පාළු අහසම අඳුරු වෙනවා
පවන රළුවී වියරු වෙනවා
අඳුරු කුටියම නිසල වෙනවා
නුඹේ සෙනෙහස මතක් වෙනවා
රුවන් පැහැයට නුඹව දිලෙනා
සිනිඳු ලෙස සිප ගන්න සිතුනා
දෝරගලනා සෙනෙහෙ පතුරා
නුඹව තුරුලට ගනිමි සැනෙනා
සෝ තැවුල් සිත වෙලා ගැනෙනා
කොතෙක් තිබුනද මසිත අසුරා
නුඹේ සියුමැලි මුවින් පිදෙනා
සිනිඳු සීතල හදට දැනුනා
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
කොහොම තවරා කෙලෙස ලැබුනත්
පැණිරසක් නම් නැතේ කිසිවක්
දිවට අපුලක් නමුදු දැනුනත්
නුඹව නැති කල නැතේ පිහිටක්
රැය පහන්වනු හිතට නොදැනේ
කඳුලු සඟවා බමණ මතුවේ
සවි ගතේ වාරුවත් නැතිවේ
අහස පොලවද කියා නොදැනේ
නොදුටු සැනසුම සොයා යනවා
එයින් සිතිවිලි විකල් වෙනවා
විකල් සිතිවිලි නිසල වෙනවා
නිසල සිතිවිලි සසල වෙනවා
උඩම පින්තූරය මෙතැනින්....cindrellaforever.blogs...
ඊ ලඟ එක මෙතැනින්....murraymitchell.com
මෙයා හැදිලා හොඳටම :පී
ReplyDeleteඒකනෙ තව ටිකක් බනින්න තිබ්බෙ..........! :)
Deleteඅයි හෙට් පොයම්ස් :D
ReplyDeleteඅපොයි දෙයියනේ........!
Deleteමී ටූ
Delete@ සෙන්නා,
Deleteසීරියස් ගන්න එපාල බං...!!!
කම්මැලියි බන් කවි කියවන්ඩ.. ඒ කියෙව්වත් මට තේරුම් ගන්ඩ දෙතුන් පාරක්ම බලන්ඩ ඕනා.
Delete@ සෙන්නා,
Deleteමටත් තේරෙන්නෑ..ඔන්නඔහේ ලිව්ව පුලුවන්ද බලන්න..!
සෙන්නා කියපු හේතුවම තමා මටත් තියෙන්නේ :P
Deleteඉස්සර නම් අපිත් ගැහුවා කරටිය පාත් වෙන්න... ඒත් දැන්නම් බොන්න හිතෙන්නම නැති තරම්... කාලෙකින් හම්බවෙන යාලුවො එක්ක කථා බහකට සැට් වෙන්න විතරමයි දැන් දැන් බෝතලේ ඉස්සරහ වාඩිවෙන්නෙ කලාතුරකින්...
ReplyDeleteමමත් එහෙම තමයි..! බොහොම කලාතුරකින් තමයි....!නිකං හිතුනලියල දාන්න.
Deleteඅපෝ උබ බොනවද?
ReplyDeleteකලාතුරකින් තමයි..!, හිතට වැදුනු සිංදුවක් නිසා ලිව්වේ මචං..!
Deleteබීම ඇත්තටම තේරුමක් නැති දෙයක්. ඔබේ නිර්මාණය නම් අපූරුයි.
ReplyDeleteඅන්න උඹට තේරුනා බං..!
Deleteමත්පැන් පානය නීරෝගිමත් දිවියට කචල් ගෙනදෙයි සෙන්නයියා!!!!!!!
ReplyDeleteකොයිකත් මද පමනටය කියල කියනවනෙ..!
Deleteo....................................................
ReplyDeleteඇයි...හිරු....හිස් වෙලා..?
Deleteමන් හිතුවේ දුකක් කරදරයක් කියල . බිම නේද ..නොබොනවා නම් හොඳය. බොන්නම ඕන නම් මද පමණමය . වැස්ස වෙලාවට හොඳ උණු තේ එකක් හකුරු කෑල්ලක් එක්ක
ReplyDeleteහිතට වැදුනු ගීතයක් නිසා..කවි ලියන්න බැරි උනත් ලියල බැලුව..!
