Monday, July 23, 2012

රූපවාහිනියේ මුතුහරට ගිය පුංචි අපි..!






වේගයෙන් හරිම හදිස්සියෙන් යන බස් එකේ පැතිවීදුරුවෙන් එන සීතල හුලඟට මාව ඇහැරුනා.දිග සීට් එකේ අපි තුන්දෙනෙක් ඉන්නව. කොනේම ජනක,ඊලඟට මම,මට එහාපැත්තෙ පුන්චි මල්ලියෙක් හිටිය අපිට වඩා බාල මටනම මතක නැහැ, හොඳටම නින්ද ගිහිල්ල ඔලුව මගේ පිටට හේත්තුවෙලා ඒත් ගානක් නෑ.මටත් හොඳටම නින්ද ගිහිල්ල තිබුනෙ. කටේ කුනුකෙලත් එක්ක මම කට ඇරගෙන ජනේලෙන් එබෙන්න වගේ එලියෙ පේන සුරපුරයක් වගේ උසබිල්ඩින් ,නානාප්‍රකාර වාහන දිහෑ බලාගෙන යනව.ඔන්න එතකොට ජනකටත් ඇහෑරුනා.අත්දෙකෙන්ම මූන පොඩිකරල ඇස්වල කබකඩලා අලුත්ම කමීසෙ උලාගත්ත. ඒත් මට මොකෝ...එයත් මම වගේම කට ඇරගෙන වීදුරුවෙන් එලිය බලාගෙන යනව.වේගෙන් ගිය බස් එකේ ඉස්සරහ ඉඳල ගාමිණි අය්ය අමාරුවෙන් වැටි වැටි වගේ සීට්වල  හයිකරල තියෙන පොලු එකින් එක අල්ලගෙන ඇවිල්ල.
" මල්ලිල දැන් බහින තැන කිට්‍ටුයි බෑග් එහෙම ලෑස්තිකරගන්න". කියල බෙරිහන් දීලවගේ කිව්ව.
ජනේලෙන් ඈතබලාගෙන හිටපු අපිට  හරියට ඇහුනෙ නැහැ කියල තේරුනනිසා ,නැවතත් ඊටවඩා හය්යෙන් කීව එතකොට තමය් ගැස්සිල වගේ අපිට ඇහුනෙ.
උන්හිටිතැන් අමතක වෙලාවගේ අපි දඩිබිඩි ගාල අනික් සීට් වල හිටිය අයත් පෙරලගෙන පිටිපස්සෙ දොර‍ටුව ගාවට තල්ලුවෙලා වගේ ගියා. ඊටපස්සෙ අනික් අයත් ආව,
මහා බස් ගොඩකුයි..තවත් නම් නොදන්න වාහන කන්දරාවකුය්..ත්‍රීරෝද ගොඩකුය්.. එක හුස්මට නවත්තගෙන ඉන්න හංදියක් පහු උනගමන් අපි බස් එකෙන් බැස්ස. ගාමිනි අය්ය හැමෝගෙම මූනුවලට එබිලබලල ...
"හැමෝම ඉන්නවනෙ...දැන් අර අතන තියෙන හෝලට් එකට යන්" කියල කිව්ව.
අපිට ඒව ඇහුනෙ හීනෙන් වගේ...!
"මේ කොහෙද බං...."
ජනකය මගෙන් අහනව...
"දන්නෑ ..අර බෝඩ් එකේ බම්බලපිටිය කියල නම් ලියල තියෙනව"
ඔන්න එතකොටම මහ හය්යෙන් හෝන් ගහගෙන තරගයට වගේ බස් එකක් ආව.
"හා...හා ..ඉකමනට නගින්න.." 
අය්ය කියනව. ඒ බස් එකනම් අරවගේ නෑ හරිම නිවුන වගේ කලබලයක් නැතිව යනන ගත්ත.  තුම්මංහන්දි පහුකරල.., මහ දැවැන්ත රූස්ස ගස් යටින් යන්න පටන් ගත්ත..දැන් හරිම කුතුහලේ..!
"මේ කොහේද බං...! කැලේක යනව වගේනේ."
කකුල් දෙකෙන් පහත් වෙලා නැමිල වගේ වීදුරුවෙන් එලියෙ උඩ බලන ගමන් ජනක අහනව.
"කොලඹ කියන්නෙ කොන්ක්‍රීට් වනන්තරයක් කියල කව්ද බං කිව්වේ".
මමත් නිකං හෝන්දුමාන්දුවෙලා වගේමොනවහරි කියන්න  ඕන නිසා කියනව
"හා ලමයි ඔක්කොම බහින්න දැන්.."
ගාමිනි අය්යගෙ කටහඬ හරිම ප්‍රානවත්වෙලා..ඔන්න බස් එකෙන් බැහැල  ටික දුරක් ගිහිල්ල සෑහෙන ගේමක් දීල පාර මාරුවෙලා  ලොකු ගේට්‍ටුවක් ගාව නැවතුනා..එක දිගට විහිදුන තාප්පෙ ලස්සන චිත්‍ර ඇඳල තිබුන. ඊට පස්සෙ ගාමිනි අය්ය අපිව පැත්තකින් නවත්තල ලොකුගේට්‍ටුවෙ පැත්තක තිබුන පුන්චි කටක් වගේ කුඩා ගේට්‍ටුවෙන් ඇතුලු උනා. ටිකකින් ඔලුව දාල අපිට කතාකලා. හැමෝම බයවෙලා වගේ ගියා.සිකුරිටි අංකල් කෙනෙක් ඇවිල්ල හැමෝගෙම මූනදිහා බලාගෙන ගිහිල්ල පෝලිමට ඉන්න කිව්ව.ඊට පස්සෙ කොලයක ටයිප් කරපු නම් බලබලා..නම් අහල හරි දැම්මා..
