මේ සිද්ධිය වෙලා දැනට අවුරුදු ගානක් වෙනව . මට මතක හැටියට 1997 විය යුතුයි. මගේ සැලසුම් ශිල්පීය පාඨමාලාව හැදෑරුවේ කොලොන්නාව වෘත්තීය පුහුණු ආයතනයේ,ඒක එක් අවුරුදු පාඨමාලාවක් උනත් , බොහොම පිලිවෙලට ගෘහනිර්මාණ සැලසුම් ශිල්පය උගැන්වපු ආයතනයක් උනා. බොහෝ තැන්වල සැලසුම් ශිල්පය ,යාන්ත්‍රික හා ගෘහනිර්මාණ යන අංශ
ද්විත්්‍යම උගන්වන නිසා මට අවශ්්‍ය උනා ගෘහනිර්මාණ සැලසුම් ශිල්පය පමනක් ඉගෙන ගන්න.ඒනිසා තමයි දකුනෙ ගාල්ල දිස්ත්‍රික්කයේ ගමක ඉඳල කොලොම්පුරේට ආවෙ. කොලඹට ඔයකාලෙ ගමක ඉඳල ඇවිල්ල පැලපදියම් වෙන්න තියෙන අමාරුව ඉතින් දන්නෙ මේ කට්ටකාපු ඈයොම තමයි. මුලින්ම ටෙක් ගියේ කඩුවෙල ,අඹගහ හන්දිය කිට්‍ටුව මගේ ගමේ හිතවත් නැන්ද කෙනෙක්ගෙ මල්ලිලගෙ ගෙදර ඉඳල නමුත් එහේ හිටිය සීය අසනීප උන නිසා මට එතනින් සමුගන්න උනා. ඊට පස්සෙ මගේ පිහිටට ආවෙ මගේ යාලුවෙක්,ඔහුත් වැඩකලේ කොලඹ නිසා නැවතිලා හිටියෙ ඔහුගෙ අයිය කෙනෙකුට අයිති ගෙදරක .ඒකතිබුනෙ කටුනායක මිනුවන්ගොඩ පාරෙ තිබුන පීල්ලවත්ත කියන හරියේ.හරියටම කිව්වොත් තට්‍ටුදෙකේ කඩේ කියල තමයි ඒහරියට ඒදවස්වල කිව්වෙ. දැන්නම් මොනව වෙලාද කියල හිතාගන්නවත් බෑ.
බස් එකේ යන්න ගියාම යන වෙලාව අපතේ යාමයි.බස් කීපයක යන්න වෙන නිසයි,මම තෝරගත්තෙ දුම්රිය සේවය තමයි.අනිත් කාරනාව සීසන් එකක් අරගෙන යන්න පුලුවන් කමත් තියෙනවනෙ, සම්පූර්ණ සුදුඇඳුම අපේ නිල ඇඳුම වෙලාතිබුන නිසා ඇඳූම කිලිටි නොවී රැකගෙනයාමත් උවමනාවෙලා තිබුනා. කෝච්චියෙ යන්න ප්‍රධාන හේතුව උනේ හැමදාම අපිට දෙන ඩ්‍රොවින් අරගෙන යන්න එන්න බස් වලනම් හරිම අමාරුයි,සමහරු පී.වී.සී බටවල අරගෙන ආවත් මා ගාව ඒ දවස් වල ඉඳලම තිබුන ඩ්‍රොවින් අරගෙන යන්නම හදපු විශේෂම බටයක් අඩි2 1/2ක් විතර දිග. ඉතින් ඒක අරගෙන කොහොම යන්නද බස්වල.
