මේ සිදුවීම අවුරුදු බොහෝ ගනණකට පෙරසිදුවූවකි. එකල අපි දහම්පාසල් යන සිසුවෝ වූහ. පාසලේ උසස්පෙල සිසුන් වූ නිසාම දහම් පාසලේ සිටි ජේෂ්ඨ සිසුන් වූයේද අපියි. දහම් පාසල තිබුනේ අපේ ගමේ විහාරස්ථානයේය. කන්දක් උඩ පිහිටි නමුත් ප්‍රධාන පාරට මුහුනලා තිබුන නිසාත්, පලාතේ ජනප්‍රිය දහම් පාසලක් වුන නිසාත් වටේ පිටේ ගම් වලින් බොහෝ ලමයින් පිරිසක් මෙහි පැමිනෙති.
අපනම් බොහෝ වෙලාවට උදෙන්ම යන්නේ..කුමක් හෝ ක්‍රීඩාවක් කිරීම සඳහායි.තරුණ වියේ සිටියත් අපි ඒදිනවල ප්‍රධාන තැන දුන්නේ ක්‍රීඩාවටයි. අපේ ප්‍රදේශයට ක්‍රීඩාපිටියක් නොතිබුන නිසාත් ,පන්සලේ පහල මිදුල තරමක් විශාලව තිබුන නිසාත් ක්‍රීඩා කිරීමට සීමිත ඉඩකඩක් තිබුනි.
එහෙත් ඒ ක්‍රීඩාකිරීම මහාඅවුල් ජාලයක් වන අවස්තාද නැත්තේ නොවේ.දහම්පාසලේ ප්‍රධානාචාර්යතුමා පොඩි හාමුදුරුවන්ය. එහෙත් උන්වහන්සේ අපට කිසිබාධාවක් නොකලත් ලොකු හාමුදුරුවන් එසේ නොවේ .ඉතාධර්මධර ,විනය ධර හිමිනමක් වූ උන්වහන්සේට ලමයි කෑකෝගසමින් සෙල්ලම් කිරීමතරම්,කෝපගන්වන දෙයක් නැතිතරම්ය. ඒඅස්සේ ටෙනිස් බෝලයක් බුදුගෙයි බිත්තියේ හෝ වීදුරුවේ "දඩෝං" ගා වැදුනොත් අබ සරනය. තත්පරයෙන් ලොකුහාමුදුරුවන් කාමරය අතුගාන කොස්සද රැගෙන කොහෙන් හෝ මතුවේ..! අසු උන එකාට කොසුපහර ලැබේ. පිති,බෝල.විකට්කූරු, උන්වහන්සේගේ සන්තකයට ගනී. ක්‍රීඩාව එදිනට ඉවරය.බොහෝ වෙලාවට අපි මෙවැනි දෙයක් සිදුවුවහොත් මුලින්ම මාරුවීයන්නේ සැමදා දැකපුරුදුනිසාත් කොසුපහර කෑමට සුදුසු වයසක අපසිටිනිසාත්ය.
ඊටඅතර අමතර කතාවක් ඇත,
ක්‍රිකට් වලට අමතරව, ගස්කොටු යනුවෙන් ජනප්‍රිය ක්‍රීඩාවක් තිබුනි.දැන් පොඩි ඈයෝදන්නවාද නොදනිමි. මෙය සිදුවන්නේ ගස් දෙකක් අතර පිහිටි ඉඩකඩකය.ගස් දෙක එකකෙලින්ද,අඩි 150ක පමන දුරකින්ද තිබිය යුතුය. පිල් දෙකකට බෙදුනු පසු එක් පිලකට 10ක් වත් සිටිය යුතුය. සියල්ලෝ තමන්ට නියමිත ගසවටා අල්ලාගෙන සිටියයුතුය. ඉන් එක් අයකු මැද්දට පැමින අනෙක් පිලට පේන්න ,චක්ගුඩු සෙල්ලමේමෙන් එහාට මෙහාට පනී,එහා පැත්තේ එකකු පැමින ඔහුට පහරක් එල්ලකලහොත් ඔහු දැවී යයි. එවිට විරුද්ද පැත්තට ගෙනගොස් පෝලින් ගස්සවා සිටිනු ලැබේ. තමන්ගේ පිලේ අයකු පැමින පහරක් ගසා බේරාගතයුතුය.මෙයට කියන්නේ "අඩි" ගසනවා කියාය. අනිත් පැත්තේ කෙනෙකු දවාගන්නෙත් අඩි ගසාය. එක පැත්තක දවාගත්පිරිස විශාල වූවිට ප්‍රවෙශම් කරගැනීමත් අමාරුය.එකා,එකා, අතින් අල්ලාගෙන දිගට ඇදී සිටින විට අනෙක් පැත්තට කිට්ටුය. ඉතාම සතුටින් නැරඹිය හැකි නරඹන්නන්ට අත්පොඩිගසමින් නැරඹිය හැකි ක්‍රීඩාවකි.
