Sunday, December 16, 2012

ළමයින්ගේ සිතුම්,පැතුම් නිසිපරිදි අපි අවබෝධ කරගෙන තිබේද..?



අවුරුද්දෙ අන්තිම දින කීපය ගෙවීගෙන යන මේ දවස්වල අපේ  ජීවිතත් හරියට මහලුවියට එලඹුන මිනිසුන් වගේ අලස විදියට ගෙවෙන බවකුයි දැනෙන්නෙ. සමහර දිනවලට ආකාසෙ කළුවර වෙලා හරිම මූසල ගතියක් දවස පුරාම පැතිරිලා. එදාට ඉර හොයන්න විදුලිපන්දමක් අල්ලන්න ඕන.
වෙනද මේ වෙනකොට "සේල්" පොලවල් වැහි වැහැල..රෙදි,විදුලි උපකරණ,ගෘහ උපකරණ ආදී මෙකී,නොකී බොහෝ දේවල් වැහිවැහැල. මිනිස්සු ලෝක විනාසෙට බය වෙලාද මන්දා..?

පාසැල් වල අවසාන වාරය නිසා පොඩි ඈයොත් හිටියෙ හරිම සතුටින් ඇයි ඊලඟට නිවාඩු කාලෙනෙ. කොහොම උනත් නිවාඩුවට කලින් හැමෝටම වාර අවසාන විභාගෙ තිබුන. මේ අවුරුද්දෙ ඉස්කෝලෙට ඇතුල්කලත්,මුල්වසරෙ උනත් අපේ "ලොක්කිලටත්" විෂයන් හතරක් සඳහා විභාග ප්‍රශ්ණපත්‍ර දෙන්න නියමිතවෙලා තිබුන. ඊට හේතු විදියට පාසැලෙන් කිව්වෙ...විභාගය කියන්නෙ මෙහෙම දෙයක්ය..ඒකට උත්තර ලියන්නෙ මෙහෙමය..දෙන කාලවේලාව මෙහෙමය..යනුවෙන් අත්දැකීමක් ලබන්නට මේ ලෙස ප්‍රශ්ණපත්‍ර දෙනබවයි.

කොහොම උනත් විභාගය තරඟකාරීදෙයක්නෙ. ඒනිසා අපේ ලොක්කිට අපි කලේ විභාගයට හොඳින්ම ලකුණු ගත්තොත් චිත්‍ර අඳින්න ඉල්ලමින් සිටි ටියුබ් කලර්ස් පෙට්ටියක්  අරන්දෙන බවත්..හොඳින් පාඩම් කර ලිවිය යුතු බවත්ය.

ඇත්තෙන්ම මේ වයසේ දරුවන් සෙල්ලමටමයි හිත.  පොත්පත්  ආසාවෙන් බැලුවත්,පාඩම් කිරීම නම් දුශ්කර දෙයකි..එක්කෝ..

"අම්මෙ මට නිදි මතයි"

"කාපු ගමන්නේ...බඩත් රිදෙනව.."

"මට පත්තරේ කියවන්න තියෙනව පස්සෙ ..! "
ඔන්න හේතු. ඒ නිසාවෙන්ම අපි කලේ ඇය ආසාකරන දෙයක් අරන් දෙන්නට නම්...විභාගය හොඳට කලයුතුය යන්නයි.

 දින දෙකක් තුල පැවැත්වුනු විභාගය ප්‍රශ්ණපත්‍ර 4කින් සමන්විත උනා..ඉතා ලෙහෙසි වුනත් විශයන් දෙකකට  ලකුනු කීපයක් අඩුවී තිබුනේ ඇය කලබලෙන් කියවා තිබුනු නිසයි..!

දැන් නිවසේ වට මේස සාකච්ඡාවක්...

"බලන්න..ඔයා කලබලේ හරියට කියවලා නැහැනෙ පුතේ"

"ඒකයි..ඔයාට උත්තරේ ‍තෝරගන්න බැරිවෙලා තියෙන්නෙ...ඔයා උත්තරය දන්නවනෙ."
ඇය නිහඬවම සියල්ල අසා සිටියාය. 
නිවාඩුව පටන් ගත්පසු බොහෝ පොඩි උන්ගෙ ආසාව ආච්චිලගෙ ගෙවල් වලට දුවන්නනෙ. ඔන්න අපේ චතුනි දුවත් ආච්චිලගෙ ගෙදර ගියා..!

දින කීපයක් ගෙවීගිය එක් දිනෙක...
"ඒයි... මේ  එන්නකො වැඩක් පෙන්නන්න." අපේ උන්දැ..ඇස් ගෙඩි දෙකට කඳුලු පුරෝගෙන... 
මට කිසිවක් අව්බෝධ නොහී. ඇය බිත්තියක් දෙසට ඇඟිල්ල පෑවාය.
විශාලණය කර බලන්න..මෙලෙස ලියා ඇත.  මම චතුනි මම විබාගෙන් පරාද උනා.

මට සිටිතැන් අමතක විය...අපි දුවන මේ හැල්මේ අපේ දරුවන්ගේ ලෝකයට එබීබලන විදිය කෙතරම් ආත්මාර්ථ කාමීද..? අපදුර දිගනොබලා පවසන යම්දේ තුලින් පුංචි හිත්වලට කෙතරම් විපතක් කරනවාද...?
හිතාගන්න බෑ මොනවා කරන්නද කියල..අපි දෙන්නාම...නොසෑහෙන්න දුක් වූයෙමු රාත්‍රිය පුරාම නින්දක් නැත..!
උදෙන්ම අවදි වී ගොස් පොත් කඩයේ තිබූ ඉස්තරම්ම ටියුබ් කලර්ස් පෙට්ටියක් ‍රැගෙන ගොස් දුනිමි.
එහෙත් ඇය අපට ජීවිතයට අමතක නොවන පාඩමක් උගැන්වීය. අපේ සිංහල බ්ලොග්  ලෝකයේ සංවේදී මිනිසුන්ට උගැන්මට ලොකු දෙයක් මෙහි ඇති නිසා මෙලෙස අකුරු කෙරුවෙමි.