එයාපෝට් කියල වෙනම දුම්රිය ස්ථානයක් තිබුනත් ආරක්ෂක හේතුමත ඊටමෙහායින් තියෙන දුම්රිය ස්ථානයේ තමයි අපිට නගින්න තිබුනෙ. මට හරියට ඒ දුම්රිය ස්ථානයට කියන නම මතක නැහැ දැන්.මීගමුව ,හලාවත ආදී කෝච්චිවල තමයි ආවෙ ගියේ. එම දුම්රිය ස්ථානයත් මගේ හරිම සිත් ගත් ස්ථානයක් උනා. විශේෂයෙන් එහි හිටිය ස්ථානාධිපතිත් දකුනු පලාතෙ කෙනෙක් නිසා මාත් එක්ක එතුමා හිතවත් උනා.සීසන් හැඳුනුම්පත් හදාගන්න ගියාම තමයි ගම කොහේද කියල දැනගත්තෙ.ඔතනට කෝච්චියේ යන්න පුරුදු උන කට්ටියක් හිටියා,බලන්න එපායැ ගුවන්තොටුපල ස්ථානයේ සේවය කරන අයගෙ ලස්සන ..! කියන්න වචන නැහැ. භද්‍ර යව්වනයේ හිටි අපට මේක නිකං සුරපුරේකට ගියාවගේ උනා. අපිත් ඉතින් අර බට තඩියක් උස්සගෙන යන නිසා හැමෝටම කුතුහලයක් තිබුන මොනවද මේ කියල. "අපිත්" කිව්වෙ තව මගේ පාඨමාලාවෙම යාලුවෙක් හිටිය "අමිල" කියල එයා ආවෙ මීගමුවෙ කොච්චිකඩේ ඉඳල, අපිදෙන්න තමයි ඉතින් කෝච්චියෙ ආවෙ ගියේ. තරුණ අය තමයි ගොඩක් අපිත් එක්ක හිතවත් උනේ.මම ස්ටේෂන් එකට එනකොටම ප්ලෑන් අරගෙනයන බටේ උදුරගන්න පොරකන අක්කල ටිකක් හිටිය,ඔක්කොම ප්ලෑන් ටික ස්ටේෂමේම දික්ගස්සගෙන බලනව එකවිකාරයයි. හැමෝම වටවෙනව ගුනදොස් විවේචන ඉවරයක් නැහැ.අරහෙම කරන්න මල්ලි,මෙහෙම කරන්න මල්ලි.... කියල. මටත් ඕක හරිම සතුටක් උනා..උසස් රැකියාවල් වල ඉන්න පිරිසක් අපිට හිතවත්වෙලා ආසාවෙන් අපේ නිර්මාණ බලල සතුටුවෙන නිසා.
අපේ ටෙක් එකේ හිටිය හොඳම යාලුවා උනේ අමිල තමයි,අද කොහේ ඉන්නවද කියලනම් දන්නෙ නැහැ.ක්‍රිස්තියානි ආගම අදහන කෙනෙක් උනත් මාත් එක්ක හොඳම යාලුවෙක් උනා. කෝච්චියේ ආපසු එනකොට අපිත් එක්ක එන්නෙ වෙනම පිරිසක්. කාර්්‍යාලවල වැඩකරන අය ගැන අමුතුවෙන් කියන්න අවශ්්‍ය නැහැනෙ. පිරිමි පාර්ශවය නම් වෙනම ලෝක වල,ගැහැණු කට්ටිය වෙනම ලෝකයක. අපි දෙන්නා පුදුම සතුටක් ලැබුව මේවදිහා බලල . දැන් කාලෙ වගේ ෆෝන් තිබුනෙ නැති නිසා හැමෝම එකතුවෙලා කයියක් දාගෙන තමයි යන්නෙ.පිරිසක් ඕමි ගහනව, තරුණ ගෑල්ලමයින්ට පිරිසක් කෙල හලනව,තව කපල් දෙකතුනක් හිටිය, එක්කො රන්ඩුවෙනව,එක්කො දෙන්නම අනන්තය දිහෑ බලාගෙනයනව, අපිදෙන්න ඕව දිහා බලබල යනවා.ටික දවසක් යනකොට ගුවන් තොටුපල ස්ටේෂමේදි උන දේ අපි දෙන්නටම කොච්චිපෙට්ටියෙදි වෙන්නගත්ත. ඇත්තටම අපි දෙන්නගෙන් ඩ්‍රොවින් ලස්සන උනේ මගේ නිසා හැමෝම බලන්න ගත්ත .පහු වෙනකොට අපිට මේක කරදරයක් උනා.ඇයි මේ අය කොච්චිය ඇතුලේ මේව දිගාරිනකොට පොඩිවෙනවනෙ.
දැන් තමයි ඕං කතාව...
මේකියන කාලෙ තමයි ලංකාවෙ විදුලිය කපන්න ගත්තෙ එක එක වේලාවල් වලට දවස් හතේම විදුලිය කැපුවා.හැබැයි මම නැවතිලා හිටපු හරියට කවදාවත් විදුලිය කැපුවෙ නැහැ ඒකට හේතුව උනේ ගුවන්තොටුපල මායිම පීල්ලවත්ත හරිය තිබුන නිසා වෙන්න ඇති.
