වේගයෙන් හරිම හදිස්සියෙන් යන බස් එකේ පැතිවීදුරුවෙන් එන සීතල හුලඟට මාව ඇහැරුනා.දිග සීට් එකේ අපි තුන්දෙනෙක් ඉන්නව. කොනේම ජනක,ඊලඟට මම,මට එහාපැත්තෙ පුන්චි මල්ලියෙක් හිටිය අපිට වඩා බාල මටනම මතක නැහැ, හොඳටම නින්ද ගිහිල්ල ඔලුව මගේ පිටට හේත්තුවෙලා ඒත් ගානක් නෑ.මටත් හොඳටම නින්ද ගිහිල්ල තිබුනෙ. කටේ කුනුකෙලත් එක්ක මම කට ඇරගෙන ජනේලෙන් එබෙන්න වගේ එලියෙ පේන සුරපුරයක් වගේ උසබිල්ඩින් ,නානාප්‍රකාර වාහන දිහෑ බලාගෙන යනව.ඔන්න එතකොට ජනකටත් ඇහෑරුනා.අත්දෙකෙන්ම මූන පොඩිකරල ඇස්වල කබකඩලා අලුත්ම කමීසෙ උලාගත්ත. ඒත් මට මොකෝ...එයත් මම වගේම කට ඇරගෙන වීදුරුවෙන් එලිය බලාගෙන යනව.වේගෙන් ගිය බස් එකේ ඉස්සරහ ඉඳල ගාමිණි අය්ය අමාරුවෙන් වැටි වැටි වගේ සීට්වල හයිකරල තියෙන පොලු එකින් එක අල්ලගෙන ඇවිල්ල.
" මල්ලිල දැන් බහින තැන කිට්ටුයි බෑග් එහෙම ලෑස්තිකරගන්න". කියල බෙරිහන් දීලවගේ කිව්ව.
ජනේලෙන් ඈතබලාගෙන හිටපු අපිට හරියට ඇහුනෙ නැහැ කියල තේරුනනිසා ,නැවතත් ඊටවඩා හය්යෙන් කීව එතකොට තමය් ගැස්සිල වගේ අපිට ඇහුනෙ.
උන්හිටිතැන් අමතක වෙලාවගේ අපි දඩිබිඩි ගාල අනික් සීට් වල හිටිය අයත් පෙරලගෙන පිටිපස්සෙ දොරටුව ගාවට තල්ලුවෙලා වගේ ගියා. ඊටපස්සෙ අනික් අයත් ආව,
මහා බස් ගොඩකුයි..තවත් නම් නොදන්න වාහන කන්දරාවකුය්..ත්‍රීරෝද ගොඩකුය්.. එක හුස්මට නවත්තගෙන ඉන්න හංදියක් පහු උනගමන් අපි බස් එකෙන් බැස්ස. ගාමිනි අය්ය හැමෝගෙම මූනුවලට එබිලබලල ...
"හැමෝම ඉන්නවනෙ...දැන් අර අතන තියෙන හෝලට් එකට යන්" කියල කිව්ව.
අපිට ඒව ඇහුනෙ හීනෙන් වගේ...!
"මේ කොහෙද බං...."
ජනකය මගෙන් අහනව...
"දන්නෑ ..අර බෝඩ් එකේ බම්බලපිටිය කියල නම් ලියල තියෙනව"
ඔන්න එතකොටම මහ හය්යෙන් හෝන් ගහගෙන තරගයට වගේ බස් එකක් ආව.
"හා...හා ..ඉකමනට නගින්න.."
අය්ය කියනව. ඒ බස් එකනම් අරවගේ නෑ හරිම නිවුන වගේ කලබලයක් නැතිව යනන ගත්ත. තුම්මංහන්දි පහුකරල.., මහ දැවැන්ත රූස්ස ගස් යටින් යන්න පටන් ගත්ත..දැන් හරිම කුතුහලේ..!
"මේ කොහේද බං...! කැලේක යනව වගේනේ."
කකුල් දෙකෙන් පහත් වෙලා නැමිල වගේ වීදුරුවෙන් එලියෙ උඩ බලන ගමන් ජනක අහනව.
"කොලඹ කියන්නෙ කොන්ක්‍රීට් වනන්තරයක් කියල කව්ද බං කිව්වේ".