දැන් යන්න... කීවගමන් අපි යන්න ගත්ත. ගාමිනි අය්ය ඉස්සරහම...ඊලඟට සඳමාලි,ලක්මාලි,ලසන්තා ,තවත් ගැහැනු ලමයි කීපදෙනෙක් සහ ජනක,අනිත් මල්ලිත් මමත්...එකා පසුපස එකා යනව..බිමට ගල්වගයක් අල්ලල දෙපැත්තෙ විවිධ මල් වර්ග හිටවලා,ලස්සනට කප්පාදුකරල. එකසැරයක් දැක්කම ආයිත් බලන්න තරම් ආසා හිතෙන වටපිටාවක්. පොඩි පඩිපේලියක් නැග්ගගමන් ලොකු වීදුරු දොරක් ගාව ආයිත් සිකුරිටි එක්කෙනෙක් , එත් අපි එයාගාවට ගියේ නෑ..ඊට ටිකක් එහායින් ඉන්න ලස්සන සීදේවි හිනාවකින් නිතරම මූන පුරෝගෙන ඉන්න අක්ක කෙනෙක් ගාවට ගියා එයා ලස්සනට හිනාවෙලා ආචාර කරල බොස්ගෙඩියක් වෙන්න ගැටගහල තියෙන කොන්ඩේ පේන්න ඔලුවපහත් කරල මේසෙ උඩතියෙන කොලයක් බලල..දුරකතනය ඔබන ගමන් අපිට ලොකු සෝපාවක් පෙන්නල වාඩිවෙන්න කීව. අපි හොල්මන් වෙලාබලාඉන්නව...
ටිකකින් ඉබේම වගේ වාඩිඋනා අම්මෝ බුරිය ගාවටම එරිච්ච නිසා ගෑනු ලමයි ටික ලැජ්ජාවෙන් ගවුම් හද..හද වාඩි උනාට වඩා ඉක්මනින්නැගිට්ට.
ටික වෙලාවක් ගෙවිල ගියා..හැම තැනමබිත්තිවල ටී.වී හයි කරල..හැම එකකම එකම වැඩසටහන යනව අපිකට ඇරගෙන බලාඉන්නව...දැන් උදේ 9ත් පහුවෙලා කිසිකෙනෙකුට බඩගින්නක්වත් නෑ.ඔහේ බලාඉන්නව.
මෙන්න එත්කොට අපිට දැකල පුරුදු මූනු එහා මෙහා යනව...එකෙක්කෙනා, එක..එක අයව අඳුරගෙන මමත් අඳුර ගත්තා එක්කෙනෙක්.."පරාක්‍රම නිරිඇල්ල මහත්මයා" බොහොම සන්සුන් ගමනින් අපිව පියමංකරගෙන යනව ඇරිච්චකට වහගන්න අමතකවෙලා වගේ මමබලාගෙන ඉන්නකොට කව්ද ..සීදේවි නැන්දා කෙනෙක් ඇවිල්ල අපිව කාමරයකට එක්කගිහින් අපිට වඩා වැඩිමහල් අය්යල අක්කල ටිකකට බාරදුන්න. එක්කෙනෙකුට එක්කෙනෙක් වගේ ඇවිල්ල අපිව සම්මුඛපරීක්ෂනයකට ලක්කලා. ඒගොල්ලො හරි ආඩම්බරකාරයො කියල හිතුවත් එහෙම උනත් ඒගොල්ලො අපේ හිතේ තිබ්බ බය නැතිකලා.
ජනකට තිබුනෙ චිත්‍රයක් නිර්මාණය කරන්න.සඳමාලි ඇතුලු පිරිසට භක්තිගීතයක් ගායනාකරන්න. ලක්මාලි ප්‍රවුර්තියක් ලියන්න,මට ප්‍රවුර්තියක් නිවේදනය කරන්න. මේ හැම එකකටම ඒකාලෙ අපේ දිහාවෙ හිටිය දක්ෂමයො ටික තමයි මේ අය.අපි හැමෝම තොරගත්තෙ දහම් පාසල් වලින් තරඟ තියල ..ඒ වගේම අපිව මුතුහර ලමාසමාජයක් පිහි‍ටුවල මේකටයුත්ත ඉෂ්ට කිරීමේ භාරදූර කටයුත්ත ඉ‍ටුකලේ ගාමිනි අය්ය. ඔහු ඒ දවස් වල ජාතික රූපවාහිනියෙ සහාය අධ්‍යක්ෂවරයකු වන්න පුහුනු වෙවී හිටියෙ.
අපේ බය සැක එහෙම ඇරල අපිගෙනාපු ඇදුම් අන්දවගෙන පුන්චිම දොරකින් ඇතුලට එක්කන්ගියා අම්මෝ සීතල..නිකං අයිස් පෙට්ටියකට දැම්ම වගේ උනා.
ඒ මදිවට හැමපැත්තෙම කන්නාඩි හයිකරල.....කොහේද මේ කියල හිතන්නවත් හම්බු උනේ නැහැ..මෙන්න නැන්ද කෙනෙක් හිනාවෙවී ඇවිල්ල
"කොහොමද පුතා කොහේ ඉඳලද ආවේ..."
කියල අහන ගමන් මොකක්ද පෙට්ටියක් වගේ එකක ඇරල...පුලුන් කෑල්ලකට මොනවද අරන් මූන පුරාඅත් එහෙට මෙහෙට දුවවල..ඔලුවත් පීරල හරි පුතා යන්න කියල ඊලඟ එක්කෙනා ගත්ත. ඔක්කොම ඉවර උනාම ආයිත් අය්යල දෙන්නෙක් ඇවිල්ල තව ලොකුම ලොකු කාමරයකට එක්කන් ගියා හරි විශාලයි ඒ වගේම හිස්,  දෙන්නෙක් විතරක් පු‍ටු තියාගෙන හිටියා. පස්සෙ අර මුලින්ම අපිව බලන්න ආපු  නැන්දා ඇවිල්ල එගොල්ලන්ව හඳුන්වන්න ගත්ත.බලන කොට ඒ නැන්ද තමයි මුතුහර වැඩසටහන හරිම කැපවීමෙන් උත්සාහයෙන් නිශ්පාදනය කරල අධ්‍යක්ෂණය කරන්නෙත්...


