Monday, July 16, 2012

පිස්සු පූසා කාටූනය හා අපේ ළමයි..!


ලොකූ...ලොකූ... කෝ නැගිටින්න...! මෙන්න පිස්සු පූසා කා‍ටුන් එක යනවා..!
වෙනදා ඇහැරවන්න කිහිපවරක් උත්සාහ කලයුතු උවත් ඉරිදා දිනට එලෙස නැත. එක් ආමන්ත්‍රණයකින්ම ඉද්දගැසුවාක් මෙන් ඇඳේ වාඩිවන ලොකූ කඩිමුඩියේ ඇ‍ඳෙන් බැස නවතින්නේ....රූපවාහිනිය ලඟයි. මේ අවුරුද්දේ ඉස්කොලෙ යාමට පටන් ගත් ඇය ගැන පුදුම වියයුතු නැත එහෙත්,අපේ පොඩ්ඩී තවම දෙහැවිරිදිය.අක්කාට කතාකලවිට ඇයද අවදිවෙයි..


"පිෂු...පූආ....!"


කියමින් අක්කාට දෙවෙනි නොවී ඇයද නවතින්නේ කෙලින්ම රූපවාහිනිය ලඟයි. ඉන් අනතුරුව හිකි....හිකි... ගාමින් හිනාවීමත් , මහ  හඬනගමින් හිනාවීමත් ඔවුන්ටම ආවේනිකය. උදෑසන 7 ට ජාතික රූපවාහිනිය ලඟ ලංකාවේ බහුතරයක් කුඩා ලමයින් සිටිනවාට සැකයක් නැත. පිස්සුපූසා කා‍ටුන් එක ඒ තරම්ම ජනප්‍රිය බවට අ‍ටුවා ටීකා අනවශ්‍ය වේ..! කුඩා ලමයින්ගේ මනසට ගෝචර වන අයුරින් හා ලමයින්ගේ සිත් ඇඳ බැඳ තබාගන්නට තරම් මෙහි ඇති විශේෂත්වය කුමක් දැයි...එක එල්ලේ යමක් කීමට අපහසුය.නමුත් මේ කා‍ටුන් සිංහලට හඬකැවීමේ  මූලිකයන් උනු ටයිටස් තොටවත්තයන් හා එතුමන්ගේ සහායකයින්ගේ අතිමහත් කැපවීමත්, හඬ කැවූශිල්පීන්ගේ ඇදහිය නොහැකි දක්ෂතාවයත් මේ සියල්ලටම හේතු වන්නට ඇත.

** ** ** **


පලමුවෙන්ම ජාතික රූපවාහිනියේ පිස්සුපූසා , දොස්තර හොඳහිත , හා හා හරිහාවා  කා‍ටුන් විකාශනය වන කාලයයි....! අවුරුද්ද මාහට මතක නැත.  80 දශකයේ අගභාගයේ වියයුතුය. 


අපි ඉතා කෙලිලොල් වයසේ සිටියවුන් බව කිවයුතුය.  ඒ කාලයේ  අපේ ගෙවල් ඇති ප්‍රදේශයට විදුලිය නැත. එනිසා ටී.වී නැත. නමුත් අපේ ආච්චිලාගේ ගෙවල් වලට තවත් උඩින්ම ලක්ෂ්මන් අයියලාගේ නිවස පිහිටා තිබුනි.
 ඒ නිවස පිහිටි තැනද ඉතා අලංකාරය අප නිවස  පි‍ටුපසින් දිවෙන කඳුගැටය මුදුනේම ඔවුන්ගේ නිවස පිහිටා තිබුනි. හතර වටින්ම හුළඟ හමා ඒමත්, හතර වටේටම ඈත දර්ශණය වීමත් ,එම කුඩා නිවසේ සුන්දරත්වය වැඩිකල බව මතකයට ඒ.
 එම නිවසේ කලුසුදු අඟල් 14 ටී.වී එකක් තිබුනි. එය වැඩකලේ 12 වෝල්ට්ස් බැටරියකිනි. එය ඒකාලයේ හැටියට සුකෝපභෝගී භාණ්ඩයකි. ලක්ෂ්මන් අය්යාගේ බිරිඳ රට ‍රැකියාවට ගොස් එනවිට ‍රැගෙන ආවකි. චාජ් කිරීම සඳහා අර මහාකන්දේ සිට කුලීකරුවකු ලවා කරතබාගෙන යාමත්,ආපසු ‍රැගෙන ඒමත් ලෙහෙසි පහසු රාජකාරියක් නොවේ.එහෙත් කුඩා අපි ගියසැනින් ආසාවනේ බලන්නැයි කියා මහත් උජාරුවෙන් අපට ඔන් කරදීම අපටනම් සතුටට කාරනයක් විය.