ප.ලි.  :-
පහුවුන දවස් ටිකේම බොහෝම කාර්‍යබහුල වෙලා හිටි නිසා අලුත් පෝස්ට් එකක් ලියන්නත් බැරිවුනා. මේගැන කීප දෙනෙක්ම විමසා තිබුන .ස්තුතියි සියලුදෙනාටම.

මගේ සැලසුම් ශිල්පී කාර්‍යාලය  වෙනත් තැනකට ගෙනියන්නයි සූදානම..අතුරු පාරක ගෙදර තියෙන නිසා පුන්චි අවහිරයක් තියෙනව  ඒ නිසාකාමරයක් කුලියට අරන් ප්‍රධාන පාර අද්දරට යන්න හදන්නෙ. අනිත් දේවල් සූදානම් කරන නිසා හිතේ විවෙකය මදි. ඒකයි ලියන්න බැරි උනේ. අද උදේ සෙන්නා ලියූ ලිපිය දැකල  ටික දවසක් තිස්සෙ හිතාහිටිය කාරනය ලියන්න මූඩ් එකක් ආව.

71 comments:

  1. හ්ම්ම්, ඇත්තටම බැළුවොත් අපි දෙමව්පියෝ විදිහට ගොඩක් ආත්මාර්තකාමියි. අපි කටින් කිව්වට අපි හැමදේම කරන්නෙ ළමයින් වෙනුවෙන් කියලා, අපි මේ හැමදේම කරන්නෙ අපි වෙනුවෙන්. සමහර වෙලාවට දරුවන් කියන්නෙ තමන්ගේ අනාගත ආයෝජනය කියලා හිතන දෙමව්පියොත් ඉන්නවා. තමන් මහළු උනාම බලාගන්න පුළුවන් වෙන විදිහට තමයි ළමයි හැදෙන්න ඕනෙ කියලා තමයි ගොඩක් අය හිතන්නෙ.

    ඒ ගොල්ලො හිතන, දැනෙන විදිහ අපි හිතන පතන විදිහ නෙමෙයි. පොඩ්ඩක් ඒ ගොල්ලන්ගේ මට්ටම ගිහිල්ලා සමහර වෙලාවට අපි තේරුම් ගන්න ඕනෙ. ඇත්තටම අපි එහෙම කරන්නෙ නෑ මොකද අපිට ඒකට වෙලාවක් හොයා ගන්න බෑ.....!

    ReplyDelete
    Replies
    1. අපි නොකියන,අපිට නොහිතෙන ඇත්ත ඕකයි දුමී.

      ඇත්තටම අපි කොච්චර ආත්මාර්තකාමීද කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි.

      Delete
  2. ඇත්ත .නොදැනුවත්ම අපි අතමාර්ථකාමි වි ඇත.ලොකය දෙස ඉතා ඕනෑකමින් දැන්වත් බලා ජිවිතය හරි පිළිවෙලට හදා ගන්න ප්‍රමාද නැත තවමත්.
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රමාද නැත..එහෙත්..?

      Delete
  3. මංදා ඉතිං...
    තාම ඉතිං පොඩි එකා නිසා ඔවුවා ගැන වැටහීමක් නෑ..
    කසාදයක් එහෙම බදින්න කලිං පොත් ටිකක් එහෙම කියෝලා ළමා මනස අධ්‍යනය කරලා තියා ගත්තොත් හොදා නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් මචං දැන් සමාජෙ හරි සංකීර්ණයිනෙ.

      Delete
  4. පව් ලොක්කි ..ලොක්කි හිතන්න ඇති එයා පරාද උන නිසා එයාට තෑගි ලැබෙන එකක් නෑ කියල .ඇත්තටම ලොකු මිනිස්සුන්ට ලොකු පාඩමක් කියා දෙන කතාවක් !

    ReplyDelete
    Replies
    1. හරි දුක හිතුන රෙහානි ඒක දැකල.

      Delete
  5. අපොයි... වියෝ.... පොඩි එකා කුරුටු ගාල තියෙන එක දැක්කම අපේ බඩ පපුවත් හෝස් ගාල ගිය. ඒ පුංචි හිතට මොනවා දැනෙන්න ඇද්ද මෙහෙම දෙයක් ලියන්න. අපි මිට වඩා දරුවන්ගේ පැත්තෙන් හිතන්න ඕනි. ඒ පුංචි හිත් තලන්න හොද නෑ. අපිට පොඩි දෙයක් වුනාට ඒක එයාට තදින්ම දැනිලා වගේ. පව්..... හැමෝටම හොද පාඩමක්.....

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම..! කියන්න කිසිවක් නැත.

      Delete
  6. දුව හිතන්න ඇති අම්මයි තාත්තයි මෙච්චර උනන්දු කරවන්නේ ලොකු තරඟයකට කියලා.පොඩි ළමයි වගේම තමා සමහර තරුණ තරුනියොත් විභාග ෆේල් වුනාම බෙල්ලේ වැල දාගන්නේ වැඩිහිටියන්ගෙන් බැනුම් අහන්න වෙයි කියලා.

    මගේ පන්තියේ වැඩි හරියක් සෙල්ලමෙන් ඉඳලා පිස්සුම කෙලපු සෙට් එක තමයි ඔ ලෙවල් පාස් වුනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් නිශාන් එහෙම අව්දානමක් තියෙනව.
      ඔව් බං අපිත් එහෙම තමා...ඉස්කොලෙ යනකාලෙ..!