මේ සියල්ල සිදුවන්නෙ..1989හෝ 1990 විතර කාලෙ. දහම් පාසල් බඩේ බැදගෙන වගේ කරපුකාලෙ ඒ දහම් පාසල් ජීවිතය නිසා ලැබුනු අවස්තාවක් තමා මේකත්.


තව ටිකකින් මහා සැර ලයිට් වගයක් ගැහැව්ව අම්මෝ..ඇස් නිලංකාරවෙලා ගියා..මෙන්න ඒ විදුලි ලාම්පු වහල දිගේ පහලට එනව මහා යකඩ බාල්කෙක එල්ලලම බය උනත් එක්ක.


ටිකකින් මාමල වගයක්....අඩුවැඩිය මහගොඩක් ගෙනල්ල කාමරය ඇතුලෙ මොනවද හැදුව. මේ කාමරයට කියන්නෙ "ස්‍ටුඩියෝ"
එක කියල අර නැන්දා මුලින්ම අපිට කියල දුන්න.
මාව නිවේදකයෙක් විදියට  මගේ කොටස මෙහෙමය් කියල නැන්දා පහදල දුන්නට මෙන්න බොලෙ එකසැරේට අපිට කියල දෙන්න ආපු අය්ය කෙනෙක් නිවේදකය උනා .
මුලින්ම භක්තිගීතය ...ඉවර උනා ඊලඟට මට,  අර වාදක කන්ඩායම් වල ශිල්පියො අඳින්නෙ, අන්න ඒවගේ ශර්ට් එක ඇඳල මුලින් මාමල වගයක් හදපු කොටයක් වගේඑක උඩ වාඩිවෙලා ලක්මාලි නංගි ලියපු ලිපියක් කියවන්න උනා. පුංචි රිහල්සල් ඒකකට පස්සෙ පටිගතකිරීම


කට්...! මගේ කොටස ඉවරයි...
"හොඳයි පුතා හොඳට කලා..! 
අර නැන්දා කිව්ව..!අපි හැමෝම එලියට ආව . හැමෝම සතුටින්. ගාමිනි අය්ය කොහේද් ඉඳල ඇවිල්ල
"ඉන්න මම මේක විකාශය වන දිනය අහන් එන්නම් 
කියල කොහේද ගියා...අපි අපේ කච කචේ.පටන්ගත්ත ..අරයට මෙහෙම උනා ..අරහෙම උනා..එක එක කතාව..!