අපි කොච්චියට නැග්ගෙ දෙමටගොඩින්, ඒපැත්තට යන හෑම කොච්චියක්ම නවත්තනව ඔතන.දැන්නම් හරි දියුනුයි එතන .එත් ඒදවස් වල නිතරම වාහන තබදයක් තිබුන. හවස 5.00ට මීරිගම කෝච්චිය දෙමටගොඩට එනව,මීගමුව එක එන්නෙ 5.05ට ඒත් ඉතින් ලංකාවෙ කොච්චිගැන කියල වැඩක් නැහැනෙ. කෝච්චි කිව්වට පවර්සෙට් කිව්වොත් හරි ,බලවේග කට්ටල තමයි නියම වචනය මම හිතන්නෙ.ඔව්ව ඔක්කොම එකම පාට ,එකම විදිය,එකම හෝන් එක. ඒ නිසා අපි කෝච්චිය අඳුර ගන්නෙ ඉන්න සෙනඟ දිහා බලල ගොඩක් වෙලාවට. සමහර දවස් වලට යකඩ කටින් විස්තරය කියනව.
"කරුණාවෙන් සවන් දෙන්න...දෙවෙනි වේදිකාවට දැන් පැමිනි දුම්රිය ...මීගමුව බලා පිටත්වේ ...එම දුම්රිය රාගම දක්වා සීඝ්‍රගාමී වන අතර එතැන් පටන් සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත."
මේ ටික කොළඹ කොටුවෙ වගේ නෙවෙයි,හරිම කලබලයකින් තමයි කියන්නෙ කියපු එක අහගන්න තව කෝච්චියක යන්නඕන. ඒත් මේ කියන දවසේ යකඩ කට නැහැ විදුලිය කපන නිසා. අනිත් එක අමිල හිටියෙත් නැහැ කුමක් හෝ හේතුවකට..එදා ආවෙ නැහැ. මම පීල්ලවත්තෙ නැවතිලා සතියක් වගේ තමයි උනේ.
මම ස්ටේෂමේ හිටියත් 5 ට යන මීරිගම කොච්චිය ගියේ නැහැ. දැන් 5.10 විතර වෙලා ...ටිකකින් කෝච්චිය ආව මට දැන් හිතාගන්න බැහැ මේ කොයි කෝච්චියද කියල..මම එක්කෙනෙක් ගෙන් ඇහුවම කිව්ව මීගමුව කියල මාත් ඉතින් පොරකාල නැග්ග වෙනද යන දෙවෙනි පෙට්ටිය උනාට අඳුරන අය කවුරුවත් නැහැ. මම හිතුව පෙට්ටිය මාරුවෙලා කියල ,අනික අලුත් නිසා ගොඩක් අය අඳුනන්නෙත් නැහැ. දැන් කොච්චිය යනව..සෙනඟ පිරිල කිසිම වටපිටාවක් පේන්නෙත් නැහැ,ඒ මදිවට වෙනදට වැඩිය වේගෙත් වැඩියි වගේ. එත් මොනව කරන්නද ඉවසගෙන හිටිය.
ම්හු.....කෝච්චිය යනව..යනව..යනව.. රාගම පහුවෙලාද මන්දා ..! හිතටත් මොකක්ද....බයත් වෙලා වගේ..!
"අන්කල් මේ මීගමුව කෝච්චිය නේද..?" මම ලඟහිටිය කෙනෙක්ගෙන් ඇහුව.
අන්කල් මගේ දිහෑ බැලුව දුක්බර පෙනුමෙන්ම මට හිතුනා බඩුම තමයි...කියල.
"පුතා බයවෙන්න එපා මේක මීරිගම කොච්චිය...!තව ටිකකින් අහවල් ස්ථානෙ නවත්තනව ඊටපස්සෙ අනිත් පැත්තට ස්ලෝ එකක් එනව ඒකෙ නැගල රාගමට යන්න ,එත්කොට ආයිත් ස්ලෝ එකක් එනව මීගමුව එකෙ යන්න" කිව්ව.
වේගෙන් පැද්දි...පැද්දි..යන කොච්චියෙ..මාව ජනේලෙකින් එලියට ඇදිල යනව වගේ දැනිල ..ලඟම තිබුන පොල්ලක් අල්ලගත්ත. විනාඩි ගානකින් පියවි සිහිය ආවෙ අර අන්කල්ගෙ කටහඬත් එක්කයි.