අපේ නැන්දා ගේ පුතුන් වන..උකුං,බිංදු හා බප්පලාගේ පුතුන් වුන...හිච්චි මල්ලි.නේනිෂ,රෝහිත , පාරෙඋකුං..ආදී සෙල්ලම් කිරීමට ආච්චිලාගේ ගෙදරට එකතු උන සියල්ලෝම මහා රාජකාරියක් ඇරඹීමට යන්නාක් මෙන් සෙනසුරාදා දිනයේ පෙලගැසෙති.
පිස්සු පුසාට අපි වශීවීමට කාරනයක් වූවේ පූසාට හඬකවන ශිල්පියාගේ දක්ෂතාවයටයි..  "පට්...ටා...න් ගනිල්ලා.." නිතරම අපේ මුවඟ ‍රැඳි වචනයකි.ඉතාමත් දුර්ලභ කටහඬක් හිමි එම ශිල්පියාගේ නම අමතකය..(මෙය කියවන ඔබ මතක් කරදෙන්නේ නම් මැනවි.) මාලු කට්ටා..,පුරුපුරු...,උපාසක...ඥාව්වා.. මේ නම් ශබ්ද කරන විදිය හරිම අපූරුයි..අපට මනසේ තාමත් තැම්පත්වී ඇත්තේ ඒනිසයි. මේ කා‍ටුන් බලා එදිනට අපට නින්දයන්නෙත් නැත...අනුකරනය කරමින්, රඟපාමින්, මුලු සති අන්තයම ගෙවේ...! 


මේ කාලයේ මෙන් ටියුෂන් පිස්සුවක් නොතිබූ නිසා අපට සිත්සේ මේවා නැරඹීමට ,රසවිඳීමට කාලය තිබුනි.


එහෙත් අපේ දරුවන් දැන් ඒවා නරඹන විටත්,... මාත්, වීපොකුරිත්, පොඩි එවුන්සේ නැවතත් නරඹා සතු‍ටුවෙමු..! ලමාකාලය ලමයින්ට උරුමය. මේ රසවත් කතා බලා ඒකාලයේ අපි කෙතරම් සතු‍ටු උනාද ..? අපි දැන් ලෝභනැතිව අපේ දරුවන්ටත් ඒසතුට ලබාගන්නට ඉඩදිය යුතුබව මගේ හැඟීමයි. 
හැබැයි ...!ඒ ‍තෝරාබේරා ගැනීමකින් අනතුරුව වියයුතුය. හේතුව තරඟකාරීලෙස රූපවාහිනී චැනල් හතුපිපෙන්නාක් මෙන් ඇතිවී ඇතිනිසාය. 



ප/ලි....ජාතික රූපවාහිනියට මෙවැනි වැඩසටහන් ඉදිරිපත්කිරීම පිලිබඳව ස්තුතිවියයුතුය.
පින්තූර සියල්ල අන්තර්ජාලයෙනි.

49 comments:

  1. මට මතක් විදිහට එතුමාගෙ මුල් නම පරාක්‍රම. අනිත් නම මතක නෑ.. වැරදිනම් කවුරු හරි කියන්න..

    ඇත්තෙන්ම ටයිටස් තොටවත්ත මහත්තයට උදේ හවා පින් දෙන්න ඕනා මේවා නිර්මාණය කළාට.. ඒවා ළමයින්ට උචිත ලෙස කොච්චර නිර්මාණාත්මකව කරලා තියනවද..

    අර ඔලුව නැති චැනල් එකේ යන කාටුන් වල දෙබස් නම් ළමයින්ට කොහෙත්ම සුදුසු නෑ.. "මෝඩයා" "බූරුවා" ලෙසින් අමතන අවස්තා අනන්ත දැකලා තියනවා..

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ පරාක්‍රම පෙරේරා වියයුතුයි...ඔබේ අදහසට සම්පූර්නයෙන් එකඟයි..සෙන්නා.

      Delete
  2. හ්ම්ම්..ඔබේ අවසානයට එකඟයි සහෝ!

    "පිෂු...පූආ....!" :)
    පොඩ්ඩ් නම් ගොඩක් හුරතල් පුංචි කෙලි පැටික්කියෙක් වෙන්නම ඇති..:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..හිරු.
      අපොයි....ඒවගේම දඟේ...!