සියලුදෙනාම ගම් බලා පිටත් උනා..ඒ පාර බස් නෑ හැමෝම බය වෙලා..අන්තිමට කිට්‍ටුව නගරයට යන බස් එකක ඇවිල්ල කිලෝමීටර12ක්පයින් ඇවිල්ල තමය් ගමට ආවෙ.හැමෝටම පාන්කියාගන්න බෑ...!
දැන් වැඩසටහන යන දවසට දහම් පාසලේ තඩි ටී.වී එකක් හාමුදුරුවො කාගෙන්ද ඉල්ලගෙන ඇවිල්ල බණ ශාලාවෙ තියල තිබුන. මැදැයි..කොලා..!
එදා අපේ වැඩ සටහන නෙවේ ගියේ වස ලැජ්ජාව..!!!
හාමුදුරුවන්ටහොදටම කේන්ති ගිහිල්ල..!ගත්තා කෝල් එකක්....
අනේ සමාවෙන්න අපි ඊලඟ සතියේ විකාශය කරනව. එහෙන් පිලිතුරු.
අපි හිත හදාගෙන ගෙදර ගියා..වෙලාවට මමකාටවත් ඉස්කෝලෙ යාලුවන්ටවත් කිව්වේ නැහැ මෙහෙම් එකක් තියෙනව කියල.කියල තිබුන නම් කලිසම් ඇඳගෙන ඉස්කෝලෙ යන්න බැරිවෙනව. හැබැය් ඊලඟ සතියෙ විකාශය උනා..සංස්කරනයවෙලා හැම එකකින්ම ටිකටික තමයි ගියේ ඒත් ඒක හරි ලස්සනට ගියා..හරි ආඩම්බරය් හැමෝටම.
පස්සෙන්ද ඉස්කෝලෙට ගිය ගමන් ගැහැනු ලමය් ටිකක් වටකරගත්ත මාව, එක්කෙනෙක් දැකල හැමෝටම කියල, අපේපන්තියෙ ලමය්..මේ අය රටේ ප්‍රශ්ණ අහනව...මමනෙ දන්නෙ කාපු කට්ට...මමත් ඉතිං ශේප් නියායෙන් හිටිය.


************************************************************************
154  බස් එකේ මම අයිනෙ සීට් එකේ වාඩිවෙලා ඉන්නව...!හිමින් සැරේ යන බස් එක එහෙන් මෙහෙන් ගිහිල්ල රූපවාහිනිය  ලඟ නවත්වනව ,මමත් බැහැගන්නව..ඔහොම ඉස්සරහට යනකොට  බී.එම්.අයි.සී.එච්. එක තියෙනව ඒක හමුවෙනකන් මම වටපිට බලබලායනව. ඒ දවස් වලට වඩා මොනවද දැන් වෙනස්වෙලා තියෙන්නෙ....
ගොඩනැගිලි.....එකදිගට යන වාහන,කාපට් කරපු පාර අතුටික කපල දාපු මාර ගස්,මැරිච්ච් නිසා(තාර වලට) උගුල්ලපු තඩි මාර හා මැයි ගස් වල සලකුනු විතරක් ඉතිරිකරල ...ඒත් තාප්පය දකිනකොටම මට ඒකාලෙයි මේ කාලෙය් අතර ලොකුවෙනසක් දකින්න නැහැ.අවුරුදු කීයක් නම් ගෙවිලද..?  අවුරුද්දකට සැරයක් වත් ඔතනින් යන මට හිතෙන්නෙ එහෙමයි...!අතීතයේ දෙව්ලොව යන සතුටකින් ආපු මතකයන් යලි යලි මතක් වෙනකොට තමය් මෙහෙම ලියන්න හිතුනෙ.




ප/ලි.... ඒ කාලෙ ඔය ගිය අයගෙන් ගොඩක් අය හමුවෙන්නෙ නැතිතරම්  ජනක විතරයි හමුවෙන්නෙ.සඳමාලි අමරිකාවෙ ,අනික් අය කොහේද දන්නෙ නැහැ. එක්කෙනෙක්වත් ඔය සහභාගිඋන ඒවා නෙවේ දැන් කරන්නෙ. වෙනම ක්ෂේත්‍ර වල ‍රැකියාවන් කරන්නෙ.

Monday, July 16, 2012

පිස්සු පූසා කාටූනය හා අපේ ළමයි..!


ලොකූ...ලොකූ... කෝ නැගිටින්න...! මෙන්න පිස්සු පූසා කා‍ටුන් එක යනවා..!
වෙනදා ඇහැරවන්න කිහිපවරක් උත්සාහ කලයුතු උවත් ඉරිදා දිනට එලෙස නැත. එක් ආමන්ත්‍රණයකින්ම ඉද්දගැසුවාක් මෙන් ඇඳේ වාඩිවන ලොකූ කඩිමුඩියේ ඇ‍ඳෙන් බැස නවතින්නේ....රූපවාහිනිය ලඟයි. මේ අවුරුද්දේ ඉස්කොලෙ යාමට පටන් ගත් ඇය ගැන පුදුම වියයුතු නැත එහෙත්,අපේ පොඩ්ඩී තවම දෙහැවිරිදිය.අක්කාට කතාකලවිට ඇයද අවදිවෙයි..


"පිෂු...පූආ....!"


කියමින් අක්කාට දෙවෙනි නොවී ඇයද නවතින්නේ කෙලින්ම රූපවාහිනිය ලඟයි. ඉන් අනතුරුව හිකි....හිකි... ගාමින් හිනාවීමත් , මහ  හඬනගමින් හිනාවීමත් ඔවුන්ටම ආවේනිකය. උදෑසන 7 ට ජාතික රූපවාහිනිය ලඟ ලංකාවේ බහුතරයක් කුඩා ලමයින් සිටිනවාට සැකයක් නැත. පිස්සුපූසා කා‍ටුන් එක ඒ තරම්ම ජනප්‍රිය බවට අ‍ටුවා ටීකා අනවශ්‍ය වේ..! කුඩා ලමයින්ගේ මනසට ගෝචර වන අයුරින් හා ලමයින්ගේ සිත් ඇඳ බැඳ තබාගන්නට තරම් මෙහි ඇති විශේෂත්වය කුමක් දැයි...එක එල්ලේ යමක් කීමට අපහසුය.නමුත් මේ කා‍ටුන් සිංහලට හඬකැවීමේ  මූලිකයන් උනු ටයිටස් තොටවත්තයන් හා එතුමන්ගේ සහායකයින්ගේ අතිමහත් කැපවීමත්, හඬ කැවූශිල්පීන්ගේ ඇදහිය නොහැකි දක්ෂතාවයත් මේ සියල්ලටම හේතු වන්නට ඇත.