" පුතා අර තියෙන්නෙ ස්ලෝ එක අනිත් අතට යන ගිහින් නගින්න ටිකට් ඕන්නෑ..ඇහැව්වොත් කියන්න වැරදුනා කියල. මමත් හනික දුවල ගිහින් ඒකෙ එල්ලුනා.පස්සෙ තමයි මතක් උනේ ස්ටෙෂන් එකේඉන්නවුන්ට වැඩිය හොඳට විස්තර කරල කිව්ව අන්කල්ට ස්තුතිවත්කලේ නැහැ නේද කියල...කොහෙද තාමත් මගෙ පපුව ගැහෙනව.
යාන්තම්..හිමින් හිමින් ඇවිල්ල....මම බෝඩිමට එදා එනකොට රෑ 10 විතර වෙලා මගේ යාලුවත් ගෙදර ඉන්න ඇන්ටිත් බයවෙලා බලන් ඉන්නව.
ප/ලි... මම කොච්චිය අහල තිබුනෙ කෝච්චියෙ යන එකෙක්ගෙන් නොවේ කියලයි මට හිතුනෙ.එක්කො මට ඇහුනෙ නොපිටටද දන්නෙ නැහැ. මගේ ගැන විස්තර ලියවෙනව වැඩිද මන්ද..මා ගැන හඳුන්වා දීමකුත් බ්ලොගය ලියන ගමන්ම උනානම් හොඳයි කියල හිතුන නිසා කතාවට අදාලව විස්තර ලිව්වෙ.
(පින්තූරය...http://www.chongth.com/blog
හි හී.. හොඳ වැඩ තමා ඔයාටත් වෙන්නෙ..වෙලාවට අර අන්කල්වත් හිටියෙ.නැත්තම් මොනවා කරගනීද මන්ද..:)
ReplyDeleteඇත්තටම එදා හොඳටම බය උනා.දැන්නම් ලැජ්ජයි වගේ..!
Deleteස්තුතියි..! හිරුහිමාවි.
හිකිස්,.,.,., සිහියෙන් ඉන්න ඈ ... :D
ReplyDeleteඑදා මොනව උනාද මන්දා..!
Deleteස්තුතියි සුදුමහත්තයෝ...ආයිත් හමුවෙමු.
මම මුලින් හිතුවේ නම් දෙක පටලැවුණද කියලා. තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ කතාවත් තියෙන්නේ තොටගමුවයි, මටගමුවයි කියලා :D
ReplyDeleteමට නම් බස් වැරදිලා නම් නැහැ. ඒත් බස්වල නින්ද ගිහින් නම් බහින් හෝල්ට් එකත් පහු කරලා හුඟක් දුර නම් ගිහින් තියෙනවා :D
ඔව් එහෙම එකක් තමයි..මොකද..කෝච්චි දෙක විනාඩි 5ක පරතරයක්නෙ තියෙන්නෙ.
Deleteස්තුතියි හසිත.
අපරාදේ මීරිගමටම එන්න තිබ්බේ.. අපි ඉන්නවනේ බලාගන්න..
ReplyDeleteවීයාට චූ යන්න එන්න ඇති නේ.. හූ ඈ.. :-)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
අපොයි...! රජා ඒපාර මට කියල රජමාලිගය ඩිසයින් කරගෙන හිසගසාදැමුවොත් එහෙම...!
Deleteසික්...චූ යන්න ඇති කියල.. සුභ වේවා කියන අපූරුව...
මගේ මාමා වැඩකලෙත් රේල්වේ එකේ දුම්රිය ඉස්තානාදිපති කෙනෙක් විදියට, අපි මාමාගේ ඉස්ටෙෂන් එකට ගියහම සෙනග අඩුවෙලාවට එනවුස් කරනවා සමහරවෙලාවට ඒක දවසක් ගියහම එදා පාරේ රෙපයාර් එකක් නිසා කොච්චි නැහැ ඉතින් අපිට පුල්ම අප්සෙට් අපි මයික් ඒක අරන් දුන්නා මෙහෙම නිවේදනයක් "පලවෙනි වේදිකාවට තව සුවල්ප මොහොතකින් දුම්රියක් පැමිණෙන්නේ නැති බව කරුණාවෙන් සලකන්න ".....
ReplyDeleteහිකිස්.. බොලත් කරන වැඩ..!!
Deleteස්තුතියි රොබින් මේ පැත්තෙ ආවාට.
අලේ උබ පව්....... මමත් වැරදි බස් එකකක්නම් ගිහින් තියනවා... ( යන්න ඕනෙ බටවල... නැග්ගෙ බටහිර හොරගල එකට ).. ඒ කාඅලේත් මම බට අෆ්ෆා
ReplyDeleteපව්දත් අහනවා....!කොලඹට ආපු මුල්දවස්නෙ..හපොයි..!