      Delete
  3. matath man podi kale pissu pusa balapu hati mathak una...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ..රෙහානි...!
      පිස්සුපූස එකදවසක් හරි බලපුනැති කෙනෙක් නැහැ..ස්තුතියි..ආවාට.

      Delete
  4. පිස්සා මු පිස්සා මු පිස්සු පුසා මු. ඔකේ ඔරිජිනල් එක Top Cat දැන් දකිනවා . බලන්න ආස නැහැ . ටයි මාමගේ දෙබස් තමා ලස්සන . අපිත් වී පොකුර වගේ අනුන්ගේ ටි වී එක්ක බැලුවේ . අනුන්ගේ වුනත් අපේ වගේ . දැන් ඒ වගේ හිතවත් ළමයින්ට බය නැතුව යන්න තැන් හරි අඩුයි නේද .

    ආපේ දෙන්න කාටුන් වලින් හරියට ඉගෙන ගන්නවා . ඔයාටත් කෙල්ලෝම දෙන්නෙක් ආ .

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බින්දි..දරුවෙක් ගෙයින් එලියට යවන්නත් බයයි..!
      ටයි මාමගෙ වචන වලින් තමා...රසවත් උනේ..! ඇත්තටම මේ ගැන විශේෂ හොයාබැලීමක් කරල තමයි ලියන්න තිබුනෙ එහෙම උනානම් ටයි මහත්තයා ඕව හදපුහැටිගැන පවා ලියන්න තිබුන.ඒත් සෙනසුරාදා මගේ අධ්‍යාපන කටයුත්තකට කොලොම්පුරේ යනව එදා රෑවෙලා ඇවිල්ල...ඉරිදා උදේ මේ සිද්ධිය නිදිමතේ උනාම මට හිතුන ලියන්න ඕන කියල.
      මොනව අහනවද මල්වගේ පැටික්කියො දෙන්නෙක්ම....!

      Delete
  5. පිස්සු පූසා,වලස් මාමා වගේ කාටූන් ඇත්තටම ආතල් තමයි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත දැනුත් රසවිඳින්න පුලුවනි..! ස්තුතියි..ඉන්ද්‍රජිත්.

      Delete
  6. අස්වැන්නට ඇවිත් පා සටහනක් තියල තිබුණා. ඒ ඔස්සේ තමයි මේ මමත් හොයාගෙන අද පළමුවෙන්ම ගොඩවැදුනේ..

    කාටූන් ගැන කියනකොට නම් ටයි මහත්තයාගේ කාටූන්වලින් පස්සේ මගේ හිතට ටිකක් හරි ඇල්ලුවේ "සූරපප්පා" කටූන් එකයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තුතියි...දයානන්ද මහත්මය...මේ පැත්තට ආපු එකට.
      ඇත්ත මට "සූර පප්පා" අමතක උනා ඔබ කිව්වාම තමයි මතක් උනේ...!
      ඒකත් ආසාවෙන් බැලුව කාටූන් එකක්.

      Delete
  7. පිස්සු පූසට අපිත් ආසයි වී පොකුර. ඔය ටයි මහත්තයගෙ කාටූන් විතරයි යම් කිසි ප්‍රමිතියක් ඇතුව හඬ කවලා තිබ්බෙ, ඔය පිස්සු පූසා ඇත්තෙනම ඔරිජිනල් TOP CATට වඩා හොඳයි අර බින්දි කිව්වා වගෙ. ඒක බොහොම කලාතුරකින් සිදුවෙන දෙයක්. එතකොට ගැමුණු විජේසූරියනෙ අර සින්දුව කිව්වෙ...
    "සූට් බූට් දිග කලිසං
    රෝල්ස් රොයිස් ගමන් බිමං..."
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් ඩූඩ්..
      දැන් යන කොටස්වල නම් සින්දුව ගැමුනු මහත්මයාගෙ.,ඒත් ඉස්සර ගිය ඒවයෙ මට මතක හැටියට ප්‍රෙඩී සිල්ව මහත්මයා තමයි සිංදුව කීවෙ.

      Delete
    2. නෑ මුල ඉඳලම ගැමුණු මහත්තයා නේද කිව්වෙ..?

      Delete
    3. සමාවෙන්න මට වෙන සින්දුවක් එක්ක පැටලිලා වෙන්න ඇති..!

      Delete
  8. ඇත්තටම තාමත් මාත් ආසයි ඔය කාටූන් එකට.

