Tuesday, June 5, 2012

ගොරක ගහකින් පත බෑවුනෙමි...!

පිලිගැන්වීමේ ලිපිය දාල ටික දවසක් උනා...ගොඩක් අය ඇවිත් තිබුන... ,ගොඩක් ස්තුතියි...!ආපු හැමෝටම..
හිත ඇතුලෙ කතා ගොඩක්  තෙරපුනත් පලවෙනියට දාන කතාව පෙලගස්සවගන්න ලොකු වෙහෙසක් ගන්න උනා. හැමෝම තියපු විශ්වාසය ‍රැක ගන්නත් එපැයි...!


මේ  කතාව වෙලා දැන් අවුරුදු බරගානක් වෙනව.එතකොට මට ඕන්නම් අවුරුදු15ක් වෙනව ඇති.මාත් එක්කම මේකට තව මගේ සහොදරයො දෙන්නකුත් සම්භන්දයි.සහෝදරයො කිව්වට මගේ බාප්ප කෙනෙකුගේ පුතෙක් වුන රෝහිතත්, නැන්දගෙ පුතෙක් වුන බිංදු කියන අය.


මුං දෙන්න මට වැඩිය අවුරුදු තුනක් විතර බාල උනාට මගේ අතීසාර මිත්‍රයො තමයි ඒ දවස් වල . කොයිදේටත් උන්ට මමත්, මට උනුත් නැතිව බැහැ.මේ සෙට් එකේ තව උන් හිටියට මේ කතාවට උන් සම්භන්ද නැහැ. අපි නෑදෑයො ඔක්කොම කිට්‍ටුව පාත ඉන්න නිසා  සෙල්ලම් කරන්න එකතු උනේ ආච්චිලගෙ ගෙදරට.
අපේ ගෙදර තිබුනෙ.., කන්දක් උඩ තිබුන ආච්චිලගෙ ගෙදරට ,පහලින් තිබුන ඉඩමට පහල ඉඩමෙ නිසා අපේ තාත්ත ගෙදර නැති උනොත් අනිවාරෙන්ම උන් අපේ ගෙදරත් එනව.


මෙහෙම තමයි ගොරක ගහේ තියෙන්නෙ.මේදවසවල අවාරෙ..ඒකයි අඩු..


දකුණු පලාතෙ කිව්වට මම ඉන්න හරිය අයිතිවෙන්නෙ...තෙත් කලාපයට  ඉතින් මේපැත්තෙ බොහොම සරුවට හැදෙන සුලුඅපනයන බෝගයක් තියෙනව "ගොරක",කවුරුත් දන්නව ඇති මම හිතන්නෙ.බික්..බික්..ගොඩක් තියෙන්නෙ..කවුරුත් දන්නෙ ව්‍යංජන ඇඹුල් කරන රස කාරකයක් කියලනෙ.
ඒත් අපට නම් මේක රසවත් පලතුරක්........, දැන් කට්ටිය බලයි ඒ කොහොමද කියල,දන්නා ඈයො පොඩ්ඩක් බලා ඉන්න මම කියන්නෙ වෙන කතාවක්.
ඔය ගොරක ගෙඩිය සාමන්‍යයෙන් ලෙදර් බෝලයක් විතර ප්‍රමානයේ වෙනවා. ඕක සාමාන්‍යයෙන් බාගෙට  ඉදීගෙන එනකොට ගොරක ගෙඩිය අතින් තද කරල තලල පලාගන්න පුලුවනි.මේන් ඊට පස්සෙ බැබලි..බැබලි මදය තියෙයි..හරියටම කිව්වොත්,  මැංගුස් කාල ඇතිනෙ ඕන කෙනෙක්, අන්න ඒ මදය වගේ.හැබැයි පාට වෙනස් මැංගුස් මදය සුදුපාටයි.. මදය තමයි කන්නෙ.. හරිම රසයි..මැංගුස් වගේ හැබැයි ඇඹුලයි..!
ගොරකා මෙහේ නම් වර්ග තුනක් තියේ. එකක් "පොල් ගොරකා" ඒව පොල් ගෙඩියක් විතර ඇති,අනෙක "කහ ගොරක" ඒව කහ පාට මං කලින්ම කිව්ව තරමේ ඒව. අනික්වා ඒ තරමේම "රතු ගොරක".මේවායෙ මදය ලා රතු පාටයි, අනික්වා ජාති සියල්ල..කහ පාටයි. ඉතිං ඕව කන්නනම් ගහට නැගලම කඩන්න ඕන. මොකද..බිමට වැටෙනකන් හිටියොත් ඉදිල වැඩී,අනික පනුවො ඉන්න සම්බාවිතාවත් වැඩී බිමට වැ‍ටුනම.