      Delete
  7. අම්මල ළමයින්ට දෙන පෙෂර් එක වැඩියි.

    ReplyDelete
  8. ළමයින්ගේ ලෝකය ගැන ලියපු හිතට වැදුන ලිපියක් . මට මෙහෙමනම් ලියපු ඔබ ගැන කුමන කතාද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජෝන්...
      ටික දවසක් වෙනව ලියන්න හිතිල ඒත් හරියට ලියාගන්න පුලුවන්වේදෝ..සැකයෙන් හිටියෙ...මූඩ් එක දුන්නෙ සෙන්නගෙ ලිපිය හා පොටෝ ටික තමා.

      Delete
  9. අපි එච්චර හිතන් නැතුව කියන දෙයක් පුංචි පැටියෙක් කොයි තරම් හිතට ගන්නවද, ඔයාල විභාගෙ වරද්දපු තැන් ගැන කියද්දි ඇත්තෙන්ම දූට දුක හිතෙන්න ඇති, එයා නිෂ්ශබ්දව අහගෙන හිටිය කිව්වම මටත් දුක හිතුන. මොනව කරන්නද, අපි දුවන රේස් එක ගැන දරුවට අවබෝධයක් නෑනේ, ඒත් අම්මල තාත්තල හැමදේම කියන්නෙ කරන්නෙ දරුවොන්ට හොඳක් කරන්න හිතාගෙනනේ. දැන් ඒ ගැන හිතන්න එපා බං, දුවට ඒක දැන් අමතක වෙල ඇති එයා ආශාවෙන් හිටපු තෑග්ග හම්බවුනු නිසා. මට ඉතිං ඊට වඩා දෙයක් කියන්න තේරෙන්නෙ නෑ බං, මං තවම මොනාද දන්නෙ තාත්ත කෙනෙක්ගෙ හැඟීම් ගැන, ඒ හැඟීම් ඇතිවෙන්න ඉතිං ඒ තත්ත්වෙටම පත්වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මොනව කියනවද....චිත්‍ර පොත් ඉවරකරල තියෙන්නෙ දෙකතුනක්ම..!

      ඔව් තාත්ත කෙනෙක්ගෙ හැඟීම්....විග්‍රහ කරන්න මටත් තේරෙන්නෑ..!

      Delete
  10. කෙල්ල උඹලට මතක හිටින පාඩමක් උගන්නලා නොවැ.. මම නම් හිතන් ඉන්නෙ ඔය තරමින්වත් පීඩනයක් නොදෙන්න.. ළමා කාලය උපරිමයෙන් විඳගන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න...

    මේක කියපු එක හොඳයි... මේ කතාව මට ඉදිරියේදී බොහොම ප්‍රයෝජනවත් වෙයි..

    ReplyDelete
    Replies
    1. එහෙමටම පීඩනයක් දෙන්නෑ මචං...!ඒත් කොයි වෙලෙත් පොතක් අතේතියන් ඉන්නෙ.
      මම විරෝධය පාන්නෙ ටී.වී බලනවට විතරයි.
      පාසලේ සිලබස් එක සෑහෙන්න පීඩනයක් දරුවන්ට. හරිම කාර්‍යබහුල සිලබස් එකක්.

      Delete
  11. බොහෝ දෙමාපියන් දරුවන් ගැන හිතන්නේ අනාගතයට හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට.ඒ ඉන්වෙස්ට්මන්ට් එක ඒ දරුවා වෙනුවෙනුත් නෙමෙයි බොහෝ වෙලාවට තම්න් වෙනුවෙන්මයි.
    අද වෙනකොට ළමයින් වෙනුවට ළමා තාත්තලා ඉන්නේ මේ හින්දා වෙන්න ඕනේ. ඉස්සර කාලේ වගේ ළමාකම විඳින්න පුළුවන් පරිසරයක් තවදුරටත් ළමයින්ට නෑ. මේ දේවල් වෙනස් නොවුනොත් ස්ට්‍රෙස්ෆුල් සමාජයක් විතරක්ම හෙටට ඉතිරි වෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපේ ඒ අදහස නැහැ අවංකවම කියන්නෙ...ඒත් මේ තරඟකාරී අධ්‍යාපනයට නොදැනුවත්වම අනුගතවෙන්න වෙලා..උඩුගං බලා පිහිනන අය ඉන්නවාද මන්දා
      ඒත් අපේ ලමයි හුදකලා වෙයිද මන්දා..

      Delete
  12. සිරාවට වටිනා කතාවක්....අපිත් දැං හෙනට විභාග වලින් පරදින කාලෙ...

    ReplyDelete
  13. දුවගේ කතාවටනම් ගොඩක් දුක හිතුන.... අපි නොහිත කියන දේවල් වලින් ළමයින්ගේ හිත් කොච්චර රිදෙනවා ඇද්ද ?

    ReplyDelete
  14. පොඩි එවුන්ට පුංචි දේ උනත් තදින් දැනෙනවා නේ. මේ අධ්‍යාපන රටාවත් එක්ක ළමයින් ව ඒ තරඟයට දාන්නේ නැතුවත් බෑ.. අර චිත්‍රය අපි හැමෝටම හොඳ පණිවිඩයක් නම් දෙනවා..

