Thursday, June 20, 2013

වෙසක් බබා..!

වෙසක් පොහොය ලබන දිනේ  නුඹ මෙලොවට ඉපදෙන්නේ
ගිහිගෙය අතහැර යන්නට     මමනම් නෑ ඉඩදෙන්නේ
මුළු පවුලට පිරිමි පුතෙකු  වෙලානේ නුඹ ඉපදෙන්නේ
පියාගෙ නම ගෙනියන්නට දිරිය බලය හැමදෙන්නේ...

ඉපදුනු මේ පොලොව නුඹේ
ජීවිතයයි පරිසරයේ
ගහකොල හා දිය ධාරා
‍රැකගැන්මයි උරුම පුතේ..

හෙළකම නුඹෙ සිරිත වෙලා
වැඩිහිටි දැක ගරුකරලා
බොදු සිතිවිලි පහලවෙලා
‍රැකගැනීම විරිත වෙලා..

සමාජයම මඩ ගොහුරකි
ජීවිතයම විඳවීමකි
‍රැකුනොත් නුඹෙ මිනිසත් ගති
ගරු බුහුමන් හැමගෙන් යෙති..!



ප/ලි..:-    ටික කාලයක් බ්ලොග් කියවීම අතපසු උනත් ..ලිවීම කෙසේ උනත්..වෙලාවක් ලැබුනු හැමවෙලාවෙම ටිකකට හරි ගොඩවැදුනු බව කියන්නෙ අවංකවමයි.
මේ දවස් වලත් විවේකය කියන එක ඇත්තේම නැති උනත් බොහෝ අය .."මොකද මචං ඒ පැත්තෙ වෙන්නෙ.." කියල හර්ද්‍යාංගවම විමසල තිබුන නිසා..කෙටියෙන් හරි පෝස්ට් එකක් දැම්මෙ.
පින්තූරයක් දාන්න හිතුවත් කුඩාම දරුවෙකුගෙ පින්තූරයක් දාන එකට පවුලේ අය දැඩි විරෝධයක් පලකල නිසා පින්තූරයක් නොදැම්මාට අහිතක් හිතන එකක් නෑ කියල හිතනව මිත්‍රයිනි.

රෙදි අයන් කරන ඒව.,.දවල්ට ගෙදර හිටියොත්..මේ අවේලාවෙ වහින වැස්ස ගැන විමසිල්ලෙන් ඉන්න එක..ඇරුනාම..වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ..! ඔහොමයි අප්පා පවුල් ජීවිතේ..!!