Tuesday, January 8, 2013

මලගෙදරක තොරණ් ගහපු හැටි..!




මේ යුගය ඩිජිටල් යුගයනෙ.හැමදෙයක්ම ඩිජිටල් වේගෙන යන ලෝකෙක...මලගෙවල්වල බැනර්,තොරණ් වැනිදේවලුත් ඩිජිටල් වෙලා අහවරයි.

ඒත් මීට දශකයකට කලින් නම් මීටවඩා බොහෝ වෙනස්. මේ දේවල් තනිකරම නිර්මාණය උනේ මිනිස් අතින් ඒක වෙනම සංස්කෘතික ලක්ෂණයක් වගේ.
ඒත් ඉතිං වානිජමය තත්වයේ ඉන්න දක්ෂම කලාකාරයො මේ සඳහා අල්ල ගන්න අමාරුයි..හේතු කීපයක් තිබුනත් ආසන්නම කාරනය වෙන්නෙ..ගොඩක් වෙලාවට මේ තැන්වල තොරණ් ඉදිවෙන්නෙ රාත්‍රී කාලටනෙ..ඒ වෙලාවට මේ අය නාගසලං වෙලානෙ ඉන්නෙ.

ඔය වෙලාවට පිහිටට ඉන්නෙ බාගෙ කලාකාරයො..ඒකියන්නෙ වෘත්තීයමය නොවන..සමාජසේවය ගැන "උනක්" තියෙන අය . මේ වගේ අය අපේ ගමෙත් දෙතුන් දෙනෙක්හිටිය...එක්කෙනෙක් උනේ වීය තමා. මාත් එක්ක සෙට් එකක් හිටිය මේ වගේ වැඩ වලට..පුතා,සනා,ජූඩි,රෝහන,පාලිත,වසූරියා....ඔය කීපදෙනෙක් තමා. 

තොරණක් ඉදිකරනව කියන්නෙ සාමූහික වැඩක්.ඉටිකොල ගහල අකුරු අතින් ඇඳල නිමකරන තොරණක් නම් වැඩ අඩුයි.
රීප්ප පෙට්ටි ගහල රිජිෆෝම් වලින් බොක්ස් මොඩ්ල් එකට ඉදිකරන ඒවයෙ වැඩ වැඩියි වියදමත් වැඩියි.
එත් මේවා හරි තරඟකාරී දේවල්නෙ. ජීවත්ව ඉන්නකොට සොයානොබලපු දරුවන්, මලගෙදරට එන තමන්ගෙ සල්ලිකාර යාලුමිත්‍රයින්ට පේන්න මලගෙදර ඉතා ඉහලින් ගන්න නිසා තොරණත් ඉතා ඉහලින් අවශ්‍යවෙනව.

මුල්ම කාලෙ බොහෝ තැන්වල කලේ රීප්ප වට්‍ටුව ගහල ඒකෙ සුදු ඉටිකොල ගහල ලැකර් වලින් අකුරු ලියන එක. ගම්වල ඒකාලෙ  වට්‍ටුව ගහන්න දක්ෂ අය හිටිය.  බොහොම සරලයි වගේ පෙනුනට කෑලි තුනකට සෙට් වෙන නිසා එකිනෙක ගැලපීම අවශ්‍යයි. නිවැරදි මිනුම් වලට සිදුවිය යුතුයි. ඉටිකොල ගහන එකත් ඒවගේ එක‍රැල්ලක්වත් නොහිටින්න වැඩේ ඕන..මේකට දක්ෂයා වෙලා හිටියෙ සුදු මහින්ද.

ඊලඟට අකුරු අඳින එක...මේ වැඩේ තමා අමාරුම.අපි දක්ෂ චිත්‍රකලාකාරයො නොවේ. ඒනිසා පින්සලක් අරන් එක හුස්මට අකුරු අඳින්න බෑ. මුලින් පෑනකින් අකුරු ටික ඇදල උඩින් ලැකර්වලින් පාටකරන එක තමා කරන්නෙ. අපිගාව පින්සල් පවා තිබුනෙනෑ..නමුත් ඒකටත් අපි ක්‍රමයක් හොයාගෙන තිබුනෙ. සිගරට් වල ‍ෆිල්ටර් එක. වටේ තියෙන කොලේ ගලවල පැන්සලකට තියල ගැටගහගත්තම පින්සල් පරාදයි. හැබැයි වැඩේ තියන්නෙ...එක අකුරකට එක ‍ෆිල්ටර් එක ගානෙ උවමනා වෙන එකයි.පුලුන් වගේ නිසා නිකන්ම දියවෙලාවගෙ යනව.