    ReplyDelete
    Replies
    1. මොනව කියනවද...නිෂාන් මමත් එහෙම තමයි..අපි ඇතුලෙත් පොඩි ඈයො ඉන්නවනෙ..!හි...හි..

      Delete
  9. තාම ආදරෙයි පිස්සු පූසට.
    අද කාලේ පොඩි එවුන් ඒ අතින් නම් හරිම අවාසනාවන්තයි

    ReplyDelete
    Replies
    1. මමනම් ආදරේ සාජන් මහත්තයට...හැමදාම පූසට ‍රැවටෙනවනෙ...පව්...!
      ඇත්ත නංගියො...ඕන් ඔයාල බබාලට සී.ඩී. එකකින් හරි පෙන්නන්ඩෝ...!!

      Delete
  10. එ කාර්ටුන් වලට පස්සේ ආවේ ප්‍රචණ්ඩත්වය තියෙන කාර්ටුන්. ළමා මනසට වදින ඒවා ආවේ නැති තරම්.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත අසරනයා..වෙඩි තියනව...කපනව...උගුල් අටවනව...! ඕවතමයි...! ඉතිං ලමයින්ට පෙන්නන්න ඇහැකිය..? නේද..?

      Delete
  11. ටයිටස් තොටවත්තයන් නිසාම තමා ඒ කාලේ සිංහල උපසිරස යොදලා රොබින්හුඩ් කියන කතා මාලාව ලංකාවේ ප්‍රේක්ෂකයන් දායාද වුනේ. ඒක වුණත් ආයි ආයි බලන්න තියෙන ආසාව අඩුවක් නැහැ....

    …ජාතික රූපවාහිනියෙන් පටන් ගත්තු කාටුන්වලට දෙබස් කැවිල්ල හොඳටම අල්ලා ගත්තේ සිරස ටීවී එකෙන්. ගුණාත්මක බව කොහොම වුණත් රස වින්දනය අතින් නම් සූර පප්පා, ගිරිපුර ඇත්තෝ සහ කවුද බෝයි කියන කතා තුනට සිංහල දෙබස් කැව්ව හැටි නම් පට්ට පට පට :)

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක හරි හසිත,
      ඔය හඬ කැවීම හරිම අමාරුයි කියලයි මම අහල තියෙන්නෙ. ඒ වගේම ඒවාට දක්ෂ තරුන අය මෑත කාලීනව බිහිකලේ "සිරස" ඒත් ඒඅය නිසි මාර්ගයේ යොමුකලාදකියල ගැටලුවක් තියෙනව ...ඔවුන් හොඳ හා නරක අතර සාපේෂව දෝලනය උනාකියල හිතෙනව...! (හඬ කැවීම ගැන)

      Delete
    2. @ වීපොකුර

      සිරසේ හඬ කැවීම්වලින් කළේ වැල යන අතර මැස්ස ගැහුවා විනා උසස් භාෂා භාවිතයක් ඇති කරපු එක නෙමේ. සිරස කාටූන්වලින් අපේ වචන සෙට් එකට එකතු වුණු අමුතු කෑලි නම් කොච්චරද :D

      Delete
    3. පොඩි ඈයො මහ පැහිච්ච වචන කියනව ඕවයින් අහුලගෙන.

      Delete
  12. පිස්සු පූසා කාටූන් එකට වඩා මං ගොඩක් කැමති දොස්තර හොද හිත කාටුන් එකට..
    මොනා උනත් දැන්නං රූපවාහිනියේ ඩබිං එච්චරම කොලිටි නෑ..
    සිරසෙ උනත් සූර පප්පා කව්ද බෝයි වගේ කාටුන් වලිං පස්සෙ ආපු කාටුන් වල ඩබිං සව්ත්තුයි. වචන හරි නෑ..
    ටයිටස් තොටවත්තනං ලංකාවේ හිටපු වටිනම මනුස්සයන්ගෙං කෙනෙක් කිව්වොත් මං හරි..
    ජයවේවා වී පොකුර..

    ReplyDelete
    Replies
    1. සීයට සියයක් එකඟයි තරියා...ඕව වානිජකරනය උනාම ,කොයි දේටත් වෙන මහාපොදු සාදකය කා‍ටුන් වලටත් පොදුයි..!
      ඔබටත් ජයෙන් ජය වේවා..!

      Delete
  13. ඔය කාටුන් අතරින් මට මතක පිස්සුපූසා කාටුන් එක විතරයි..ඒක නම් ලස්සනයි කියලා අමුතුවෙන් කියන්න ඕනිත් නෑ..ඒ තරමටම බලන හැමෝම පිස්සු වැටුන කාටුන් එකක්නේ ....