Deleteස්තුතියි වෙනදා වගේම.!
ඕවා වෙන්ඩ ඕනා නත්නම් ගතියක් නෑ.. මමත් ඉස්සර නයිට් ගහල බස්වල ඇවිත් හැතම්ම පහ හය එහාට ගිහින් බැහලා තියනවා..
ReplyDeleteඅර ස්ටේශමේ නම ඇවරිවත්ත වෙන්න ඕනා.. මතක හැටියට..
ඔව් සෙන්නා ජීවිතය කියන්නෙ ඒක තමයි..ආපසු හැරිලා බලන්න යමක් තියෙන්න ඕන.
Deleteලියන්නකො ඒ සිදුවීම්...!
ස්තුතියි පැමිණියාට..!
මට ඒවා ලියන්ඩ බෑ වී. ප්‍රධානම කාරණය මට සිද්ධි සවිස්තරාත්මකව මතක නොහිටින ලෙඩක් තියනවා.. අනෙක මම කැමති නෑ ඒවා ලියන්ඩ.. මම ගැන කියවලා කාටවත් ඇති පලේ කිම..
Deleteඑහෙම නෙවේ සෙන්නා, දැන් බලන්න මමලියපු එක ගොඩක් අයට එයාලට වුනු සිද්ධි., පලාතෙ විස්තර,ආ ගිය හැටි වගේ අතීත සිද්දි මතක් වෙන්න අවස්තාවක් වෙනව කියලයි මටනම් හිතෙන්නෙ.ඒ ව අපි බෙදා හදා ගමු..!
Deleteහා හා හා.ඕක තමා කියන්නේ සිහියෙන් ඉන්න කියලා :පී
ReplyDeleteඒකනේ නංගියෝ කියන්නෙ..හි..හි..!
Deleteස්තුතියි..!
මගෙත් සුන්දර මතක ගොඩක් ඇති පළාතක් නේ . මන් ඉස්කෝලෙන් අයින් වෙච්ච ගමන් ගුරු පත්වීමක් ලැබුන ඔය හරියේ ඉස්කෝලෙක . පිල්ලවත්ත ඉස්කෝලෙත් අපේ කලාපයේ . මිගමු කලාපේ ඉස්කෝල සේරම වගේ දන්නවා . බස් ස්ටෑන්ඩ් එක නම් ඇවරිවත්ත . හැබැයි ස්ටේෂන් එක 20 කණුවේ හරියේ නේද . මටත් කෝච්චිවල යන්න හරි ආසාවක් තිබුන .අනික ඒ දවස්වල ඔය පාරේ බස්වල නාමල් උඩුගම උඩුබුරනවා , මට පේන්න බැහැ. ඉතින් සමහර දාට ඔතනින් නැගල තියෙනව . බස් එකේ එනවා වගේ දෙගුණයක් වෙලාව යනවා. ඒත් ඉතින් ගෙදර ළමයි අඬන එකක්ය. මාත් නිවිහැනහිල්ලේ එනවා . උදේට නම් ඉතින් පරක්කු වෙලා සාරිය කරේ තියන් දුවන හින්දා මොන කෝච්චිද.
ReplyDeleteවී පොකුරට වුන එකේ අනික අපේ බනිලගේ තාත්තට වෙලා . දවසක් වේයන්ගොඩින් වවුනියාව කෝච්චියට නැගල කොළඹ එන්න ..D [ මේක දකියිද මන්දා ]
හරියටම හරි බින්දි...මගේ මතක ගොඩක් ඇවිස්සුවා... නාමල් උඩුගමගේ කතාව ඇත්ත රබානක්ද කොහෙද තියාගෙන රාගමට එනකම්ම කවුරු නමුත් සින්දු කිව්වා කෝච්චියෙත්. 20 කණුව තමයි මටත් මතක හැටියට. ඔයාටත් ඒ පැත්තෙ සුන්දර මතක තියෙන පාටයි. හැබැයි දැන්නම් හිතෙනව ඒ සිංදු කොච්චර හොඳද කියල,දැන් ඇහෙන ඒවත් එක්ක.
Deleteඒකනෙ කියන්නෙ...මම හිතුවෙ මට විතරයි ඔය වගේ වැඩ වෙලාතියෙන්නෙ කියල. ෂික්..ටෙලිපවසු අංකය තිබුනනම් මම කියනව මෙන්න බින්දි මහත්තයට මඩ ගහනව කියල...හිකිස්...
ස්තුතියි බින්දි බොහෝම...!