තරුණ වයසේ සිටි අපට ප්‍රේම කතා පුරන්නට දහම් පාසල තරම් තැනක් තවත් නැත.විවිධ පාසල්වලට යන ගැහැණු ලමයි..බොහෝ පිරිසක්මෙහි සිටින නිසා අපේ කොල්ලන් පැණිඇඹලයන් මෙන් හැසිරෙති. මේ සිද්ධියට සම්භන්ධ වන්නේ මගේ ගජයකු වන චමින්දයි. ඒ කාලයේ සිටම පැනියකු වු මොහුට අනඟබැලුම් දාන ගැහැණුලමයකු පහල පන්තියක සිටියාය. එහෙන්,මෙහෙන් නෙතඟ බැලුම් හෙලුවත් ඇයසමඟ කතාකිරීමට අවස්තාවක් දහම් පාසලතුලදී ලබාගත නොහැකිව චමින්ද සිටියේ කනස්සල්ලෙනි. මේ කාලයට මිතුරන් වෙනුවෙන් මෙවැනි උදව් කිරීමට පන ඇරගෙන සිටි මගෙන් ඌ උදව්වක් ලෙස ඉල්ලුවේ දහම්පාසල ඇරුනාම දෙදෙනාත් එක්ක ගෑනුලමයාට ෆලෝපාරක් දෙමුයි කියාය.දහම් පාසලේ සිට නගරයට බස් හෝලට් තුනක් හතරක් තිබෙන නිසා කිසිවෙකු බසයක නොගොස් පා ගමනින්ම යන්නේ විනෝදයටය. චමින්දයා මගෙන් උදව් ඉල්ලුවේ මගේ පියාගෙන් මට ලැබුන අලුත්ම අලුත්.."බෙන්ස්" එක නිසාය.එයනම් අලුත් පාපැදියකි.ඒ කාලයේ අපට නම් පාපැදියක් යනු බෙන්ස් රථයක් තරම් වටින්නේමය.
පාසල අවසන් වුනි. ගැහැනු ලමයින්පිරිස ගියපසු මාව ඉස්සරහ හිඳවාගෙන චමින්දයා බය්සිකලය පැදගෙන යයි. ලමයි ටික පාරේ එකපැත්තකය.අපි අනෙක් පැත්තේය. ඔවුන් යන ගානට අපිත් යන්නෙමු.
මලසමයන් පාර දිගේය.චමින්දයා..බයිසිකලය පදිනගමන් හිනාවේ. රහසින් ඉඟිඹිඟි පා යමක් කියයි,එහා පැත්තේ ගැහැණු ලමයි ටික හිකි..හිකි...ගාමින් හිනාවෙති..කෝලම් ගුලාවකි. මම ඉතිං ඇඹරි ,ඇඹරි බයිසිකලයේ පොල්ල උඩය.එයාකාරයෙන්,මෙයාකාරයෙන් නගරයට ගියා කියමුකො. නගරය කෙලවර තුන්මං හන්දියකි.පන්සල,රෝහල ,පාසල පිහිටි ජනාකීර්ණ මං සන්දියකි.ගැහැණු ලමයින්ට ඉදිරියෙන් ගිය අපි එක සැරේටම වටරවුමක් ගසා..ආපසු හරවන්නට ගියෙමු.
අහෝ....!අභාග්‍යක තරම...???
දඩාං........!!!