මමත් නිකං හෝන්දුමාන්දුවෙලා වගේමොනවහරි කියන්න ඕන නිසා කියනව
"හා ලමයි ඔක්කොම බහින්න දැන්.."
ගාමිනි අය්යගෙ කටහඬ හරිම ප්රානවත්වෙලා..ඔන්න බස් එකෙන් බැහැල ටික දුරක් ගිහිල්ල සෑහෙන ගේමක් දීල පාර මාරුවෙලා ලොකු ගේට්ටුවක් ගාව නැවතුනා..එක දිගට විහිදුන තාප්පෙ ලස්සන චිත්‍ර ඇඳල තිබුන. ඊට පස්සෙ ගාමිනි අය්ය අපිව පැත්තකින් නවත්තල ලොකුගේට්ටුවෙ පැත්තක තිබුන පුන්චි කටක් වගේ කුඩා ගේට්ටුවෙන් ඇතුලු උනා. ටිකකින් ඔලුව දාල අපිට කතාකලා. හැමෝම බයවෙලා වගේ ගියා.සිකුරිටි අංකල් කෙනෙක් ඇවිල්ල හැමෝගෙම මූනදිහා බලාගෙන ගිහිල්ල පෝලිමට ඉන්න කිව්ව.ඊට පස්සෙ කොලයක ටයිප් කරපු නම් බලබලා..නම් අහල හරි දැම්මා..
දැන් යන්න... කීවගමන් අපි යන්න ගත්ත. ගාමිනි අය්ය ඉස්සරහම...ඊලඟට සඳමාලි,ලක්මාලි,ලසන්තා ,තවත් ගැහැනු ලමයි කීපදෙනෙක් සහ ජනක,අනිත් මල්ලිත් මමත්...එකා පසුපස එකා යනව..බිමට ගල්වගයක් අල්ලල දෙපැත්තෙ විවිධ මල් වර්ග හිටවලා,ලස්සනට කප්පාදුකරල. එකසැරයක් දැක්කම ආයිත් බලන්න තරම් ආසා හිතෙන වටපිටාවක්. පොඩි පඩිපේලියක් නැග්ගගමන් ලොකු වීදුරු දොරක් ගාව ආයිත් සිකුරිටි එක්කෙනෙක් , එත් අපි එයාගාවට ගියේ නෑ..ඊට ටිකක් එහායින් ඉන්න ලස්සන සීදේවි හිනාවකින් නිතරම මූන පුරෝගෙන ඉන්න අක්ක කෙනෙක් ගාවට ගියා එයා ලස්සනට හිනාවෙලා ආචාර කරල බොස්ගෙඩියක් වෙන්න ගැටගහල තියෙන කොන්ඩේ පේන්න ඔලුවපහත් කරල මේසෙ උඩතියෙන කොලයක් බලල..දුරකතනය ඔබන ගමන් අපිට ලොකු සෝපාවක් පෙන්නල වාඩිවෙන්න කීව. අපි හොල්මන් වෙලාබලාඉන්නව...
ටිකකින් ඉබේම වගේ වාඩිඋනා අම්මෝ බුරිය ගාවටම එරිච්ච නිසා ගෑනු ලමයි ටික ලැජ්ජාවෙන් ගවුම් හද..හද වාඩි උනාට වඩා ඉක්මනින්නැගිට්ට.
ටික වෙලාවක් ගෙවිල ගියා..හැම තැනමබිත්තිවල ටී.වී හයි කරල..හැම එකකම එකම වැඩසටහන යනව අපිකට ඇරගෙන බලාඉන්නව...දැන් උදේ 9ත් පහුවෙලා කිසිකෙනෙකුට බඩගින්නක්වත් නෑ.ඔහේ බලාඉන්නව.
මෙන්න එත්කොට අපිට දැකල පුරුදු මූනු එහා මෙහා යනව...එකෙක්කෙනා, එක..එක අයව අඳුරගෙන මමත් අඳුර ගත්තා එක්කෙනෙක්.."පරාක්‍රම නිරිඇල්ල මහත්මයා" බොහොම සන්සුන් ගමනින් අපිව පියමංකරගෙන යනව ඇරිච්චකට වහගන්න අමතකවෙලා වගේ මමබලාගෙන ඉන්නකොට කව්ද ..සීදේවි නැන්දා කෙනෙක් ඇවිල්ල අපිව කාමරයකට එක්කගිහින් අපිට වඩා වැඩිමහල් අය්යල අක්කල ටිකකට බාරදුන්න. එක්කෙනෙකුට එක්කෙනෙක් වගේ ඇවිල්ල අපිව සම්මුඛපරීක්ෂනයකට ලක්කලා. ඒගොල්ලො හරි ආඩම්බරකාරයො කියල හිතුවත් එහෙම උනත් ඒගොල්ලො අපේ හිතේ තිබ්බ බය නැතිකලා.
