Sunday, August 19, 2012

හිත රිදුනු වැහිබර දවසක්.....!



පාළු  අහසම අඳුරු    වෙනවා
පවන රළුවී වියරු     වෙනවා
අඳුරු කුටියම නිසල   වෙනවා
නුඹේ සෙනෙහස මතක් වෙනවා

රුවන් පැහැයට නුඹව දිලෙනා
සිනිඳු ලෙස සිප ගන්න සිතුනා
දෝරගලනා සෙනෙහෙ  පතුරා
නුඹව තුරුලට ගනිමි සැනෙනා

සෝ තැවුල් සිත වෙලා ගැනෙනා
කොතෙක් තිබුනද මසිත   අසුරා
නුඹේ සියුමැලි මුවින්    පිදෙනා
සිනිඳු සීතල හදට       දැනුනා
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*




කොහොම තවරා කෙලෙස ලැබුනත්
පැණිරසක් නම් නැතේ    කිසිවක්
දිවට අපුලක් නමුදු       දැනුනත්
නුඹව නැති කල නැතේ    පිහිටක්

‍රැය පහන්වනු හිතට නොදැනේ
කඳුලු සඟවා බමණ    මතුවේ
සවි ගතේ වාරුවත්    නැතිවේ
අහස පොලවද කියා නොදැනේ

නොදු‍ටු සැනසුම සොයා යනවා
එයින් සිතිවිලි විකල්   වෙනවා
විකල් සිතිවිලි නිසල    වෙනවා
නිසල සිතිවිලි සසල    වෙනවා



උඩම පින්තූරය මෙතැනින්....cindrellaforever.blogs...
ඊ ලඟ එක මෙතැනින්....murraymitchell.com







66 comments:

  1. මෙයා හැදිලා හොඳටම :පී

    ReplyDelete
    Replies
    1. ඒකනෙ තව ටිකක් බනින්න තිබ්බෙ..........! :)

      Delete
  2. අයි හෙට් පොයම්ස් :D

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා,
      සීරියස් ගන්න එපාල බං...!!!

      Delete
    2. කම්මැලියි බන් කවි කියවන්ඩ.. ඒ කියෙව්වත් මට තේරුම් ගන්ඩ දෙතුන් පාරක්ම බලන්ඩ ඕනා.

      Delete
    3. @ සෙන්නා,
      මටත් තේරෙන්නෑ..ඔන්නඔහේ ලිව්ව පුලුවන්ද බලන්න..!

      Delete
    4. සෙන්නා කියපු හේතුවම තමා මටත් තියෙන්නේ :P

      Delete
  3. ඉස්සර නම් අපිත් ගැහුවා කරටිය පාත් වෙන්න... ඒත් දැන්නම් බොන්න හිතෙන්නම නැති තරම්... කාලෙකින් හම්බවෙන යාලුවො එක්ක කථා බහකට සැට් වෙන්න විතරමයි දැන් දැන් බෝතලේ ඉස්සරහ වාඩිවෙන්නෙ කලාතුරකින්...

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම තමයි..! බොහොම කලාතුරකින් තමයි....!නිකං හිතුනලියල දාන්න.

      Delete
  4. Replies
    1. කලාතුරකින් තමයි..!, හිතට වැදුනු සිංදුවක් නිසා ලිව්වේ මචං..!

      Delete
  5. බීම ඇත්තටම තේරුමක් නැති දෙයක්. ඔබේ නිර්මාණය නම් අපූරුයි.

    ReplyDelete
  6. මත්පැන් පානය නීරෝගිමත් දිවියට කචල් ගෙනදෙයි සෙන්නයියා!!!!!!!

    ReplyDelete
    Replies
    1. කොයිකත් මද පමනටය කියල කියනවනෙ..!

      Delete
  7. o....................................................

    ReplyDelete
  8. මන් හිතුවේ දුකක් කරදරයක් කියල . බිම නේද ..නොබොනවා නම් හොඳය. බොන්නම ඕන නම් මද පමණමය . වැස්ස වෙලාවට හොඳ උණු තේ එකක් හකුරු කෑල්ලක් එක්ක

    ReplyDelete
    Replies
    1. හිතට වැදුනු ගීතයක් නිසා..කවි ලියන්න බැරි උනත් ලියල බැලුව..!
      සධාරණ උපදෙස හිස් මුදුනින් පිලිගනිමි.
      ඇයි...? පෝස්ට් එකක් දැක්කෙ නැහැ ලඟදි..!

