Wednesday, September 26, 2012

සහෝදර ප්‍රේමය..!



පොඩි ඈයො පන්තිවලින් එලියට බැහැල...තොර‍තෝංචියක් නැති කෑ ගැහිල්ල හරියට  ඇලක් අද්දර ,කෙකටිය ගාලක් අද්දර කෑ ගහන කොරවක්කු පොකුරක් වගේ.

සමහරුන් අපි එනකන් බලා හිටිය වගේ.....තඩි බාස්කට් ඔසවාගෙන පන්තියට ඇතුල් වෙනකොට පස්සෙන් වැටිල හැමෝම වාඩි උනේ ටීචර්ගෙ අණකිරීමට. 

අද 1වසරෙ අපේ දූගෙ පන්තියෙ කෑම වේල දෙන දවස. පුන්චි එවුන්ගෙ මූනු කුතුහලයකින් පිරිල..? සමහරුන්ට ඉවසුමක් නෑ අද කෑමට මොනවද ලැබෙන්නෙ කියල. ඒ අතරෙ  කටකාර කොලුවෙක් අපේ දුවට කිට්‍ටු වෙයි....

"චතුනි...මොනවද අද කෑමට දෙන්නෙ.." අපේ දුව හිනාවෙයි.

"හා..අඩ..පයිඩ් රයිස්.." තවත්  අයෙක් කෑම බෙදන්නට සූදානම් වෙනවා බලා කියයි. 

හැමොටම හිනාවක්...සමහරුන්ගේ මේ කිරිදත් වැටෙන වයසයි..ඒ නිසා හිනා වෙන විට හරිම විසුලු ස්වභාවයකි.
පොඩි ඈයෝ තමන්ගේ රුචිකත්වයට අනුව ආහාර භුක්ති විඳියි.

අතුරු පස ලැබෙන වෙලාවයි..අපේ නිවසේ දීර්ඝ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව තීරණය කෙරුනේ...අයිස් පලම් දිය යුතු බවයි...පුන්චි ඈයෝ ආසයි නෙව.

සියල්ලනටම එක ගානේ ලැබුනි. අමෘතයක් ලැබුන ලෙස රසවිඳිති. 
මා විසින් නැවත පරීකෂාවක් කලෙමි. පන්තියේ තමන්ගේ පු‍ටුව අසලම ගැවසෙන පුතකුගේ අතේ අයිස් පලමක් නැත. කුමක් වූයේද ..?
සියල්ලටම බෙදූබව මතකයි...

"පුතා..ඔයාට හම්බ උනේ නැත්ද...! අයිස්ක්‍රීම්..!" මා විමසූවෙමි.

කතාවක් නැත...මාදෙස බලා ඉවත බලාගත්තා පමනි.

"ඇයි පුතේ ඔයාට ලැබුන්නැත්ද..!" නැවත මා ඇසුවෙමි.කුඩා කොලු පැටියා දත් කීපයක් හැලී ගිය මුව විවර කර අපහසුවෙන්...මුවට සිනාවක් නගාගෙන හිස ඉහලට පහලට වනා ලැබුනු බව ඇඟවීය.

"කෝ කොහේද..?" මට කුතුහලයකි.
ඔහු බෑගය පෙන්වීය.

මා බෑගය විවර කර බැලූයෙමි. දරුවා බියවීය.

''පුතේ ඔයාට කන්න අයිස් ක්‍රීම් දුන්නෙ . අනික ගිනියන්න බෑනේ දිය වෙනවනෙ''.ටීචර්ට මේ කලබ්ගෑනිය ඇසීන .

"ලසිඳු ඇයි පුතා..කාටද ..? මෙහෙට එන්නකො.."
දරුවා කඳුලු පොරෝ ගෙන...අයිස්පලම කටට ලංකරගෙන බයෙන් ටීච ලඟ.  යමක් ඔහුගෙන් අසයි..??

"ආනේ.. පුදුම දරුවෙක්නේ..." ටීචර් කියයි.

"අද ශිෂ්ශ්‍යත්වෙ ප්‍රිතිඵල ආවනෙ..මෙයාගේ අක්කත් පාස් වෙලා..එයාට ගිනියන්න තමා එයාගෙ එක කන්නෙ නැතිව බෑග් එකේ දමාගෙන තියෙන්නෙ"

පුදුම දරුවෙකි...අනිත් දරුවන් මේ ඉඳහිට ලැබෙන මේ අතුරුපස හොඳහැටි සප්පායම් වෙති.එහෙත් මේ දරුවා...........???