ජනකට තිබුනෙ චිත්‍රයක් නිර්මාණය කරන්න.සඳමාලි ඇතුලු පිරිසට භක්තිගීතයක් ගායනාකරන්න. ලක්මාලි ප්‍රවුර්තියක් ලියන්න,මට ප්‍රවුර්තියක් නිවේදනය කරන්න. මේ හැම එකකටම ඒකාලෙ අපේ දිහාවෙ හිටිය දක්ෂමයො ටික තමයි මේ අය.අපි හැමෝම තොරගත්තෙ දහම් පාසල් වලින් තරඟ තියල ..ඒ වගේම අපිව මුතුහර ලමාසමාජයක් පිහිටුවල මේකටයුත්ත ඉෂ්ට කිරීමේ භාරදූර කටයුත්ත ඉටුකලේ ගාමිනි අය්ය. ඔහු ඒ දවස් වල ජාතික රූපවාහිනියෙ සහාය අධ්යක්ෂවරයකු වන්න පුහුනු වෙවී හිටියෙ.
අපේ බය සැක එහෙම ඇරල අපිගෙනාපු ඇදුම් අන්දවගෙන පුන්චිම දොරකින් ඇතුලට එක්කන්ගියා අම්මෝ සීතල..නිකං අයිස් පෙට්ටියකට දැම්ම වගේ උනා.
ඒ මදිවට හැමපැත්තෙම කන්නාඩි හයිකරල.....කොහේද මේ කියල හිතන්නවත් හම්බු උනේ නැහැ..මෙන්න නැන්ද කෙනෙක් හිනාවෙවී ඇවිල්ල
"කොහොමද පුතා කොහේ ඉඳලද ආවේ..."
කියල අහන ගමන් මොකක්ද පෙට්ටියක් වගේ එකක ඇරල...පුලුන් කෑල්ලකට මොනවද අරන් මූන පුරාඅත් එහෙට මෙහෙට දුවවල..ඔලුවත් පීරල හරි පුතා යන්න කියල ඊලඟ එක්කෙනා ගත්ත. ඔක්කොම ඉවර උනාම ආයිත් අය්යල දෙන්නෙක් ඇවිල්ල තව ලොකුම ලොකු කාමරයකට එක්කන් ගියා හරි විශාලයි ඒ වගේම හිස්, දෙන්නෙක් විතරක් පුටු තියාගෙන හිටියා. පස්සෙ අර මුලින්ම අපිව බලන්න ආපු නැන්දා ඇවිල්ල එගොල්ලන්ව හඳුන්වන්න ගත්ත.බලන කොට ඒ නැන්ද තමයි මුතුහර වැඩසටහන හරිම කැපවීමෙන් උත්සාහයෙන් නිශ්පාදනය කරල අධ්‍යක්ෂණය කරන්නෙත්...
මේ සියල්ල සිදුවන්නෙ..1989හෝ 1990 විතර කාලෙ. දහම් පාසල් බඩේ බැදගෙන වගේ කරපුකාලෙ ඒ දහම් පාසල් ජීවිතය නිසා ලැබුනු අවස්තාවක් තමා මේකත්.
තව ටිකකින් මහා සැර ලයිට් වගයක් ගැහැව්ව අම්මෝ..ඇස් නිලංකාරවෙලා ගියා..මෙන්න ඒ විදුලි ලාම්පු වහල දිගේ පහලට එනව මහා යකඩ බාල්කෙක එල්ලලම බය උනත් එක්ක.
ටිකකින් මාමල වගයක්....අඩුවැඩිය මහගොඩක් ගෙනල්ල කාමරය ඇතුලෙ මොනවද හැදුව. මේ කාමරයට කියන්නෙ "ස්ටුඩියෝ"
එක කියල අර නැන්දා මුලින්ම අපිට කියල දුන්න.
