Wednesday, February 20, 2013

කන්ගැට්ටාගේ ඇටසැකිල්ල..!



පොසොන් මාසය කියන්නෙ කොලුවයසෙ හිටිය අපිට සැනකෙලි සමයක් කිව්වොත් අතිශයෝක්තියක් නොවේ.මීට අවුරුදු 10කට15කට පෙර, තරුණ තරුණියන්ට විනෝදවීමට තිබුන උත්කර්ශවත් කාල සමයක් තමා..වෙසක්,පොසොන්,ඇසල කියන ප්‍රධාන පොහොයවල් පිහිටල තිබුන මාසයන්.

විවිධ පලාත්වලට ආවේනික ලෙස මේ මාසයන් තුල විවිධ උත්සවසිරියක් ගන්නව. සමහර පැතිවල වෙසක් පෝයට තොරණ,කතුරු ඔන්චිල්ලා , වලේ බයිසිකල් , මැරිගෝරවුම් යනාදී විවිද දේවල් ඉදිවෙනව.අපේ ගම්පලාතේ තොරණ ඉදිවෙන්නෙ පොසොන් පෝය ආශ්‍රිතවයි.ඒක කාලයක් තිස්සෙ පැවත ආපු දෙයක්.

මේ කියන පොසොන් පොහොය ආශ්‍රිතව අපේ ගම්පලාතෙ ටවුන් එකේ  තොරණක් ඉදිවෙලා තිබුන.අඩි60ක් විතර උසට ඉදිවෙලා තිබුනත් ,පටන්ගන්න කලින්ම අහස උසට ඉන්දල තිබුන පුවක් ගස් වලින් තොරණෙ ප්‍රමාණය කියන්න අහැකි.  

ටවුන් එකේ ඉඳල අපේ ගෙවල් හරියට වංගු දෙකයි ,නැත්නම් හෝල්ට් දෙකයි. ඒ නිසා රාත්‍රියට තොරණ් බලන්න හැමෝම යන්න ඕන අපේ ප්‍රදේශය පහුකරල.යන්තම් රෑ වෙනකොට....ත්‍රීවීල් වල,ලෑන්ඩ්මාස්ටර් වල බයිසිකල් වල යන පවුල් පිටින් උදවිය අතරේ අහැට කනට පේන ගෑණුලමයි දිහා බෙල්ල උලුක් වෙනකන් බලන් ඉන්නවා ඇරෙන්න ..අපිනෙවෙයි තොරණ පැත්තෙවත් යන්නෙ.

තොරණ ඉදිවෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි අපේ කොලු නඩේ හිටිය කන්ගැට්ටට අමුතුම අදහසක් පහලවෙලා තිබ්බ.

 කන්ගැට්ටා කිව්වට ඌට වෙන හොඳපිරිසිදු නමක් තිබුන ඒත් මේ නම පට බැ‍ඳෙන්න හේතුව වෙන එකක්.එක කනක කන්පෙත්තෙ පිටිපස්සෙ   දොඹගෙඩියක් තරම් ලොකු ගෙඩියක් තිබුන නිසා කන්ගැට්ටා වෙල පස්සෙ නිකන්ම ගැට්ටා උනා..මේ නම කිව්වම අහල ගං හතක් උනත් ඌව අඳුනනව.හැබැයි ඉන්න තැන ඒ නම කියන්නෙ නැහැ ...ඇහුනොත් අසූහාරදහසට තද වෙනව.

මීට කලින් වෙසක් පෝයට කොහේ හරි තැනක දැක්ක නිසා . කියන්න යන මේ අදහස පහල උනා කියල තමා ගැට්ට කිව්වෙ.  සම්පූර්ණ මිනිහෙකුගෙ තරමට මිනිස් ඇටසැකිල්ලක් නිර්මාණය කරල , රූකඩ වගේ නූල් දාල නටවමු කියලයි කිව්වෙ.

දැන් වැඩේ මේ ඇටසැකිල්ල හදන්නෙ මොනවයින්ද කියන එක...කවුරුවත් දන්නෙ නැහැ.  දීර්ඝ කතාබහකින් පස්සෙ තීරණය උනා අඟලෙ ඝනකම රිජිෆෝම් වලින් හදමු කියල.

ඔන්න වැඩේ මට බාර උනා. මිනිස් ඇටසැකිල්ලක නියම ස්වරූපය,ප්‍රමාණය හොයාගත්තෙ විද්‍යාපොතකින් . පොතේ නම නම් දැන් මතක නෑ.


හැමෝගෙම පුදුම උනන්දුවක් තිබුනෙ. රිජිෆෝම් ශීට් එකේ මුලින් හැඩය ඇඳල කපාගන්නව ඊටපස්සෙ නෝට් එකේ වැලිකඩදාසි වලින් මැදල ගානට රවුම් කරල හැඩය ගන්නව. ඉල ඇට, ඇඟිලි,උකුලේ ඇට,කකුල් අත් වල ඇට මේ සියල්ල හදන්න පුදුම කට්ටක් කෑවෙ..දිවා රෑ මහන්සි උනා. ඒවගේම වැරදුනා...බරගානක් ශීට් අහක ගියා.

