!
      ස්තූතියි බොටත්..!

      Delete
  27. සිත්තමීට ලංකාවෙ කොහෝ කොළු පැටියෙක් ඉපදුනත් සතුටේ බෑ .......පුංචි කොලු පැටවුන්ට සිත්තමී හරි ආසයි වී අයියේ.....

    සෑහෙන්න ප්‍රමාද වෙලයි පෝස්ට් එක දැක්කේ....කොහොම නමුත් පංචි කොලු පැංචට සුභම සුභ අනාගතයක්.ලග පාතක හිටියනම් අනිවා බලන්න එනවමයි.

    මගේ පඩිය ඉවර වෙන්නෙත් මාසෙකට ඉපදෙන කොලු පැටවු බලලමයි.(අම්මාගෙන් සෑහෙන්න දෝෂාරෝපණය ලැබෙන්නෙ මේකට)

    විසේ කොරන කොලු පැටවු දිහා බලන් ඉන්න හරි ආසයි මමනම්......

    ඔයාගෙ පැංචත් විසේ තියන සූකිරි පැට්ටෙක් වෙන්න ඕනි........

    ReplyDelete
  28. අනේ සෝයි... මගෙනුත් සුභ පැතුම් වීයෝ!

    ReplyDelete
  29. අම්මෝ සෑහෙන කාලෙකින් නෙ බොලේ මං මේ පැත්තෙ ඇවිත් තියෙන්නෙ! උණුසුම් සුභ පැතුම් මුළු පවුලටම! සතුට සැපත රජයන අනාගතයක් වේවා! :)

    ReplyDelete
  30. පවුල් පන්සල් වුණාම තියෙන වැඩ :) අපිට නම් තව කල් තියෙනවා ඕන් :P

    ReplyDelete
  31. අදයි වී අහුලන්න ආවේ.. පුංචි වෙසක් කුමාරයා වාසනාවන්ත පුංචි පැටියෙක් වේවා කියල පතනවා..

    ReplyDelete
  32. සියලු සුභ දේ පතනවා වීයා...පුංචි පුතාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
    පපුවේ තෙතමනයක් නැති ලොක්කෙක් නොව හොද මිනිහෙක් වෙන්නට වරම් ලැබේවා !

    ReplyDelete
  33. අලුත් පෝස්ට් එකක් දෙකක් ලියන්න කාලේ හරි වගේ වීයෝ දැන්...

    ReplyDelete
  34. හප්පේ මං හොදටම පරක්කු වෙලා ඇවිත් තියෙන්නේ.. මගෙනුත් සුභපැතුම් ඔන්න පුංචි බබාට.. පුළුවන් වෙලාවක ආයෙමත් එන්නම්.. සුභ දිනක්..

    ReplyDelete
  35. මේ අයියේ මොකද බෝල ලියන්නේ නැත්තේ ලියහන් කෝ ඔය මොනවා හරි ලියන් දේවල් නැත්නම් කාලගුනේ දේශගුණේ ගැනවත් ලියහන්කෝ

    ReplyDelete
  36. පුංචි පුතාට සුබ පැතුම් මගෙනුත් :)

    ReplyDelete
  37. අපිට අලුතින් මොනාහරි ඕනේ...
    මේක මකුලු දැල් බැඳිලා

    ReplyDelete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...