මෙන්න කතාව....  ඉතිං දවසක් ඉස්කෝලෙ ගිහිල්ල ඇවිල්ල ,බත් පිඟානකට එහෙම වග කියල ඉස්මුරුත්තාවෙන් වගේ , මම නින්දත් නොනින්දත් අතර ඉන්න කොට...


"වී අයියේ...වී අයියේ...


අපේ ගෙදර පඩිපෙල පාමුල මේං අරුන් දෙන්නා..බිංදුයි,රෝහිතයි..


"ඇයි..? බං....මම සරම පපුව හරියෙන්ම ඇඳගෙන යනගමන් ඇහුව.සරම පහලින් අඳින්න බැහැනෙ. දන්නෝ දනිති.., ඉතිං ඇයි කාපු ගමන් සරමට බඩ තදවෙන තරම..


"මේ අයියේ බොලාගෙ ගොරක ගහේ ආං ගොරක පිරිල..ලැයිට් දාල වගේ ආච්චිලහට පේනව..!


"ඈ.. ඇත්තෙයි බං යමුද.. කඩන්ට..!මගේ කටට කාපු ගමන් උනත් කෙල උනන්නගත්ත..
අපේ ගෙයට උඩට වෙන්න ලොකු ගලක් තියෙනවා. (ඕකෙ ලොකු ගල්ගේකුත් තියෙනවා..ඉවසල ඉන්න ආයුබොවං පස්සෙ එලකිරිවගේ ඔව්වගේ පෝස්ට් දෙන්නම්..!) ඊටත් උඩින් පොඩි පස් තියෙන ගොඩැල්ලක් ගාවට උඩින් තව ගලක් උඩ තමයි මේ කියන ගොරක ගහ තියෙන්නෙ.පින්තූරය ටිකක් බලල  ඉන්නකො..




මෙන්න මෙතන තැන..ඔය තියෙන්නෙ ගලයි..ගහයි..දෙකම.


දැන් තුන්දෙනත් එක්ක වටෙන් ඔතනට ගියා.උදේ වරුවෙ ටිකක් විතර පොදයක් ගිහිල්ල ගස් කොලන් අලුතින් පොලිශ් කරල වගේ බැබලි බැබලි..තිබුනෙ.


"ඒ බිංදු උඹ නගිනවැයි..? මම ඇහැව්ව..


"රොහිතේ... උඹ නැගපංකො මගේ අත රිදෙනවා..!වෙනද හැමදාම නගින ඌ කියනව..


"සික්... අනේ බං.. 


කියන ගමන් කොට කලිසම කකුල් වලින් උස්සගන්න ගමන් ඌ ගහ යටට ගියා.
ඒ පාර මේං මේකා ගහ බදා ගෙන ඉන්නව විතරයි.. නගින්න බැහැ, කොහොමත් මේ ගහට අතු තිබිච්ච තැන් වල ගැටවලට අඩිය තියල නැතිව නගින්න අමාරුයි..! ඕව ඉතිං දන්නො දනිති තමයි...!
තාම මේකා එහෙමමයි..


"කෝ එහාට වෙයන් .."


දැන් මම වැඩ්ඩාවගේ පෙන්නන්න ලෑස්තිය ගස් නගින හැටි.ඇත්තටම මට පුලුවනි හොඳට ඒදවස් වල ,ඒත් ඉතිං මේජර් වගේ ඉදන් උන්ගෙන් වැඩකරවගත්ත මම.


"මේං බලාගනින් ගස් නගින හැටි..".


මමත් ඒපාර සරම රොල්කරල..අරගෙන කකුල් දෙක අස්සෙන් අරන් අමුඩයක් කාරිය ගහල...එක ගැටේකට අඩිය තියල අනිත් එකට අඩිය තිබ්බ..විතරයි...