ගොඩක් අය මේ වැඩේට සහාය දුන්න.මූනෙ රෙදි කෑලි ගැටගහගෙන බොහොම සංයමයෙන් තමා කරන්න ඕන. කොහෙද අපේ වසවර්තියො නඩේට එක විදියකට ඉන්න පුලුවන්ය පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ගමන් දඟලල රිජිෆෝම් වලින් ගහ ගන්නව...ඉතිං කැඩෙනව. ගැට්ටට මල...!කුනුහරප ඉවරයි.

මේ වැඩේ කලේ අපේම යාලුවෙක්ගෙ ගෙදර වැඩ ඉවරනොවුනු කඩකාමරයක් ඇතුලෙ.දිවා රෑ 10ක්12ක් නිතරම එහේ පිරිල.අන්තිමට ගෙදර කට්ටියට ගැට්ටට වැඩිය වියදම් ගිහිල්ල තිබුන මුන්ට කන්න දීලම.ඒමිනිස්සුන්ට ගොය්තැන් බත් තියෙන හින්ද හොඳයි.


ශරීර කූඩුවෙ තිබ්බ ඇට කොටස් සියල්ලම වගේ දැන් හරි. හයිකරලත් බැලුව. වැඩේ ගොඩ...! අත්දෙකට , කකුල්දෙකට නූල් දාල නටවලත් බැලුව. උකුලටත් නුල් දාල තිබුනෙ නැවෙන්න පුලුවන් වෙන්න.
ප්‍රශ්ණෙ ආවෙ ඊලඟට..?

ඔලුකට්ට හදන්නෙ කොහොමද...කිසිකෙනෙකුට අදහසක් නෑ.
" හරි අපි සොහොනක් හාරල ඔලු කට්ටක් ගම්මු." අදහසක් ආව.
අදහස නම් හොඳයි ඒත් ඒක කරන්නෙ කොහොම්ද ලොකු බැරෑරුම් කමක්. අනික මේක ප්‍රදර්ශණය කරන්න තිබුනෙ නානුගලයගෙ ගෙදර.පාරෙ ඉඳන් අඩි 4ක් 5ක් උසනිසා ඒතැන ගැලපුනේ. ඒත් ඒ මිනිස්සුන්ගෙ ගෙදර මිදුලෙ මිනී ඕලුකට්ටක් නටවතෑකිද..? නානුගලයගෙ ගෑණි අපිට ගහල එලවයි.

අන්තිමට කතාකරල තීරණයකට ආව. අපේ පලාතෙ දක්ෂ ආටිස් කෙනෙක් හිටිය ඈපානන්ද කියල.මුන්නැහේගෙ ගෙදර ඒ කාලෙ වෙස්මුහුණු හදනව.

ඒකත් හරි ජොලි වැඩේ. දැන්කාලෙ වගේ ප්ලාස්ටික්, ඉටි මූනු නොවේ තනිකර පත්තර කොල.මුහුණට කිසි හානියක් නෑ.
කලින් නිර්මාණය කරගත්තු සිමෙන්ති අච්චුවකට..පාප්ප ගගා..පත්තර කොල හීනියට ඉරල අලවනව.ඊට පස්සෙ ගලවනව. වෙලුනාට පස්සෙ ලැකර් ගාල ලස්සන කරනව.  ලස්සන ඒව තිබුන..ලොකුවට තනිකර මූනම හදන ඒවට ඔලුබක්කො කියල කිව්ව. ඔය හැම එකක්ම කල එලියට බහින්නෙ වෙසක් කාලෙට තමා.

ඔන්න අපි ගියා ආටිස් හමුවෙන්න. ආටක නාටක ඔක්කොම දාල මෑන්ට අපේ වැඩේ කිව්වම  මිනිහ වැඩේ බාර ගත්ත. ඒ වගේම ටිප් ටොප් එකට කරල දුන්න..පොදු වැඩේනෙ කියල සතපහක්වත් ගත්තෙ නැහැ..අපිට මාර සතු‍ටුයි. ආයි නෑ ඇත්ත එකක් වගේම තිබුන.

දැන් සියල්ල හරි . පුවක් කණු කීපයක් හිටෝල වහලට පොල් අතු හෙවිල්ලල , වටේට කලු ඉටිකොල ඇදල හදාගත්ත මඩුව. දැන් ඇට සැකිල්ල වහලෙ ලීයක නූල් වලින් එල්ලල තියෙන්නෙ. පිටිපස්සෙන් කලු ඉටිකොලයක් ඇදල ඊටත් පිටිපස්සෙ පොඩි මේසයක් තියල ඒක උඩ නැගල තමයි නූල් අල්ලන් ඇටසැකිල්ල නටවන්නෙ. නටවන කෙනා පේන්න නැතිවෙන්න ඇටසැකිල්ලෙ උඩින් තව ඉටිකොලයක් ඇදල තියෙන්නෙ.