Deleteසධාරණ උපදෙස හිස් මුදුනින් පිලිගනිමි.
ඇයි...? පෝස්ට් එකක් දැක්කෙ නැහැ ලඟදි..!
කවියක් ලියලා... මරු ....මාතෘකාව තමයි අවුල්....
ReplyDeleteඔව් මටත් එහෙමහිතෙනවා, පට්ට රෑ..ආවෙනෑ වෙන අයිඩියා එකක්..!
Deleteදිනෙන් දින හිස්වන
ReplyDeleteමදු බඳුන් අතරේ
මම තවමත් සොයමි
ඔබ දමාගිය ආදරේ...ඔන්න ඕක කොහේදී හරි දැක්ක කියල මතක උනා..
සමහර දේ මතක්කරන්නත්....සමහර දේ අමතක කරන්නත්....
Deleteමධු බඳුනට හැකිලු..!
නොදුටු සැනසුම සොයායන්නට
ReplyDeleteවිකල් සිතිවිලි නිසල කෙරුමට
දෙකක් දාගත්තාම පදමට
සසල වේ මුලු ගතම නියමෙට.... :P
නියම පදවැල සහෝදරයා.....(Y)(Y)(Y)
ඔය තියෙන්නෙ එලටම...!!!
Deleteතෑන්ක්ස් ලපයා..!
අඩේ බොනවනං ආතල් එකට දුකට බොන්ඩ එපා යකෝ
ReplyDeleteඔව් මචං ආතල් එකට තමා වෙන මොන කෙන්ගෙඩියටද...!හික්..!
Deleteමාතෘකාව දකිද්දී මං හිතුවේ නෑ ලියලා තියෙන්නේ බීම ගැන කියලා. හැබයි කවි ටික එළ..:) :)
ReplyDeleteනිකමට හිතුන ඉෂාන්..!
Deleteස්තුතියි..!
මම නම් බොන්නේ නැහැ ඕවා :)
ReplyDeleteසිරාවටමද..? ඈ..!!!
Deleteබන්දුල විජේවීර ගැයූ "රිදී නිම්නය කඳුලු නිම්නය ඔබය මගේ ජීවිතයේ" ගීතය මතකයට නැගුණා.
ReplyDeleteහරියටම හරි දයා,....ඒක තමයි..ගීතය..!
Deleteමේකෙ පසුබිම් කතාව පත්තරයක දැකලා..හිතේ තිබුන..පස්සෙ නිකං හිතුන ලිව්ව. එකේ ආර තියේ..!ඒවගේම රහමෙරේ ඇතුල්පැත්තක් තමයි ඔය.
//
ReplyDeleteඅහස පොලවද කියා නොදැනේ//
හිහිහි.. කවියත් එහෙම වෙලාවක ලිව්වක් වගේ.. :D
අගෙයි කවිය නම්.. :)
ඕවා පාවිච්චි කල ඇත්තෝ ඕවා දනිත්..!
Deleteස්තූතිය් සහෝ...
බීම ගැනයි ලියලා තියෙන්නෙ කියලා හිතුනෙ නෑ... අපූරුයි!!!
ReplyDeleteගොඩක් අය කරනවා වගේ ටිරිකිස් වැඩකුත් දාල ලිව්ව..හි...හි...!
Deleteස්තුතියි හිතූ.....
අපෝ.....කටේ තියන්නෑ... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අයියෝ .....එහෙනං රාජ සම්පත් සුම්මා...!!!
Deleteayyo......oya jarawa bonna epa ayya........mona unath kavi tikanam lassanai........ :)
ReplyDeleteඅනේ සහෝ.....එහෙම නෑ ...මදපමනට...තමයි..! ඒත් කලාතුරකින්...!
Deleteස්තුතියි නැවතත් ආවාට..
බ්ලොග් එකක් නැද්ද ඔයාට....???? පටන් ගන්නකො....!
"saho"kiyala kiwwe eke teruma sahodariya kiyana ekada nathtam sahodaraya kiyana ekada?habai onna mama sahodariyak hode......... :) danmama be ayya a/l karala iwara wela blog ekak patan ganna balannamko hode.......... :)
Deleteඔව් මටත් හිතුනා සහෝදරියක් කියල....! "අරලියා" ලස්සන අපේ දේශීය නමක්...!