අක්කාගේ දක්ෂතාවය දැක සතු‍ටු වී මේ කුඩා දරුවා....තිලිණයක් ලෙස, කලාතුරකින් තමනට ලැබුනු ආහාරය පරිත්‍යාග කිරීමට කිසිම ලෝභකමක් නැතිව සූදානම් වූ හැටි. වැඩිහිටි අප ලඟ නැති අනෙක් දරුවන් බොහෝ දෙනෙකුට නැති මේ දරුවාගේ මේ ක්‍රියාව අපසැමගේ නෙතට කඳුලක් නැගූ බව කිවයුතුයි.


මෙවන් දරුවන් දෙමාපියන්ට වාසනාවකි....!
මෙවන් දරුවන් රටට වාසනාවකි....!

*************
ප.ලි..........ලියල ඉවරවෙනකොට රෑ12ත් පහුවෙලා..ඒ නිසා දිනේ වෙනස නොසලකා හරින්න.



64 comments:

  1. ඇත්තෙන්ම ඕනම පොඩි දරුවෙක්ට අයිස්ක්‍රීම් කිව්වම ඉතිං තව මොනවද. ඒත් ඒ වගේ තමන් ඉතා ආසකරන දෙයක් තවත් කෙනෙක්ට පරිත්‍යාග කරන්න හිත හදාගන්න එක වැඩිහිටි අපට උනත් ටිකක් අමාරු කාරියක්. ඒ අතින් ඒ පොඩි එකා රත්තරන්, විශේෂයෙන් සෝයුරියගෙ දක්‍ෂතාවයට තෑග්ගක් ලෙස දෙන්න හිතපු එකත් එක්ක බැලුවම කොළු පැටිය අල්ල ඉඹින්න හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම..! හරිම අහිංසක කොලුපැටියෙක්, ටීචර් කිව්ව පන්තියෙ කරදරයක් නැතිව වැඩකරන ලමයෙක් කියල.

      Delete
  2. සමහර පොඩි දරුවෝ ඉන්නවා ඔය විදියට බෙදා හදාගෙන කන්න පොඩි කාලේ ඉදන්ම පුරුදු වෙන!ඒක දෙමව්පියන්ගෙන් එන පුරුද්දක් විදියටයි මම නම් දකින්නේ!ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඔය හොඳ පුරුදු මේ සමාජ ක්‍රමය මගින් වෙනස් කර අන්තිමට තවත් කුහකයෙක් දොට්ට දැමීමයි!

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් වෙලාවට දෙමව්පියන් නොදැනුවත්වම සිදුකරන දේවල් නිසා පොඩි එවුන් ඔය හොඳපුරුදු වලින් ඈත්වෙනව.

      Delete
  3. අප්පා...
    අපිටවත් හිතෙන්නෑනේ...
    ඒකනං මාරම සහෝදර ප්‍රේමයක් තමා..
    ලොකු වෙනකොටත් ඔය ගතිගුණ තිබුනොත් හොදයි...

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ ඔය දරුවගෙ අම්ම ඉස්කෝලෙට එනව හැබැයි එයානම් හරි නපුරුයි..!

      Delete
  4. හ්ම්ම්,,ඇස්වලට කඳුළු එන කතාවක් තමා.. :( පව් අප්පා,,

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ඉන්නව නේද සහෝදරියක්....මම දැක්ක ලිපියක්දාල තිබුන.

      Delete
  5. අනේ මටත් දුක හිතුනා :( හරිම හොඳ ළමයෙක්...

    වී අයියට මෙච්චර ලොකු දුවෙක් ඉන්නවද අප්පා :) නියමයි නේ. මම මුලින් හිතුවේ තාම බැඳලාවත් නැද්ද කියලා. "චතුනි" ලස්සන නමක්.

    ReplyDelete
    Replies
    1. සංවේදී සිත් ඇත්තන්ට..දැනෙන දෙයක් උනේ....!

      ලොකු දුවෙක්..??? අය්යෝ තාම අවු.6 කෙල්ලට.
      ඔව් සයුරි...විවාහයත්..ලමාලපටි හැදීමත්, වෙලාවට කලාවට කලයුතුයි නේද..?

      Delete
  6. මට හිතෙන දෙයක් තමා පොඩි කාලේ මෙච්චර හොඳ ළමයි ලොකු වුනාම අපරාධකාරයෝ වෙන්නේ ඇයි කියල.
    හොඳ තියාගෙන සමාජේ ජීවත් වෙන්න බැරි නිසාද..??