කීපසැරයක් අත්හදාබලල අඩුපාඩු හදාගෙන පොසොන් දවසෙ රෑ 7 විතර වෙනකොට විවෘත කෙරුන. ඕකටත් කාටද ආරාධනා කරල තිබුන මට මතක නැහැ. නානුගලගෙ ගෙදරින් වයර් ඇදල එක බල්බ් ඒකක් මඩුවට දාල තිබ්බ.ඒත් අඩාඳුරෙ තමා තිබුනෙ.එතකොටනෙ කට්ටිය බයවෙන්නෙ.

දැන් වැඩේ නැගල යනව පාරෙ යන අයත් ටිකකට හරි නැවතිලා ඔලුව දාල බලනව මේ මොකක්ද කියල. ඒ මදිවට  ඇටසැකිල්ල නටවන්න කට්ටිය පොරකනව. හරි අමාරු වැඩක් පොඩ්ඩ එහා මෙහා උනොත් නූල් පැටලෙනව. සමහරුන්ගෙ අතින් වේගය වැඩි වෙනව..ඒතකොටම ගැට්ට දුවගෙන එනව...!කෑ ගහනව වේගෙ වැඩී කියල.

පොඩි සංවිධායක මන්ඩලේකුත් හැදුන.සෙනග වැඩිවෙනකොට කැට හොල්ලන්න පිරිසක් දැම්ම.සරුයි වැඩේ.කවුරු හරි කට්ටියක් පාරෙ නැවතුන ගමන් කැට අරගෙන යන්න කට්ටිය පොරකනව. ආධාරත් හම්බ උනා..රුපියල , දෙක, වැඩිම උනොත් රුපියල් 5යි.ඒකත් ලොකු ගානක් ඒකාලෙ.

රෑවෙනකොට සෙනඟ පිරෙන්න ගත්ත.තොරණ බලන්න යන හැමෝම මෙතැන නැවතිලා විනාඩි 10,15ක් ඉඳල යන්න උනා. ඒත් පලවෙනි දවසෙ නිසා ගොඩක් අඩුපාඩු තිබුන.


සමහර වෙලාවට මඩුව පිටිපස්සෙ කට්ටිය එහාට මෙහාට යනකොට ඇදල තිබ්බ වයර් එක හෙල්ලිලා බල්බ් එක නිවෙනව.. තිත්ත කරුවල මදිවට එක හූවයි...සමහර වෙලාවට අපේ එවුනුත් හූ කියනව ආතල් එකට.

අනික මේ පොඩි කොලු කුරුට්ටන්ගෙන් තිබුනු කරදරේ..උන්ට ඕන නැති එකක් නෑ...ලදරම වගේ තිබ්බ මඩුව අස්සෙ පොරකකා ඇවිත්...මේක නටන්නෙ කොහොමද.., ඇත්ත එකක්ද..රටේ නැති ඒව හොයනව.

අනික ආධාර එකතුකරන එකත් කිසි සැලැස්මක් තිබුනෙ නෑ..සමහර පොඩි එවුන් මාටිය ගැහැව්ව.ඒ මදිවට ටොපි,රටකජු වෙලෙන්දො එකා දෙන්න පිරෙන්න ගත්ත. පාරෙ වාහන තදබදයකුත් ඇති උනා  වෙලාවකට.

පලවෙනි දවසෙ වෙච්ච අමතක නොවෙනම දේ තමයි නැගල හිටිය මේසෙ පෙරලගෙන ඇටසැකිල්ල නටවපු ගැට්ටව දඩ බඩෝං...කියල බිම පතබෑවුන එක.


ඇට සැකිල්ල පිටිපස්සෙ මේසයක් තියල ඒක උඩ පු‍ටුවක් තියල වාඩිවෙලා තමයි  නූල්ටික කරකෝල නැටෙව්වෙ.මෙතන වෙන දේවල් ඔක්කොම ගැට්ටගෙ ඔලුවෙ තිබ්බ නිසා බැරිවීමකින් මොකකට හරි කලබල වෙලා පු‍ටුවත් පෙරලගෙන බිමවැ‍ටුනුපාර පිටිපස්සෙතිබුනු ඉටිරෙද්දත් බිම.මූ වැ‍ටුනු හැටියට ආපු මිනිස්සු හූ කිව්ව විතරක් නොවේ අපිටත් හිනා.
ඇටසැකිල්ල හුලං ගිය බැලුමක් වගේ උනා. 
එදා රෑ වැඩේ එහෙම්ම නැවැත්තුව.

පස්සෙන්ද ලොකු සැලැස්මකට වැඩේ කලා. ආධාර කැට සීල් කලා.
පුන්චි ඈයො ඇවිල්ල වැඩේ දෙල් කරන නිසා වටේට වැටක් ගැහැව්ව.පාරටත් ලයිට් ඒකක් හයි කරා. මේසය වැටෙන්නෙ නැතිවෙන්න ලී හිටවල ගැට ගැහැව්ව. ප්‍රධාන දේ නටවන්න ආසාවෙන් හිටිය අයට නියම විදිය කියල දුන්න.කලින් දවසෙ නූල් පැටලැවිල මහ ගිනිවිජ්ජුම්බරයක් උනා.