බයිසිකලය අනිත් පැත්තට මහ සෙනඟ මැද්දේ ඇදවැටුනි..! සායම ඉවරය.වටේ පිටේ සිටියවුන් කට අතකින් වසාගෙන හිනාවෙති.ඒ මදිවාට මගේ කකුලක් උඩට වැටුනු බයිසිකලය නිසා නැගිටගැනීමටත් බැරිය. හතර විලිලැජ්ජාවය..! ඒ මදිවාට මාවදමාගෙන බයිසිකලෙන් ආපු එකාත් නැත. කොහේදෝ සිට ආ මාමා කෙනෙක් බයිසිකලය ඔසවා මා නැගිටවාලූවේය.එවිටයි මා දැක්කේ, චමින්දයා මාත් එක්ක ආවේ නැහැ වගේ පාරේ කොනකට වී සෙස්සන් සමඟ සිනහ වෙමින් සිටී...####%%&*$@%^&* රටේම කුනුහරප මතක් උනි..!
මම කොරගගහා අමාරුවෙන් අයිනකට වී බයිසිකලයට කුමක්දැයි බැලුවෙමි..!
"අයියට ගොඩක් අමාරුද..?" මිහිරි හඬක් ඇසී මා පසුපස බැලුනේ ඉබේටමය.
මලා අර නංගිලා ටික.....සරුවාන්ගෙම..කූල් වී ගියේය.
"හරිශෝක් යාලුවෙක් නේද ...?" මම ඇගේ සිරියාවන්ත මුහුන දෙස මුව අයාගෙන බලාසිටියෙමි.ඊලඟට යෙහෙලියක් කතාකලාය.
"ඕ ගොල්ලො වැටුනම අර අය්ය බයිසිකලේ අතෑරලා..දිව්වා..පස්සෙ පැත්තකට වෙලා බලා හිටිය..!" මැදැයි කොලා නංගිලා ටික ඔක්කොම විස්තරය දෙන්නේය.
"ආනේ අය්යෙ ඔන්න ඔයාගෙ කකුලෙ දනපොල්කට්ටෙන් ලේ එනව.." අරූගෙ පැණි නගා කියයි.
මොන....මගේ මුලු සරුවාන්ගෙම හිරිවැටිලාය.කකුලක් නැති උනත් නොදැනේ..! ඒ මදිවට ලැජ්ජාවෙ පනයන වැඩේ පාරෙ යන ඈයොත් යන ගමන් මේ මොකක්දැයි එබීබලන එකයි.
"ඒ...****ඔයාගේ ලේන්සුව දෙන්නකො..! ලේ පිහිදාගන්න..!" තවත් එකියක යෝජනාකරයි.
"ඉන්න මං දෙන්නම්"...චමින්දයාගේ ට්‍රයි එක පැනලා ලේන්සුව දීපි. මලා දැන් මොකක්ද කරන්නෙ..? ගන්නවද ,නැත්ද..? මම අරූ ඉන්නවාදැයි බැලීමි.වෙළඳ සැලකට මුවාවී ඔහුහිඳී.
"ආ...ආ..ගන්න..!ගන්න..කමක් නෑ..!" ඇය බලෙන්ම දුන්නාය. ඒත් මම අතට ගත්තත් කකුල පිසදාගන්නමොකක්ද වගේ..? මම ආපසු දුන්නෙමි. ඇය ගත්තේ නැත.
"අපි යනවා..පරිස්සමින් යන්න අය්යේ." නංගිලාගේ ඔවදනකි.
මම ඒ සුනංගුවේම සයිකලයට නැගී පිටත් උනෙමි.කකුලට සුලු තුවාලයකි.ගානක්වත් නැත.පැය භාගයක් ගියේ නැත..
"ඒ වීයෝ...වීයෝ..." චමින්දයා....ඇවිත්..!
"බලු වැඩ කරන්න එපා යකෝ.." මගේ කේන්තිය වචන වලට පෙරලුවෙමි.
"නෑ බං...! මේ...මේ.."
"අනේ පලයන් යන්න...හරි උඹ දැන් ආවේ...?"
"ගනන් ගන්න එපා බං..සුලු දෙයක්නේ...!"
"සුලු දෙයක්...? මෙන්න බලපන්..සුලුදෙය උඹේ ට්‍රයි එක ලේන්සුවත් දීලයි ගියේ..."
"ඈ ...ඇත්තද බං...මොනවද කිව්වෙ..මාවත් දැකලද...?"