"බෘස්.....හම්මේ.......#$%* ##


මගේ අත අතහැරෙනවා විතරයි මට මතක...
මාව බරාස් ගාල..  ගහෙනුත්  වැටිල ගලදිගේ ලෙස්සල ගිහින් පහලටම වැටිල....
මේ ගල දිගේ පහලටම වැ‍ටුන...!


"හම්මේ....මම හිතුව දැන් මාව මැරුනා තමයි..!
උතුර දකුණ  මාරුවෙලා දැන් මට..හිතාගන්න බැහැ මොකක්ද උනේ කියල...


"ඒයි කෝ බං... #$%* ## ...බිංදුවෝ....?


මේං මුන් දෙන්නා කැලේ පොඩිකරගෙන.. දුවනවා..පන එපා කියලා..!


"මල කෙලියයි..දැන් මට නැගිටින්නත් බයයි...කරටියම කැඩිල ඇති කියල..."


කමක් නැහැ. කොයිකටත් කියල.. බැලුවා ඔලුව උස්සල ගහ දිහා... ගත්ත දහිරිය හිතට..
"ඈ...ඔය නැගිට්‍ටුනේ.. කොයිකටත් කියල...ඔලුව,අත් , කකුල් අතගාල බැලුව කිසි ප්‍රශ්ණයක් නැහැ..
ඔය තියෙන්නෙ අපූරුවට අම්ම තාත්ත දුන්න විදියටම...ඒත් ටික වෙලාවක් යනකොට මට පිට පැත්ත අමුත්තක් වගේ දැනුන. මලා..පිටේ පදාසයක්ම හීරිල...දාඩිය දානකොට හොඳටම  විස ගහනවා ඉන්න බැහැ...අරුන් දෙන්න පලාතක නැහැ..මට ඉතිං මල එකේ හොඳම එක. ඒ මදිවට ගහේ සහ ගලේ බැඳිල තිබුන සෙවෙල් ඔක්කොම මගේ ඇඟේයි...සරමෙයි..ගස් ගඳේ බෑ....මොනව කරන්නද..ෂේප් එකේ අම්මට බොරුවක් කියල...බෙහෙත්තෙල් ටිකකුත්  ගාගෙන හවස අරුන් දෙන්න හොයාගෙන ගිහිල්ල..අමුතිත්ත කුනුහරුප දෙකකුත් කියල..හිත සනසගෙන ගෙදර ආව. ඒ ටිකේම නිදිය ගත්තෙත් එකම පැත්තට.සතියක් ඉස්කෝලෙත් ගියේ නැහැ.කමීසයක් අඳින්න බැහැනෙ.



ඒ ගොරක ගහ තාම තියෙනව...පින්තූරයක් දාන්නෙ ඒකනෙ.


කතාව ඉවරයි ..!


බත බුලතින් සරුවේවා...!!

42 comments:

  1. ගොරක මද කෑවට පස්සෙ අරයගෙ ආඩම්බර බලන්ඩ ඕනා නේද ? හැබෑටම එහෙම වෙලා නැද්ද ?

    ආරම්භය හොඳයි.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒගැන නම් මතකයක් නැහැ..
      අඩුපාඩු තියෙනව නම් පෙන්නල දෙන්න..කැමැතතෙන් බාර ගන්නව..!

      Delete
    2. අඩු පාඩු තිබුනොත් පෙන්නන්ඩනම් පුලුවන්, ඒත් සමහරු හිත් අමනාපකම් ඇතිකරගන්නවා එහෙම පෙන්නපුවම. ඒක හින්දා මම දැන් ප්‍රතිපත්තියක් වශයෙන් අඩු පාඩු කියන්නෑ. මමත් හරි කැමතියි මගේ අඩු පාඩු පෙන්වනවට ඒත් මේ බ්ලොග් අවකාශේ අඩුවෙන්ම වෙන දෙයක් තමා ඕක. සමහර විට මම කලින් කියපු හේතුව නිසා වෙන්ඩ ඇති.

      Delete
    3. සෙන්නා ඒකනම් ඇත්ත..හිත රිදෙන්නෙ නැතිවයි කරන්න ඕන..!

      Delete
    4. සෙනා දැන් එකද මගේ අඩු පාඩුත් පෙන්වන්නේ නැත්තේ. දැක්කොත් කියන්න අක්ෂර වින්‍යාසය මට වැඩ සෙනා දන්නවා නේ. ඉදිරියටත් ඉස්සර වගේ උපදෙස් බලාපොරොත්තු වෙමි.