අනික තමා ඩෝප් කාරයින්ගෙන් බේරගන්න එක. උන් ඇවිල්ල ලොරි ටෝක් දෙන්නෙ.
"ඕවත් වැඩද..අපි නොදන්න ඇට සැකිලි...යකෝ ඕව සොහොන්වල තියෙන්න ඕන දේවල්..අපහාස කරන්න එපා බොලව්"
අපිට හිනා ඉතිං..!

පස්සෙ දවසක වෙච්ච හොඳම වැඩේ කියන්නෙ අපේ ගමේම අපි හොඳට දන්න ඇටමැස්ස නිසා වෙච්ච වැඩේ.
ටවුන් එකේ කඩයක් කරපු මිනිහ හවහට කනපැලෙන්න බීල තව දෙන්නෙක් එක්ක ඇවිල්ල දැන්..ඇටසැකිල්ල නටවනව බලා ඉන්නව.

"අඩෝ...! අපි දන්නව යකෝ ඕව හදන හැටි....තනිකර රිජිෆොම් තියෙන්නෙ ඩෝ..!!"
  එකේකේව කියනව මහ හයියෙන්. බලන්න ඇවිල්ල හිටිය අයට මේක මහ හිසරදයක් උනා. මිනිස්සු කීයට වත් හිතුවෙ නැහැමේක රිජිෆොම් එකක් කියල.

අනිත් එක දෙවනි දවසෙ ඉඳල ලොකු බෆල් දෙකකුත් හයිකරල, නිවේදකයකුත් එක්කම තමයි වැඩේ උනේ. නිවෙදකයා උනේ අපේ ගමේම එකෙක් ඌත් වැඩේ මවල දෙන්නෙ.
"බලන්න පිංවතුනි.....මේ මිනිස් සරීරේ තියෙන සුබාවික ඇටසැකිලි.....බලන්න..මේ  හිස්කබල...හරි බයයි නේද..? අත්,පපුවෙ හැටි බලන්න නේද..." මූ මවල කියනව.
ඒ අස්සෙ ආච්චිල සාදුකාරත් දෙනව..!
"ඔන්න බලන්න පිංවතුනි...ජීවිතේ හැටි...! ඔයගොල්ලන්ටත් ඔහොම තමයි මැරුනම ...ලස්සනට තියෙන මස්ටික දියවෙලා ගියාම ඔච්චරයි ඉතුරු වෙන්නෙ..!"

ඔහොම නිවෙදකය කියනකොට...අර බීපු ගැන් එක අනං මනං කියනව.
"පල යකෝ යන්න..රෙද්දෙ ඇට සැකිලි තමයි"
" තොපි බොරු යකෝ කියන්නෙ."

දැන්නම් සීමාව ඉක්මවා යනව..අන්තිමට හතර පස්දෙනෙක් ගිහිල්ල බෝතලයක් ගහමු කියල අඬගහගෙන වෙල දිහාවට එක්ක ගිහින් හොඳට සලකල තිබුන..ඊටපස්සෙ දැක්කෙත් නෑ.!

හැමදාම...නන්ස්ටොප් සිංදු දාල තිබුනෙ.
"යමලොව ඉපදුන හොඳ..හොඳ වැඩ දෙන...." මේ වගේ සින්දු.

හරියටම සතියක් තිබුන.අන්තිම දවස් වෙනකොට එච්චර සෙනඟ හිටියෙ නෑ බලන්න. හැබැයි හොඳගානක් එකෙතුවෙලා තිබ්බ.

අන්තිම දවසෙ රෑ බෝතල් කීපයක් ගෙනල්ල කට්ටිය සප්පායම් වෙලා තිබුන. අපි ඉස්කෝලෙ යන උන් නිසා එතකොට අමද්‍යප තමා ඉතිං.ඒ නිසා රෑ12ට විතර ගෙදර ඇවිල්ල නිදාගත්ත.
උදේ ලැබුනෙ එච්චර හොඳ ආරන්චියක් නොවේ.

කට්ටිය හොඳටම බීල නානුගලයටත් බෝතලක් අරන් දීල යම් මුදලකුත් දීල ආපසු ආවලු.

ඒත් උදේ පාන්දර 5ට විතර නානුගලයගෙ පවුල ඉස්සරහ දොර අරින කොටම අර ඇටසැකිල්ල ඇඟට කඩා වැටිල. ගෑණි මරල‍තෝනියක් දීල තුන්මුනින් දාල වැටිල. සිහියක් කටක් නෑලු.

කව්ද නසරානියෙක් ඇටසැකිල්ල දොරට හේත්තුකරල වෙරිමරගාතෙ ගිහිල්ල. උදේ පාන්දර ගෑනිගෙ ඇඟට වැටිල තියෙන්නෙ එහෙමයි.

අන්තිමට තෙල් මතුරල පිරිත් එහෙම කියලයි ගෑනිට සිහියක් කටක් ගත්තෙ.

