Sunday, June 24, 2012

පයිතගරස්ලා මෙව්ව හොයාගන්නකොට අපේ මිනිස්සු ඒකෙන් වැඩත් ගන්නවද..?



මගේ බ්ලොග් එකට ආපු හැමෝම දන්නව ඇති මම ගෘහ නිර්මාණ  සැලසුම් ශිල්පියෙක් කියන වග. ඉතින් මේ ‍රැකියාවට මම ඇතුලූඋනේ අහම්බෙන් කීවොත් නිවැරදියි..! ඉස්කෝලෙ ගිහිල්ල ඉවරවෙලා,හතර අතේ රස්තියාදුවෙවී ඉන්නකාලෙ දෙමව්පියන්ට ඕක ටිකක්විතර හිතට වදයක් වෙනවනෙ.
ඔන්න ඉතිං මාත් අපේහරියෙහිටපු හොඳම ගැන්සියට සෙට් උනා.ඒකාලෙ දැන් වගේ චාටර් වැඩ නොකලත්,තක්කඩි වැඩනම් අනන්ත කරල ඇති.හැබැයි කතාවට ඒව අදාල නැහැ.
මගේ පියා පලාතෙ ප්‍රසිද්ධ මේසන් හෙඩ්බාස් කෙනෙක් ,මට මතකයි...අපි කුඩාකාලෙ ඉන්ජිනේරු සැලසුම් , ගෘහනිර්මාණ සැලසුම් වගේ දේවල් මුකුත් නැතිව තාත්තල තට්‍ටු 3,4, ගොඩනැගිලි හැදුව,ගෙවල් හැදුව. මේව සියල්ල සැලසුම් කෙරුනෙ හෙඩ්බාස්ගෙ ප්‍රධානත්වයෙන් සහ දැනුමෙන් ,හැබැයි මේඅය සැලසුම් කියල ඇන්දෙ නිකං දිග පලල සහ කාමර බෙදෙන හැටි දැක්වෙන සටහනක් විතරයි. සියල්ල තිබුනෙ බාස්ගෙ හිතේ. ඒ වගේම මගේ පියා ඉස්කෝලෙ ගිහින් තිබුනෙ 3පන්තියට විතරයි..ඒ නිසා අකුරු ලියන්නත් ටිකක් අමාරුයි.හැබැයි..ඒකාලෙ බොරුවැඩනැහැ..ගෝලයෙක් විදියට සෑහෙන කාලයක් පෙරුම්පුරල..තමයි ඉගෙන ගන්න ඕන.මුලින්ම අත්වැඩ දෙන්න ඕන , ඊට පස්සෙ තමයි බාස් වැඩේට පුරුදුකරන්නෙ.සමහර වෙලාවට ගුටිත් කන්නවෙනව වැරද්දුවාම.වාස්තු විද්්‍යාව හොඳට ප්‍රගුණකරල තිබුනනිසා සැලසුම් අඳිනවැඩෙත් තාත්ත කලා.
ඔය හේතුව නිසාම මට ඉබේම වගේ සැලසුම්වල ගනන් මිමි දාන්න වගේ දේවල්වලට සම්බන්ධ වෙන්න උනා.මටත් කිසිම දැනුමක් තිබ්බෙ නැහැ..හිතල සහ තාත්ත කියල දීපු කාරනා විශේෂයෙන් ජෝ‍යාතිශය ගැන වගේ දේවල් ටිකක් ඉගෙන ගත්ත.


ඔහොම ඉන්න අතරෙ එක දවසක් තාත්ත කියපි..


"හෙට නැකැත් දවසක් මට එක තැනක වැඩක් තියෙනවා,අහවල් තැන...උඹ අහරෙ වැඩක් තියෙනවා තනියම ගිහින් ලණු ටික ඇදල දීපන්..මෙන්න ප්ලෑන් එක හොඳට බලපන්.."
ඒකියන්නෙ හෙට උදේ පාන්දර කුකුලත් අතින් අරන් නැගිටපන්කො...
දැන් ඉතින් මාත් ප්ලෑන් එක බලනවා ප්‍රශ්ණයක් නෑ...
මටත් ඕකෙ එච්චර බරක් පතලක් තේරුනේ නැහැ.


"හරි..හරි.."


මමත් ගනන් ගන්නෙ නැතිව කීව.