මාව නිවේදකයෙක් විදියට මගේ කොටස මෙහෙමය් කියල නැන්දා පහදල දුන්නට මෙන්න බොලෙ එකසැරේට අපිට කියල දෙන්න ආපු අය්ය කෙනෙක් නිවේදකය උනා .
මුලින්ම භක්තිගීතය ...ඉවර උනා ඊලඟට මට, අර වාදක කන්ඩායම් වල ශිල්පියො අඳින්නෙ, අන්න ඒවගේ ශර්ට් එක ඇඳල මුලින් මාමල වගයක් හදපු කොටයක් වගේඑක උඩ වාඩිවෙලා ලක්මාලි නංගි ලියපු ලිපියක් කියවන්න උනා. පුංචි රිහල්සල් ඒකකට පස්සෙ පටිගතකිරීම
කට්...! මගේ කොටස ඉවරයි...
"හොඳයි පුතා හොඳට කලා..!
අර නැන්දා කිව්ව..!අපි හැමෝම එලියට ආව . හැමෝම සතුටින්. ගාමිනි අය්ය කොහේද් ඉඳල ඇවිල්ල
"ඉන්න මම මේක විකාශය වන දිනය අහන් එන්නම්
කියල කොහේද ගියා...අපි අපේ කච කචේ.පටන්ගත්ත ..අරයට මෙහෙම උනා ..අරහෙම උනා..එක එක කතාව..!
සියලුදෙනාම ගම් බලා පිටත් උනා..ඒ පාර බස් නෑ හැමෝම බය වෙලා..අන්තිමට කිට්ටුව නගරයට යන බස් එකක ඇවිල්ල කිලෝමීටර12ක්පයින් ඇවිල්ල තමය් ගමට ආවෙ.හැමෝටම පාන්කියාගන්න බෑ...!
දැන් වැඩසටහන යන දවසට දහම් පාසලේ තඩි ටී.වී එකක් හාමුදුරුවො කාගෙන්ද ඉල්ලගෙන ඇවිල්ල බණ ශාලාවෙ තියල තිබුන. මැදැයි..කොලා..!
එදා අපේ වැඩ සටහන නෙවේ ගියේ වස ලැජ්ජාව..!!!
හාමුදුරුවන්ටහොදටම කේන්ති ගිහිල්ල..!ගත්තා කෝල් එකක්....
අනේ සමාවෙන්න අපි ඊලඟ සතියේ විකාශය කරනව. එහෙන් පිලිතුරු.
අපි හිත හදාගෙන ගෙදර ගියා..වෙලාවට මමකාටවත් ඉස්කෝලෙ යාලුවන්ටවත් කිව්වේ නැහැ මෙහෙම් එකක් තියෙනව කියල.කියල තිබුන නම් කලිසම් ඇඳගෙන ඉස්කෝලෙ යන්න බැරිවෙනව. හැබැය් ඊලඟ සතියෙ විකාශය උනා..සංස්කරනයවෙලා හැම එකකින්ම ටිකටික තමයි ගියේ ඒත් ඒක හරි ලස්සනට ගියා..හරි ආඩම්බරය් හැමෝටම.
පස්සෙන්ද ඉස්කෝලෙට ගිය ගමන් ගැහැනු ලමය් ටිකක් වටකරගත්ත මාව, එක්කෙනෙක් දැකල හැමෝටම කියල, අපේපන්තියෙ ලමය්..මේ අය රටේ ප්‍රශ්ණ අහනව...මමනෙ දන්නෙ කාපු කට්ට...මමත් ඉතිං ශේප් නියායෙන් හිටිය.
************************************************************************
154 බස් එකේ මම අයිනෙ සීට් එකේ වාඩිවෙලා ඉන්නව...!හිමින් සැරේ යන බස් එක එහෙන් මෙහෙන් ගිහිල්ල රූපවාහිනිය ලඟ නවත්වනව ,මමත් බැහැගන්නව..ඔහොම ඉස්සරහට යනකොට බී.එම්.අයි.සී.එච්. එක තියෙනව ඒක හමුවෙනකන් මම වටපිට බලබලායනව. ඒ දවස් වලට වඩා මොනවද දැන් වෙනස්වෙලා තියෙන්නෙ....