"අ ඒක තමයි උඹ පැනල ගියේ....නේද..? අන්න උඹට බැන්න පලු යන්න..!"
"ෂික් අපරාදෙ.....!" චමියා පරල විය..
ඉරිදාවක්...පසු වී තවත් ඉරිදාවක් අවේය..මම කිසිවක් නොවූ ලෙස දහම්පාසලට ගියෙමි.අනික මට එය ටිකක් අමතක වීගියේය. පන්තියට ඇතුලු වුවා පමනි..!
"ස්...ස්..ස්ස්...!"
අර නංගිලා ටික..!චමියා තවම ඇවිත් තිබුනේ නැත..! මමඔවුන් දෙසට ගියේ ඇඹරෙමිනි.
"අපි තුවාල හොඳද බලන්න ආවේ..!"
නෑ එච්චර තුවාල වෙලා තිබුනෙ නැහැ..
"කෝ..මගේ ලේනසුව...?"
හුටා...බොලේ ..මතක නැති උනානෙ...කොහේ දැම්මද..? මතකත් නැත.
"කමක් නෑ..ඒවෙනුවට..වෙන එකක් ඕන හොඳේ..."
ඈ...!!!! මේ මොකක්ද ..වෙන්න යන්නෙ.
බලමු..! කියා මම ශේප් වී ගියෙමි.
පසුව කිහිප වතාවක්..ඇය ..යෙහෙලියන් සමඟ මා හමුවීමට පැමිනියා මතකය..ඇයද..සියල්ල මට පැවසුවේ විහිලුවෙනි..! එහෙත් ඒ විහිලුව මට ඇල්ලුවේ නැත. මා ඉන්පසු ඇය දුටුගමන්ම මාරුවී ගියෙමි.
කාලය ගෙවී ගියේය......!
අපි දහම් පාසලේ විවිධප්රසන්ග ආදිය එකට ඒකතු වී කලෙමු..අපි හොඳ යහලුවන් වී සිටියෙමු. ටික කාලයකින් ඔවුන්ද..අපිද ..එතැනින් සමුගත්තෙමු.
යලිත් බොහෝ කාලය ගෙවීගියේය. දිනකදී..ගාල්ලේදී ඇය හමුවිය.හෙදි සොයුරියක්ලෙස ඇය පුහුනුවෙමින් සිටියාය.මා ඇයට සුබපතා සමුගත්තෙමි. දැන් ඇය කොහේ..සිටිනවාදැයිනොදනිමි.
ප/ලි......මෙය ලියන්නට හේතුවූයේ අද පොහොය දින පන්සලට ගියවිට දුටු දෙයකිනි.එනම් අපි ඒ දිනවල ගස්කොටු ගහපු ගස් දෙකින් ඉතුරු වී තිබූ අනෙක් ගසද අලුතින් පන්සලට පැමිනි විහාරාධිපති හිමියන් විසින් කපාදමා ගල්වැටියක් ඉදිකොට ඉහල මිදුලටම ගෙන ඇත.අනික් ගස මීට කාලයකට පෙර පෙරපාසල් ගොඩනැගිල්ලක් හැදීමට කපා තිබුනි.
මේ සෙල්ලම ගොඩක් ඈයෝ දන්නවනම් විස්තර කරාට සමාකරත්වා...!
පින්තූර ගූගල් වෙතිනි.
මම් නම් ඔය ක්රෙඩාව නොදනී. විස්තර කලා ට තෑන්කු. කොහොමත් පාසල් කාලේ මතකයන් සුන්දරයි.
ReplyDeleteඔව් චන්දන ලියන්න ඇහැකි ඕනතරම්..!
Deleteහික්ස්..
ReplyDeleteපොඩි දේකිං කෙල්ලො අතර වීරයෙක් විය හැකිය..
ඒකනෙ...ගෑල්ලමයින්ට තරහා යයිද මන්දා...!
Deleteවැටි වැටි නැගිටපං කොල්ලා.. :ඩී
ReplyDeleteඔව් සෑම් වැටුනොත්නේ නැගිටින්න පුලුවන්..! හුඟ දවසකින් ආ එකට තැන්කූ..!
Deleteඅය්යෝ අර නංගියා පව් බං ...