දැන් උදේ පාන්දරින්ම නැගිට්ටා, කොහොමත් රාත්‍රියේ හරිහැටි නින්දක් ගියෙත් නැහැ මේ වැඩේ හරියට කරතෑකිද..? කියල හිතේ බයකින් තමයි හිටියෙ. ත්‍රීවීල් රාජයෙක් ඇවිල්ල හෝන්කරල අපිව වැඩේ කරනතැනට එක්කගියා කියමුකො. "ගෙපල" කියලනෙ සාමන්්‍ය භාශාවෙන් කියන්නෙ. දැන් එතනට ගියාම හරිපිලිගැනීම..ඒ වගේම සෙනග පිරිල ..මාව නිකං ස්ටේජ් එකක් උඩ තනියම තිව්ව වගේ උනා. ඒමදිවට කකුල් දෙකත් ටිකක් විතර වෙව්ලන්න ගත්තා කතාකරගන්නත් බැහැ. 
මිනුම්ටේප් එකක් මගේ අතට දීල, හතර පැත්තට අල්ලල දිග , පලල බලල, තාත්ත මෙහෙම කිව්ව...
"ඉස්සෙල්ල මේ 28 දිග පැත්ත ඒකට මාලිමාව තියල දිශාවට ගහනව  ,අනිත් ලණුව ඊලඟට හරහට තියල..දිග පැත්ත අඩි 20ක් දානව , කොට පැත්ත අඩි15ක් දානව. හරහට අඩි 25 ගන්නව එතකොට පරහ හරි."
ම්...ම්... මම නිකං කරකවල අතෑරිය වගේ..! හුරුපුරුදු..ක්‍රමයක් මෙන්න මේක,




"තව එකක් මුලින්ම කූංඤය ගහනකොට කකුලෙ ඇඟිලිකරුවෙ තියල තමයි වෙලාවට ගහන්න ඕන.


ඔය විදියට එක,එක උපදෙස්..මමත් හා..හා.. කියල කිව්වත් එයින් කීයක් ඔලුවට වැ‍ටුනද මන්දා..? කොහොම හරි තාත්ත ටික වෙලාවකින් ගියා , දුන්නු උපදෙස් විදියට වැඩේ කලා කියමුකො. ගේ හත‍රැස් කරල ඉවරවෙනකොට , එක ..එක ..ඈයො තමන්ගෙ දන්නාකම පෙන්නන්න පටන් ගත්තා , මම පොඩි එකානෙ.වයසක බාස්ල  නිකං  ලෙමන් බික්කක් කටේ තිබ්බවගේ,අරහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා.ඇයි මේ පුන්චි එකා පොරවෙලා , ඉහ නිකට ඉදෙනකන් වැඩකරපු උන්ට කිසිම තැනැක් නැහැ.
දැන් හෝගාල එක..එක උපදෙස් මමත් නිකං බඩයන්න ඔන්න මෙන්න එකාවගේ අරහෙට...හැරෙනවා ...මෙහෙට හැරෙනව...!ඒ අස්සෙ එකෙක් කියපි..


"මුල්ලෙන් මුල්ල අල්ලල පරහ බලමු" කියල.




මාත් ඉතින් බැලුව.. සමාන වෙන්න එපායැ..හුටා..!!!.මගේ කන්දෙකේ ඉඳල..මුලුසරුවාන්ගෙම රත්වෙන්න ගත්ත...අඟල් 6ක් වෙනස්.....මලා..!!! දැන් මොකක්ද....කරන්නෙ..?
මමත් ඉතිං  9,10 කැලෑසිවල..ගණිත..තාක්ෂණය දාල බැලුව..කෝණය අංශක 90 වට ගන්න එපායැ...ඔන්න බොලේ වැඩේ..පොතේ තිබුනට මෙතන්ට දාන්නෙ කොහොමද...? ආයිත් ඔන්න උපදේශකයින්ගෙ විවිදාකාර උපදෙස්..අරෙහෙම..කරන්න , මෙහෙම කරන්න..! හැටහුටාමාරකුයි...තවත් ටිකකුයි..උපදෙස්..!! හැදුව ..,හැදුව...ම්හ්..හරියන්නෙ නැහැ...ඊටපස්සෙ අවක්ඤාව..මේ පොඩි එකකුට පුලුවන්ද...? මේ වගේ අමාරුදෙයක් කරන්න තාම හුජ්ජකොල්ලො...! මල සංතෑසියයි...මට කකුල් දෙකත් පණනෑ වගේ...ඒ මදිවට කතාකරගන්නත් බැහැ.හැමෝම වටවෙලා..එක..එක කතා..,


"පරහ තියෙන්න හොඳ නෑ ගෙවල් වල..ගෙහිමියාට .මෙව්ව වෙනව" එකෙක් කියනව.