    ReplyDelete
    Replies
    1. අනේ ඇයි...සිතූ..ඒ..? "ගලිවර්ගේ චාරිකා" , "හා හා හරිහාවා" , "දොස්තර හොඳ හිත" ඔය වගේ තව ඒව තිබුනනෙ. (ඇයි ඔයාට ගෙදරින් බලන්න දුන්නැද්ද..?...හි..හි..) මම ආසම හා හා හරිහාවා නන්දා මාලනී මහත්මිය සින්දුව කියනකොට කැරට් අලයක් කාගෙන කාගෙන යන එකට..හි..හි..

      Delete
  14. මම තාමත් බලනවා ඕක..... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ....! මොකෝ රජා කියල අමුතුයෑ....!
      හැබැයි රජා කා‍ටුන් එකක් වෙන්න එපා හොජේ...!

      Delete
  15. ගොඩක් දවසකින් මේ පැත්තට ආවෙ...පිස්සු පූසා ඇත්තටම ලස්සන කාටුන් එකක්.ළමා චරිත අතර ජනප්‍රියම වුන කාටුන් එකක්.ඒ දෙබස් හඩකැවීම් වලට ගහන්න පුළුවන් කාටුන් අද බිහිවෙලා නෑ.පුංචි කාලෙ මමත් අනිවා බලපු කාටුන් එකක් පිස්සුවෙන් වගේ.අදටත් විවේකයක් ලැබුනොත් බලන්න ආසම කාටුන්.ගෙදරින් බැනුම් අහගෙන හරි කාටුන් බලනවා.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ සිත්තමී...!අපිට පොදු දෙයක් බෙදාගන්න ආපු එක ලොකුදෙයක්...
      ඔව් ගෙදරින්නම් අනිවා බනිනවා තමයි...ඉස්සරත්..ඒත් අපිනෙමේ කනකට ගන්නෙ..අම්මට උත්තර දෙන්නෙත් පිස්සුපූසා එකේ කෑලිදාලා..ඉතින් අම්මටත් හිනා යනව...කියන ඒවට...!

      Delete
  16. ඇත්තටම අපේ ළමා කාලයේදී අපි ආසාවෙන් බලපු කතා කොච්චරනම් තියෙනවද නේද ?

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ඒවා මතකයේ ඈඳිල තියෙනවද...!ඇත්තටම ඒකට තමයි ලමාකාලය කියන්නෙ..!

      Delete
  17. සිරා රෑපවාහිනියේ මුලින්ම දැඩි කැමැත්තෙන් බැලූ වැඩසටහන නයිට් රයිඩර්...ඊට පස්සෙ ඉරිදා හැන්දෑවට රොබින් හුඩ්/දොස්තර හොද හිත/ පිස්සු පූසා මේ ත්‍රිත්වයම ගියා... අපි පුංචි ළමයි මේ ජාති 3ම බලලා තමයි ඔන්න නැගිටින්නෙ රෑපවාහිනිය ඉදිරියෙන්.... පුංචි මනසට ඔබින වැඩසටහන් අපිට ගෙනත් දුන්න ටයි මහත්තයාව ආදරයෙන් සිහිපත් කරන්න ඕනෙ....

    ReplyDelete
    Replies
    1. ඔව් "සිරා" නයිට් රයිඩර් මාත් ආසාවෙන් පිස්සු හැදිලා වගේ බැලුව මතකයි..
      ඔව් හමෝම ටයි මහත්තය මතක් කරනව..!, පිං දෙනව.!

      Delete
  18. ශා.. බන් .. මම මගේ පොඩි කාලෙට ගියා වගේ,.,., මම තාම කාටුන් බලනවා.. මම ආසම කාටුන් එක කූඹිච්චී,.,මර ගතිඈ .. හිනා වෙන්නත් පුලුවන් ,.. දැන් ඔන්න ජාතික එකේ ආයි යනවා ,., ඈ ,., ලොක්කා මම බ්ලොගිය වෙනස් කරා මෙන්න අලුත් එඩ්‍රස් එක http://sudusm.blogspot.com/ :D සොරි ඈ .. පොඩි ප්‍රශ්නයක් උනා ඒකයි

    ReplyDelete
    Replies
    1. ඒකනෙ සුඩු මහත්තයා....අපි තාම ආස නම් පොඩිඈයො ගැන කවර කතාද...?
      ඔව් බං උබේ බ්ලොගියට යන්න ට්‍රයි කලා හරිගියේම නැහැ දැන්නම් හරි නේද..?