ගොඩනැගිලි.....එකදිගට යන වාහන,කාපට් කරපු පාර අතුටික කපල දාපු මාර ගස්,මැරිච්ච් නිසා(තාර වලට) උගුල්ලපු තඩි මාර හා මැයි ගස් වල සලකුනු විතරක් ඉතිරිකරල ...ඒත් තාප්පය දකිනකොටම මට ඒකාලෙයි මේ කාලෙය් අතර ලොකුවෙනසක් දකින්න නැහැ.අවුරුදු කීයක් නම් ගෙවිලද..? අවුරුද්දකට සැරයක් වත් ඔතනින් යන මට හිතෙන්නෙ එහෙමයි...!අතීතයේ දෙව්ලොව යන සතුටකින් ආපු මතකයන් යලි යලි මතක් වෙනකොට තමය් මෙහෙම ලියන්න හිතුනෙ.
ප/ලි.... ඒ කාලෙ ඔය ගිය අයගෙන් ගොඩක් අය හමුවෙන්නෙ නැතිතරම් ජනක විතරයි හමුවෙන්නෙ.සඳමාලි අමරිකාවෙ ,අනික් අය කොහේද දන්නෙ නැහැ. එක්කෙනෙක්වත් ඔය සහභාගිඋන ඒවා නෙවේ දැන් කරන්නෙ. වෙනම ක්ෂේත්‍ර වල රැකියාවන් කරන්නෙ.
ඊට පස්සේ ආයි ජාතික රූපවාහිනියට යන්න ලැබුණේ නැද්ද ???
ReplyDeleteනෑ හසිත..අපි වගේ අයට ඒ වගේ තැන් වලට යන්න තියෙන අවස්තා අඩුයි..ඒ වගේම ඒකාලෙ තිබුන තත්වය නෙවේනෙ පසුකාලිනව එතන තිබුනෙ.
Deleteමමත් ඉස්සර චූටි කාලේ අනිවා බලපු වැඩසටහනක් :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔව් මචං ..දැන් තියෙනවද මන්දා..!
Deleteරජාට අපි...අපිට රජා...!
කියන්න හුඟක් දේ තියෙන ලස්සන පෝස්ට් එකක් . මටත් වඩා අපේ බනිලගේ තාත්තට රසබර මතක ගොඩක් ඇති තැනක්. ඔය කාලෙදිම තමයි ඒගොල්ලත් මුතුහරේ හිටියේ . වසර කීපයක් වැඩිමල් ඇති ඔයාලට වඩා . ඔය පාර මගෙත් බොහොම ආදරණිය මතකයක් . ඉස්සර පාසල් බස් එකේ යද්දී මන් ඔය පාරේදී උඩ බලන් යන්නේ දෙපැත්තේ ගස් වල අතු ඉති එකතු වෙලා උඩු වියනක් හැදිලා තියෙන හැටි බලාගෙන .. චමත්කාරජනකයි. කොළඹ නගරයේ ලස්සනම හරිය . හැනොයි වලත් එක හරියක් තියෙනවා පාර දෙපස ලොකු ගස් තියෙන . ප්‍රංශ විදිහේ ගොඩනැගිලි. අමුතුම ලස්සනක්. මට මතක් වෙන්නේ බෞද්ධාලෝක මාවතයි රිඩ් මාවතයි.
ReplyDeleteමුතුහරේ ස්වර්ණමය අවධිය ඔයා කියන කාලය . පසු කාලේ ගැන මට අවබෝධයක් නැහැ . වැඩිය දේවල් නොතිබුන ඒ කාලේ කොළඹ පොත් සංගමය , මුතුහර , දහම්පාසල තමයි අපට ඉස්කෝලෙට අමතරව අයාලේ යානොදී රැක ගත්තේ . ඒ දේවල් වලට මා සදා ණය ගැතියි. වී පොකුර හැමදාම මගේ ලස්සන මතක අවධි කරනවා . ඒ වගේම මට ඔබව බොහොම සමීපතමයෙක් ලෙස හැඟෙනවා . ඒ සමාන අත්දැකීම් නිසා .
// මුතුහර , දහම්පාසල තමයි අපට ඉස්කෝලෙට අමතරව අයාලේ යානොදී රැක ගත්තේ . ඒ දේවල් වලට මා සදා ණය ගැතියි//
Deleteසම්පූර්ණයෙන්ම එකඟයි බින්දි...ඒ වගේම ඒකතයි සත්්ය.මොකද දහම් පාසලෙන් ලැබෙන්නෙ දහම් දැනුම විතරක් නොවේ ..සමාජමය දැනුම ඉස්කෝලෙන් නොලැබෙන බොහෝ පැති ආවරනය කෙරෙනවා.දහම් පාසල් කාලෙ ගැනත් ලියන්න තියේ..බලමු ඔයාල මෙහෙම කමෙන්ට් කරනකොට වැඩ පාඩුකරගෙන හරි ලියන්නමයි හිත.