"පො...පො..ඩ්..ඩි බාෂුන්නැහේ...මොක්..කක්ද... ප්‍රශ්ණේ...ස්..සපෝට් එකක්  ඕන නම්  කියන්ඩ...ලැජ්ජ වෙන්න එපා..හ් හර්රී...! "ඒ අස්සෙ උදේපාන්දරම කණපැලෙන්න බීපු එකෙක්..මගෙ උරහිසෙන් අල්ලල කියනවා.. යකෝ මම බාස් කෙනෙක්යැ..මට මල එකයි..ඒත් මොනව කරන්නද...ඉවසනව හැර.


"මල්ලි ඔයා මුල ඉඳල ආයි ලණුගහන්න" ඒ තව උපදෙසක්,


"එපා...එපා ..අපෝ..මුල් ලණුව ගලවන්න එපා..හොඳ නෑ..! තවෙකෙක් කියනව...මට මොනව කරන්නදකියල හිතා ගන්න බෑ..!!! මට ආව හොඳ අදහසක් 


තව ටිකකින් තාත්ත ඒවි එතකන් ඉමු...ලැජ්ජාව වහගෙන මම කිව්ව....! තාත්ත ආව ආපු ගමන් අර බාස්ල ටික සමච්චලයට  වගේ ඔක්කොම ටික කිව්ව ,


හා සුලු දෙයක්නෙ කියල අංශක 90ට කෝණය හැදුව හරිම අපූරු විදියට...කට්ටිය හූම්..නෑ..!
මට මගෙ මේ වෘත්තියෙ , පලමු වැදගත්ම පාඩම කියල දුන්න... ත්‍රිකෝණයක පාදවල තියෙන  සම්භන්දතාවයකින් අපට පරස් නැතිව (අංශක90 කෝණ ඇති)ලණුගහන හැටි කියල දුන්න. ඒක  කොහොමද  3 පන්තියට විතරක් ඉස්කෝලෙ ගිය තාත්ත දැන ගත්තෙ ..? මට ප්‍රහේලිකාවක්...!
"ඕක බොලා ඉස්කෝලෙන් ඉගෙන ගත්තට මේක මට ඉගැන්නුවෙ මගේ ගුරුන්නාන්සෙ , එතුමට උගන්නල තිබුනේ උන්දැගෙ ගුරුන්නාන්සෙ..ඔව්ව සුද්දො ගේන්න කලින් අපේ මිනිස්සු දැනගෙන හිටිය බොල..!" 
"මේක එක කරමයක් විතරයි...තව ඒව තියෙනව.. කිව්ව.
ඇත්තටම මමනම් හරියට දන්නෙ නැහැ මේක මොන සූත්‍රයෙන් එන එකක්ද කියල...ඒත් අපේ මිනිස්සුන්ට කලින් සුද්දො මේක හොයාගත්තද..? නැත්නම් මේක මුලින් අපි හෝ ඉන්දියානුවන් හොයාගත්තද... මේතරම් තාක්ෂණය දියුනු නැති කාලෙ අපේ මිනිස්සු කරල තියෙනදේවල් දිහා බලනකොට..මොකක්ද හිතෙන්නෙ....!!!!


මේකෙන් ලැබුනු කීර්තියත්  එක්ක ගෙදර ආපුගමන් තාත්ත කිව්ව...
"මම දැනගෙන හිටිය උඹට මේ සාත්තරේ පිහිටනව කියල අහවල් හාමුදුරුවන්ට කියල කේන්දරේ බලවල තමයි උඹව මම අරන් ගියේ... මේව පරම්පරාවෙන් අපේ මුතුන් මිත්තො ‍රැකගෙන ආපු දේවල් ඒක නිසා මේක අදකාලෙට හරියන්න උඹට ඕනවිදියට ඉගෙනගෙන මේකකරපන්..මගේ අල්මාරියෙ ඇති වාස්තුවිද්්‍යාව ගැන ලියවුනු පොත් , පත්තර කියවාපන් ,  " 


මට එතකොට තමයි තේරුනේ තාත්ත උවමනාවෙන්ම මාව එතනට දාල ජීවිතේටම මතක හිටින අත්දැකීමක් ලබාදුන්න කියල. ඒ අත්දැකීම් දැන් වැඩක් කරන්න ගියහම කොච්චර වටිනවද...? 