අපෝ කෝච්චි වල ගමන නම් හරිම කල්පනාවෙන් කරන්න ඕනෑ....වැරදුනොත් බහින්න අමාරුයි...බස් වල වගේ නොවයිනේ...
ReplyDeleteඒකනම් ඇත්ත දම්මි ඒත් හරි පහසුයි..ඇඟට අමාරුවක් නැහැ.
Deleteස්තුතියි ගොඩවැදුනට..!
ඔයා ගැන හදුන්වා දීමත් සමඟ කතාව ගිය එක හොඳයි සහෝ.කෝච්චිය වැරදුනාට එච්චර බය වෙන්න දෙයක් නැහැනේ.
ReplyDeleteඅයියෝ.....
ඒකනම් ඇත්ත ඒපැත්තට ආපු අලුත නිසා චුට්ටක් චකිතයක් ඇතිඋනා.
Deleteස්තුතියි..නිෂාන් ගොඩවැදුනට..!
මමත් එකපාරක් ගම්පහින් බහින්න හිතාගෙන කොටුවෙන් කෝච්චියකට නැග්ගා.ඒක මුලින්ම නතර කරන්නේ කුරුණෑගල බව දැනගත්තේ ශෑහෙන වෙලාවකින්.වාසනාවකට සිග්නල් නැතුව කෝච්චිය විල්වත්තට එහා කැළෑවක නතර කළා.මම කැළේ මැදින් අමාරුවෙන් පාර හොයාගෙන ආවේ.වෙනදා හවස හයට ගෙදර ආවත් එදා රෑ 10ත් පහුවුණා....දිගටම ලියන්න .ජය!!!
ReplyDeleteහැමෝටම පොඩි වෙනස්කම් ඇතිව මේ වැඩේ වෙලානෙ බලාගෙන යනකොට. හිකිස්..!
Deleteහොයාගෙනම ආවාට බොහෝ..ස්තුතියි සහෝ..!
අංකල්ට තැංකූ නොකීපු එකනං කැතයි ඈ...
ReplyDeleteහි හි..
ජයවේවා!!!!!!!
ඒකනේ කියන්නෙ...හිකිස්..!!
Deleteඔබටත් ජයවේවා!!
මමත් කොළඹ ආවාම බස් හොයාගන්න ගොඩාක් අමාරු උනා. නුගේගොඩ ඉඳල කොටුවට එන්න මම හිටන් හිටියේ මහරගමට යන පැත්තේ. කොච්චි නම වැරදිලා නැහැ.
ReplyDeleteඒකනෙ..හි...හි..හැමෝටම සම අත්දැකීම් ,මගේ ලිපිය ගොඩක් අයට දැනිල වගේ.
Deleteස්තුතියි අසරණ නොවන අසරණයා..!!
පිස්සු හැදෙනවා ළමයෝ මේක දැක්කහම........ ගහට ගහක් මොරටුවේදි හමුවෙනවා කිව්වහම විස්වාස කලහැකියි... ඒත් මේක විස්වාස කරන්නේ කොහොමද? මෙච්චර අටෝරාසියක් තාක්ෂණ විද්‍යාල, කාර්මික විද්‍යාල තියෙන රටේ මේ වී පොකුරත් කොලොන්නාවේ දරුවෙක් කිව්වහම....... සන්තෝෂේ බැහැ...
ReplyDeleteඉතිං පෙනෙන හැටිය ඔයා අපට වඩා වැඩිමහල් කෙනෙක් වගේ... අපි පාඨමාලාව හැදෑරුවේ 2001-2002 කාලයේ... අපිට ඉගැන්නුවේ දර්ශනි ගුරුමහත්මිය... අපි අපි කිව්වේ ඉතිං මායි මගේ මහත්තයායි දෙන්නාම කොලොන්නාවේ දරුවෝ...... :) හඳුනා ගන්න ලැබීම ලොකු සතුටක් සොයුර.........
ඇත්තටම රන්දිල්....! පුදුම සතුටක් ඇතිඋනේ...!!!