** ** ** **


පලමුවෙන්ම ජාතික රූපවාහිනියේ පිස්සුපූසා , දොස්තර හොඳහිත , හා හා හරිහාවා  කා‍ටුන් විකාශනය වන කාලයයි....! අවුරුද්ද මාහට මතක නැත.  80 දශකයේ අගභාගයේ වියයුතුය. 


අපි ඉතා කෙලිලොල් වයසේ සිටියවුන් බව කිවයුතුය.  ඒ කාලයේ  අපේ ගෙවල් ඇති ප්‍රදේශයට විදුලිය නැත. එනිසා ටී.වී නැත. නමුත් අපේ ආච්චිලාගේ ගෙවල් වලට තවත් උඩින්ම ලක්ෂ්මන් අයියලාගේ නිවස පිහිටා තිබුනි.
 ඒ නිවස පිහිටි තැනද ඉතා අලංකාරය අප නිවස  පි‍ටුපසින් දිවෙන කඳුගැටය මුදුනේම ඔවුන්ගේ නිවස පිහිටා තිබුනි. හතර වටින්ම හුළඟ හමා ඒමත්, හතර වටේටම ඈත දර්ශණය වීමත් ,එම කුඩා නිවසේ සුන්දරත්වය වැඩිකල බව මතකයට ඒ.
 එම නිවසේ කලුසුදු අඟල් 14 ටී.වී එකක් තිබුනි. එය වැඩකලේ 12 වෝල්ට්ස් බැටරියකිනි. එය ඒකාලයේ හැටියට සුකෝපභෝගී භාණ්ඩයකි. ලක්ෂ්මන් අය්යාගේ බිරිඳ රට ‍රැකියාවට ගොස් එනවිට ‍රැගෙන ආවකි. චාජ් කිරීම සඳහා අර මහාකන්දේ සිට කුලීකරුවකු ලවා කරතබාගෙන යාමත්,ආපසු ‍රැගෙන ඒමත් ලෙහෙසි පහසු රාජකාරියක් නොවේ.එහෙත් කුඩා අපි ගියසැනින් ආසාවනේ බලන්නැයි කියා මහත් උජාරුවෙන් අපට ඔන් කරදීම අපටනම් සතුටට කාරනයක් විය.


අපේ නැන්දා ගේ පුතුන් වන..උකුං,බිංදු හා බප්පලාගේ පුතුන් වුන...හිච්චි මල්ලි.නේනිෂ,රෝහිත , පාරෙඋකුං..ආදී සෙල්ලම් කිරීමට ආච්චිලාගේ ගෙදරට එකතු උන සියල්ලෝම මහා රාජකාරියක් ඇරඹීමට යන්නාක් මෙන් සෙනසුරාදා දිනයේ පෙලගැසෙති.
පිස්සු පුසාට අපි වශීවීමට කාරනයක් වූවේ පූසාට හඬකවන ශිල්පියාගේ දක්ෂතාවයටයි..  "පට්...ටා...න් ගනිල්ලා.." නිතරම අපේ මුවඟ ‍රැඳි වචනයකි.ඉතාමත් දුර්ලභ කටහඬක් හිමි එම ශිල්පියාගේ නම අමතකය..(මෙය කියවන ඔබ මතක් කරදෙන්නේ නම් මැනවි.) මාලු කට්ටා..,පුරුපුරු...,උපාසක...ඥාව්වා.. මේ නම් ශබ්ද කරන විදිය හරිම අපූරුයි..අපට මනසේ තාමත් තැම්පත්වී ඇත්තේ ඒනිසයි. මේ කා‍ටුන් බලා එදිනට අපට නින්දයන්නෙත් නැත...අනුකරනය කරමින්, රඟපාමින්, මුලු සති අන්තයම ගෙවේ...! 


මේ කාලයේ මෙන් ටියුෂන් පිස්සුවක් නොතිබූ නිසා අපට සිත්සේ මේවා නැරඹීමට ,රසවිඳීමට කාලය තිබුනි.


එහෙත් අපේ දරුවන් දැන් ඒවා නරඹන විටත්,... මාත්, වීපොකුරිත්, පොඩි එවුන්සේ නැවතත් නරඹා සතු‍ටුවෙමු..! ලමාකාලය ලමයින්ට උරුමය. මේ රසවත් කතා බලා ඒකාලයේ අපි කෙතරම් සතු‍ටු උනාද ..? අපි දැන් ලෝභනැතිව අපේ දරුවන්ටත් ඒසතුට ලබාගන්නට ඉඩදිය යුතුබව මගේ හැඟීමයි. 
හැබැයි ...!ඒ ‍තෝරාබේරා ගැනීමකින් අනතුරුව වියයුතුය. හේතුව තරඟකාරීලෙස රූපවාහිනී චැනල් හතුපිපෙන්නාක් මෙන් ඇතිවී ඇතිනිසාය. 