ඒ කාලෙ කොයි සාත්තරෙත් ගෝලයින්ට දුන්නෙ අත්දැකීම් වලින්,ඒකයි ඒ අය වැඩ හරියට කරන්නෙ..න්‍යායික දැනුමට වඩා ප්‍රායොගික දැනුමටයි ප්‍රමුඛත්වය දුන්නෙ. පයිතගරස්ලා පොත්වල හිටියට අපිවැඩකරන්නෙ...මහපොලවෙනෙ...!!(හැබැයි මේක පයිතගරස් වගේ විද්්‍යාඥයන්ට අපහාසයක් නම් නොවේ.)


(පයිතගරස් පින්තූරය ගූගල් වෙතිනි.)





38 comments:

  1. වී පොකුරගේ තාත්තා නම් හරිම හොඳ වැඩක් කරලා තියෙන්නේ. තනියම වැඩක් කරන්න ලැබෙනකම් ඒකෙ අමාරුව තේරෙන්නේ නැහැ. කැම්පස් යනකන්ම මම අම්මට උයන්න උදව් වෙනවා කියලා කරේ පොල් ගාලා දීපු එකයි මොන මොනා හරි කපලා දීපු එකයි. ඒක හින්දා හරියකට උයන්න පුළුවන් උනේ මේ ලඟදි, බැන්දටත් පස්සේ.

    ReplyDelete
    Replies
    1. හා..හා..ලඟදිද සයුරි කසාද බැන්දෙ...! සතු‍ටුයි..පිලිගන්න මගේ "සුභ පැතුම්"
      අපොයි මහත්තයට ටිකදවසක් යනකන්..ලුනු අඩු , මිරිස් වැඩි, බෙරිඋන බත් එහෙම කන්න උනාද දන්නෑ නේද..?

      Delete
  2. ඇත්ත, අත්දැකීම් වලින් තමා ඉගනගන්න ලේසීම.. ලේසිම කිව්වට ලේසි නෑ.. ඒත් හොදම ඉගනුම එන්නෙ අත්දැකීම් එක්ක මං හිතන්නෙ...

    ReplyDelete
    Replies
    1. මොනව කියනවද හිතූ..දැන් අනික් අය හැරෙන කොට අපිට මේ වැඩ ඉවරකරන්න පුලුවන්..!

      Delete
  3. වී ආඩම්බර වෙයන් මුලින්ම ඒ වගේ තාත්තෙක් ලැබිච්ච එක ගැන....

    සුද්දට කලින් අපේ මිනිස්සු ඕවා දැනගෙන හිටිය කියන්න අමුතුවෙන් කියන්න ඕනේ නෑ බන්.. අපේ මිනිස්සු මුළු පරස් ඇරල ගෙවල් හදද්දි,, පල බෙදල වහල ගහද්දි..සුද්දො කැලෑ වැදිල ඉන්න ඇත්තෙ..

    ඒත් අද සුද්ද අපිටවඩා ගව් ගානක් ඉස්සරහ.. කොතන හරි අපිට වැරදිලා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ආඩම්බර වෙනවා මීගොඩයෝ..!
      තව ඔයවගේ සිද්ධි තියෙනවා.පස්සෙ වෙලාවක බලමු.
      වැරදුනේ මචං අවස්ථාවාදී දේශපාලණේ නිසා තමයි..!