    ReplyDelete
  15. පුංචි දියණිය ලියලා තියෙන වදන් කීපය මාවත් සංවේදී කලා... ඇත්තටම අද තියෙන හැල්මෙ දුවන විභාග සංස්කෘතිය නිසා අද ළමයින්ට නැති වෙන්නෙ එදා අපි පාසල් කාලයෙන් පස්සෙ සෙබාදහමට ලංවෙලා ඉගෙනගත්ත, අත්දැක්ක අසිරිමත් දේවල්... ඉගෙනගන්න,පාඩම් කරන්න කිය කියා දරුවන් පෙළනවාට වඩා...ඒ කාරිය කරන්න ඒ අයගෙ හිත්වලම ආශාව ඇති කරන එක බොහොම ඵලදායී වෙයි කියලා හිතනවා.... මේ වගේ බිත්ති වල අදින්නෙ ඒ අයගෙ ස්වාධීන චින්තනයෙන් නිකුත්වෙන ප්‍ර‍කාශන...ඒවාට තහංචි දැම්මොත් ඒ අයගෙ චින්තන ශක්තිය මොට වීම මිස සිදුවෙන වෙනත් යහපතක් නැත... පුංචි දුව ධෛර්යමත් කිරීමත්, නිතරම අගය කිරීමත් මත ඇය ඊළග විභාගයට හොද ආත්ම ශක්තියකින් මුහුණ දේවි... ඇයට සුභ පතනවා... ඒ වගේම ඔබේ නව කටයුතු වලටත් බ්ලොග් ලෝකයේ සහෘදයකු ලෙස මගේ සුභ පැතුම් එක් කරන්නට කැමතියි....

    ජනවාරි ගම්පහ වැඩේට අනිවා එන්න ඕනෙ... අරිද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් වලට..,හා සුභ පැතුමට.

      අරි..අරි.. එන්ඩ තමා හිතං ඉන්නෙ..තව විස්තර එහෙම දියල්ල වේලාව,එතෙන්ට යන්නෙ කෝමද...අපි දන්නවෑ ගම්පහ..අරි.

      Delete
    2. හරියටම ජනවාරි පළමු වැනිදාට කාමරෙන් ඒ සියල්ල කියනවා දොරේ... අර ඩෝලෙත් කිහිල්ලෙ ගහගෙන ආවොත් තමා ඔද...අරිද ?

      Delete
    3. අනේ බං තාම හදාගන්න බැරි උනා මාතරම යන්න එපෑ..!
      බොල කිහිල්ලෙ ගහන් එන්න ලීටරේ බෝතලයක් කියල හිතුවද..?

      Delete
    4. එන ගමන් බස් එකේ හරි කෝච්චියේ හරි ඩෝලෙ ගහලා කීයක් හරි හොයාගන්නත් පුලුවන්... ඔය වාදන භාණ්ඩෙ තමයා සමහරුන්ගෙ ජීවිතේ ජීවත් කරවන්නෙ...ලීටරේ බෝතල් එක්ක කලවම් කරන්න දේවල් මෙහෙන් හොයාගන්න පුලුවන්...

      Delete
    5. සිරෝ...ඩොල්කියක් හොයාගනින්කො බං එදාට ආතල් එකක් ගන්නත් එක්ක.

      කවවං කොරන එව්ව..ඉඳුල්කරල බස්වල කරක් ගහන්නෙ කෝමද බං අපරාදෙ..!

      Delete
    6. අනිවා ඩොල්කියක් සෙට් කරලා තියන්නං...අපේ රාජ් ගොයියා ලග තියෙනවා මරු බඩ්ඩක්...

      Delete
  16. වැඩිහිටියොන්ට අමතකයි තමන්ටත් ළමා කාලයක් තිබුණු බව.. ඒම නැත්තන් තමන්ගෙ පරාජයන් නැවත දිනාගන්න තමන්ගෙ ළමයින්ව ඔවුන් යොදාගන්නව..නැත්තං රටාව පස්සෙ පන්නනවා.. ඒකයි මෙහෙම අවුලක්.. පවු අද අසරණ ළමයි..

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒක ඇත්ත. අපිනම් එච්චර දුරට ගියේ නැහැ.

      Delete
  17. ada thama awe mehe....innako hemeeta kiyawanna...

    ReplyDelete
    Replies
    1. ඔව්.. සාදරයෙන් පිලිගන්නවා මිතුර...! ශාන්

      Delete
    2. මේකයි ඔයාල අපි තමා ළමා ජීවිතේ විඳපු අන්තිම පිරිස..
      ඒ පිරිසම ඊළඟ පිරිසට ( ඒ කියන්නේ අපේ දරුවන්ට ) ළමා
      කාලය අහිමි කිරීම හරි වැරදියි.අපි අපිට කරගන්න බැරි උන
      දේවල් දරුවන්ගෙන් කරගන්න හදනවා.මගේ ඇස් දෙකට මන් දැකල
      තියෙනවා ලස්සන ඇපල් මලක් වගේ ලස්සන අවුරුදු 6 වෙන දුවෙක්ට
      එයාගේ අම්ම ( 29 ) " ඇයි උබට බැරි මේ ටික පාඩන් දෙන්න "
      කිය කියා පිටිපස්සේ කොන්ඩෙන් අල්ලන් හොලවනව ..
      කියන්න කණගාටුයි ඒ ටික වෙද්දී බලු කුක්කෙක් වගේ
      බලන් ඉන්න උනා ඇර වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ මට..
      මම මොනවා හරි කිව්වා නම් අනිවාර්යෙන්ම මට වෙන්නේ
      " ඔයාට වැඩක් නැහැනේ මගේ දරුවා හදන හැටි "
      කියන දේ අහගන්න.ඔය දේ තමයි වෙන්නේ හැම තැනම වීයෝ..

      මන් ගිහින් මානව හිමි කම් පැමිණලි කරන්නද ? ඒ ගෑනු කෙනාට
      කොහොම පැහැදිලි කරන්නද තමන්ගේ දරුවටම එහෙම සලකන
      කෙනෙක්ට?