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ප්‍රමුදි..,සමාජය හරිම තරඟකාරියි....! ඒ නිසා ඒ තරඟයට වැ‍ටුනාම ඉබේම.....නරක්වෙනව.

      Delete
  7. පොඩි එවුන් ටිකක් එක්ක ඉන්න කොට අපිත් දන්නෙම නැතුව ඒ කාලෙට යනවා. කොහොමත් පොඩි උන්ගේ හිත් සුවදයි..උන් ලොකු වෙලා වෙනකොට තමයි එක එක විෂබීජ හිත් වලට වැටෙන්නේ.කතාවට කියන්නේ අවංක හිනාව තියන්නේ පොඩි දරුවෝ ලග කියලා..ඒ හොද ගතිගුණ ලොකු වෙනකොටත් ඉතිරි වෙන්නේ එහෙමත් කෙනෙක් ලග විතරයි.

    ReplyDelete
  8. පුංචි සිත් හරිම සුන්දරයි කියනවනේ. වයසත් එක්ක ඒ සිත් වෙනස් වෙනවා

    ReplyDelete
  9. පුංචි දරුවන්ගේ ලෝකය සුන්දරයි. එවුන් හිතන්නෙ ඒ සුන්දර විදියටමයි.අයිසික්‍රීම් එක වුනත් අක්කගේ විභාගය සමත් වෙච්ච එක පොඩි එකාටත් සතුටක් වෙන්නඇති. ඒ නිසා වැඩිය හතන්නැතුව කල දේ අපූරුයි .

    මේක සංවේදි සිතුවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. දයාට ගීයක් ලියන්න හොඳ නිමිත්තක් නේද..?

      Delete
  10. කොහොමටත් මගේ හිත ගැස්සෙන මාතෘකවක්.....

    වතුරට වඩා ලේ ගනකමයි කියන්නේ ඔන්න ඔය හේතුව හින්දා තමයි වී ....

    මේවගේ දේවල් ළමයින්ට පුරුදු කරන එක දෙමව් පියන් සතු වගකීමක්... පුංචි කාලෙදිම අඟවන්න ඔනේ කවද හරි ඔයාට තනි නොතනියට ඉන්නේ සහෝදරයො තමයි කියලා... ඒ වගේම තමයි දෙමව් පියන් තමන්ගේ සහෝදරයො එක්ක සහෝදර සම්බන්ධකම් පවත්වන විදියත් දරුවන්ගෙ හිතත තදින් බලපානවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..මී ගොඩයා...,
      පෝස්ට් එකේ හරය කැටිකරල දීපු කමෙන්ට් එකක්..!

      Delete
    2. මී ගොඩයා සහෝ දාලා තියෙන කමෙන්ට් එකේ මටත් හිතුනු දේවල්ම ලියවිලා තියෙනවා.දෙමව්පියන් තම තමන්ගේ සහෝදර සහෝදරියන් එක්ක හැසිරෙන විදිය එච්චරම හොද නැත්නම් ඒවා බලන ඉන්න පොඩි අයටත් ඒ ගති ගුණම පිහිටනවා. ඒ වගේ දේවල් නොවෙන්න දෙමවුපියන් වගබලා ගන්න ඕනේ.

      මාත් හිතුවේ නෑ වී බැදලා පොඩි දරුවෙකුත් ඉන්න තාත්තා කෙනෙක් කියලා. :)

      Delete
    3. කලින්පෝස්ට් වල ලියලා ඇත්තෙ..ඉෂාන්..! මට දූල දෙන්නෙක් ඉන්නව.ඔය ලොක්කි ගැන.

      පොඩි අය රස කෑමක් ලැබුනාම කොච්චර ආසාද..? එහෙම තියෙද්දිත්..පොඩි එකාගෙ වැඩේ වටින්නෙ..ඒකයි.

      Delete
  11. සමහර පොඩි අය ඇත්තටම ගොඩක් පරිතාග්‍යශීලියි.

    ReplyDelete
    Replies
    1. ඔව් ආසා හිතෙනවා එහෙම පොඩීවුන්ට..!

      Delete
  12. මට නම් කඳුලුත් ආවා . අපේ දෙන්නටත් මන් පුරුදු කරන්නේ පොඩි දෙයක් වුනත් පවුලේ හැමෝම කන්න ඕන කියල . වැඩිපුර තියෙන දෙයක් බෙදාගන්න ලේසියි. ඒත් මේ පොඩි එකාගේ පරිත්‍යාගය අමිලයි

    ReplyDelete
    Replies
    1. මං ඒත් බැලුව බින්දිට මක් වෙලාද,...? කියල, කලින් පෝස්ට් එකටත් ආවෙ නැති නිසා..!