ප/ලි....ජාතික රූපවාහිනියට මෙවැනි වැඩසටහන් ඉදිරිපත්කිරීම පිලිබඳව ස්තුතිවියයුතුය.
පින්තූර සියල්ල අන්තර්ජාලයෙනි.

Wednesday, July 4, 2012

මීරිගමයි,මීගමුවයි , කෝච්චි දෙක මාරුවෙලා වුන හදියක්...!

මේ සිද්ධිය වෙලා දැනට අවුරුදු ගානක් වෙනව . මට මතක හැටියට 1997 විය යුතුයි. මගේ සැලසුම් ශිල්පීය පාඨමාලාව හැදෑරුවේ කොලොන්නාව වෘත්තීය පුහුණු ආයතනයේ,ඒක එක් අවුරුදු පාඨමාලාවක් උනත් , බොහොම පිලිවෙලට ගෘහනිර්මාණ සැලසුම් ශිල්පය උගැන්වපු ආයතනයක් උනා. බොහෝ තැන්වල සැලසුම් ශිල්පය  ,යාන්ත්‍රික හා ගෘහනිර්මාණ යන අංශ 
ද්විත්්‍යම උගන්වන නිසා මට අවශ්්‍ය උනා  ගෘහනිර්මාණ සැලසුම් ශිල්පය පමනක් ඉගෙන ගන්න.ඒනිසා තමයි දකුනෙ ගාල්ල දිස්ත්‍රික්කයේ ගමක ඉඳල කොලොම්පුරේට ආවෙ. කොලඹට ඔයකාලෙ ගමක ඉඳල ඇවිල්ල පැලපදියම් වෙන්න තියෙන අමාරුව ඉතින් දන්නෙ මේ කට්ටකාපු ඈයොම තමයි. මුලින්ම ටෙක් ගියේ කඩුවෙල ,අඹගහ හන්දිය කිට්‍ටුව  මගේ ගමේ හිතවත් නැන්ද කෙනෙක්ගෙ මල්ලිලගෙ ගෙදර ඉඳල නමුත් එහේ හිටිය සීය අසනීප උන නිසා මට එතනින් සමුගන්න උනා. ඊට පස්සෙ මගේ පිහිටට ආවෙ මගේ යාලුවෙක්,ඔහුත් වැඩකලේ කොලඹ නිසා නැවතිලා හිටියෙ ඔහුගෙ අයිය කෙනෙකුට අයිති ගෙදරක .ඒකතිබුනෙ ක‍ටුනායක මිනුවන්ගොඩ පාරෙ තිබුන පීල්ලවත්ත කියන හරියේ.හරියටම කිව්වොත් තට්‍ටුදෙකේ කඩේ කියල තමයි ඒහරියට ඒදවස්වල කිව්වෙ. දැන්නම් මොනව වෙලාද කියල හිතාගන්නවත් බෑ.


බස් එකේ යන්න ගියාම යන වෙලාව අපතේ යාමයි.බස් කීපයක යන්න වෙන නිසයි,මම ‍තෝරගත්තෙ දුම්රිය සේවය තමයි.අනිත් කාරනාව සීසන් එකක් අරගෙන යන්න පුලුවන් කමත් තියෙනවනෙ, සම්පූර්ණ  සුදුඇඳුම අපේ නිල ඇඳුම වෙලාතිබුන නිසා ඇඳූම කිලිටි නොවී ‍රැකගෙනයාමත් උවමනාවෙලා තිබුනා. කෝච්චියෙ යන්න ප්‍රධාන හේතුව උනේ හැමදාම අපිට දෙන ඩ්‍රොවින් අරගෙන යන්න එන්න බස් වලනම් හරිම අමාරුයි,සමහරු පී.වී.සී බටවල අරගෙන ආවත් මා ගාව ඒ දවස් වල ඉඳලම තිබුන ඩ්‍රොවින් අරගෙන යන්නම හදපු විශේෂම බටයක් අඩි2 1/2ක් විතර දිග. ඉතින් ඒක  අරගෙන කොහොම යන්නද බස්වල.
 එයාපෝට් කියල වෙනම දුම්රිය ස්ථානයක් තිබුනත් ආරක්ෂක හේතුමත ඊටමෙහායින් තියෙන දුම්රිය ස්ථානයේ තමයි අපිට නගින්න තිබුනෙ. මට හරියට ඒ දුම්රිය ස්ථානයට කියන නම මතක නැහැ දැන්.මීගමුව ,හලාවත ආදී කෝච්චිවල තමයි ආවෙ ගියේ. එම දුම්රිය ස්ථානයත් මගේ හරිම සිත් ගත් ස්ථානයක් උනා. විශේෂයෙන් එහි හිටිය ස්ථානාධිපතිත් දකුනු පලාතෙ කෙනෙක් නිසා මාත් එක්ක එතුමා හිතවත් උනා.සීසන් හැඳුනුම්පත් හදාගන්න ගියාම තමයි ගම කොහේද කියල දැනගත්තෙ.ඔතනට කෝච්චියේ යන්න පුරුදු උන කට්ටියක් හිටියා,බලන්න එපායැ  ගුවන්තො‍ටුපල ස්ථානයේ සේවය කරන අයගෙ ලස්සන ..! කියන්න වචන නැහැ.  භද්‍ර යව්වනයේ හිටි අපට මේක නිකං සුරපුරේකට ගියාවගේ උනා. අපිත් ඉතින් අර බට තඩියක් උස්සගෙන යන නිසා හැමෝටම කුතුහලයක් තිබුන මොනවද මේ කියල. "අපිත්" කිව්වෙ තව මගේ පාඨමාලාවෙම යාලුවෙක් හිටිය "අමිල" කියල එයා ආවෙ මීගමුවෙ කොච්චිකඩේ ඉඳල, අපිදෙන්න තමයි ඉතින් කෝච්චියෙ ආවෙ ගියේ.   තරුණ අය තමයි ගොඩක් අපිත් එක්ක හිතවත් උනේ.මම ස්ටේෂන් එකට එනකොටම ප්ලෑන් අරගෙනයන බටේ උදුරගන්න පොරකන අක්කල ටිකක් හිටිය,ඔක්කොම ප්ලෑන් ටික  ස්ටේෂමේම දික්ගස්සගෙන බලනව එකවිකාරයයි. හැමෝම  වටවෙනව ගුනදොස් විවේචන ඉවරයක් නැහැ.අරහෙම කරන්න මල්ලි,මෙහෙම කරන්න මල්ලි.... කියල. මටත් ඕක හරිම සතුටක් උනා..උසස් ‍රැකියාවල් වල ඉන්න පිරිසක් අපිට හිතවත්වෙලා ආසාවෙන් අපේ නිර්මාණ බලල සතු‍ටුවෙන නිසා. 