 එක පාරක් හරි සිද්දියක් උනා අකුරු අඳින්න ගිහිල්ල. සාමාන්‍යයෙන් එදාට ප්‍රධානත්වය ලැබෙන්නෙ මේ වැඩේට නිසා , නා නා ප්‍රකාර අය මෙතැනට එනව.
 සමහරු උපදෙස් දෙන්න එනව. 
වෙන වචනයක් ලීව නම්.... , අකුරු තව ලොකු උනානම් හොඳයි....ඔය වගේ. 
මේකට හේතුව උනේ පිරිස ඉස්සරහ "පොරක්" වෙන්න දඟලන නිසයි.

 හැබැයි ඉතිං රසසාගර වගේ පොරවලුත් සමහර වෙලාවට සෙට් වෙනව. හිනාකාල ඉවරයක් නෑ කියන කතාවලට.අපේ උනුත් කරන්නෙ කරන වැඩේ පැත්තකින් තියල  ආතල් ගන්න එක තමා.

ඒ වගේම  දුරපලාත් වලින් ඇවිල්ල ඉන්න නෑදෑ පිරිවර අතරෙ ඉන්න ඇහැට කනට පේන ලමිස්සියො ඉන්නව නම්..ඒදාට උදව් කරන්න ඕනතරම් කට්ටිය ඉන්නව.

තොරණ ඉදිකරන එක විශේෂ කාරියක් නිසා අපි ඉන්න තැනට නිවැසියන්ගෙ විශේෂ අවධානය , සැලකිලි එමටයි. සාමාන්‍යයෙන් චිත්‍ර අඳින දිහා බලන් ඉන්න සිරිතක් අපේ තියෙන නිසාද මන්ද කට්ටිය වටවෙනව සු‍ටුස් ගාල. ඔය අතරෙ ගෑණුලමයි ඉන්නව නම් අපේ උනන්දුව තෙගුන වෙනව.

අනිත් එක දැන් ඉන්න ගැහැණු ලමයි වගේ නොවේ ඒකාලෙ..වැඩකරන අයට ,නිදිවරන අයට තේ ,කෑමජාති හදනව...අනික ගමේ ඉන්න තරුණ තරුණියො භේදයක් නැතිව උදව් පදව් වෙනව.ඉතිං කොල්ලොත් පැණි ඇඹලයො වගේ වටේ කැරකෙනව.

මේ කියන දවසෙත් ලමයි කීපදෙනෙක් වටවෙලා හිටිය නිසා ඒ අයත් එක්ක  පුන්චි කතාබහක් කරන ගමන් තමයි මාත් අකුරු අඳින එක කලේ...අපේ අනිත් එවුන් නම් මල් කඩනව මෙලෝ සිහියක් නැතිව මට ඉරිසියාත් එක්ක.
ටික වෙලාවක් යනකොට නංගිලා කිහිප දෙනෙක් කසුකුසු ගගා...හිකි..හිකි..සිරික්කිය දානව.

දැන් මට ප්‍රහේලිකාවක් ඇයි මේ කියල..එක්කෙනෙක් තොරනට අත දික්කරාපි,

අයියෙ..මේ බලන්න මෙතන මොකක් හරි අවුලක් නේද..?

"පියානිනි ඔබට නිවන්....." ඈ...මලා..!!!

මැදැයි කොලා.... අකුරු ඇඳගෙන යනකොට යම් වෙනසක් තිබුනොත් එවලෙම භූමිතෙල් ගාල හදන්න පුලුවනි. ඒ ලැකර් වේලෙන්න කලින්..දැන් ඒ අකුරු වල තීන්ත වේලිලා. මොනව කරන්නද... අනික් එවුන්ගෙන් කුනු බැනුම් අහන ගමන් ඉටිකොලේ ගලවල අලුත් ඉටිකොලයක් ගහල අකුරු ටික ලියල තොරන ගහනකොට එලිවෙලා උදේ 6 විතර උනා. 