      ඇත්තෙන්ම ඇහැට කඳුලක් පැමිනීම පුදුමයක් නොවේ සංවේදී මිනිසුන් හැටියට...! වැඩේ කියන්නෙ පොඩි එකා තව එකක් ඉල්ලුවේවත් නැහැනෙ...!

      Delete
  13. ඇත්තෙන්නම් එවන් දරුවන් සමාජයට රටට මහඟු සම්පතකී එවන් අංකුර සාරවත්ව වැඩීමට දෙමාපියන් වන අප වගබලාගත යුතුමය ඔබගේ ලිපිය හදවතටම දැනුනී ස්තුතී ඔබට

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රාජ්..එවන් දරුවන් දෙමාපියන්ට සම්පතකි. ලිපියේ අන්තර්ගතය බෙදාහදාගත්තාට ඔබටත් ස්තුතියි..!

      Delete
  14. ඇත්තමයි පුදුමාකාර දරුවෙක්... මේ තරම් පොඩි වයසකදි මේ තරම් පරිත්‍යාගයක් කරන්න හිතුනෙ කොහොමද ? සාංසාරික බැදීමක් වෙන්න ඇති...

    මම හිතුවෙ වී පොකුර අපි වගේ නිදහස් බමරෙක් කියලා... බලන් යනකොට එක්දරු පියෙක්නෙ.... චතුනිට වගේම මේ දරුවො හැමෝටම සුභ අනාගතයකට ආසිරි !!!


    මාලි වෙනුවෙන් අත්සනක් ගහන්න එන්න

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුනා සංසාරික බැඳීමක් වෙන්න ඇති.
      නිදහස් කොහිද..? දෙදරු මචං..!

      ස්තුතියි...සිරා..!

      Delete
  15. ඇත්තටම ඇස් දෙක තෙත්වුනා වී... ඒ ළමයා කවදා හරි රටට සම්පතක් වේවි..

    ReplyDelete
    Replies
    1. ඔව් දක්ෂ දරුවෙක්..!
      සංවේදී ඔබටත් දැනුනාද..!

      Delete
  16. අවංකවම වටිනා ළමයෙක්....

    ReplyDelete
  17. මේ සහෝදරකම් මනුස්සකම් ලොකු වෙනකොටත් තියෙනවා නම් හුඟක් හොඳයි

    ReplyDelete
    Replies
    1. ඒකනම් ප්‍රශ්ණාර්ථයක් තමයි...?

      Delete
  18. පොඩි අය කො‍හොමත් ලොකු අයට වඩා හොඳයි... ඒහෙම නේද?

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා..අලුත් මල්ලි..!

      ඇත්ත.
      පොඩි ඈයොමල් වගේ..හිතේ ව්‍යාජත්වයක් නැහැ..සිතිවිලි අහිංසකයි..!

      Delete
  19. ලස්සන කතාවක්.මටත් පුංචි කාලේ එක යාළුවෙක් හිටියා.විභාගේ දවසක අඩි රූලක් නැතිවුණාම මට එයාගේ අඩි රූල දෙකට කඩලා එක කෑල්ලක් දුන්නා.ඒත් දැන් එයා කොහෙද කියලා මම තාමත් හොයනවා.සංවේදී කතාවක්.ජය!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..සහෝ..!
      හොඳ යාලුවෙක්නෙ....ඉඳලතියෙන්නෙ.

      Delete
  20. කොච්චර හොඳ දරුවෙක්ද? ඇස් දෙකට නිතැතින්ම කඳුළක් ආවා.

    ReplyDelete
    Replies
    1. අහිංසක දරුවෙක්...!
      ස්තුතියි...සිතූ..!

      Delete
  21. යන එන අතර තුර ඔබේ ගිමන් හලේත් නැවති මා සිත නිවා ගතිමි.ජය!

    ReplyDelete
    Replies
    1. සතුටක්සොයා පැමිනීම...ගයනි...ආයිත් එන්න.
      ඔබට ජයෙන් ජය..!

      Delete
  22. අනේ.. ඔය සහොදරකම් ලොකු වෙනකොටත් තිබුනොත් නම් හොඳයි.. ඒත් මේ දූෂිත සමාජේ ඇතුලේ පුංචි හිත් තලලා දාන්නේ කිසිම අනුකම්පාවක් නැතුවනේ..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ගොඩවැදුනාට..!
      ඔව් ලමයින්ගේ ලෝකය විනාශ කරන්නේ වැඩිහිටි අපිමයි..!