Deleteඔව් අනිවා..ඔක්කොටම කලින් ඉගනුම වටින්නේය..! හොඳට ඉගෙන ගන්න ඕන ඔන්න මං හරි සැරයි...හොඳේ..:))))
ආයිත් එන්න සූටි නගා...!! ( සිංහලෙන් ලියන්න ඉගෙන ගන්න..එතකොට තවත් හොඳයි..)
tanku ayya.....ane itin me chuti nangiyata sara kalanna epa hode..........man pawne......... :):) ayya kiyana nisa onna mama try ekak dala balannamko......aniwaryenma ennam ayya........ :)
Delete:))))
Deleteවැස්සෙයි මේකෙයි සම්බන්ධෙ මොකද්ද අනේ :)
ReplyDeleteමෙහෙමයි.....!වැස්ස වෙලාවක ජනෙලෙකින් ඈත බලාගෙන ඉදල තියෙනවද....! එතකොට හිතට මහා පාලුවක් දැනිල තියෙනවද....
Deleteඔන්න එතකොට තනිකමක් දැනුනද...........! අතීත මතක අවදි උනාද............
ඔන්න එතකොට මෙව්වා........(පිරිමින්ට පමනි)
දන්නෝ දනිති , (ජනේලයකින් බලා ඉන්නා තරුනයෙක්ගෙ පින්තූරයක්හෙව්වා ,ඒත් හොයාගන්න බැරි උනා.)
"මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා........කවුලුව අතරින් හිරිකඩ එනවා....." එහෙමත් හිතුනා.
එල එල.
Delete:))))
Delete'නුඹේ සෙනෙහස ' කිව්වම හිතුවේ වෙන දෙයක් කියල :)
ReplyDeleteරහමෙරට ප්‍රේමකරන ඇත්තෝ කොතෙක් සිටිත්ද............?
Delete(මේ අපි නෙවේ...හොඳේ.!!!)
බීම ගැන නම් කට්ටිය අදහස් දීල තියෙන්නේ..මොනවා නමුත් අපුරු ව්‍යන්ගාර්ථයක් දීල කවියට..
ReplyDeleteකෙලින්ම බීම ගැන කිව්වනම්...බැනුම් කෝටියයි...!!!
Deleteහ්ම්ම්..කෝ අලුත් පොස්ටු?
Deleteලස්සනට පද ගළපලා තියනවා.හොඳ නිර්මාණයක් - නරක දෙයක් ගැන.ජය!!!
ReplyDeleteනරක ගොඩක් තියෙන , හොඳ ටිකක් තියෙන...!!!!
Deleteඔබටත් ජය...! wickz
මධ්‍යසාර ඔබව බෙළහීනයෙකු කරයි...
ReplyDeleteඑය රජයේ අවවාදයයි..... :P
මොනා වුනත් නියම වචන ටික.. ඩී
හ්ම්...හ්ම්.!
Deleteදඟකාරි...,සාදරයෙන් පිලිගන්නවා....! වීපොකුරට..!
හ්ම්ම් පොස්ට් එකනම් මාරු ගොඩ කාලෙකින් නොවැ දැක්කේ උන්නැහේව මේ පැත්තේ එන පාරත් අමතක වෙලයි තිබුනේ අලුත් දේවල් නැති නිසා කමක් නැහැ දිගටම ලියන්නකෝ
ReplyDeleteඅනේ ආයිබොවන්ඩ ,...අමතක කොරාන්ඩ එපා එහෙම..!
Deleteමේ දවස්වල එක දිගටම වැඩ ...! ඒ මදිවට NVQ විභාගෙකටත් ලියනව මේ දවස් වල ඒකයි..!
අගෙයි දරුවා අගෙයි ඉගනගන්න එක නවත්වන්න හොඳ නැහැ හැට පැන්නත් මමත් එහෙමයි. විභාගෙට ජයෙන් ජය පතනවා!
Deleteටැංකු..ටැංකු....!
Deleteවීයත් අර ඕමාර් ඛයියාම් වගෙ පොරක්නෙ බලං ගියාම. Women Wine & Music!!!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඇත්තටම එහෙම දැනුනද කවිවල...!!
Delete