      Delete
  19. ටයි මාමාගේ බොහො නීර්මාණ ජීවමානය මා එසේ කියන්නේ අපගේ කුඩාකල මෙන්නම වර්ථමාන ලමා සමාජයත් ඒවාට බෙහෙවින් ඇලුම් කරන බැවිනි අනාගතයේත් එය එසේ වනවාට කිසිම සැකයක් නැත. ඔබ කිවාක් මෙන් වර්ථමානයේ මෙන්ම අනාගතයෙත් කුඩා ලමුන්ට රුපවාහිනිය නැරඹිමෙදි තොරාගත් වැඩසටහන් පමනක් බැලන්නට දීමට සිදුවන එකනම් නොඅනුමානය මන්ද ටිවි රැල්ලට අසුවී අපගේ ලමුන්ද ගසාගෙන යැම නොවැලැක්විය හැකි බැවින.

    ReplyDelete
    Replies
    1. ඔබේ විග්‍රහයට සම්පූර්ණයෙන්ම එකඟවෙනවා රාජ්.
      බොහොම ස්තුතියි...!

      Delete
  20. අනේ මම අඅසම කාටූන් එකක්, පිස්සු පූසා.. තව ගොඩාක් තිබ්බා ඉස්සර..

    වලස් මාමා, දොස්තර හොද හිත, ටිං ටිං, ඇපල් ආදිපාද තුමා, සෝරෝ, කූඹිච්චි, ඉඟුරු පාන් මල්ලියා මම මාර අඅසයි අදටත් බලන්න තියෙනවානම්...

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ හිතූ අපිපරාදයි නෙව...
      ඉගෙනගන්න කාලයක් තිබුනද...? හිකිස්..!

      Delete
  21. අහ් හොඳ බ්ලොග් එකක් වගේ අද අහම්බෙන් දැක්කේ . . දිගටම ලියන්න . .

    . . . ..


    ඒ කාටූන් මතක් කලාමත් හිතින් ආපහු අතීතෙට යන්න පුලුවන්. වී පොකුර වගේ තමා මමමත් අනුන්ගේ ටීවී වලින් මේවා බැලුවේ . . .

    ඒ කාලේ මොන තරම් සුන්දරයිද . . මම නම් මගේ සොඳුරු ත්‍රස්තවාදියට එයා ආසා කරන ඕනම කාටූන් එකක් යූ ටියුබ් එකේ දාලා දුන්නා මෙහේ ඩුබායි අබුඩාබි ඉන්න කාලේ . .

    දැන් එයාලා ලංකාවේනේ මගේ ගෙදර උන්දෑ එක්ක ඒ සෙල්ලම් බෑ . . ඔව්වා බලනවා විතරයො පොතක පතක වැඩක් කරන්නේ නෑ අනික ඉන්ටර්නෙට් බිල නිකම් අපරාදේ එහෙම කියලා දාලා දෙන්නේ නෑ . . .

    මම නම් කියන්නේ පොඩි උන්ට පොඩි උන්ගේ කාලේ උන්ට සතුටු වෙන්න පුලුවන් විදිහට දේවල් සලස්වලා දෙන එක දෙමාපියෝ විදිහට අපේ වගකීම කියලා.

    ReplyDelete
    Replies
    1. ඔබගේ වචනයම ඇති..... බොහෝම පිං ගොඩ වැදුනට..!
      ඔව් ඔබගෙ අදහසට එකඟයි දුකා...,ඒ දවස් වල වගේ නෙවේ..දැන් කා‍ටුන් තනිකර වානිජත්වයට නැඹුරු වෙලා නිසා දරුවන්ට යම් තේරීමකුත් එක්ක බලන්න දීම වරදක් නෑ නේද...!
      ආයිත් එන්න දුකා..!

      Delete
    2. අනිවා අනිවා

      Delete
  22. කමෙන්ට් බලන්න බැරි වුනෝ.......... මට මතක විදිහට පරාක්‍රම පෙරේරා මහත්මයා තමයි පිස්සු පූසා චරිතයට හඬ දුන්නේ...

    ReplyDelete
    Replies
    1. හා ....හා... හිමින් සැරේ බලමු..!(.විස්තරත් අහන්න තියේ....එකම ටෙක් එකේ නිසා)
      ඔව් ඔබ හරි පරාක්‍රම මහත්මයා තමයි...!

      Delete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...