      එහෙම අය නිදහසට කියන්නේ මේ ළමයිට ඉගැන්නුවේ නැත්නම්
      මේ ළමයින්ගේ අනාගතේට මොකද වෙන්නේ ? ඔයා එනවද එදාට
      කියල.

      ඒත් ඔය හැමෝම තේරුම් නොගත්ත එකම දේ තමයි ඔහොම ගහන
      පාරක් පාරක් ගානේ ඒ ළමයින්ගේ සමාජ බය, වගකීම් දැරීමේ හැකියාව,
      මූණ දීමේ හැකියාව, දරාගැනීමේ හැකියාව අඩු වෙලා අන්තිමට නැත්තට
      නැති වෙන බව.අපිත් එක්ක හිටියා Tx Eng කෙනෙක් එයා එන්ජිනියර් උනාට
      ඒ වගකීම දරන්න බැහැ.නිතරම බයයි.හේතුව පොඩි කාලේ දස වද විඳ විඳ
      අකුරු කරපු එකේ ප්‍රති ඵල.. ( ඒ සිද්දිය මන් වෙනම පොස්ට් එහෙකින් දාන්නම්.)


      මන් නම් පුංචි කාලේ හැම දේම බැලුව TV එකේ.රෑ 1 උනත් මන් කැමති නම්
      බැලුව.ඒ වගේම මට ශිෂ්‍යත්වෙට ලකුණු 166 තිබ්බා .ඒ කාලේ හැටියට මන් ලංකාවෙන්ම
      මුල් 16 . ඒ උනත් මගේ අම්මවත් තාත්තවත් මට ගහල නැහැ ඉගෙනීම සම්බන්දව.
      දෙන්නම එදා ඉඳන් කිව්වේ වෙනියා වැඩක් නැහැ, පුතා පාඩම තේරුම් ගත්තනම්
      ඇති කියල.

      මන් කියන්නේ ළමයින්ට 6, 7 වසර වෙනකම් නටන්න දෙන්න ඕන..ඊට පස්සේ
      ටික ටික අධ්‍යාපනේ වටිනාකම දරුවට තේරුම් කරලා දීල උනන්දු කරන්න ඕන..
      මන් තව දේවල් ටිකක් හිර කරගත්ත මෙතන නොදා වෙනම පොස්ට් එහෙකට දාන්න..

      Delete
    3. එකඟයි මචං..!
      ටී.වී බැලිල්ල නම් දැන් සීමා කරන්න වෙලා..මරාගන්න ඒව..පොඩිඈයො ඇදල ගන්න නරක ඇඩ්මනෙ යන්නෙ..ඒකය් සීමාකලයුත්තෙ..අනික අපේ කාලෙ තිබුන සමාජෙ නොවේනෙ මචං අද තියෙන්නෙ..ඒක ගැන දුකයි..
      මම ලියපු පෝස්ට් ගොඩක් ඒවයෙ ඇත්තෙ ඒ ගැන .
      කා‍ටුන් නම් ඇතිවෙන්න බලන්න දෙනව..අපිත් කොච්චර ආසද ඒ කාලෙ.මේගැනත් මම පෝස්ට් එකකින් කතා කලා

      Delete
  18. ඕව බං දෙමාපිය කාරණා වෙලා ඉවරයි. දැං ලමයි යාන්ත්‍රිකයෙක් විතරයි. විවාදයට හොද මාත්තුරුකාවක්..

    ReplyDelete
    Replies
    1. අනිවා..මේ යාන්ත්‍රිකත්වයෙන් මිදෙන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ...
      ඉස්කෝලෙන්ම තමා යාන්ත්‍රිකත්වයට මුලපුරන්නෙ.

      Delete
  19. අනේ මන්දා දරුවන්ගේම හොඳට නේද අම්මලා තාත්තලා දරුවන්ව විභාගවලින් පාස් කරවන්න යන්නේ. 5 ශිෂ්‍යත්වේ අම්මලාගේ විභාගේ කියලනේ කියන්නෙත්. හැබැයි අනික් අතට තමන්ට සැබෑ කරගන්න බැරිවුණු හීන තමා දෙමාපියෝ දරුවන්ගෙන් දකින්න යන්නෙත්.

    මටත් එහෙම හීනයක් තියෙනවා. ඉස්කෝලේ යන කාලේ මොකක් හරි ක්‍රීඩාවක් කරලා පාසල් වර්ණ ලබාගන්න මට බැරිවුණා. ඒක නිසා මගේ හීනයක් තමා මගේ දරුවෙක් හොඳ ක්‍රීඩකයෙක් වෙලා පාසල් වර්ණ විතරක් නෙමේ ජාතික වර්ණත් ගන්න එක... :)

    ReplyDelete
    Replies
    1. දෙමාපියන්ගේ අහිංසක හීන තියෙනවා නේන්නම් හසිත.

      අනිත් එක අපිට වඩා අපේ දරුවන් අධ්‍යාපනයෙන් ඉහල යවන එක,හොඳ ඉස්කෝලෙකට යවන එක...හොඳ බලාපොරොත්තුවක් තමා.

      Delete
    2. හසිත, ඔයාගෙ හීනෙ දරුවට බලෙන් පටවන්න යන්න එපා.. එතකොට තමා අවුල තියෙන්නෙ.. ළමයා ස්වාභාවයෙන්ම ඒ පැත්තට නැබුරුවක් තියනවනම් ඒක දිරිගන්වන්න. නැත්නම් ළමයගෙ හැකියාව හොයාගන ඒක ඔප්නංවලා ගන්න ඕනා..

      හීන කොච්චර තියනවද අපිට ඉෂ්ඨ කරගන්න බැරිවුන. ඒවට ළමයි පලි නෑ.. ළමයින්ට තියනවා ඒ ගොල්ලන්ගෙම හීන.