බොහොම ස්තුතිය් බින්දි ඔයාගේ සමීපතම ආමන්ත්රනයට..!
ඒ කාලෙ අපි ගෙවපු ජීවිතය හරි රසවත් නේද ආපහු හැරිල බලනකොට...(හිනාත් යනව අප්පා..!)
උසස් පෙළ ව්‍යාපෘති වාර්තාව හදන්න තමයි මම ඉස්සෙල්ලාම රෑපවාහිනී සංස්ථාවට ගියේ.. අපිට එදා සහයා දුන්නෙ එවකට ඉංජිනේරැ අංශයේ 3 වන තැනට හිටපු තාරක මොහොට්ටි මහතා...වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම මහත්මයෙක්... එතුමාට එහි සේවක කැල ඉතා ගරැ කලා.. ඒ නිසාම ප්‍රධාන පාලක මැදිරියේ සේවය නොකරන අයට පවා ඇතුල්වෙන්න අවසර නැති ප්‍රධාන පාලක මැදිරියේ සිට රෑපවාහිනියේ සෑම තැනකටම අපිව රැගෙන ගියා. කැමරා යුනිට් වලට කථා කරලා අපිට පෙන්නන්න සජීවී වැඩසටහන් කෙරෙව්වා. අපි විවිධ තර්ක විතර්ක කලා..ඒ පාලිත සෙනරත් යාපා අධ්‍යක්ෂක තුමා සමග.. පාසල් නිල ඇදුමෙන් සිටි අප වෙත ඇවිල්ලා අපේ පාසලේ ආදි ශිෂ්‍ය.. රෑපවාහිනියෙ සේවයේ නියුතු සහෝදරයො කැලක්ම අපිට සංග්‍රහ කරන්න පොරකෑවා.. අන්තිමට ඒ සියලුම වගකීම් භාරගත්තෙ එවකට චැනල් අයි හි සේවය කල උපතිස්ස අයියා.. කාලයේ වැලිතලාවට යටවෙලා තිබුන මේ මතකය ඔබේ පෝස්ටුවෙන් නැවතත් ආවර්ජනය වුනා... එදා මා සමග ගිය මිතුරො සියල්ලන්ම වගේ දැන් වෙනත් රටවල ඉන්නෙ...හරියට ඔබ කිව්ව සදමාලි වගේ.
ReplyDeleteඅපිට යන්න ලැබුනේ ලමාසමාජයක් විදියට...වැඩ සටහන කරා එච්චරය්..ඊට පස්සෙ ඒ වගේ අවස්තාලැබුනෙ නැහැ.හැබැයි පාසල් ලමුන් විදියට සහභාගි වෙන්න පුලුවන් බව දැනගෙන හිටියා. පොඩිකාලෙ සමහරු දක්ෂතා පෙන්වන ඒවට නොවේ ලොකු උනාම යොමුවෙන්නෙ.මටත් හොඳ කලා හැකියාවන් කීපයක් තිබුනා ඒත් ඒව ගිලිහිලා නැතිවෙලා ගිහිල්ල.ඒත් හදවතේ ඒව තියෙනව.එකය් මේවගෙ මතුවෙන්නෙ.(මම හිතන්නෙ එතකොට සිරා කොලඹ ප්‍රසිද්ධ පාසලක වෙන්න ඕන.)
Deleteමම ගම්පහ ප්‍රසිද්ධම පාසලක... පාසලේ නම කියන්නෙ නෑ..අපි ලියන කථා වලින් පාසලට අගෞරවයක් වෙන්න පුලුවන් නිසා...අපේ පාසලේ ගොඩාක් ආදි ශිෂ්‍යයො ලෝකෙ වටේම ඉන්නවා... පළමුවෙනි දවසෙ රෑපවාහිනියට යද්දි මම හැදුනුම්පත අරන් ගිහිල්ලා තිබ්බෙ නෑ... හැදුනුම් පත නැතිව කොහොමවත් යන්න බැරි තැනක් වන රෑපවාහිනියට මම ඇතුලු වුනේ එතන ආරක්ෂාවට හිටපු පොලිස් පරීක්ෂක තුමත් අපේ පාසලේම වීම හේතුවෙන්... අපේ පාසලේ අයට පාසල ගැන පුදුමාකාර හැගීමක් තියෙන්නෙ අදටත් අපේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල බලන්න අපි යනවා...