      Delete
  9. කවියක් ලියලා... මරු ....මාතෘකාව තමයි අවුල්....

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් එහෙමහිතෙනවා, පට්ට රෑ..ආවෙනෑ වෙන අයිඩියා එකක්..!

      Delete
  10. දිනෙන් දින හිස්වන
    මදු බඳුන් අතරේ
    මම තවමත් සොයමි
    ඔබ දමාගිය ආදරේ...ඔන්න ඕක කොහේදී හරි දැක්ක කියල මතක උනා..

    ReplyDelete
    Replies
    1. සමහර දේ මතක්කරන්නත්....සමහර දේ අමතක කරන්නත්....
      මධු බඳුනට හැකිලු..!

      Delete
  11. නොදුටු සැනසුම සොයායන්නට
    විකල් සිතිවිලි නිසල කෙරුමට
    දෙකක් දාගත්තාම පදමට
    සසල වේ මුලු ගතම නියමෙට.... :P

    නියම පදවැල සහෝදරයා.....(Y)(Y)(Y)

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ එලටම...!!!
      තෑන්ක්ස් ලපයා..!

      Delete
  12. අඩේ බොනවනං ආතල් එකට දුකට බොන්ඩ එපා යකෝ

    ReplyDelete
    Replies
    1. ඔව් මචං ආතල් එකට තමා වෙන මොන කෙන්ගෙඩියටද...!හික්..!

      Delete
  13. මාතෘකාව දකිද්දී මං හිතුවේ නෑ ලියලා තියෙන්නේ බීම ගැන කියලා. හැබයි කවි ටික එළ..:) :)

    ReplyDelete
    Replies
    1. නිකමට හිතුන ඉෂාන්..!
      ස්තුතියි..!

      Delete
  14. මම නම් බොන්නේ නැහැ ඕවා :)

    ReplyDelete
  15. බන්දුල විජේවීර ගැයූ "රිදී නිම්නය කඳුලු නිම්නය ඔබය මගේ ජීවිතයේ" ගීතය මතකයට නැගුණා.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි දයා,....ඒක තමයි..ගීතය..!
      මේකෙ පසුබිම් කතාව පත්තරයක දැකලා..හිතේ තිබුන..පස්සෙ නිකං හිතුන ලිව්ව. එකේ ආර තියේ..!ඒවගේම රහමෙරේ ඇතුල්පැත්තක් තමයි ඔය.

      Delete
  16. //
    අහස පොලවද කියා නොදැනේ//

    ‍හිහිහි.. කවියත් එහෙම වෙලාවක ලිව්වක් වගේ.. :D
    අගෙයි කවිය නම්.. :)

    ReplyDelete
    Replies
    1. ඕවා පාවිච්චි කල ඇත්තෝ ඕවා දනිත්..!
      ස්තූතිය් සහෝ...

      Delete
  17. බීම ගැනයි ලියලා තියෙන්නෙ කියලා හිතුනෙ නෑ... අපූරුයි!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය කරනවා වගේ ටිරිකිස් වැඩකුත් දාල ලිව්ව..හි...හි...!
      ස්තුතියි හිතූ.....

      Delete
  18. අපෝ.....කටේ තියන්නෑ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අයියෝ .....එහෙනං රාජ සම්පත් සුම්මා...!!!

      Delete
  19. ayyo......oya jarawa bonna epa ayya........mona unath kavi tikanam lassanai........ :)

    ReplyDelete
    Replies
    1. අනේ සහෝ.....එහෙම නෑ ...මදපමනට...තමයි..! ඒත් කලාතුරකින්...!
      ස්තුතියි නැවතත් ආවාට..
      බ්ලොග් එකක් නැද්ද ඔයාට....???? පටන් ගන්නකො....!