      Delete
  4. මේ වගේ දේවල් ගැන පාරම්පරිකව එන දැනුම අපි ඉස්සරහටත් අරන් යන්න ඕනි.ඒත් අද කාලේ වෙන්නේ නැත්තේ ඕක.දෙමව්පියන්ට ඕනි තමන්ගේ ළමයා ඩොකෙක් හරි ඉන්ජෙක් හරි කරන්න විතරයි.ඊට වඩා දේවල් ගොඩක් අපි අවට තියෙනවා කියලා තේරෙන්නේ නෑ.
    අයියගේ තාත්තා ගැන ගොඩක් ආඩම්බරයි.!
    වී අයියා ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියෙක් කියලා දැනගත්ත එක හොඳයි.මගේ කවදාහරි ගෙදර ප්ලෑන් එක හදන එකත් බාර දෙන්න බැරියයි.හැබැයි ඩිස්කවුන්ට් එකක් ඕනි..:D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ආඩම්බර වෙනවා නංගියෝ..! ඔව් පාරම්පරික දැනුම පුදුමාකාරයි තමයි..වෙලාවකට හිතෙනවා මේ දැනුම කොහොමද..මේ අයට එන්නෙ කියල.
      පුංචි මිනිසාගෙ වැඩේ ඉඳල මිලියන 5,6 වගේ වැඩත් මම කරනවා.ඒ මිනිස්සුන්ගෙ සතුට ,විශ්වාසය නිසාමයි..!අනික අගනගරය එක්ක බලනකොට අපිගන්නෙ සොච්චමක් නංගියො..අපි ගම්වල මිනිස්සුනෙ..(දැන්නම් නාගරික වේගන යන්නෙ හයිවේ එකනිසා..) අනිවා ඩිස්කවුන්ට් එකක් දෙනවා..හැමදාම හමුවෙන බ්ලොග් අවකාශෙ මිතුරොනෙ අපි.! ස්තුතියි.

      Delete
  5. පාඩමක් උගන්නන්නන් වාලේ උගන්වනවාට වඩා ඒ ගැන උවමනාවක් ඇති කරලා උගන්වන එක වටිනවා. එතකොට තමා පාඩම ගෙන ගන්නේ.........

    ReplyDelete
    Replies
    1. ඇත්ත හසිත , ඒ මිනිස්සුන්ට තියෙන දැනුම ඒකයි..!

      Delete
  6. උබලගෙ තාත්තනම් නියම තාත්තෙක් . කොහොමටත් අයින්ස්ටයින්ට කලින් සාපෙක්ශතාවාදය ගැන බුදුහාමුදුරුවොත් කියලා තියනවා. ගුරුත්වාකර්ශනය ගැනත් නිව්ටන්ට කලින් බුදු හාමුදුරුවෝ කියුවනේ

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. බටහිරට ගැති අධ්‍යාපන රටාවට වඩා ගැඹුරු අධ්‍යාපන රටාවක් ඉස්සර පෙරදිග තියෙන්න ඇති.බුදුන්ගේ දේශණා වලිනුත් ඒ බව හෙලිවෙනවා කියල හිතෙනවා.(ලින්ක් එක නොදැම්මත් අපි ඒපැත්තෙ එනව මචං)

      Delete
  7. සිංහල සාස්ත්‍ර විද්‍යා ගොඩක් බටහිර විද්‍යාඥයින් අදටත් පරිහරණය කරනවලුනේ..
    වැඩේ කියන්නේ අපේ එවුන්ට අගේ නෑ...
    ජයවේවා කිව්වා!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම රටක් මේක..?
      ස්තුතියි..අබේ ,ආයිත් එන්න.

      Delete
  8. හරිම සතුටුයි . වැඩ කරන කොට වී පොකුරව කාටවත් අන්දන්න බැරි වෙයි. වැඩ දන්නා නිසා . ඔයාගේ තාත්ත වගේ බාස් උන්නැහේල දැන් හරිම අඩුයි . අඩුයි කියන්නේ මන් නම් දැකලම නැහැ . ඔවුන් ගැන තියෙන්නේ හරිම අමිහිරි මතක . අපේ ගෙදර ..අපේ කිව්වට අපේ බනිලගේ තාත්තලාගේ මහගෙදර ..අපි උන්නේ එහෙ . මම ඉතින් එකම ලේලි නිසා වගකීම් වැඩියි . ඉතින් ගේ හදල සැහෙන කල් නිසා නිතර නඩත්තු කටයුතු කරන්න වුනා . මමත් ස්ත්‍රී ධෛර්යය හිතට අරන් එක පාරක් ළමයිත් එක්ක ලංකාවේ ඉන්න කියල ගියා . බාස් කෙනෙක් සොයාගෙන ගෙදර පොඩි පොඩි වැඩ ටික කරන්න පටන් ගත්ත . ඇත්තම කියන්න වැඩේ අත ඇරලා දාන්න වුනා . හරිම අමාරුයි විශ්වාස කරලා වැඩක් දෙන්න . හැබැයි ඒ වගේමයි හොඳ බාස් වරුන්ට කරගන්න බැරි තරම් වැඩ ලැබෙන්නේ . හරි ඔන්න අපි කවද හරි ගෙයක් හදනවා නම් වී පොකුර සැලසුම ඇඳලා හොඳ බාස් කෙනෙක් සොයල වැඩේ කරලා දෙන්න ඕන .
    අපේ තාක්ෂනය ගැන කියනව නම් ඉතින් අපි කොහේ හරි තැනක නතර වුනා කියල තමයි කියනන් තියෙන්නේ . යටත් විජිත වුන රටවල් බොහොමයකට මේ දේ වුනා . මොළ සේදීම