ReplyDelete//තරුණ වයසේ සිටි අපට ප්‍රේම කතා පුරන්නට දහම් පාසල තරම් තැනක් තවත් නැත//
අනිවා මීගොඩයා සෑමාගේ පොස්ටුවක මෙය සනාත කලෙමි... නැවත කියමි...
මීගොඩයාට මුල්ම මංගල සීනුව සිලිං සිලිං කියන්නේ දහම්පාසල් භුඋමිය තුළදීය,,, එය ඉතා මනරම් ප්‍රේමයකි, වසරගනනාවක් මම කිසිදු රැඳු සරුවලයකින් තොරව ඇය හා පෙමින් වෙලී සිටියෙමි
එහෙත් මම ඇය හා පෙමින් වෙලී සිටි බවක් අදටත් ඇයට රහසකි
ඔව් මී..ඒ වගේ ප්‍රේමනීය අත්දැකීම් හරිම මිහිරියි..ඒවා හදවතේ කොනක ඉතිරිවෙලා අපිට සමහර වෙලාවට..සුන්දර සිතිවිලි මවනවා නේද..? (හැබැයි ඇයට අදටත් රහසක් වුන එකනම් අපරාදේ..!)
Deleteඋඹ අහලා තියනවද අර වලහගෙයි, යාලුවො දෙන්නගෙයි කතාව.. උඹේ යාලුවත් අන්න ඒ වගේ.. ඌ ලැජ්ජ නැතුව ඇවිල්ලා කෙල්ල මොනවද කිව්වෙත් කියලා ඇහුවනෙ.. උඹට තිබ්බෙ අර බිම නිදාගත්තු එකා දුන්නු උත්තරේම දෙන්න..
ReplyDeleteහේ..හේ... ඒකනම් ඇත්ත.
Deleteඇවිල්ල අහනකොට...මල එකේ හොඳ එකබං..!
හයියෝ චමින්ද ට හිතෙන්න ඇති එයා වැටුනානම් හොඳයි කියලා..
ReplyDeleteදැන් චමින්ද මොකද කරන්නේ?
ඌ එහෙමත් කිව්ව.
Deleteචමිය තමයි..අපේ කාලෙහිටිය..චන්ඩිය..මුලුපලාතම බයයි නම කියන කොටත්(වෙන මදාවි නමක් තිබුන) පස්සෙ කාලෙක පොලීසියත් එක්ක ලොකුකේස් එකක් දාගෙන දැන් පිටරටක ඉන්නව කියලයි ආරංචිය
මැද ටික කියවනකොට මම හිතුවේ එයා තමා වී පොකුරි වුනේ කියලා. හී හී
Deleteඑයාව මුණ ගැහුණු හැටිත් කියන්නකෝ දවසක
ඒකනම් ලස්සන කතාවක් කියන්න තරම් රස සිද්දි ගොඩයි..!
Deleteපොටෝත් දාන්න ඕන නිසා තමයි..ටිකක් හිතන්න වෙලා තියෙන්නෙ.පස්සෙ බලමුකෝ..!
හිහ් "බෙන්ස් එක" :)
ReplyDeleteඅපි නම් ඕවට කිව්වේ ෆෙරාරි කියලා.
ෆෙරාරිය = පෙරා රිය = පෙරන රිය
සයුරිටත් ,පිරිමි ලමෝ ෆෙරාරියෙන් ඇවිල්ල පෙරුවද...!(පැනි)
Deleteගස් කෙටූ සෙල්ලම අපද එකල කළෝය. සිරා කොලුවා අමතර පන්ති වසංගතයට අසුවූ නිසා 7 පන්තියෙන් දහම් පාසලට සමු දුන් නිසා වැඩි කලක් දහම් පාසල ඇසුරේ සිටියේ නැත. ඒ කාලෙ දහම් පාසල් යන්න ඇන්දෙ සරම නෙමෙයිද ? කොහොමද බයිසිකලයෙන් වැටෙන කොට සරම කැඩුනා නම් ආතල් කෝටියයි නේද ?
ReplyDeleteසිරානම් දන්නව සෙල්ලම නේද...මරු ආතල්නේ...!!