අන්තිමට වැඩේ ඉවර කරන්න ඉතුරු උනේ මමයි..ජූඩියි,පුතයි විතරයි..ඒ වෙනකොට පාන්කියාගන්න බැරි තරමට උනත් වැඩක් බාරගත්තම ඒක නිසියාකාරව ඉ‍ටුකිරීමේ ජන්මාන්තර පුරුද්දක් තියෙන නිසා නිදිවරාගෙන වැඩේ ඉවර කලා.

කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව ඒකාලෙ කරපුව මතක් වෙනකොට අපරාදෙ ඒ ගෙවුන කාලේ කියල නම් හිතෙන්නෑ ජීවන පාසලෙන් ලබපු අත්දැකීම් එමටයි.

ඉවරයි..!
*************************************
ඉවරයි කිව්වට ඉවරම නෑ...තව කොටසක් එන්ට නියමිතයි...!!

55 comments:

  1. අඩේ ඉතින් උබල පින්සල් හදනවා කියල... මළගෙදර න.ඈයෝන්ගෙන් සිගරට් ඉල්ලගෙන දුම දානවා නේ

    කොහෙද ඉතින් මදන විසේ ගැහුවහම අකුරු පේන එකක්යැ

    ReplyDelete
    Replies
    1. දුමෙන් නම් අඩුවක් නෑ...නිතරම ඕනද කියල අහනව...ඕකටම අපිගාවට හේත්තුවෙලා හිටිය උනුත් හිටිය. වීය දුම්පානයෙන් තොරයි බං..!

      හා..හා බොලාට නැති ඒවනෙ අපිට තීන්නෙ.

      Delete
  2. මමත් ඔහොම වැඩ වලට සපෝට් එක දීලා තියෙනවා. ළග ඉදගෙන බොරු කිය කියා. (පලක් ඇති වැඩක් කරලා නෙමෙයි)
    අපේ යාලුවෙක් නැතිවුන වෙලාවක අපි ගැහුවා තොරණක් ‘සොයුර ඔබ යලි අප අතර ඉපදේවා‘ කියලා. මේක දැකලා නැතිඋන කෙනාගේ නෑදෑ ඇන්ටි කෙනෙක් කෑ ගහන්න ගත්තා අපි එහෙම තොරණ ගැහුවම නැති එක්කෙනාට නිවන් දකින්න බෑ කියලා. අපි තොරණ ගලවල එන්න ආවා.

    ඔය ‘නි‘ යන්න උඩින් ඉටිකොලයක් ඇලෙව්වනම් ඉවරනෙ

    ReplyDelete
    Replies
    1. නැති එක්කෙනාට නෙමෙයි නැතිඋන(මැරුණ) එක්කෙනාට

      Delete
    2. හපෝ ඔය වාගෙ ඒවයෙ අඩුපාඩු හොයන්න අය එමටයි බං...කරන ඈයො තමා නැත්තෙ.
      පිස්සු අයත් ඉන්නවනෙ...එහෙම තමා කරන්න ඕන...මටත් උපදෙස් දෙන්න ඇවිල්ල එහෙනං ඕහේම කරනවකො කියල ගෙදර ඇවිල්ලත් තියෙනව..ටිකකින් අනේ මල්ලියේ කියාගෙන හොයාගෙන එනව.

      Delete
  3. ඇත්තටම ඒ සුන්දර ආතීතයේ රසමුසු තැන් වර්ථමාන තක්ෂණය නිසා දුරස් වෙලා.තක්ෂණය නිසා මිනිස් සම්බන්ධකම් දුරස් වෙලා.


    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  4. අපේ ගම් වල නම් තාමත් අර මල ගෙදර සැරසිලි කරන්න මිනිස්සු ඕනි තරම් ඉන්නවා..ගොක් සැරසිලි තාම යනවා..බැනර් නම් ගොඩක් අතින් අඳින්නේම නෑ වගේ තමා.. ලස්සන අතීතයක් සමාජ සේවෙ එක්කම !