Deleteඅම්මෝ..ඒ කාලේ අපි නම් ඉපදිලාවත් නැතුව ඇති..කාලයක් මාත් බැලුවා ඔය වැඩසටහන.. :)
ReplyDeleteඉන්නනෙ තිබ්බෙ චූටි නංගියෝ...!හරි ශෝයි..ඒකනෙ මේ අපි කිය කිය රසවිඳින්නෙ..!
Deleteමම ඉපදිලත් නෑ..හී හී
Deleteඔක්කොම සූටි නංගියො...නේ..!!
Deleteකෙල්ලොන්ගෙන් අයියට මාර ඉල්ලුමක් තියෙන්න ඇති නේ?? ආව් ආව්
ReplyDeleteගෑල්ලමයි..ඉතින් ජනප්‍රිය අයටනේ මනාප...හි...හි..!!
Deleteලස්සන අතීත සිදුවීමක් සහෝ අපිට නම් ඔය වගේ අවස්ථා උදාවෙලා නැහැ.
ReplyDeleteඒ කාලෙ හැටියට නම් සෑහෙන ලොකුදෙයක් උනා.ගමේ අය හරි අමුතු විදියට බැලුව.ඒකියන්නෙ මු මාර පොරක්නෙ කියන්න වගේ ටික දවසකින් අමතක වෙලා ගියා..!
Deleteලස්සන කතාවක් වී.. මටත් මතකයි පොඩි කාලේ ඔය මුතු හර වැඩ සටහන බැලුවා. මොකක්ද ඒකෙ සින්දුව.................. මුලු ශක්තිය යොදවන් කියලා ඉවර වෙනවා මතකයි...
ReplyDeleteඅමනාප නොවෙනවනම් වැරැද්දක් පෙන්නන් නම්..
"විකාශනය" නෙමේ මචෝ "විකාශය." විකාශනය කියන්නේ මොකක හරී අතීතයේ ඉඳන් එන පැවැත්ම.
ඔව් සෙන්නා..
Delete"විශ්වය හැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්..
ඒ ලොව සැදුමට ඇප කැප වී නිති මුලු ශක්තිය යොදවම්
ආආආ..ආආආ..ආආආආආආ..."
ඉතිරිව නම් මතක නැහැ.
ඔබේ නිවැරදි කිරීම පිලිගනිමි..!
(දන්නැති නිසා අහන්නෙ..දැන් නිවැරදි කලොත් සින්ඩි වලින් ප්‍රශ්ණයක් වෙනවාද..?)
නෑ... සින්ඩි වලට මුකුත් වෙන්නෑනේ... ඕක හදලා ආයේ පබ්ලිශ් කළා කියලා සින්ඩිවල අලුතෙන් අප්ඩේට් වෙන්නෙ නෑ.. මම පෝස්ට් එකක් දාලා දහ දොලොස් සැරයක් විතර වැරදි හද හද පබ්ලිශ් කරනවා.. අද වෙනකම්නම් කිසිම හෙනයක් නෑ..
Deleteස්තුතිය් සෙන්නා..! ඔන්න නිවැරදි කලා.
Deleteසෙන්නා කාරැණිකව සිරා හටද මුල් දවස් වල නොදන්නා කරැණු කියා දුන් බව මම මෙහි ගෞරවයෙන් සිහිපත් කරමි... ස්තූතියි සෙන්නා..
Deleteසිරාගේ මහත්මාගුණය අගය කරමි....!.මේ වගේ උදව් ලබාගෙන පසුව අමතකකර දැමීම බොහෝ අයගේ සිරිතයි.! ඔබට ජයවේවා..!
Deleteචැහ්... මට එහෙම එකක මතක නෑනෙ සිරෝ.. මොනවා උනත් උඹේ කාමරේ නැගලා යන එක ගැන සන්තෝෂයි..
Deleteඔන්න සෙන්නා මාත් ඒ වචනේ මේ දැන් සෙන්නාගෙන් ඉගෙනගත්තා. විකාශය, විකාශනය. ස්තුතියි.