Deleteසරම ඇන්ඳේ පොඩි උන් විතරයි,ලොකු එවුන්ට සරම් අන්ඳන්න හාමුදුරුවන් නොගත් වෙහෙසක් නැත. සරම ඇදන් හිටියනම්.????? අම්මෝ ඉවරයි නෙව.
අපිත් ඔය සෙල්ලම කළා පොඩි කාලේ.හොස්ටල් එකේ හවසට සෙල්ලම් කරන වෙලාවෙදිත් ඔය සෙල්ලම තමා අපි වැඩිපුරම කලේ.ඕකයි එල්ලේ ගහන එකයි
Deleteආ...ප්රමුත් දැනගෙන හිටියද..?
Delete'රහසින් ඉඟිඹිඟි පා යමක් කියයි,එහා පැත්තේ ගැහැණු ලමයි ටික හිකි..හිකි...ගාමින් හිනාවෙති..කෝලම් ගුලාවකි. ' - මේ ටික නියමයි :)
ReplyDeleteහී හී..අනේ අනේ සහෝ ඔයාටත් වෙන වැඩ :)
හොඳයි ගෑණුලමයි සෙට් එකක් ඉන්නතැන ඔහොම නොවෙයිද...??
Deleteමතක් වෙනකොටත් මරු ජොලි..!
මරු වැඩේ...
ReplyDeleteමරුදත් අහනව..!
Deleteමේ වගේම සිද්ධියක් මටත් උනානෙ... හැබයි ඒක මීට වැඩිය හුඟක් චා....මොකද මන් වැටුණෙ මඩ වලක. :D ..මේක කියවද්දි මට මීටර් උණේම ඒ සීන් එක....
ReplyDeleteඑලකිරි..සහෝ...
අපොයි මඩවලක් උනානම් කපෝතියි...!
Deleteහපොයි මාර යාලුවෙක් තමයි...ආ ගස්කොටු සෙල්ලම ගැන නම් මම අදයි ඇහැව්වෙත්..ඒක නම් නියමයි අයියේ....
ReplyDeleteමේ සෙල්ලමට ගෑනුලමයිත් එනව සමහර වෙලාවට..සාමූහික සෙල්ලමක්නේ..!
Deleteසැහ්..!! අර කෙල්ල සෙට් උනේ නෑ නෙහ්? :(
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මට හිතුන දේමනේ බොල රජාටත් හිතිලා තියෙන්නේ
Deleteම්හු..!දැන්නම් අපරාදෙ කියල හිතෙනව..(හපොයි..!!! වී පොකුරි දකීද මන්දා..??)
Deleteඒ කියන්නෙ තාම අර ලේන්සුව උඹ ගාව තියනවා නේද ?
Deleteසිතමින්.....(මල කෙලියයි...මේක ඒකත් දැනගෙනද..?)
Deleteහයියෝ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න ඕනෙ
ReplyDeleteෂික්..! ඔය නුවණ ඒකාලෙ තිබුන්නෑනෙ..
Deleteඅපොයි ලැජ්ජාව....අර වලහ දැකල දුවපු මිනිහගෙ කථාව මතක් වුණා.....හික්ස්...
ReplyDeleteඅර ගෑණු ලමයා වී අයියට සෙට් වුණානම් අරයට තේරෙයි කරපු වැරැද්ද?
ඔයාගෙ සෙල්ලම ගැනනම් දන්නෙ නෑ...
සෙට් උනානම් මට උගෙන් අම්බානක කන්න තිබ්බා ඌ ඒකාලෙත් වසවර්තියා.
Deleteඅය්යෝ සිත්තමී ...ඔය උඩ ඉන්න නගාලත් සෙල්ලම දන්නවනෙ..!
hikiz.....ayyatath wena wada.:)
ReplyDeleteඒකනෙ අරලියා....ඔයාව සාදරයෙන් පිලිගන්නව..වීපොකුරට..!
Deleteදෙන දෙය්යෝ බයිසිකලෙන් බිමට දාලම දීලා . හින්දි චිත්‍රපටියක් වගේ. චමින්දය නම් එපා කරපු යාලුවෙක් . අපිත් කරලා තියෙනවා ඔය ගස් දෙකේ සෙල්ලම . අමතක වෙලා තිබුනේ . අපේ දහම්පාසලේ සෙල්ලම් කරන්න ඉඩක් තිබුනේ නැහැ .කිරිපලු ගහ ළඟ කැරකෙන එක තමයි උදෙන් ගියොත් කලේ . කාලා තියෙනවද කිරිපලු . දහම් පාසල් කාලෙත් හරි ලස්සනයි . ගැහැණු ඉස්කෝලෙට ගියාට පිරිමි ළමයි ගොඩක් යාලුවෝ වුණේ දහම් පාසලෙන් තමයි.