    ReplyDelete
    Replies
    1. මුලින්ම බින්දිට ස්තුතියි හොයාගෙනම ආවාට..!මම මුලින්ම පෝස්ට් එකක් දාලා කවුරුත් යන එන හිස් අහසින් පොදු ආරාධනාවක් කලා ඒ දවස් වල බින්දි ටිකදවසක් බ්ලොග් එකෙන් ඈත් වෙලා තිබුන කියල නෙලුම් විලෙන්මයි දැක්කෙ.
      තාත්ත වයස නිසා දැන් වැඩ කරන්නෙ නැහැ.ඒත්,
      ඇත්තටම බින්දි අදත් මම යම්කිසි වැඩකට ගියාම අපේ තාත්ත ඉස්සර කරල තිබුනු වැඩක් නම් ඒමිනිස්සු තාමත් පිං දෙනවා,දැන් බාස්ල වැඩ කරන හැටියි ඉස්සර තාත්තල වැඩ කරපු හැටියි අහසයි,පොලොවයි වගේ කියල. සිමෙන්ති ටික පරිස්සම් කරගෙන,වැඩ ටික කලමනාකරනය කරගෙන,වැඩකරනකොට සිදුවන අපතේ යාම් අවම කරගෙන තමයි වැඩකලේ.ඒක උනේ ඒදවස් වල ගුරුන්නාන්සෙලා සාත්තරය දුන්නෙ ඒවගේ මිනිස්සුන්ට තමයි.
      දැන් ඉන්න ගෝලයො එක්ක වැඩ කරන්න බැහැ කියල තමයි..මීට අවුරුදු ගානකට කලින් තාත්ත වැඩකිරීම නැවැත්තුවෙ.

      Delete
    2. මිනිසෙක් තමන්ගේ ගේ හදපු බාස් උන්නැහේට පිං දෙන්නේ හරිම කළා තුරකින්. මොකද බාස්ලෑ කරන්නේ මිනිස්සුන්ව හුරගෙන කන එක.

      Delete
    3. @ අසරණයා

      අනික බාස්ලා කියන්නේ ලෝක පොලු කාරයෝ. වැඩේ භාගෙට නවත්තලා පනිනවා. ඊට පස්සේ දවස් ගණන් බාස්ගේ ගේ ගාව රැකලා ඉන්න ඕනේ මිනිහව අල්ල ගන්න.

      Delete
  9. මම දන්න තරමින් පයිතගරස් "ඕක ප්‍රසිද්ධ කරන්න" කාලෙකට කලින් ඉන්දියාවේත්, චීනයේත් අය දැනගෙන ඉඳල තියෙනවා. අපේ අයත් ඉතින් දැන ගෙන ඉන්න ඇති.

    තාත්තාගේ ක්‍රමය හරියටම හරි.

    ReplyDelete
    Replies
    1. මම කලින් දැකලා තිබුණු පයිතගරස් ප්‍රමේයය ඇතුලත් චීන මැටි පුවරුවක් ගැන හොයන කොට ඒකත් තව වැඩිපුරත් දැක ගන්න ලැබුනා.


      Ancient clay tablets from Babylonia indicate that the Babylonians in the second millennium B.C., 1000 years before Pythagoras, had rules for generating Pythagorean triples, understood the relationship between the sides of a right triangle, and, in solving for the hypoteneuse of an isosceles right triangle, came up with an approximation of accurate to five decimal places. [They needed to do so because the lengths would represent some multiple of the formula: 12 + 12 = ()2.]

      (Illustration source: http://www.swan.ac.uk/compsci/ResearchGroups/TheoryGroups/AlgMethFolder/DSTFolder/HistoryOfTables/Plimpton/Plimpton1TN.GIF)

      A Chinese astronomical and mathematical treatise called Chou Pei Suan Ching (The Arithmetical Classic of the Gnomon and the Circular Paths of Heaven, ca. 500-200 B.C.), possibly predating Pythagoras, gives a statement of and geometrical demonstration of the Pythagorean theorem. (Click here for a link to an explanation of this demonstration.)