ඔය වැඩවලට  අපිට එකතු උන මුදලින් සෑහෙනගානක් වියදම් උනා. අපි නිසානෙ එහෙම උනේ.

කොහොම උනත් නානුගලයට හොඳටම තදවෙලා..ඇට සැකිල්ල ලිපේ දාල පුච්චල තිබුන. ඊලඟ සැරේ වෙනතැනක මීට වඩා හොඳට ප්‍රදර්ශනය කරන්න කට්ටිය කතාවෙලා තිබුනෙ.
මට සෑහෙන්න ඉල්ලිම් කලා ආයිත් එකක් හදමු කියල..ඒත් මම උසස්පෙල ලියන වර්ශය නිසා මම ඕවට හවුල්වෙනවට ගෙදර අය එච්චර කැමති උනේ නැහැ.

අන්තිමට මේව මතකයේ පමනක් ‍රැඳුනු දේවල් පමනක් උනා.








80 comments:

  1. හි හි...
    මරු ආතල් එක...
    ඔය කන්ගැට්ටමද පස්සේ කාලෙක කෞතුකාගාරෙට ගේම දුන්නේ???????? හෑ...

    ReplyDelete
    Replies
    1. හිකිස්...ගැට්ටා මෙහේ බේකරියක් කරගෙන අහිංසකව ජීවත් වෙනව බං..!

      Delete
  2. මරු ආතල් වැඩ කරලා තියන්නේ උඹලත්. කඩදාසි වෙස් මූණක් මෑතක් වෙනකල් අපේ ගෙදර තිබුන. මං අදටත් ආස කරන දෙයක් තමයි පෙරහැර වල ඔලු බක්කෝ නටනවා බලන්න...

    ReplyDelete
    Replies
    1. යුද්දෙ කාලෙ ඔලුබක්කො නටන එක තහනම් කලානෙ.දැන් අබාවයට ගිහිල්ලද මන්දා..!

      Delete
    2. දැන් නම් අඩුයි බං. මමත් අන්තිමට දැක්කේ අවුරුදු කීපයකට කලින්.. එහෙම තහනම් කරලත් තිබුනද..

      Delete
  3. අපිටත් ඔහොම ආතල් තිබිලා තියෙනවා වෙසක් කාලෙට.ඕවා ඉතින් ජිවිතේටවත් අමතක වෙන ඒවා නම් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ..කොහෙ අමතක වෙන්නද..??

      Delete
  4. මාර ආතල් බං.

    ඔය හොල්මන් මන්දිර කරද්දිත් පොඩි උන්ගෙන් තමා බේරෙන්න බැරි. උන් අග මුල හොයන්න දගලන නිසා වැඩ චොර වෙනවා.

    ඒ කාලෙ හැටියට හොද ගතමන්ට් එකක් ලැබෙන්න ඇති..

    ජය !

    ReplyDelete
    Replies
    1. ඔව් රිජිෆෝම් අඟලේ ශීට් එකක් රු 12ක්ද කොහේද මතක හැටියට..!
      එහෙම බලනකොට සෑහෙන ගානක් දැන් බැලුවම. ආදායමත් ඊට හරියන්න.

      පොඩි උන් නම් හොදි ඕන්නෑ...!

      ඔබටත් ජය වේවා..!

      Delete
  5. හි හි.. හිනා වෙලා පණ නෑ... හයියෝ......

    ඇත්තටම අර ගෑණු එක්කෙනාවත් දැනං හිටියේ නැද්ද ඒක රිජිෆොම් කියලා....

    ReplyDelete
    Replies
    1. ඒකනම් හරියට දන්නෑ...!මොන ර්ජිෆොම් ද..? උදේ 4ට,5ට විතර.

      Delete
  6. අය්යො එකතු කරපු සල්ලි .

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම හපන් පාටියක් දාන්න හිටිය අපිට ....වෙච්ච වැඩේ..(අරක්කු නැතිව)
      බොන එවුන් නම් ඒදා රෑම සලු උනා.

      Delete
  7. ''අපි හොඳට දන්න ඇටමැස්ස නිසා වෙච්ච වැඩේ.'' වීයා මේ අර බ්ලොග් එකක් ලියන හිටපු ඇටමැස්සා මද?

    ReplyDelete
    Replies
    1. හි..හි..(හිරුගෙන් බෝ උනේ)
      ඌත් කන පැලෙන්න ගහනවද...?

      Delete
  8. ඕවා යාදෙන්නෑ කියලා තමා හිතන්න තියෙන්නෙ.. කවුද බන් ඒ කුපාඩි වැඩේ කරපු එකා.. ?

    රෙජිෆෝර්ම් වලින් ඔච්චර සෙල්ලම් දාන්න පුළුවන්ද බන්.. නටවද්දි කැඩෙන්නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම එකකුත් තියෙනව. සමහර ආච්චිල බලෙන් ලඟටම ඇවිල්ල සල්ලි දුන්න. අනේ සංසාරෙ කියල.