Deleteකලින් ඔයා ෆලෝ කරල ගිහින් තිබුනත් මට ඔයාගෙ බ්ලොග් එක හොයාගන්න බැරි උනා..! :)))
අපිට හිටියෙ ගාල්ලගේ කියල ගාල්ලෙ මිස් කෙනෙක්, මට හරියට උදව් කලා.දකුනෙ අය දකුනෙ අයට එහෙමනෙ.විදුහල්පති තුමාගෙ නම මතක නැහැ. ඒ දවස් වල තරුණසේවා එකෙන් ඉල්ලල තිබුන නිර්මාණයක්, අඩු වියදම් නාගරික වෙලඳ සැල් කියල . ලංකාවෙන්ම මගේ නිර්මාණය තමයි තේරුනේ. ටෙක් එකෙන් එලියට එනකොටම රැකියාවකුත් හොයල දුන්න. ඒත් මම මෙහේ (ගාල්ල දිස්ත්‍රික්කයේ ගමක්) ඒ වෙනකොට ටිකක් සාර්ථක තත්වයක හිටි නිසා වෙන කෙනෙකුට දෙන්න කිව්වා. මම දැන් මගේම කියල ආයතනයක් පවත්වාගෙන යනව නිවාස සැලසුම් ඇඳීම.
හරිම සතුටුයි හමු උනාට...ආයිත් එන්න ...!!
ඔහොම අත්දැකීම් විතරයි අන්තිමට ඉතුරු වෙන්නෙ වී පොකුර! මමත් මේ කෝච්චි ගැන බ්ලොග් පෝස්ට් එකක් ලිය ලියා ඉන්න ගමන්.
ReplyDeletehenryblogwalker the Dude
අපොයි...! හොඳ බ්ලොගක් මග හැරිලනෙ...!
Deleteඇත්ත අනිවා..ඒකයි මචං මම බ්ලොගේ ලියල බෙදාහදාගන්න හිතුවෙ..ටිකටික මගේ විස්තරත් එක්ක.
ස්තුතියි ඩුඩේ(නම හරිද මංදා) ආයිත් එන්න..!
වීයො, නම ඩූඩ් කිව්වා නම් හරි.
Delete//මගේ ගැන විස්තර ලියවෙනව වැඩිද මන්ද..මා ගැන හඳුන්වා දීමකුත් බ්ලොගය ලියන ගමන්ම උනානම් හොඳයි කියල හිතුන නිසා කතාවට අදාලව විස්තර ලිව්වෙ.//
මෙන්න මේක ගැන කිව්වොත්, මොකක්ද ඒකෙ ඇති වැරැද්ද? අපි දැනගන්න කැමතියිනෙ අනිත් උන්ගෙ ජීවිතවල විස්තර, එතකොට අත්දැකීම්. ඒකෙ කිසි වැරැද්දක් මම නම් දකින්නෙ නෑ.
ඔන්න මමත් අර කෝච්චි පෝස්ට් එක හෙට ගල් පාන්දරට schedule කලා. :)
henryblogwalker the Dude
ස්තුතියි ..! "ඩූඩ්" දැනුවත් කිරීමට..!
Deleteමට හිතාගන්න බැරිව උන්නෙ..මං ගැන විස්තර ලියනකොට ..පොර වෙන්න හදනව කියයි කියල..ඒකයි..! හැබැයි සත්තකින්ම මම කියන්නෙ ඇත්ත..මම දිනයක එලියට එනව එතකොට බලන්න පුලුවන් මම කියන දේ..! අ.අයිත් ස්තුතිය් මචං
මේ වගේ කට්ටවල් තමා ජීවිතේ ලස්සන කරන්නෙ....
ReplyDeleteපෝස්ට් එකට ලයික් හොඳේ.....(Y)
ස්තුතියි ලපයා ..!මමත් එනව ඒ පැත්තෙ..!
Deleteකටුනම් එමට මචං...තව පස්සෙ දෙන්නම්කො...!
හපොයි ඒකත් මාර වැඩේ තමයි..මොනවා වුනත් අයියගේ වෙලාව නම් හොදයි..නැත්නම් ඉතින් විනාසයි..(හේ..හේ..)
ReplyDeleteඅයියෝ එහෙම කියනකොට ලැජ්ජත් හිතුන..හි..හි..!
Deletemaaath dawasak kurunegala bus 1ka kiyala kuliyapitiya bus 1kakata naggane...passe magadi bassa kohomahari
ReplyDeleteහිකිස්.. බලන් යනකොට අපි හැමෝටම ..වෙච්ච දෙයක්නෙ..!
Deleteමගේ බ්ලොග් එකට ආපු මුල්ම ඇනෝ ඔබයි...ස්තුතියි..ආයිත් එන්න.
මට කොහොමද මේ බ්ලොග් එක මග ඇරුණේ :O
ReplyDeleteකමක් නෑ මිත්‍රයා..කොහොමහරි හමුවුනානෙ..ආයිත් හමුවෙමු
Deleteස්තුතියි ඔබට ජය..!