      Delete
    3. @සෙන්නා..
      දෙමාපියන්ගෙ අහිංසක හීන කියල මාත් අදහස් කලේ දරුවන් මත බලෙන් පැටවීමක් නොවේ. කොහොමත් මම දක්ෂ දේට තවත් කෙනෙක් දක්ෂ නෑනෙ.
      දැන් මගෙත් පොඩි ආසාවක් තියෙනව පිරිමි දරුවෙක් අපට ලැබුනොත් මගේ ‍රැකියාව මටත් වඩා ඉගෙන ගෙන කරාවි කියල...ආසයි මම ඒකට.මගේ තාත්ත මේසන් බාස් කෙනෙක්..මම සැලසුම් ශිල්පියෙක්...ඉතිං මගේ දරුව ඊටවඩා ඉගෙන ගත් කෙනෙක් වෙන එකට ආසා කරන එක අහිංසක බලාපොරොත්තුවක් නේද...හැබැයි එයා වෙන ක්ෂේත්‍රයකට දක්ෂයෙක් නම්..යන මග පැහැදිලී නම් ඒකට තමා උදව්කරන්නෙ.
      මං හිතන්නෙ හසිතගේ අදහස තුල ඒ බව අදහස්වෙලා ඇති. එයාගෙ පුංචි ආසාවක්නෙ කීවෙ.

      Delete
    4. වීයා,

      මම හසිතට වැරැද්දක් කිව්වෙ නෑ.. හැබැයි හුගක් වෙලාවට ළමයි පීඩනයට පත්වෙන්නෙ දෙමාපියන්ගෙ ඔය වැනි ආසාවන් හින්දා..ඒ තමන්ගෙ ආසාවන් බලහත් කාරයෙන් ළමයින් ලවා ඉටු කරගන්න ගිහින්. ඔය සිද්ධි ගොඩක් අරන් බැලුවොත් පිටිපස්සෙ තියෙන්නෙ ඔය වගේ කතාවක්.

      Delete
    5. සෙන්නා..,
      පිලිගනිමි..!

      Delete
    6. @ සෙන්නා

      එකඟයි අයියණ්ඩි. ඒක මගේ ආසාවක් විතරයි. දරුවාට ඒ පැත්තෙන් දක්ෂතාවක් නැත්නම් ඒකට කරන්න දෙයක් නැහැ. එයා ආසා දේට ඉඩ දෙනවා [හැබැයි එයාගේ අම්මා ආසා දේත් බලන්න වෙනවා. :D]

      අපේ අම්මාත් ඉස්කෝලේ යන කාලේ හොඳ ක්‍රීඩිකාවක්. ඒ වගේමයි අම්මා සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය උගන්වන ගුරුවරියක් වගේම ක්‍රීඩා උපදේශකවරියක්. ඒත් අයියා, මම, නංගි තුන් දෙනාම ක්‍රිඩා කරපු අය නෙමේ... :D

      Delete
    7. @ වීපොකුරෙ වීයා

      අයියාගේ කතාවටත් එකඟයි. දෙමාපියෝ තමන්ටත් වඩා ඉහළට දරුවෝ යනවාට කැමතියි. ඒක අහිංසක බලාපොරොත්තුවක්ම විතරක් වුණොත් තමා හොඳ. ඒක හිංසාකාරී පීඩනකාරී බලාපොරොත්තුවක් වුණොත් දරුවාට වගේම දෙමාපියන්ටත් ඒක හානියක්

      Delete
  20. අනේ පව්. හරියට දුක හිතුනා අප්පා. මේ පොඩි එකී තාම පොඩි පන්තියක නේද වී අයියේ. විභාග ගැන මෙච්චරම හිතන්න ඕනෙද? (මට හරියට වැටහීමක් නැති හින්දා ඇහුවේ දැන් කාලේ සිලබස් ගැන). මටනම් විබාගෙකට වැඩ කරා කියලා මුලින්ම මතක ශිෂ්‍යත්වෙට විතරයි. ඒකත් අම්මලා අපිට ඕන හැටියට කරගන්න දුන්නා. එකම එක අමතර පන්තියකට ගියා. දැන් ඔක්කොම වෙනස් වෙලා. පව් මේ පොඩි උන්.

    ReplyDelete
    Replies
    1. නැහැ..විභාගය කියල විශේෂයෙන්ම බලපෑමක් කලේ නැහැ .අනික මේ පලවෙනි ශ්‍රේණියේ ලමයිනෙ..ඇයට අපි කීවෙ ලකුනු හොඳටම ගත්තොත් පාට පෙට්ටියක් අරගෙන දෙන බවයි.
      සිලබස් එක.. කියන්නෙ ඉස්කෝලෙන් පලවෙනි ශ්‍රේනියේ ඉඳලම ශිෂ්‍යත්වයට තල්ලුකිරීමක් තියෙන්නෙ.ඉස්කෝලෙත් එක්ක ගැටෙනකොට තමා අවබෝධවෙන්නෙ මේ ගැන. වරදක් කියන්නත් බෑ....මොකද මේ තරඟකාරී සමාජයේ. ඉස්කෝලෙට දාන තැන ඉඳලම ඔහොමයි.

      දැනටම අතිරේක පන්ති පටන් අරන්..පන්තියෙ ටීචර්....හැබැයි මම නම් යවන්නෙ නැහැ...ඉදිරියටත් එහෙමයි. මම පන්තියෙ ටීචර්ටත් කියල තියෙන්නෙ.
      ඒක උඩුගං බලා පිහිනීමක් සයුරි..දරුවට පසුගාමී වෙන්න ඉඩකඩ වැඩී ඉතිං ගෙදරදි හොඳ අවදානයක් යොමුකලයුතුමයි..නැත්නම් පාසලේ දී දෙමව්පියන්ට දෝෂාරෝපන ලමයින් ගැන හොයන්නෑ කියල. මමදැඩි තීරණයක් අරන් ඉන්නෙ 5වසර වෙනකං ශිෂ්‍යත්ව පන්ති යවන්නෙ නෑ කියල..පන්තියෙදි දරුව කොන් කලොත් වලියක් දාගන්න බලන් ඉන්නෙ.