      පොඩි පොඩි ඩැමෙජ් උනා. හැම ඇටයක් මැද්දටම බයින්ඩින් කම්බියක් ඇතුල් කරල,එකිනෙක අමුනල තිබ්බෙ. හැම ඇටයකම සුදුපාට බයින්ඩින් ගම් ගෑව එතකොට අර රිජිෆොම් වල බෝල ගැලවෙන එක නවතිනව.

      අපි එකපාරක් අපායකුත් හැදුව බං ඒක නම් හරි ජොලි.

      Delete
    2. එහෙනම් ඒ කතාවත් කියහන්...

      Delete
  9. ආච්චිලා සාදු කියනකොට තමා පට්ට.හැම මගුලටම සාදු කියනවනේ එයාලා :D:D

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කාලෙ ආච්චිල වන්දනාවෙ යනව වගේ තමා පෝයට තොරන් බලන්න යන්නෙ.

      Delete
    2. ගැට්ටා පෙරලගෙන වැටෙද්දි කියපුවටත් ආච්චිල සාදු කිව්වද?

      Delete
    3. පලවෙනි දවසෙ ආච්චිල හිටියෙ නෑ.

      Delete
  10. mara gemak ne dila thiyenne atasakilla hadanna. owa ithin karalama balanna ona. lassana mathaka.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ හරිම ජොලි අප්පා. කිසිම බරක් පතලක් නෑනෙ.

      Delete
  11. අඩේ මරු වැඩේ බං! ඇට සැකිල්ල නැති එකේ ඊළඟ අවුරුද්දේ උඹට නටන්න තිබ්බේ!

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ...මම ඒකාලෙ කොහොමත් ඇටසැකිල්ලක් වගේ බං..!

      Delete
  12. අඩේ උඹ මාර කාලෙකට අපිව ඇදගෙන ගියා.උඹ මගේ පොස්ට් එකට දාපු කමෙන්ට් එක මෙතනට වැදගත් වගේ.අපි හැමෝන්ටම තිබුන ළමා කාලේ එක සමානයි පොඩි පොඩි දේවල් නැතුව.අපි හදපු කැරකෙන කුඩුවක් තියෙනවා. එකත් මාර කතාවක් දවසක ලියන්නම්.

    මිට වඩා දේවල් කියන්නේ නැහැ බං.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම..! අපේ සීයල ඒගොල්ලගෙ තරුනකාලෙ ගැන පුරසාරම් දොඩනව වගේ අපිත් අපේ කාලෙ ගැන සිහිකරල සතු‍ටුවෙනව...!

      කූඩුව ගැන ලියපන්..!

      Delete
  13. කන්ගැට්ටා නියම පොරක්නේ.. ඔය හොල්මන් මංදිර වල වෙන්නේ ඔහොම එවුවම තමා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඌ මාර කැපවීමක් තිබ්බෙ...ඌ ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඇවිල්ල ඉන්නව පුටාර් එකෙන්...කෙලින්ම ගෙදර යන්නේ නැතිව ඔය අටමගල හදන තැනට එක්ක යන්න.

      Delete
  14. පට්ට ආතල් බන්..... අපිත් ඔහොම සැරයක් කලා... එදත් ඔය වගේ ගෙදරක් ඉස්සරහ තියල ගිහිල්ල පොලිසියෙන් තමා ඒක ඉවර උනේ...

    ReplyDelete
    Replies
    1. අපෙන් කොපිකලාද..?:))))
      පොලෝසි ගියානම් අපි කම්මුතුයි..!

      Delete
  15. පිස්සු පීකුදු මෙහෙම පොරවල් හැම ගමකම වගේ ඉන්නවා...මටත් ඔලුබක්කෝ නටපු කාලේ මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. කව්ද..??? නලින් අය්යා මං වගේ එවුන්ද..??

      Delete
  16. ගැට්ට මේසෙ පෙරලගෙන වැටිච්ච පාරට මිනිහට ඇට හයිකරන්න උනානං තමයි වැඩේ.

    ReplyDelete
    Replies
    1. හැකෑස්..අම්මට කියාගෙන නැගිට්ටෙ...අපි පැත්තකට වෙලා හිනාකනව..:)))

      Delete
  17. වැඩක් කරන්න එකෙක් නැතුවට කවුරු හරි කරාම ඒක හෑල්ලුවට ලක් කරන අපිට ඔයිට වඩා ඒවා පුළුවන් කියන එවුන් මට පේන්න බෑ. දු‍ටු තැන පහර දෙනවා මම නම් උන්ට.

    ReplyDelete
    Replies
    1. උඹ බැලුවද මන්දා..මලගෙවල් වල තොරණ්ගැහීම ගැන මම දාපු පෝස්ට් එක..ඕය ගැන මම කියල ඇති..!
      අම්බෝ මූ මාර චංඩියෙක්නෙ..!!:)))

      Delete
  18. අපොච්චි තාත්තේ මම නම් චූටි කාලේ එක සැරයක් ගියා එදා ඇවිල්ලා හිටිය මිනිස්සු බය වුනේ මගේ කෑ ගැහිල්ලට...එදත් එදායින් මම ආයේ ගියේ නෑ ඔව්වට, මාරක ළිඳිටත් ඒ වගේම බයයි..