      Delete
    2. "saho"kiyala kiwwe eke teruma sahodariya kiyana ekada nathtam sahodaraya kiyana ekada?habai onna mama sahodariyak hode......... :) danmama be ayya a/l karala iwara wela blog ekak patan ganna balannamko hode.......... :)

      Delete
    3. ඔව් මටත් හිතුනා සහෝදරියක් කියල....! "අරලියා" ලස්සන අපේ දේශීය නමක්...!
      ඔව් අනිවා..ඔක්කොටම කලින් ඉගනුම වටින්නේය..! හොඳට ඉගෙන ගන්න ඕන ඔන්න මං හරි සැරයි...හොඳේ..:))))
      ආයිත් එන්න සූටි නගා...!! ( සිංහලෙන් ලියන්න ඉගෙන ගන්න..එතකොට තවත් හොඳයි..)

      Delete
    4. tanku ayya.....ane itin me chuti nangiyata sara kalanna epa hode..........man pawne......... :):) ayya kiyana nisa onna mama try ekak dala balannamko......aniwaryenma ennam ayya........ :)

      Delete
  20. වැස්සෙයි මේකෙයි සම්බන්ධෙ මොකද්ද අනේ :)

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි.....!වැස්ස වෙලාවක ජනෙලෙකින් ඈත බලාගෙන ඉදල තියෙනවද....! එතකොට හිතට මහා පාලුවක් දැනිල තියෙනවද....
      ඔන්න එතකොට තනිකමක් දැනුනද...........! අතීත මතක අවදි උනාද............
      ඔන්න එතකොට මෙව්වා........(පිරිමින්ට පමනි)
      දන්නෝ දනිති , (ජනේලයකින් බලා ඉන්නා තරුනයෙක්ගෙ පින්තූරයක්හෙව්වා ,ඒත් හොයාගන්න බැරි උනා.)
      "මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා........කවුලුව අතරින් හිරිකඩ එනවා....." එහෙමත් හිතුනා.

      Delete
  21. 'නුඹේ සෙනෙහස ' කිව්වම හිතුවේ වෙන දෙයක් කියල :)

    ReplyDelete
    Replies
    1. රහමෙරට ප්‍රේමකරන ඇත්තෝ කොතෙක් සිටිත්ද............?
      (මේ අපි නෙවේ...හොඳේ.!!!)

      Delete
  22. බීම ගැන නම් කට්ටිය අදහස් දීල තියෙන්නේ..මොනවා නමුත් අපුරු ව්‍යන්ගාර්ථයක් දීල කවියට..

    ReplyDelete
    Replies
    1. කෙලින්ම බීම ගැන කිව්වනම්...බැනුම් කෝටියයි...!!!

      Delete
    2. හ්ම්ම්..කෝ අලුත් පොස්ටු?

      Delete
  23. ලස්සනට පද ගළපලා තියනවා.හොඳ නිර්මාණයක් - නරක දෙයක් ගැන.ජය!!!

    ReplyDelete
    Replies
    1. නරක ගොඩක් තියෙන , හොඳ ටිකක් තියෙන...!!!!
      ඔබටත් ජය...! wickz

      Delete
  24. මධ්‍යසාර ඔබව බෙළහීනයෙකු කරයි...

    එය රජයේ අවවාදයයි..... :P

    මොනා වුනත් නියම වචන ටික.. ඩී

    ReplyDelete
    Replies
    1. හ්ම්...හ්ම්.!
      දඟකාරි...,සාදරයෙන් පිලිගන්නවා....! වීපොකුරට..!

      Delete
  25. හ්ම්ම් පොස්ට් එකනම් මාරු ගොඩ කාලෙකින් නොවැ දැක්කේ උන්නැහේව මේ පැත්තේ එන පාරත් අමතක වෙලයි තිබුනේ අලුත් දේවල් නැති නිසා කමක් නැහැ දිගටම ලියන්නකෝ

    ReplyDelete
    Replies
    1. අනේ ආයිබොවන්ඩ ,...අමතක කොරාන්ඩ එපා එහෙම..!
      මේ දවස්වල එක දිගටම වැඩ ...! ඒ මදිවට NVQ විභාගෙකටත් ලියනව මේ දවස් වල ඒකයි..!

      Delete
    2. අගෙයි දරුවා අගෙයි ඉගනගන්න එක නවත්වන්න හොඳ නැහැ හැට පැන්නත් මමත් එහෙමයි. විභාගෙට ජයෙන් ජය පතනවා!

      Delete
  26. වීයත් අර ඕමාර් ඛයියාම් වගෙ පොරක්නෙ බලං ගියාම. Women Wine & Music!!!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම දැනුනද කවිවල...!!

      Delete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...