    ReplyDelete
    Replies
    1. අපේ ගම් වල පොල්ගස් අඩුනිසා ගොක්කොල සැරසිලි බොහෝම අඩුයි.දන්න අයත් අඩුයි.
      මිනිස්සු මලගෙවල් වල වැඩට ඉන්නවා කියල අහන එකත් සතුටක්..කාර්‍යබහුල සමාජෙ.

      Delete
  5. අපි ඉන්නෙ මාතරනේ. මේ පැත්තෙ ඔය කොයි වැඩටත් දක්‍ෂ මිනිස්සු හැම ගමකම වගේ ඉන්නව. අපි පොඩි කාලෙ නම් සමහර මළ ගෙවල්වල ගොක්කොල තොරණ හදනව මට මතකයි. දැන් නම් කොහේවත් ගොක්කොල තොරණක් තියෙනව දකින්න හම්බෙන්නෙ නැති තරමයි, ඉස්සර වගේ නෙවිනේ, ගස්වලින් ගොක් අතු කපනවටත් මිනිස්සු අකමැතියිනේ, ඒ නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් පොල් ගෙඩියක් කීයද දැන්..!

      තරුණ පිරිස තමා අපේ ගම් වල ඔය වැඩ කලේ..ඒ අයම තමා දැන් අඩු..!

      Delete
  6. ඔහොම වැඩ වලදී වෙහෙස දැනුනට පොඩි විනෝදයකුත් තියනවා. හුඟක් වෙලාවට වැඩ පරක්කු වෙන්නේ අර උපදෙස් දෙන්න එන සෙට් එක නිසා. හැබැයි උන්ගේ විකාර වලට හිනා වෙන්නත් පුළුවන් හොඳට.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම විනෝදජනකයි.
      සමහර වයසක පොරවල් හිතන් ඉන්නෙ ඒ අය තමා හැමදෙයක්ම දන්නෙ කියල.

      Delete
  7. මල ගෙවල් වල දැන්වීම ඇදල වීයටත් ..හොද අද්දැකීම් තියෙනවා...වගේ..

    ReplyDelete
    Replies
    1. ඒවනම් මොටද කියල...තව එකක් ලඟදි එනව..!

      Delete
  8. ඔච්චර පොල් තියෙන අපේ පැත්තෙත් ගොක් කොළ සැරසිලි කරනවා හරිම අඩුයි. ගමේ තරුණ අයත් අඩු නිසා මළ ගෙවල් පාලුයි දැන්.මළ ගෙවල් වලට කෙසේ වෙතත් යෞවන සමිතියේ දේවල්වලට නම් බැනර් ඇදලා තියෙනවා. ආට් අකුරු පුළුවන්නෙ

    ReplyDelete
    Replies
    1. තරුන පිරිස හිටියත් ..නිදිමරන්න එන්නෑ දැන්..

      ලිහිනිටත් ආට් අකුරු පුලුවන්ද....සං‍තෝශයි...!

      Delete
  9. ඉස්සර මාවත් ඔය මලගෙවල් වල බැනර් අදින්න එක්ක යනවා . ඒකත් මාරම ජොලි වැඩක් මාර සැලකිලි

    ReplyDelete
    Replies
    1. ජෝන්ටත් එහෙනං හොඳ අත්දැකීම් ඇති...!

      Delete
  10. හෙහ් හෙහ්.. මේ කතාව කියවද්දි ඒ කාලේ කරපු වැඩක් මතක් උනා.. ලියන්න ඕන බලන්න වෙලාවක..

    ReplyDelete
    Replies
    1. අන්න හරි..ලියමු බලන්ට
      ගොඩක් අයට සමාන අත්දැකීම් තියෙන්නෙ.

      Delete
  11. hihi..eka ispillane wadi welaa thiyenne. eth prathipale bhayaanakayi.

    ReplyDelete
    Replies
    1. ඔව් ...හැමෝම ඔලුවෙ අත තියාගත්ත...!

      Delete
  12. ඇත්තටම් ගෑල්ලමයි ඉන්නවනම් අපේ උනන්දුව දෙගුණ තෙගුණ වෙන එක ඉතින් කියන්නත් දෙයක්ද ඈ? :P

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්..හෙහ් ඉබ්බ දියේ දැම්මම ඇන්නෑවෙ කිව්වලු..!