    ReplyDelete
    Replies
    1. හි..හි.. මට මැවිල පේනව ශම්මිය තාත්තගෙ අතේ එල්ලිල මොරගාපු හැටි...!! :)

      Delete
  19. ammo weeyo hemeeta kiyawanna
    enna one mewa..innako tikak...

    ReplyDelete
    Replies
    1. හ්ම්..හ්ම්.. හිමීට බලමු..!

      Delete
  20. හප්පට සිලි අර ගෑනු කෙනාට මොනවා හිතුනද දන්නේ නැහැ. ඇටසැකිල්ල ඇඟට වැටෙද්දී.

    ReplyDelete
    Replies
    1. ලොකු කම්පනයක් ඇතිවෙන්න ඇති..!ටික කාලයක් යනකන්කොල්ලො පේන්න හිටියෙ නැහැ ඒ ගෑනු කෙනාට..!

      Delete
  21. අනිවාර්යෙන්ම උඹ ඇටසැකිල්ල අඩුවක් නැතිව හදන්න ඇති, ඒකයි අර සමහර ආච්චිල අනිච්චං දුක්කේ කියල විස්සෝප වෙලා තියෙන්නෙ. D

    ReplyDelete
    Replies
    1. ඇට සැකිලි ඒකට ඇතිල්ලෙනකොට ටොක්...ටොක් කියල සද්දයක් එන්න..ලීකෑලි අතරින් පතර දාල තිබුන.

      Delete
  22. සතිය පුරා ඇටසැකිල්ල ව්‍යාප්ත වෙච්ච විදිය නම් ටොප්.. හිනා කෑවා ! කවුද යකෝ ඒක වෙරි මරගාතෙ දොරට හේත්තු කලේ ?

    ReplyDelete
    Replies
    1. අපි පොලවට උඩින් ගියේ ඒ දවස් වල...මාර පිලිගැනීම.
      අදටත් දන්නෑ..කව්ද කියල..?

      Delete
  23. හෙහ්... අඩේ පට්ටයි ඈ!! :)

    අපිත් කාලයක් එකෙක් නැටෙව්වා.. ඌ ඇටසැකිල්ලක් නෙමේ. බයික් එකක් පදින හෙන බඩෙක් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ ..ඒක ගැන දාපන්කො ...අපිටත් කියවන්න...!

      Delete
  24. සුපිරි ආතල් එකක් නෙ....

    ReplyDelete
  25. වෙසක් පොසොන් කාලෙට තමයි ඔලු බක්කො, කඳ නැති හිස වගේ එක එක සෙල්ලම් දාන්නෙ. ඇට සැකිල්ල දොරට හේත්තු කල එක ඔයින් ගියා ඇති.

    කන්ගැට්ටා කිව්ව ගමන් මතක් වුනේ කඩුව

    ReplyDelete
    Replies
    1. ඔලු බක්කො නටන එවුන් දැක්කම සමහර පොඩි එවුන් බෙරිහන් දෙනහැටි..අම්මෝ පුදුම බයයි සමහර පොඩි අය.
      මේ කන් ගැට්ටා බ්ලොග් බලන්නෙ නැති හින්දා හොඳයි..!

      Delete
  26. හරිම ආසාවෙන් කියෙව්වා වීයා. ඔව් පලාතෙන් පලාතට වැඩිය ලොකුවට ගන්නෙ වෙසක්ද පොසොන්ද කියලා තීරනය වෙනව නේද?

    උඹලා අර ඩෝප් කාරයොන්ට බෝතලයක් අරන් දෙන්න කියල වෙලට එක්ක ගිහිල්ලා සලකපු සීන් එක වෙනම ලියන්න පුලුවං බං. මට ජොලිම ඒක.

    ReplyDelete
    Replies
    1. අපේ ඒ දවස් වල හිටි ගැන් එකට ...චන්ඩි ඔක්කොම බයයි....ඒදා උන්ටික වැඳල ගිහින් තිබුනෙ...හැමෝටම කනේ පාර ගානෙ ගහල තිබුන...මගේ කලින් පෝස්ට් එකක හිටපු කෝඳුරුව .(බයිසිකලෙන් වැ‍ටුන හැටි)

      Delete
    2. ඕ....න්න. මෙච්චර පෝස්ට් එකක මෙයාට අල්ලල ගිහිල්ල තියෙන්නෙ ඩෝප් සීන් එකක්. එක කුලකෙට අයත්වෙන අයනේ, ඔහොම තමා. :)

      Delete
    3. ඉරිසියා කරන්න එපා බං.

      Delete
  27. Replies
    1. ඕව්..
      අන්තිම එක තමා නරක වැඩේ..!

      Delete
  28. මම නම් ආසම වෙසක් එකට දන්සැල් එහෙම දෙන්න මම පටන් ගත්ත වැඩක් තාමත් කරගෙන යනවා මගේ එහේ ඔෆිස් එකේ අය...කොල්ලන්ට නම් ඔය දේවල් තමයි නේද හොද?මගේ ඇගට එහෙම ඕක වැටුනා නම් මැරෙනව අනිවාරියෙන්ම..