      Delete
  21. කරන්න දෙයක් නෑ.. ලෝකය ක්‍රීඩාපිටියක් නම්, අපි ක්‍රීඩකයෝ.. අපි කැමති උනත් නැතත් අපිට ක්‍රීඩා කරන්න වෙනව. අපි ක්‍රීඩා නොකරත් අනිත් අය ක්‍රීඩා කරනව. අපි නිකන් බලං හිටියොත් අපි තරඟෙ පරාදයි....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නම් වීපොකුරට..!
      සත්තකින්ම යසිත් ඒක තමයි වෙලා තියෙන්නෙ...!

      Delete
  22. හ්ම්ම්. දෙමව්පියන්ගෙ සිතුම් පැතුම් ලමයි තුලින් ඉටු කරගන්න ගියාම දෙමව්පියනුත් නොදෑනුවත්ව ලමයි එයාලගෙ ලෝක වල අසරණ වෙනව සෙන්නා. ඒ වචන ටික මාවත් හරිම සංවේදි කලා.. :(

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙන්න වීයො.. මම මේ සෙන්නගෙ බ්ලොගේ ඉඳල එනගමන්.. පොඩ්ඩක් නම පැටලුනා ඉතින්. හි හී :D සමාවෙන්ඩෝ :)

      Delete
    2. අලේ...බොටත් වෙන වැඩ ..හිකිස්..!
      කමක් නෑ බං.
      ස්තුතියි මචං..!

      Delete
  23. දරුවන්ට නිදහසේ ඉන්න දෙන එකයි හොදම දේ දැන් තියාම පීඩනයක් ඇති කලොත් ඒ දරුවන්ට ඉගනුම එපා වේවි. ඇත්තටම දුක හිතෙනවා දරුව්න්ගේ නිදහස උදුරගත්තා නේද කියලා

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම..ජීවිතයට ලොකු පාඩමක්..ලැබුනෙ..!

      Delete
  24. පළවෙනි දේ වී.... ඔය වගේ යමක් කලොත් යමක් දෙනවා කියලා උනන්දු කරවන්න යන්න එපා..... තාම ගොඩක් පොඩි නිසා එහෙම පොළඹවන්න ගියාම එයාලා ඒක තේරුම් ගන්නේ වැරදි විදියට... අනිත් එක ඒ දේ කරගන්න බැරි උනාම එයාලා වැටෙනවා මානසිකව.... හොඳම දේ එයාට ඒ වැඩේ ගැන උනන්දුවක් ඇති කරවන එක... මං කියන්නම් පොඩි දෙයක්...

    මගේ මල්ලි මට වඩා අවුරුදු 7ක් බාලයි... මං බදාගෙන පොත් කියෙව්වට එයා කිසිම දවසක පොත් කියෙව්වේ නෑ... එයාගේ අකුරු පවා පිළිවෙලක් නෑ.. අන්තිමට මිනිහා ශිෂ්‍යත්වෙන් ‌ෆේල් උනා.. අපේ අම්මයි තාත්තයි මට ගැහුවත් මල්ලිට කවදාවත් ගහලා නෑ.. හේතුව එයාට පොඩි කාලේ ඉඳලම වකුගඩු සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් තිබ්බ නිසා .. ඉතිං එයාට ඉස්කෝලේ වැඩ වලට අම්මලා වැඩිය ‌ප්‍රෙෂර් කලේ නෑ..

    පස්සේ පස්සේ අම්මලා මේකට බනින්න ගත්තට මට තේරුනා මෙයා ඒවා ගනං ගන්‌ෙන් නෑ කියලා... මං කලේ එයා ආස කරපු ටිං ටිං කාටූන්පොත් ටික අරං ආපු එක... පොත් කියවන්නේ නැති එකා ඒවා කියෙව්වා.. ඊට පස්සේ මගේ පොත් රැක් එකේ තිබ්බ පොඩි පොත් කියෙව්වා... විභාගේ ෆේල් වෙයි කියලා හිතපු එකා සිංහල වලට ඒ එකක් අරං පාස් උනා..

    ඊට පස්සේ මං ගේන්න ගත්තේ රු 200 ගානේ කාටූන් සීඩී... ඒවයේ ඉංග්‍රීසි සබ් දාලා තමයි මට එයාට ඉංග්‍රීසි කතා කරන්න ඉගැන්නුවේ... එයා ආස කරන දේවලින් මට කරන්න අවශ්‍ය දේ කළා... දැං මිනිහා හොඳ ජොබ් එකකුත් කරනවා... හැම මාසෙම මල්ලක් පුරෝලා මටත් මං ආස ෆිල්ම්ස්, මං ආස කන බොන ඒවයේ ඉඳලම ගෙනත් දෙනවා... හි හි

    ටීව එක වදයක් වගේ නම් ඒක අයින් කරලා දාන්න වී... ඒ වෙනුවට එයාලට කාටූන් සීඩී වලින් බලන්න ඉඩ දෙන්න.. එතකොට නිකම්ම ටීවී එකෙන් ඈත් වෙනවා.. අනිත් එක කාටූන් එක පැයකින් විතර ඉවර වෙන නිසා එතකොට එයාලා දන්නවා මේක ඉවර උනාම වහලා දාන්න ඕනේ කියලා... නැත්තම් ඇඩ් වලයි අරවයෙයි මේවයෙයි එල්ලිලා ඉන්නවානේ...