      Delete
  23. කෝ බං මම මේකට ඒ දවස්වලම දාපු කමෙන්ට් එක? ඒකට උඹ මොනවා කිව්වද කියලා බලන්න ආවේ. ඒක ස්පෑම් එකේ නැතිනම්, මේ මම කියවලා තියෙන අතිශයින්ම සංවේදී කතාවලින් එකක් කියලා නැවත කියන්නම්.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. නැහැනෙ බං..ස්පෑම් වෙලත් නැහැ...!
      මේ බ්ලොගර් කාරය මේ අටමගල දැන් වෙනස් කොරලනෙ...!
      ස්තුතියි මචං ආයිත් ඇවිල්ල හොයල බැලුවට ..
      ජය වේවා..!!

      Delete
  24. දුකත් හිතුනා.. ඒත් ලස්සන කතාවක්... පුංචි කාලෙ සහෝදර බැදීම්, මේ හිත් වල ලස්සන හැමදාමත් තියේනම්.....

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඔව් හිතූ..!
      ස්තුතියි ඔයාටත්..!

      Delete
  25. මේ දරුවන්ගේ තිබෙන සහෝදර ප්‍රේමය, මානව දයාව, සමානාත්මතාව පිලිබඳ හැංගීම, මොට කරලා, ඔවුන්ගේ සිත දුෂණය කරලා දාන්නේ අපිම නේද?

    පොඩි එකෙක් 'පයිඩ් රයිස්' කීම සාධාරණයි.බලන්නකෝ කඩවල විකුනන්නේ, 'ප්‍රයිඩ් රයිස්' = ආඩම්බර බත්? (ඇත්ත තමයි ගන්න ගියාම උන්ගේ ආඩම්බර බලන්න ඕනෙනේ අපි)එහෙමත් නැත්නම් 'ෆයිඩ් රයිස්'. මේවා ලියන උන්ට ඒ ගැන කිසිදු අවබෝධයක් නැහැ තමයි. නමුත් උදේ හවස මේවා දකින ළමයි හිතන්නේ, ඒ නිවැරැදි වචනය කියලා.කඩවල් ටිකක පමණයි 'ෆ්‍රයිඩ් රයිස්' විකුනන්නේ.හැබැයි 'තෙම්පරාදු කල බත්' කියලා ලිව්වොත්, බලු බල්ලෙක් ගන්නේ නෑ. ඉඳුල් වුනත් කමක් නෑ ඉංගිරිසි නමක් තියනවනම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම වැඩිහිටි අපි ඒ වගකීම භාරගත යුතුයි..!
      ස්තුතියි විචාරක..

      Delete
  26. පට්ට කතාව හිතේ දුකකුත් එක්ක කියවපු...!!!!! නියමයි සහෝ.....

    ReplyDelete
    Replies
    1. ඔව් මචං සිද්ධිය උන දවසේ ම ලිව්වේ ඒ නිසා..!
      ස්තුතියි.!

      Delete
  27. අනේ අදනම් එන්න හොඳටම පරක්කු උනා. මුලින්ම සොලී වෙන්න ඕනේ. මේ වගේ දේවල් අදකාලේ දරුවන්ගෙන් දකින්න ලැබෙන එකත් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ මචං..! ආයිත් එමු..!

      Delete
  28. Replies
    1. හ්ම්..පුදුම ලමයෙක් තමා..!
      සිංහල වලට මක්කැයි උනේ..!

      Delete
  29. ඉතාම සංවේදී පෝස්‍ටුවක් යාළුවා.හිතට මොකක්ද උනා වගේ දැනුනා. මගේ දුව මොන්ටිසෝරි යන්න පටන් අරන් තවම මාසයයි. හැමදාම වෙන දේවල් එයාගේ අම්මා ම්ට කියනවා. පුංචි හිත් ගැන හිතන කොට හරි පුදුමයි.
    ජය..!!

    ReplyDelete
    Replies
    1. දරුවන්ට දෙමාපියන්ගෙන් දෙන්න පුලුවන් ලොකුම දෑවැද්ද..තමා හොඳගතිගුණ..!

      Delete
  30. ඇත්තටම මෙවැනි දරුවන් ඒ දෙමාපියන්ටත්, රටටත් වාසනාවක්....
    මාත් මේ පැත්තට අවා ඕන්.... :)

    ReplyDelete
    Replies
    1. සමනලී සාදරයෙන් පිලිගන්නවා..වීපොකුරට..!
      ආයිත් එන්න.

      Delete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...