අපේ ටෙක් එකේ හිටිය හොඳම යාලුවා උනේ අමිල තමයි,අද කොහේ ඉන්නවද කියලනම් දන්නෙ නැහැ.ක්‍රිස්තියානි  ආගම  අදහන කෙනෙක්  උනත් මාත් එක්ක හොඳම යාලුවෙක් උනා. කෝච්චියේ ආපසු  එනකොට අපිත් එක්ක එන්නෙ වෙනම පිරිසක්. කාර්්‍යාලවල වැඩකරන අය ගැන අමුතුවෙන් කියන්න අවශ්්‍ය නැහැනෙ.  පිරිමි පාර්ශවය නම් වෙනම ලෝක වල,ගැහැණු කට්ටිය වෙනම ලෝකයක. අපි දෙන්නා පුදුම  සතුටක් ලැබුව මේවදිහා බලල . දැන් කාලෙ වගේ ෆෝන් තිබුනෙ නැති නිසා හැමෝම එකතුවෙලා කයියක් දාගෙන තමයි යන්නෙ.පිරිසක් ඕමි ගහනව, තරුණ ගෑල්ලමයින්ට පිරිසක් කෙල හලනව,තව කපල් දෙකතුනක් හිටිය, එක්කො රන්ඩුවෙනව,එක්කො දෙන්නම අනන්තය දිහෑ බලාගෙනයනව,  අපිදෙන්න ඕව දිහා බලබල යනවා.ටික දවසක් යනකොට ගුවන් තො‍ටුපල ස්ටේෂමේදි උන දේ අපි දෙන්නටම කොච්චිපෙට්ටියෙදි වෙන්නගත්ත. ඇත්තටම අපි දෙන්නගෙන් ඩ්‍රොවින් ලස්සන උනේ මගේ නිසා හැමෝම බලන්න ගත්ත .පහු වෙනකොට අපිට මේක කරදරයක් උනා.ඇයි මේ අය කොච්චිය ඇතුලේ මේව දිගාරිනකොට පොඩිවෙනවනෙ.


දැන් තමයි ඕං කතාව...

මේකියන කාලෙ තමයි ලංකාවෙ විදුලිය කපන්න ගත්තෙ එක එක වේලාවල් වලට දවස් හතේම විදුලිය කැපුවා.හැබැයි මම නැවතිලා හිටපු හරියට කවදාවත් විදුලිය කැපුවෙ නැහැ ඒකට හේතුව උනේ ගුවන්තො‍ටුපල මායිම පීල්ලවත්ත හරිය තිබුන නිසා වෙන්න ඇති. 