    විභගෙට සූදානම් කරන්න එයා ආස ක්‍රමයක් හදාගන්න... සමහර විට සෙල්ලම් කරන ගමන් හරි කමක් නෑ... පාඩම් කරනවා කියලා දැනෙන්නේ නැතුව කරන්න පුළුවන් නම් එයා ආස වෙයි... ඔය රබර් ඇට, ස්මාටීස්, චොක්ලට් බෝල වගේ ඒවයින් හොඳ හොඳ පාඩම් කියලා දෙන්න පුළුවන්.. ඒ ව‌ගේම එයාලට පොඩි පොඩි වැඩ පවරන්න.. හාල් ඇහිදින්න, පොල් මිරිකන්න, කොළ ඇහිඳින්න වගේ විනාස කරන්න බැරි දේවල්.. එතකොට එයාලට දැනෙනවා එයාලා හරි වැදගත් කියලා... අම්මලට එයාලව ඕනේ කියලා... අම්මගේ වැඩ ඉවර කරලා අම්මයි තාත්තයි දුවයි , දුවගේ පාඩම් වැඩ වලට ඉඳ ගත්තම එයා හිතන්නේ දැන් එයා ලොක්කා කියලා... එතකොට එයා ආසාවෙන් කරනවා.. මං අත්දැකලා තියෙන දෙයක් ඕක.. හි හි..

    අපේ මාමා මට කියනවා අම්ම කෙනෙක් වෙන්න කලින් මොන්ටිසෝරි කෝස් එකක් කරන්න කියලා... හැමෝම එහෙම එකක් කරලා තියෙන එක හොඳයිලු... ඒක නම් ඇත්ත තමයි... ඒත මං නං තාමත් පොඩි එවුන් ගොඩේ පොඩි එකා වගේ ඉන්න නිසා මට නම් ඒක අවශ්‍ය නෑ කියලා තමයි හිතෙන්නේ.. හි හි...

    ReplyDelete
    Replies
    1. අප්පා.. ආපු ගමන් හෙන මාගලක් ලියලා.. හයියෝ.....හි හි

      Delete
    2. මාගලක් කියල ඕයා කිව්වට අපතේ යන එක වචනයක් වත් නෑ හිරු..! මම හිතන්නෙ අනික් අය අමනාප වෙන එකක් නෑ..වටිනාම කමෙන්ට් එක කීවාට.
      අනික දිග උනාම මොකද...හරවත් දෙයක් නම්.
      හිස නමා ආචාර කරමි...!
      වීපොකුරි දන්නෑ මම මේ ගැන ලිව්ව කියල ඒත් ඔයාගෙ වටිනා කමෙන්ට් එක නිසා පෙන්වන්න ඕනි..
      සතු‍ටුයි ඔබේ පැමිනීම ගැන.

      Delete
    3. හැබැයි අර හි හි ටික අඩු කරලා ගත්තම ඒ හැටි දිගකුත් නෑ වගේ වීයෝ...

      Delete
  25. හිතට දුකක් ගෙනාව සටහනක් අයියෙ..
    සමහරවිට හිතට දුකක් දැනෙන්න ඇති පාට පෙට්ටිය ගැන..
    හැමෝටම වටින පාඩමක්..

    ReplyDelete
    Replies
    1. ඔව් එයාට හරිම සංවේදී හිතක් තියෙන්නෙ.
      මටත් ලොකු පාඩමක් උනා.

      Delete
  26. වීයා මටත් ඉන්නේ පැංචියෙක්. තවම එයාට අවුරුදු හතරයි. එයාගේ අම්මව මම පූර්ණ කාලීනව එයා වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. කවදාවත් බලපෑම් කරන්න එපාය ‍තෝරා ගැනීමේ නිදහස එයාට දීලා යහපත් උපදෙස් පමනක් දෙන්න කියලා තමයි මගේ ඉල්ලීම. පුංචි දවස් වල ඇතැම් සිදුවීම් අපේ හිතට කොයිතරම් බලපෑම් කලාද කියන එක එදා අපේ දෙමාපියන් තේරුම් ගත්තට වඩා හොඳින් අපට දැන් ඒදේ කල හැකියි. ප්‍රධාන කාරනය එදාට වඩා අද ළමයි ගොඩාක් සංවේදියි.

    ReplyDelete
    Replies
    1. අනික දැන් ලමයි හරි බුද්ධිමත්...!

      Delete
  27. Aththenma kadulu pirenawa kiyawanakota. Ape pataw me igenimath ekka monatharam barak oluwata gannawa athida. Eda ape ammala apita bala kale na padam karanna kiyala. Ape kamaththen api methanata awe. Dan lamainta demapiyange balapama wadi. Lamainta wada ammalai class yanne. Ow api lamai passenma inna one thamai. Eth patawnta daraganna puluwan tharamata bara denna one. Ape punchi wachanekin eyalage mulu hithma kada watenawa. Mamath hama welawema uthsaha karanne babawa sathutin thiyanna. Rallata yanne nathiwa eyata puluwan tharamata karagena yanna atha denna. Mahaththaya kiyanneth ehemai. Hiru kiyapu kathawa nam hamotama hodai danaganna. Oyage kathawenuth danuwath una me gana thawath. Oya labapu athdakima apata dunnata godak sthuthi. Punchi patikki gana duka hithuna godak.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගි බබා..!
      කෙල්ල දැන් ඉන්නෙ ගානක් නැතිව..ඉස්කෝලෙට උවමනා පොත් අරන් දීපු නිසා පිස්සුවෙන් වගේ කොයි වෙලෙත් පොත්ටිකයි..අලුත් බෑග් එකයි අතේ..!

      සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගත්තනම් හොඳයි නේ...!..:))

      Delete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...