      Delete
    2. බ්ලොගක් නැද්ද ගයාන්..?

      Delete
  13. ඇත්තටම මළ ගෙයක් කණගාටුදායක වෙන්නෙ ගෙදර උදවියට විතරයි. භාහිර අයට, විශේෂයෙන්ම තරුණ, තරුණියන්ට ඒක බොහොම විනෝද ජනක පරිසරයක්.

    ReplyDelete
  14. ඔව් වීයෝ ඒ දවස් වල සුන්දර වැඩ තමයි මේවා. උඹට කියන්න මමත් සාපෙ ලියන කොට ඔය අටමගල් කරන්න එක දිගට සතියක් මළ ගෙවල් වල පදිංචි වෙලා හිටියා.. සෑහෙන්න දේවල් මතක් උනා මේකෙන්

    ReplyDelete
    Replies
    1. ගෙවල් වලින් බැනුම් ඇහැව්වෙ නැතෙයි ...!
      ලියමු බලන්න අත්දැකීමක්..!

      Delete
  15. දැංනං ඕවට නිදිමරන්න එන කට්ටිය බොහොම හිඟයි.

    තොරණ ගහල ඉවරවෙනකොට සිගරට් පැකට් කීයක් ඉවරවෙනවද. :D

    ReplyDelete
    Replies
    1. කනගා‍ටුවට කාරනය එකයි ප්‍රසන්න....පවුලේ අය විතරයි ‍රැ 12න් පස්සෙ.

      සිගරට් ගැනනම් කියල වැඩක් නෑ...ඉස්සර ඒ තරම් මිල නැති නිසා..ඕන හැටියෙ ලැබෙනව...වටේ පිටේ එවුන් තමා වැඩිපුරම වාසි ගන්නෙ...හැබැයි බිල වැටෙන්නෙ අපිට.

      Delete
  16. හෆොයි සහතික ඇත්ත, දැන් මල ගෙයක් වුනාම පාලූයිනෙ. අපේ තාත්තලාත් කියනවා ඉස්සර මළ ගෙවල් වුනාම මිනිස්සුන්ගෙ තිබ්බ එලමුතුව..

    ReplyDelete
    Replies
    1. උඩින් සෙන්නා කියල තියෙනව වගේ..මලගෙදර අයට පමනයි දුක..අනික් අය ෆුල් ආතල් ගන්නෙ..මලගෙවල් උනත්.

      Delete
  17. මදැයි... ගෑල්ලමයින්ට ඇහැ දාන්න ගිහින් වැඩේ අල කොරල නේද..... හොදම වැඩේ....
    ඒ කාලේ හරි ජොලි ඇති නේද? සුන්දර මතක.... දැන් ඔය වගේ නෑනේ....

    ReplyDelete
    Replies
    1. කොහෙද ගෑල්ලමයින්ටත් පැත්තකට වෙලා ඉන්න බෑනෙ.

      Delete
  18. වැඩේට කලින් මේගොල්ලො ගෑල්ලමයින්ට ඇහැ දානවට හොද පාඩම්....මොනව නමුත් කරන්න ගත්තු වැඩේ ඉවර කරන සුපිරි පොරක් නිසා ඒක ඒතරම් අවුලකුත් නෑ....

    ReplyDelete
    Replies
    1. දැන් වගේ නෙවේනෙ නගා ඒ දවස් වල ගැණුලමයෙක් හිතේ හැටියට බලාගන්න වෙන්නෙ ඕහොම තැනකදි විතරයි...ක්ලාස් කෙරුවාව මේ කාලෙ වගේ තිබුන්නෑනෙ.

      Delete
  19. වීයා එහෙනම් කලා කාරයෙක්...බොහොම හොදා... ක්‍රෝටන් වලින් මංගල පෝරු එහෙම හදන්න පුලුවන්ද ? මගේ වෙඩිම ගන්න දවසක පෝරුව එහෙම හදන්නයි මම හිතාගෙන ඉන්නෙ... සිරා ඉතිං ඇන්ටික් පොරක් නොවැ... පුලුවන්ද වැඩේ කොරන්න ?

    ReplyDelete
    Replies
    1. තරහ අවසර ආයි බොවන්..! මං කිව්වනෙ බාගෙ කලාකාරය කියල..ඒ වගේ වැඩ බැහැ බං..!