අපි කොච්චියට නැග්ගෙ දෙමටගොඩින්, ඒපැත්තට යන  හෑම කොච්චියක්ම නවත්තනව ඔතන.දැන්නම් හරි දියුනුයි එතන .එත් ඒදවස් වල නිතරම වාහන තබදයක් තිබුන. හවස 5.00ට මීරිගම කෝච්චිය දෙමටගොඩට  එනව,මීගමුව එක එන්නෙ 5.05ට ඒත් ඉතින් ලංකාවෙ කොච්චිගැන කියල වැඩක් නැහැනෙ. කෝච්චි කිව්වට පවර්සෙට් කිව්වොත් හරි ,බලවේග කට්ටල තමයි නියම වචනය මම හිතන්නෙ.ඔව්ව ඔක්කොම එකම පාට ,එකම විදිය,එකම හෝන් එක. ඒ නිසා අපි කෝච්චිය අඳුර ගන්නෙ ඉන්න සෙනඟ දිහා බලල ගොඩක් වෙලාවට. සමහර දවස් වලට යකඩ කටින් විස්තරය කියනව.
"කරුණාවෙන් සවන් දෙන්න...දෙවෙනි වේදිකාවට දැන් පැමිනි දුම්රිය ...මීගමුව බලා පිටත්වේ ...එම දුම්රිය රාගම දක්වා සීඝ්‍රගාමී වන අතර එතැන් පටන් සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත." 
මේ ටික කොළඹ කො‍ටුවෙ වගේ නෙවෙයි,හරිම කලබලයකින් තමයි කියන්නෙ කියපු එක අහගන්න තව කෝච්චියක යන්නඕන. ඒත් මේ කියන දවසේ යකඩ කට නැහැ විදුලිය කපන නිසා. අනිත් එක අමිල හිටියෙත් නැහැ කුමක් හෝ හේතුවකට..එදා ආවෙ නැහැ. මම  පීල්ලවත්තෙ නැවතිලා සතියක් වගේ තමයි උනේ.
මම ස්ටේෂමේ හිටියත් 5 ට යන මීරිගම කොච්චිය ගියේ නැහැ. දැන් 5.10 විතර වෙලා ...ටිකකින් කෝච්චිය ආව මට දැන් හිතාගන්න බැහැ මේ කොයි කෝච්චියද කියල..මම එක්කෙනෙක් ගෙන් ඇහුවම කිව්ව මීගමුව කියල මාත් ඉතින් පොරකාල නැග්ග වෙනද යන දෙවෙනි පෙට්ටිය උනාට අඳුරන අය කවුරුවත් නැහැ. මම හිතුව පෙට්ටිය මාරුවෙලා කියල ,අනික අලුත් නිසා ගොඩක් අය අඳුනන්නෙත් නැහැ. දැන් කොච්චිය යනව..සෙනඟ පිරිල කිසිම වටපිටාවක් පේන්නෙත් නැහැ,ඒ මදිවට වෙනදට වැඩිය වේගෙත් වැඩියි වගේ. එත් මොනව කරන්නද ඉවසගෙන හිටිය. 
ම්හු.....කෝච්චිය යනව..යනව..යනව.. රාගම පහුවෙලාද මන්දා ..! හිතටත් මොකක්ද....බයත් වෙලා වගේ..!
"අන්කල් මේ මීගමුව කෝච්චිය නේද..?" මම ලඟහිටිය කෙනෙක්ගෙන් ඇහුව.
අන්කල් මගේ දිහෑ බැලුව දුක්බර පෙනුමෙන්ම මට හිතුනා බඩුම තමයි...කියල.
"පුතා බයවෙන්න එපා මේක මීරිගම කොච්චිය...!තව ටිකකින් අහවල් ස්ථානෙ නවත්තනව ඊටපස්සෙ අනිත් පැත්තට ස්ලෝ එකක් එනව ඒකෙ නැගල රාගමට යන්න ,එත්කොට ආයිත් ස්ලෝ එකක් එනව මීගමුව එකෙ යන්න" කිව්ව.
වේගෙන් පැද්දි...පැද්දි..යන කොච්චියෙ..මාව ජනේලෙකින් එලියට ඇදිල යනව වගේ දැනිල ..ලඟම තිබුන පොල්ලක් අල්ලගත්ත. විනාඩි ගානකින් පියවි සිහිය ආවෙ අර අන්කල්ගෙ කටහඬත් එක්කයි.
" පුතා අර තියෙන්නෙ ස්ලෝ එක අනිත් අතට යන ගිහින් නගින්න ටිකට් ඕන්නෑ..ඇහැව්වොත් කියන්න වැරදුනා කියල. මමත් හනික දුවල ගිහින් ඒකෙ එල්ලුනා.පස්සෙ තමයි මතක් උනේ ස්ටෙෂන් එකේඉන්නවුන්ට වැඩිය හොඳට විස්තර කරල කිව්ව අන්කල්ට ස්තුතිවත්කලේ නැහැ නේද කියල...කොහෙද තාමත් මගෙ පපුව ගැහෙනව.
යාන්තම්..හිමින් හිමින් ඇවිල්ල....මම බෝඩිමට එදා එනකොට රෑ 10 විතර වෙලා මගේ යාලුවත් ගෙදර ඉන්න ඇන්ටිත් බයවෙලා බලන් ඉන්නව.





ප/ලි... මම කොච්චිය අහල තිබුනෙ කෝච්චියෙ යන එකෙක්ගෙන් නොවේ කියලයි මට හිතුනෙ.එක්කො මට ඇහුනෙ නොපිටටද දන්නෙ නැහැ. මගේ ගැන විස්තර ලියවෙනව වැඩිද මන්ද..මා ගැන හඳුන්වා දීමකුත් බ්ලොගය ලියන ගමන්ම උනානම් හොඳයි කියල හිතුන නිසා කතාවට අදාලව විස්තර ලිව්වෙ.
(පින්තූරය...http://www.chongth.com/blog