      Delete
    5. මේ ආඩම්බර බලන කතාව මට තේරුනේ නෑ නේ...

      Delete
    6. ලැජ්ජයි.. වගේ.. සෙන්නම කියන්නකො..!

      Delete
    7. "ගොරක මද කෑවට පස්සෙ අරයගෙ ආඩම්බර බලන්ඩ ඕනා නේද ? හැබෑටම එහෙම වෙලා නැද්ද ? "

      ???????????????????????????????????

      Delete
    8. @ ජෝතිශ්්‍යලංකා ,
      උත්තරය දුමී පහල දාල තියෙයි..!

      Delete
  2. කතාව කියවලා අතීතයට ගියා....අපිත් පොඩි කාලෙ කෑව පලතුරක්..
    දෑන්නම් බලන්නෙවත් නෑ..දත් සැට් එක හිරි වැටෙනවා.....
    තව තවත් රසවත් කතා ගෙන එන්න.....ඔබට මගේ සුභ පැතුම්.....

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නෙ තව රස බලපු..අය..ඇත්ත..ඔයා හරියටම හරි..ගොරක කිරිවලට දත්ටික හිරිවැටෙනවා..
      මේ ඔයත් දකුන පැත්තෙද...?

      Delete
  3. ගොරකා මමත් කාලා තියෙනවා කහට ගතිය වැඩියි නේද ?
    ඇති ඔයිං ගියා අතක් පයක් නොකැඩී ....

    ReplyDelete
    Replies
    1. කහට තියෙන්නෙ.කිරිවල.,හොඳට ඉදුනම..ඒ ගතිය අඩුයි.
      ටික දවසක් යනකන් පිටයි..පස්ස පැත්තයි..හොඳටම රිදුන.
      ස්තුතියි ආවාට..!

      Delete
  4. හොදවැඩෙ තොට... :-)
    මමත් එකම එක දවසක් කෑවා. අයෙ නං නොකමි

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අහ්...! හොඳ වැඩේ නේන්නම්..
      රාජ සම්පත් වගේද..ර්රජ තුමනි..!..ගොරක ලොඳ..!

      Delete
  5. අම්මපා කටට කෙල උනනව..ඔකේ මද ඉදුනම පට්ට රහයිනේව..ඇදිරි වැටුනට පස්සේ ගොරොක් ගස්යට ඉන්ට එපා කියල අපේ වැඩිහිටියො කිව්වට අපිට වඩා මළපෙරෙතයො කොහේද බං පොඩි කාලේ පුල් ආතල් නේව...

    ReplyDelete
    Replies
    1. ඔව්..රාජ් ඇත්තටම..!දැන් ලමයින්ට වගේ නෙවේ ඒකාලෙ අපට කොච්චර නිදහස තිබුනද..? ස්තුතියි..ගොඩවැදුනාට.

      Delete
  6. අකුරු ටිකක් පොඩ්යි බන් ලොකු කරපන් කියවන්න කම්මැලියි එතකොට.

    ReplyDelete
    Replies
    1. ටැංකු..ටැංකු..කිව්වාට..ඕං කොලා..(ටිකක් පරක්කු උනා)

      Delete
    2. අද නැකැත් දවසක්නෙ... වැඩ වැඩියි.

      Delete
  7. ඔන්න මාත් ගොඩ වැදුනා වී..දිගටම ලියන්න සුබ පතනවා.

    මම ත් අහලා තියෙනව ගොරකා රසයි කියලා මට තාත්තා තමා කිව්වේ..වැඩිය කැවම බඩේ අමාරුත් හැදෙනවලු..අප්පේ ඔය වලහා ආවම දුවලා යන යාලුවෝනේ අනේ හෙහේ..පව් බය හිතෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..! "නිම්ශා"..ලස්සන නමක් නේද..!
      ඔව් ගොඩක් පලතුරු ජාති එහෙම තමයි..,
      උන් දෙන්නා බය වෙලා මම වැ‍ටුනු විදියට..මට වඩා අවු:3ක් විතර බාලයි ,පොඩි උන්නෙ.