    ReplyDelete
    Replies
    1. //මගේ ඇගට එහෙම ඕක වැටුනා නම් මැරෙනව අනිවාරියෙන්ම..//
      අම්මේ ...මගේ බඩ...!!!! පෝස්ට් එකත් හරි මේ කමෙන්ට් එකත් හරි..!

      Delete
  29. එකාතකට ඒකත් මහ විහිළුවක් බං. අපේ ඇඟ ඇතුලෙ ඔරිජිනල් ඇට සැකිල්ලක් තියන් අපි රිජිෆෝම් එකකටත් බය වෙනව.

    බක් මාසෙ, වෙසක් පොසොන් කියන්නෙ ඉතිං දිගටම ඔය වගේ චූන් එකක් තිබිච්ච කාලයක් තමා. ඒත් පොඩි කාලෙ තරම් දැන් සතුටක් දැනෙන්නෙ නෑ. අනික දැන් ඉන්න පොඩි එවුන්ටත් ඉස්සර අපිට තරම් එවුවයෙ ගානක් නෑ.

    ReplyDelete
    Replies
    1. //අනික දැන් ඉන්න පොඩි එවුන්ටත් ඉස්සර අපිට තරම් එවුවයෙ ගානක් නෑ//එකෙන්ම..

      අනේ කාලෙ..කියලතමා කියන්න වෙන්නෙ.

      Delete
  30. නැටවිල්ල ඒ කාලේ ඉදලා කරපු දෙයක් වගේ :P

    ReplyDelete
    Replies
    1. දැන් නැට්වෙන්නෙ අපි....නේද හසිත..!

      Delete
  31. ඔය වගේ වැඩ නැතත් ගමේ දන්සැල් සංගමයෙ හිටිය ප්‍ර‍ධාන සාමාජිකයෙක් තමයි මම...මට ඒ එක්ක බැදුනු පරණ කථා කිපයක් මතක් වුනා මේ කථාව අස්සෙ...ඉදිරි දිනයක හිමිං සීරුවෙ ලියන්නම්...

    ReplyDelete
    Replies
    1. හ්ම්..හ්ම්..දන්සැල් දීමත් හරි අපූරුයි...ලියමුබලන්න.

      අපිත් දුන්න එකපාරක් ලොකු දන්සැලක්...ඒත් ඒක කෙලවර එච්චර හොඳ උනේ නෑ..ඒ නිසා ලියන්න බෑ..!

      Delete
  32. අපේ ඉස්කෝලේ විද්‍යාව කරපු සර් ලැබ් එකට මිනී ඔලුවක් ඕනි වෙලා මහා රෑ සොහොනක් හාරලා ගෙනත් තිබ්බේ. ඔතනටත් ඇත්ත එකක් ගෙනාවනම් ඇර ගෑණිට පාන්ශකූලෙත් දෙන්න වෙන්නේ වීයලාටම තමයි. :D

    ReplyDelete
    Replies
    1. සර් මාර පොරක්නෙ..බං..!

      එහෙම උනානම් මමත් තාම හිරේ..!

      Delete
  33. පට්ට ආතල් එක.. මටත් මතක් උනා ඔය වගේ සීන් එකක්.. අපිත් ඒ දවස් වල රෑකඩ හදලා රිජිෆෝම් වලින් නටවනව නෙව වෙසක් එකට...

    ReplyDelete
    Replies
    1. ලියපන් බං..!අපිටත් බලාගන්න.

      Delete
  34. හපුච්චියේ.... ගැට්ටට වෙච්චි වැඩක්.... මට මැවිලා පේනවා මේසේ පෙරළන් බිම පත බෑ වුන හැටි.... හික්...
    ඒ කාලේ අයියලා හෙන ජොලි වැඩ කරලා තියෙනවා නේද....

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ සමනලියෙ ඒ කාලෙ.මට ගැට්ටව ඊයෙත් හම්බ උනා.."කොහෙද බං ඉන්නෙ දැන්" ඌ මගෙන් අහනව..ඔන්න ඔහොමයි දැන් ජීවිතේ.
      ඔ‍ෆිස් එකෙන් ගෙදරට..ගෙදරින් ඔ‍ෆිස් එකට ..ඕච්චරයි.

      Delete
  35. හී හී හී හිනා සාගරයක්..

    වෙසක් පොසොන් කාලේ ෂෝයි..දන්සැල්, තොරන්, කුඩු හැමතැනම.

    කන්ගැට්ටා කිව්වම මම හිතුවේ කෞතුකාගරේට පැනපු හොරා කියලා හී හී හී

    ReplyDelete
    Replies
    1. හූ..හූ ‍රැව‍ටුනා නේ..! ඒ කං ගැට්ටානෙවී අනී.

      Delete
  36. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
  37. කෝ බන් මම මේකට කොටපු කොමෙන්ටුව?

    ReplyDelete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...