මීරිගම කෝච්චියේ දිගටම ආවා නම් අපේ රාජධානියට තමා එන්නෙ... ලංකාවෙ දෙවැනි වැඩිම ආදායම උපයන්නෙ අපේ ඉස්ටේසුම...
ReplyDeleteඇත්තටම එහෙම එකකුත් තියෙනවද...?(වැඩිම ආදායම්)
Deleteමමගිහිල්ලම නැහැ...!මීරිගම
පිළිතුර ගම්පහ
ReplyDeleteලංකාවෙන්ම අංක 1 කොටුව දුම්රිය ස්ථානය
මාර ආතල් වෙන්ඩ ඇති නේ...
ReplyDeleteආතල් තමයි හොඳට බය උනා බං...!
Deleteස්තුතියි අපේ පැත්තෙ ආවාට ...ආයිත් එන්න..!
අහා උඹත් ඩ්‍රාෆ්ස්ට්මන් කරපු එකෙක් ආ . .
ReplyDeleteදැන් මොකද්ද කරන රස්සාව? මමත් මුලින්ම ප්‍රයිවෙට් සිවිල් ඉන්ජිනියර් කෝස් එකක් කලා කුරුඳුවත්තේ ස්ටැෆර්ඩ් කොලේජ් එකේ . . පස්සේ ට්‍රේනී කිව්.එස්. කීන්ක් විදිහට ජොබක් කරලා එතන ඉන්න ගමන් එන්.සී.ටී කිව්.එස්. කරලා පස්සේ පිට රට ගිහින් දැන් ඉන්නේ ඩුබායි වල. වැඩ කරන්නේ කිව්.එස්. කෙනෙක් විදිහට.
පෝස්ට් එකට අදාලව කියනවනම් මටත් බස් එක නම් වැරදිලා තියෙනවා හිටි ගමන් . .
මේ කමෙන්ට් එක පස්සෙ දැක්කෙ සමාවෙන්න ඕන..(තාම අලුත්නෙ..හි...හි..)
Deleteමගේම ආයතනයක් පවත්වාගෙන යනවා..ගාල්ල දිස්ත්‍රික්කයේ ටිකක් අර්ධ නාගරික පැත්තක පස්සෙ විස්තර කියන්න බලාපොරොත්තු වෙනවා...කාලයක් සෑහෙන කට්ටක් කාල දැන් යම්කිසි ස්තාවරයක් තියෙනවා..ගම් වල නිසා කොලඹ වගේ මුදල් අයකරන්න බෑ. ලඟදි අලුත් තැනකට යන්න (කුලියට ගත්ත ස්තානයකට) හිතන් ඉන්නෙ ට්‍රේනිස්ල ටිකක් අරගන්න හිතන් ඉන්නෙ. ස්තුතිය් අහැව්වට ..!
අපිටත් අවශ්‍යම සබ්ජෙක්ට් එකක්නෙ ලොක්කා කරන්නෙ ඒවගේම ඩුබායි වල ඉහල ගෙවීමක් ලබන රැකියාවක් ඒවගේම තමය් පිලිගැනීම. සතුටුය් මචං හඳුනාගන්න ලැබීම ගැන.
hafoi oin giya madeyi..
ReplyDeleteඅපි ඉතින් වැඩිපුර යන්නේ බස් වල නේ... ඒවත් ඉඳලා හිටලා මාරු වෙනවා... මටත් කෝච්චි මාරුවෙලා නැති වුණත් වැරදි තැන්වලින් බැහැලා නම් තියෙනවා...
ReplyDeleteජය වේවා කිව්වා එහෙනම් ඔබට...
ඔන්න ඔය වැඩේම දවසක් මටයි මගේ යාලුවෝ ටිකටයි වුනා..ලැජ්ජාවේ කියන්නේ මේ සේරම උන්දලා ටික..සාරි ඇඳගත්තු...වයසක නෝනලා ටිකක් වෙච්චි එකයි..
ReplyDeleteමේක වුනේ රාගමදී...ඔය හවස කෝච්චි දෙකම තමයි...හැබැයි අපි නම් දෙය්යනේ කියලා...මීරිගමට නැගලා..දෙවැනි සැරේ එනවුන්ස් කරන කොට ඇහිලා සාරි කඩාගෙන පැන ගත්ත...
නැත නම් මීරිගම ගිහින් තමයි අපිට මීගමු යන්න වෙන්නේ..
ඒ වුනාට මතක් කර කර අදටත් හිනාවෙන සිද්දියක්...