      Delete
  8. ඔයවගේ යාලුවොන්ව ආශ්‍ර කරනං එපා. දැක්ක නේ ඊට වඩා ලොකු දෙයක් වුනානම් උඹ ඉතිං එතනමයි නේ.

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල කරපු වැඩවල බැ‍රැරුම්කම දැන් තමයි තේරෙන්නෙ..!උන් පොඩි උන්නෙ ..!. තාම හම්බු උනාම අපිට ඕක මතක් වෙනව.උන් දෙන්නම කියන්නෙ අනිත් එක්කෙනා දුවපු නිසා තමනුත් දිව්වා කියල.

      ස්තුතියි.. මේ පැත්තෙ ආවාට..!

      Delete
  9. අතනින් පල්ලෙහාට වැටිලා ඔහොම ඉතුරු උනානම් ඇති...අපේ ලොකු අම්මලාගේ ගෙදර තිබුණා රතු ගොරක ගහක්. හරිම ලස්සනයි බල්බ් දාලා වගේ තමා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම..දැනටත්.. ඒක මගේ හිතේ තියෙනවා,"කොහොමද..මම බේරුනේ" කියල.ඒකයි මුලින්ම බ්ලොගේ ලියවුනේ.අනිත් එක ඉස්සර බීපු මව් කිරිවල වෙනසක් ද..? මංදා..ඒකාලෙ ලමයින්ට අනතුරු අඩුයි.දැන් කාලෙ ලමයෙක් වැ‍ටුනනම් කොහොම තියෙයිද?..

      රතු ගොරක ලොඳ තමයි රසම .,දැන් ලමයින්ට ඕව අල්ලන්නවත් දෙනවද...? ඇත්තටම අපිට ප්‍රතිශක්තිය ලැබුනෙ ඕවයින් තමයි.
      ස්තුතියි..සයුරි.. මේ පැත්තෙ ආවාට..!

      Delete
  10. මේ පැත්තෙ අද තමයි ඉස්සෙල්ලාම ආවේ ඕං...! ඔයින් ගියා මදැයි....!

    මටත් මතක් උනා නෙව පොඩි කාලේ ඉදිච්ච ගොරකා කෑව හැටි...! අපේ ගම මතුගම, එහේ ගොඩක්ම තිබුනේ රතු ගොරකා.....! ලුණු ටිකක් දාගෙන කන තරං සොමියක් කොහේද තව.....!

    ඔව් ඔව්, අර කිව්වත් වගේ උදේට ටිකක් අමාරුයි තමයි වැඩේට...! ඒක නිසා ඕවා කනවට අම්මලා එහෙම එච්චර මනාපයක් නැහැ නොවැ....!

    ReplyDelete
    Replies
    1. හරිම සතු‍ටුයි...! දුමී වාගෙ කෙනෙක්.., අපි වාගේ අලුත් අහකට ගොඩවැදුනට..
      මම නිතර ගොඩවැදුනු තැනක්.."කටකහන කතා" පැත්තේ.(මම තාම අලුත් එකානෙ.)
      හි..හි.. ඔය ඉන්නෙ ගොරක වල රස බලපු..තවත් අය..,
      "සයුරිට" උත්තරේ මෙන්න....!
      ඒ වුනාට,ගොරක කිරිවල විශේෂ ගුනයක් තියෙනවා කියල අපේ ආච්චි කෙනෙක් කිව්ව.ඉස්සර.ගොරක කිරි රත් කරල යටිපතුල් වල සුවනොවන තුවාලවලට තියනවා..හරි ගුනයි..!

      Delete
    2. ඒ අමාරුව ඉවසත ඇහැකි බං... ඉවසන්න බැරි කෑව දාට පහුවෙනිද උදේ නැගිටිද්දි... ඇස් ඇරගන්න බෑ දැවිල්ලයි.. ලුණු මිරිස් දාපු කෑමක් කන්න බෑ කට පැලිලා... ඌශ්ණෙට... හෆෝ ආයේනම් එපා කියල හිටියට පොඩ්ඩක් අඩුවෙච්ච ගමන් ආයෙත් ගොරොක් ගහක

      Delete
    3. ගොරකා,රඹුටන්,ඩොංකා,මැංගුස්,අඹ මේ හැම පලතුරක්ම ඌශ්ණයි බං....ඒකට හරියන්න දවසට තුන්,හතර පාර නානව . :)

      Delete
  11. ඔන්න මමත් ගොඩවැදුන වී පොකුර පැත්තට...