Deletehenryblogwalker the Dude
මමත් ඉපදුන වර්ෂයේ...හි හි හී...වී අයියෙක් කියල දැන ගත්තෙ අද නේ...හරි...මමත් පුංචි කාලෙ බැලුව වැඩසටහනක්...ගොඩක් කල් තිබුණා...මුතුහර ලමා සමාජයකත් හිටිය පුංචිම දවස්වල ...
ReplyDeleteඑහෙනං අය්යෙ කියලම කියන්නකො...! ....:))))
Deleteඅපි ළමාසමාජය ගොඩනංවන්න හරි කැපවීමක් කලා.ඒත් අපෙන් පස්සෙ නැතිවෙලාගියා.
ශා...වී අයියා එහෙනම් මුතුහරේ සාමාජිකයෙක්. මමත් ඉස්සර ඔය වැඩසටහන බැලුවා. ඒකෙ තේමා ගීතයට මම හරිම ආසයි. විස්තරේ ලියල තියන විදියත් බොහොම ලස්සනයි...
ReplyDeleteටැංකු වේවා..!
Deleteවෙනස් විදියකට ලියන්න හිතුවා..ඇත්තටම හොඳය්ද..??
ඇත්තටම හොඳයි :)
Deleteමචං පොකුර මේ සඳමාලි කියන්නේ සයුරිටද මොකද එයත් දැන් ඇමරිකාවේ නේ.
Deleteඇත්තට සයුරි...ඇමරිකාවෙද ඉන්නෙ සංතෝෂයි...!සඳමාලි කියන්නෙ මගේ හොඳම යෙහෙලියකට ඈ මගේ ගෙවල් කිට්ටුව වගේම දහම් පාසල් ගියේ එකට.
Deleteලස්සන මතකයක් ඒ වගේම ලස්සනට ලියලත් තියෙනවා. ක්ලින්සි රත්නායක ඒ කාලේ හිටපු හොඳ මුතුහර නිවේදකයෙක් නේද?
ReplyDeleteස්තුතියි..අසරණ...!
Deleteම්ම්ම්...ඒ ගැන එච්චර මතකයක් නැහැනෙ...කොලඹ ජනප්‍රිය ඉස්කෝලවල ලමයි පදිංචිවෙලා හිටියෙ,මුතුහරේ ඒ දවස් වල.
ජය වේවා..ඔබට..!
ඕං මාත් ආව වී අහුලන්න. නියමයි ආ...
ReplyDeleteස්තුතියි....චන්දන...!
Deleteආයිත් එන්න..!
ලස්සන පෝස්ට් එකක් වීයා. උඹලා එතකොට කොහොමහරි කුණුකෙල, කබ ඔක්කොටම උඩින් මේක් අප් එකකුත් දාගත්තා ඈ?
ReplyDeletehenryblogwalker the Dude
සිරාම කමෙන්ට් එක බං..!හිනා කෑව..හෙක්...හෙක්....!
Deleteමොනව ඉලුවද දන්නෑ බං..හොල්මන් වෙලා හිටියෙ..!
හොද අත්දැකීමක් වෙන්න ඇති නේද?
ReplyDeleteඔව් ඇත්තටම..! හරි සතුටින් හිටියේ ඒ දිනවල.
Deleteස්තුතිය් ඉන්ද්‍රජිත්..!
මාත් ඉස්සර මුතුහර බලනවා.සන්තෝසයි.ඒ කාලේ හිටිය යාළුවෝ දැන් කොහෙද කියලා හොයාගන්න නැතිවෙන එකනං දුකක් තමයි.
ReplyDeleteඔව් සහෝ...!
Deleteඅපේ කාලෙ විශය බාහිර දේවල් වලට අපිට වෙලාව තිබුන ඒත් දැන් ලමයින්ට නැහැනෙ.
කොහොමද මුතුහරේ තේමා ගීතය...ඇග කිලි පොලා යනවා..
ReplyDeleteවිශ්වයේ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්...//
ඒකනෙ...ඒකනෙ..!ස්තුතියි..රෙහානි.
Deleteබොහොම හැඟීම් බරව රසවත්ව ලියල තියෙනවා. මටත් ලාවට වගේ මතකයි ඔය කියන වැඩසටහන.
ReplyDeleteටැංකු මචං..!
Delete