ReplyDeleteකවදත් වගේ වී පොකුර අපිව අතීතෙට ගෙනිච්චා
කිරිපලු කියල අහල තිබුනට කිසිම දෙයක් ඒගැන දන්නෙ නැහැනෙ.ඒ ගැන කියන්නකො. දහම්පාසලේ විවිධ ප්‍රසංග වලට තමා මමනම් ආසම නාට්‍ය බරගානක් කලා මතකයි..!
Deleteකෙල්ලෝ ඉස්සරහ වගේ දානවා වගේම වැටෙන එකත් හොඳට ට්‍රික් එකක් :ඪ් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි වගේ
ReplyDeleteඅපෝ..ඕව කියන්න එපා මලයල ටික ඕව අත්හදා බලන්න ගිහිල්ලා අතපය කඩාගනී....!:)))))
Delete@ වීපොකුර
Deleteඅනගිරත්නගේ නරලොව හොල්මන් පොතේ තියෙන කතාවක හැටියට මිනිහා කෙල්ලෙක්ගේ ගෙයක් ගාව බයික් එකෙන් වැටුණාම මිනිහව නැගිට්ටවලා අත පය පිහිදාපු මිනිහත් එක්ක තමා ඒ ගෙදර කෙල්ල යාලු වෙන්නේ.. :D
ඒකනම් ජොලිම වැඩේ තමා..!
Deleteඅපි ඉස්කෝලේ චක් ගුඩු පැනපු හැටි මතක් උනා...හිත අතීතයට ගියා මොහොතකට..
ReplyDeleteහොඳ පෝස්ටුවක්..
චක්ගුඩු වලදි අල්ලල බදාගන්නවනෙ...මේකෙදි එහෙම නෑ ඩෝයි ගාල පිටට පාරක් දෙනව අඩි ගහනව කියල කියන්නෙ..ස්තුතියි..රෙහානි..!
Deleteආ.. මම දැනගෙන උන්නෙ නෑනෙ ඔය සෙල්ලම... :O
ReplyDeleteඅපේ කාලෙනම් ඔය සෙල්ලම ගැහැණුලමයිත් කරා...සමහර වෙලාවට දෙගොල්ලොම එකතු වෙලාකලා..හරි සාමූහික සෙල්ලමක්..!
Deleteඑලවගෙන එනකොට පන එපෝ කියල දුවන්නත් පුලුවන් වෙන්න ඕන..!
මෙන්න මම ආසම විදියෙ පෝස්ට් එකක්. උඹත් මාර බඩුවක්නෙ. එහෙත් ඒ විහිලුව මට ඇල්ලුවේ නැති නිසා දුටුගමන් මාරු වී ගියේ? අපරාදෙන බං. අර චමින්දය නම් මහා අපතයෙක්.
ReplyDeleteඔය සෙල්ලම නම් මට මතක නෑ. මට මතක තියෙන එක ගස් හතරක් තියෙන කට්ටි පැනීමද මොකක්ද කියපු එකක්. ගස් හතරෙම කොල්ලෝ ඉන්නවා ගහ අල්ලගෙන. ගහ අල්ලගෙන ඉන්න තාක් කල් ඉමියුන්. ඉතින් මැද එකෙක් ඉන්නවා ගහක් නැතුව, ඌට ගස් හතරක් එකපාර සුපවයිස් කරන්න බෑනෙ. අනිත් උන් ගස් මාරු කරන්න ඕනෙ./ මැද එකා වේකන්ට් ගහකට පැන්නොත් අර මග හිටපු එකා මැදට යනවා. ඔන්න ඔය වගෙයි මතක.
මේ වගෙ සුන්දර මතක තව ඕනේ!!!
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
අපරාදෙ කියල හැමෝම කියනව....!(මට ගෙදරින් බැනුම් අස්සන්නද හදන්නේ..!):)))
Deleteඔය සෙල්ලම වෙන එකක් ඩූඩ්..!