      (Illustration source: http://www.unisanet.unisa.edu.au/07305/pythag.htm)

      Ancient Indian mathematicians also knew the Pythagorean theorem, and the Sulbasutras (of which the earliest date from ca. 800-600 B.C.) discuss it in the context of strict requirements for the orientation, shape, and area of altars for religious purposes. It has also been suggested that the ancient Mayas used variations of Pythagorean triples in their Long Count calendar.

      Delete
    2. අනිවාර්්‍යයෙන් දැනගෙන ඉන්න ඇති..!
      (ඔයාගෙ බ්ලොග් එකේ අකුරුවල මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ඒක හදාගෙන කියවන්නම්, ස්තුතියි ආවාට ආයිත් එන්න.)

      Delete
  10. ඔව් ඒ ක්‍රමේ තමා ලේසිම...

    වෙන්ඩ ඉංජෙක් කිව්වේ ඈ... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හා...හා.. වෙන්ඩ,වෙන්ඩ,සිවිල් වලින්ම කොරන්ඩ අපිටත් උදව්ව්ක් ඕන උනොත් ඉල්ලන්න බැරියෑ..!

      Delete
  11. පොතේ පතේ දැනුමට වඩා අපිට ගොඩක් දේවල් ඉගන ගන්න පුළුවන් වෙන්නේ අත්දැකීමෙන්මයි..කොච්චර දැනුම තිබ්බත් ප්‍රායෝගිකව ඒ දේ කරන්න බැරිනම් වැඩක් නෑනේ..තාත්තා එදා අයියට දීලා තියෙන්නෙ නම් ජිවිතේට ලොකු අත්දැකිමක්..ඇත්තටම අයියගේ තාත්තා ඒ අතින් ගොඩක් වටින කෙනෙක්....

    ReplyDelete
    Replies
    1. ඔව්..මේ ක්ෂේත්‍රයේ ඉන්නනම් ප්‍රායෝගික දැනුම අත්‍යවශ්‍යමයි..! ඒ ගැන අත්දැකීමුත් ඒ වගේමයි. ස්තුතියි..!

      Delete
  12. ශ්‍රීලංකාවෙ අතීතයේ තිබිලා තියෙන තාක්ෂණේ හරිම පුදුම සහගත එකක්... සීගිරිය උඩට වතුර ගත්ත ක්‍රමේ... විශාල දාගැබ් හරියටම සමිමිතිකත්වය නිවැරදි වෙන්න හදපු ක්‍රමේ, කලුගල් කුලු බටර් වගේ මෙලෙක් කරලා කැටයම් කපපු ක්‍රමේ .. අදටත් ප්‍රහේලිකාවක්... මේ තාක්ෂණයන් මුඛ පරම්පරාවෙන් පරම්පරාවට ආපු නිසා පරම්පරාව අවසානයේ තාක්ෂණයත් නැතිවි ගියා කියලා තමයි අපිට හිතන්නෙ වෙන්නෙ...

    තාත්තා ගැන ආඩම්බර විය යුතුමයි... හැමදාම ආදරයෙන් රැක බලා ගන්න.
    ඔබගේ වෘත්තීය ජීවිතයත් ඉතාම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... මමත් ගෙයක් හදන දවසක් වැඩේ බාර දෙන්නම්....

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත මට මතකයි දලදා මාලිගාවට කොටි ගහපුවෙලාවෙ මුලින්ම තියෙන සඳකඩපහන විනාශ උනානෙ.පස්සෙ ඒකහදන්න ඉන්දියාවෙන් මිනිස්සු ගේන්න හදල පස්සෙ ලංකාවෙත් සැඟවුනු දක්ෂ මිනිස්සු ඉන්නව කියල ආරංවිවෙලා..මුලින්ම ඒ අයට තමන්ගෙ දක්ෂතා පෙන්වන්න කිව්වම කරපුවැඩ දැකල ඒ දිනවල හිටපු දියවඩනනිලමෙ පුදුම උනාලු.
      තක්ෂණය නැතිවෙන්න ප්‍රධාන හේතුව හොඳ ගෝලයින් බිහිකරගන්න බැරිවීම වෙන්න පුලුවන්,සුද්දො ඒ සමාජ ක්‍රමය උඩියටිකුරු කලානෙ.
      බොහොම ස්තුතියි.! "සිරා.."සල්ලිකාරයෙක් නොවුනත් සාත්තරේ හරියට ඉගෙනගෙන කරනනිසා සමාජයේ පිලිගැනීම නොමදවම ලබන බව සතුටින් කියන්න කැමතියි..!