    පුංචි කාලෙ අපෙ අම්මලාගෙ කෑමක් කියල අම්මලාගෙ රසකථා අහුවට පස්සෙ මටත් ඔය රස කෑම කන්න වරමක් ලැබුණා..අඹුල් රසත් එක්ක එද්දි ඒක කියන්න වචන නෑ.හොදට ඉදුණම හරිම රසයි..කොහොම නමුත් ඔයින් ගියා ඇති.මොනව වුනත් අපූරු යාළුවො දෙන්න.හොද වැඩකට හවුල් කරගන්නනම් නියමයි.

    ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගියෝ.. සොයාගෙනම ආවාට...!
      හපොයි..!!.ඔයවගේ වැඩයැ වෙලා තියෙන්නෙ.පස්සෙ ඒවත් ලියන්නම්කො..
      තව එකක් මට කලින් අයටත් කියන්න බැරි උනා..ගොරක දලු රතු පාටයි ලාම දලු..මාර රහයි..ඇඹුලත් එක්ක දත් හිරිවැටෙනවා කියනකොටත්..!

      Delete
  12. මමත් ආවා වීපොකුර බලන්න...ගොරකා රස පලතුරක් කියලා නම් දන්නවා..ඒත් කන්න ඔච්චර අමාරුයි කියල නම් දන්නේ නෑ..රස කතාවක්..තවත් ලස්සනට රස කතා ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..! සිතූ....
      අමාරුයි නෑ අනේ..,.හරි ලේසියි...ඔය ගස් එච්චර ලොකු නෑ..පහත ඉඳන් අතු තියෙනවා..! ගියා කැඩුවා.. කෑවා.. උඩ තියෙන ඒව කඩන්න තමයි ගස් නගින්නෙ....!

      Delete
  13. ඇතියන්තම් වී පොකුර කිරි වැදිලා.. කලින් පුස් කරල්නේ තිබ්බේ.... සුභ පැතුම්!!!

    වී උබ දන්නවද ගොරොක් අතු කඩාගෙන වැටෙන්නේ මොකාද කියලා........ ?

    ගරා යකා....

    ඕන් මං උබට ගරා යකා කියල කිව්වම නෙවෙයි... ඔන්න කට්ටිය වීට ගරා යකා කියල කියන්න එපා හොඳේ

    ReplyDelete
  14. බොහොම ස්තුතියි..මීගොඩයා..මේ පැත්තෙ ආවාට....
    ගොයම් වලට කිරිවදින්න කලින් ,හීන්බංඩි,මහබංඩි නෙ. කිරිවැදුනහම තමයි...වී වෙන්නෙ..

    අනේ බං මාව එච්චර උඩ ඉදල අතු කඩාගෙන නොවේ වැ‍ටුනෙ.ගහට නගින්න හැදුව විතරයි...! උඩ ඉඳල වැ‍ටුන නම්...සොරිම තමා...
    ආයෙත් එන්ඩෝ....

    ReplyDelete
  15. නපුරු කලට වට් ටු ඩූ :D

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ ඒ ගැන...:)
      ස්තුතියි හසී...!! මේ පැත්තෙ ආවාට.. ආයිත් එන්න...!

      Delete
  16. ගොරක ගස්යට ඇත්තටම අමුතු ගඳයි.... ඒවගේම කරුවලයි...බය හිතෙනව..තමා...! ස්තුතියි..මේ පැත්තට ආවාට.

    ReplyDelete
  17. යකෙක් වත් ගැහුවද අයියේ..?? ;)
    මාත් පොඩි කාලේ ගොරක කාලා තියෙනවා.මැන්ගුස්‌ වගේ කියලනම් මතකයි.ඒත් රහ මතක නෑ..

    ReplyDelete
    Replies
    1. අපිට වඩා යක්කු ඉන්නවද නංගියේ...!!!!

      Delete
  18. ගොරක මද රසවත් කෑමක්. මාත් ඒ දවස් වල ගස් බඩගාලා කාල තියනවා. දවසක් වෙරළු ගහකින් නම් පත බෑවුනා මමත්. :)

    ලොකු අනතුරක් නැතුව බේරුණු එක මදැයි බං.

    ReplyDelete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...