      ඇයි බොට ඊට කලින් මනමාලියක් හොයාගන්ට එපැයි..! ඕව කාන්තාපාර්ශවයත් තීරණ ගන්න ඕන තැන්.

      Delete
    2. ඇත්ත තමා තාම කෙලි පොඩිත්තක් මුණ ගැහිලා නෑ... හොයාගන්න කාන්තා පාර්ශවයත් ඇන්ටික් ප්‍රේමී නිසා මම හිතන්නෙ නෑ විරෝදයක් මතුවෙයි කියලා...

      Delete
  20. කලාකරුවාණනි, ඔබට .....සුව.නෑ..නෑ ජය

    ReplyDelete
    Replies
    1. හි..හි..බය හිතෙන එව්ව කියන්න එපා අය්යො..!

      Delete
  21. ඔය කේස් එක අපේ පැත්තෙත් තිබ්බා.. ළමයි එකාට එකා අඳුරන්නේ නෑ... පස්සේ අපි ළමා සමිතියක් පටං ගත්තා.. මං තමයි උපදේශක.. ඇයි ඉතිං එත‌ෙකාටත් 25ක් විතර ඇති.. දැං නං දෙයියනේ කියලා මළගෙදරක නිදිමරන්න හරි සෙට් වෙන කොල්ලෝ ටික්ක ඉන්නවා ළමා සමිතියට පිංසිද්ධ වෙන්න....

    මාත් ඔය බැනර් අඳින වැඩේට ආසයි.. හැබැයි කොම්පීතර් උන්නැහෙව අල්ලගෙන තමයි.. ම‌ෙග් අකුරු තමයි අපෙ සෙක්ෂන් එකේම කැතම අකුරු...

    ReplyDelete
    Replies
    1. අපෝ දැන් සමිති ගැනනම් කතාකරල වැඩක් නෑ...
      අවාරෙට දෙල් අහුලනව වගේ තමා දැන් සමිති සමාගම්...ඒත් අපි උ.පෙ. කාලෙ නොතිබ්බ සමිතියක් නෑ...සෙනගත් ඒ වගේ.

      කොහොම උනත්ප්‍රසන්සා කලයුතු කටයුත්තක්.

      Delete
    2. නියම මතක.

      උඹ දන්නවද තවත් එකක්. මෙන්න මූට හොඳට අඳින්න පුලුවන් කිව්වොත් හෙම ඌව ගනන් ගන්නෙ බැනර් එකක් අන්දගන්න පුලුවන් එකෙක් හැටියට. මයිකල් ආන්ජලෝ හිටියත් ඔය ටිකම තමයි.

      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. ඇත්ත ඩූඩ්...ඒකටම සින්නවෙනව.

      Delete
  22. මං නම් මල ගෙවල් වල යන්න බයයි අෆ්ෆා..

    ReplyDelete
  23. මට නම් මළගෙදරක වැඩ කරන්න නෙවෙයි නයිටක් ගහන්න සෙට් උනෙත් එකවතාවයි. හැබැයි ගම්වල තියෙන එකමුතු බව කොළඹ පැතිවල අඩුයි.

    ReplyDelete
    Replies
    1. නියම ආතල් වැඩක් තමයි..හැබැයි සෙට් එකක්ම ඉන්න ඕන.

      Delete
  24. අපේ ගමේ ශිල්පියා මමලු ඈ..(@ කොලර් එක ඉහලට උස්සන ගමන්..)
    ඒත් අනේ මෙහේ කෙල්ලො නෑ නෙව...

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්..උඹ මෙහේ...මම එහේ..ගියා..!

      දැන් වැඩැක් නෑබං..! දැන් මචං පවුල්වෙලා මං..

      Delete
  25. සිගරට් ෆිල්ටර් හොඳයි පෝස්ටර් (පොඩි ඒවා) අඳින්නත්. ඇඟිලි තුඩිලණ් අල්ලා ඝෙන අඳින්න පුළුවන් අවුලක් නැතුව.

    ReplyDelete
  26. මරු 🙂 එ කාලෙ මට‍ත් ඉන්න තිබ්බනම් 🥲

    ReplyDelete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...