මේ එක එක නම් වලින් ඇවිල්ල අඳුන ගන්නත් බැරි උනා..!
ගස්කොටු එක පාරක් මාත් කොරා
ReplyDeleteඋඹ ඔයිං ගියා මදෑ මම නම් කෙල්ලෙක්වත් දාගෙනම බයිසිකල් එකෙන් වැටිලා තියේ...
http://sinhalaya-lokayata.blogspot.com/2012/04/blog-post_23.html
මගේ කතාව පරාදයිනෙව බං...මං ඒපැත්තෙ ගිහින් බලා ආවෙ...,!!
Deleteඅපි කිවුවේ ගස් කොඩි දානවා කියලා. එහා පිලේ එකෙක් ගෙනාවම කියන්නේ හිර කාරය නැත්නම් හිරට තියාගන්න එක. එක පිලකට එකෙක් අඩු වුනාම අපි හුන්ගෙක් ගන්නවා.
ReplyDeleteඅර යාළුවා වගේ එකෙක් එක්ක ආයේ ගියානම් ඉස්සෙල්ලම උඹට ගහන්නේ මම..
මෙන්න සිරා පැහැදිලි කරල....මටත් වඩා.!
Deleteනම පොඩ්ඩක් වෙනස් විතරයි..! හුංගෙක් ගන්නව තමයි...!
එකා ඔහොම කලාට සිරා බුවෙක් මචං...පස්සෙ ලියන්නම්කො වෙලාවක..!
හත් උලව්වයි. වහකාල කැලේ තමා රිංගන්ට වෙන්නේ කොලුවෝ. මේ සෙල්ලම ගැන මමත් ඇහුවේ ජීවිතේ පලවෙනි වතාවට. බොහොම ලස්සනයි නීරස භාවයකින් තොරව කියවන්නට පුළුවන්.
ReplyDeleteඔහෙප්පලයං...! මේ කෝරලේ උතුමන් නොවේද..!
Deleteපිලිගන්නව..සතුටින්...!
බොහෝම ස්තුතියි..අගය කිරීමට..!
මගේ යාලුවෙකුත් බයිසිකලයෙන් ගෑනු ළමයින්ට පෙනෙන්න වැඩ දාන්න ගිහින් වැටුනා. නගරය මැද. පොලීසියත් බලාගෙන. ඔයාගේ අර යාලුවා වගේ කපටි කෙල්ලෝ ටිකක් තමයි මෙතැනදී මුල් වුනේ.උන් යාළුවාව ලස්සනට ඇන්දුවා. මගේ යාලුවා ගෑනු ළමයි ඉන්න බස් හෝල්ට් එක ඉස්සරහි කීප වතාවක් එහාට මෙහාට ගියා. කෙල්ලෝ ටික කතාවෙලා එක වරම උඩ බලලා කිව්වා 'අනේ අර . . .කැඩිච්ච ප්ලේන් එකක් තව එකකින් ඇදගෙන යනවා' කියලා. මගේ යාලුවත් වෘෂභ රාජයා සේ උඩ බැලුවා. බැලන්ස් එක නැතුව පාර මැද දෝයියන් වුනා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මුලින්ම කියන්න ඕනි..විචාරක මේ පැත්තෙ ගොඩවුනාට හරිම සතුටුයි..මමත් ඇහැක් වෙලාවට ඒ පැත්තෙ කාලෙක් ඉඳල එනව..!
Deleteසිරාම වැඩක්නෙ යාලුවට වෙලා තියෙන්නෙ..ලස්සනට ගොතල ලියන්නකො වෙනසකටත් එක්ක වෙලාවක ඔය වගේ සිද්ධි..!
ඔන්න පුංචි කතා එකතුවක් දාලා තියනවා. බලන්නකෝ හොඳද කියලා.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
අනිවා..බලන්න ඕන..!
Deleteමේ පැත්තට මුලින් ඇවිත් ගිය වග මතකයි. ඔන්න මම ඔන්ලයින් පේන්නම දාගත්තා.
ReplyDeleteදැන් හරි..
ඔව්..ඔව්.. ඔබතුමා ආව..මීට කලින්,බොහොම ස්තුතියි..වටිනාකමක් දුන්නට.
Delete