      Delete
  13. පොඩ්ඩක් හිතල බලපන් ශිෂ්ඨාචාර ඉස්සෙල්ලම බිහි උනේ ආසියා කරයේ බටහිර දියුනු ශිෂ්ඨාචාර තිබ්බේ නෑ පසුකාලිනව සුද්දා ආසියා කරේ ආක්‍රමණය කලායින් පස්සේ අපේ හොඳ දෙවල් රැගෙන ගියා දැනටත් එංගලන්තේ මියුසියම් වල අපේ පුස්කොල පොත් ගොඩක් සැඟවිලා තියෙනව උන්ගේ ගොඩක් පොත්වල රිෆරන්ස් විදිහට යොදලා තියෙන්නේ ආසියාකරේ පුස්ථකවල ලින්ක් උන් ඒව නවින විදිහට වෙනස්කරලා අපට එව්වා අපි එව්වා දොහොත් මුදුනින් පිලි ගත්තා අපේ එව්වට පයින් ගැහුව පුරාජෙරුව කියෙව්ව එච්චරයි...හැබැ උඹ වාසනාවන්තයි හොඳ පියෙක් ලබන්ට තරම්

    ReplyDelete
    Replies
    1. ඔව් මචං....අපිට වැරදුනේ කොතනද කියල සංගායනාවක් තියල මේ සියල්ල හදනකන් අපිට ජීවිතේට දියුනුවෙන්න බැහැ.
      දැනටත් එහෙමනෙ ..පුරාජේරුව විතරයි..!!

      Delete
  14. ඔයාගෙ තාත්තනම් තියම තාත්තෙක්...කොයි තරම් අපූරුවට ඔයාට මග පෙන්වලා තියෙනවද..
    ඇත්තටම අපේ රටේ මිනිසුන් අතර මේ වගේ දක්ෂකම් ගොඩාක් හැංගිලා තියෙනවා...
    හිහි..වැඩක් කරනකොට උපදෙස් දෙන්න එන අය ගැනනම් කියලා වැවක් නෑ..එයාලා බලන් ඉන්නේ වැරදෙනකම්..තමුන්ගේ පුරාජේරුව දාන්න....

    ReplyDelete
  15. හරියට හරි දම්මි.., දැන්නම් එව්වොන්ට මාත් එක්ක හැරෙන්නවත් බැහැ.(නයි අරිනව කියල හිතන්න එපා..)

    ReplyDelete
  16. ඒ වගේ අපහසුතාවයක් වෙනවා කියල දැනගෙනම තමා තාත්තා ඒ දේ කරන්න ඇත්තේ. අත්දැකීම් නැත්නම් ඉගන ගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම. ඒ වුනාට සෙනඟ ගොඩක් මැද්දෙ මම ලොකු අපහසුතාවයකට පත් උනා.

      Delete
  17. මම ගොඩක්ම ගොඩක්ම ගොඩක්ම ආසාවෙන් කියෙව්වා මේක!! සුභ පතනවා ලස්සනම ලස්සන අනාගතේකටත් යාළු ඔයාට ..:)

    ReplyDelete
    Replies
    1. ටැංකු,ටැංකු,ටැංකු, ආයිත් එන්න හොඳේ....!!

      Delete
  18. ඔය දේ කෙළින් ම කියනවට වඩා උදාහරණයකින් ම කියලා දුන්න ඔයාගෙ තාත්තා නම් නියම ගුරුවරයෙක්. සුබ පතනවා සාර්ථක අනාගතයකට!

    ReplyDelete
  19. ස්තුතියි..! සහෝ ආයිත් එන්න..!

    ReplyDelete
  20. අපේ පැරණි තාක්ෂණික ක්‍රම තිබිල තියනවා මචං.. ඇතැම් වාරි කර්මාන්ත පස්සේ සුද්දෝ ප්‍රතිසංස්කරණය කරද්දී උන් පුදුම වුනාලු ඒවාට භාවිතා කරලා තියන තාක්ෂනය දැකල. අවාසනාව කියන්නේ අපේ මිනිස්සුන්ට අපේ දේ අගේ නැති එකයි..

    වීයගේ තාත්ත නියම ගුරුවරයෙක්.. උඹට ජය..!

    ReplyDelete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...