Tuesday, October 30, 2012

හැකිවෙයිද ...පතන්නට..! සුභ උපන්දිනයක් වේවා නුඹ හට..!



මාත් එක්ක අත්වැල් බැඳයන්නට..
එනවද.. සංසාරෙ පුරාම....
අහන්න හිතෙනවා.. මට..!

ජීවිතය පොදි බැඳගෙන..
සතු‍ටු සිනා උතුරාගෙන..
නැහැ ගලා ගියේ මල් යහනාවක...

විටෙක ඇනුම් බැනුම් අසාගෙන...
සෙනෙහස දෝතට තුරුලු කරගෙන...
මහ මෙරක් උසට බලාපොරොත්තු ගොඩනැගුවා නුඹ මට...!

මගේ පැල්පත එළියකරගෙන...
හැමදාමත් ඉන්නවාද මා අසලින්ම...
අහන්න හිතෙනවා... මට..!

මල් වගේ පැංචියෝ දෙන්නෙක්ම..
නුඹේ ප්‍රේමය නිසා දුන් මට...
හැකිවෙයිද ...පතන්නට..!
සුභ උපන්දිනයක් වේවා නුඹ හට..!


 ප/ලි..  වීපොකුරිගෙ ..  උපන් දිනය ඊයේ උනත්..!
සුපුරුදු පිරිමි ගතිය මතු උනානොවැ...."අමතකවීම"
හිටියෙත් කතරගම....ඒකත් එකහේතුවක්..!


පින්තූරෙ මෙතනින්..,http://www.flickr.com/photos/phoechan/7820232546/

58 comments:

  1. මිසිස්‌ වී ට සුභ උපන් දිනයක් කියලා පතනවා..!

    අදහස ලස්සනයි.. :)

    හාමිනේ දොස් තිබ්බේ නැද්ද උපන් දිනේ අමතක වුනාට?

    ReplyDelete
    Replies
    1. මූන හට්ටි දෙකක් විතර ඇති...! දවසෙම
      ස්තුතියි මචං..!

      Delete
  2. තාම උඹ ගෙදර ගියෙ නැද්ද.. එහෙමන ගියාට පස්සෙ හම්බවෙයි..

    වී පොකුරිට සුභ උපන්දිනයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. නෑ මචං ගෙදර ඊයෙ ආවෙ හවස..!
      ස්තුතියි මචං..!

      Delete
  3. හප්පේ බොරුවට පොස්ට් දාලා තම්බන්නද හදන්නේ... එල කිරි කවිය මමත් මේ වගේ දෙයක් කොපය් කොරන්න ඕනේ අපේ මායියට දෙන්න. අයියේ අක්කට සුභම සුභ උපන් දිනක් පැතුවා කියලා කියන්න කෝ....

    ReplyDelete
    Replies
    1. ආයිත් අහල..!
      කෝරලේ මහත්තය කිව්වොත් ඉතින්....!
      ස්තුතියි...මචං.!

      Delete
  4. ''හැකිවෙයිද පතන්නට සුබ උපන්දිනයක් ''කෑල්ල ආපු විදිහ මට නම් හිතාගන්න පුළුවන් .

    ''ඉහි ඉහි දැන් එන්න එපා මෙතන විශ් කරන්න . ඊයේ මතක්වත් තිබුනේ නැහැ .''

    බය වෙන්න එපා අඳුරු අහස වැස්සට පස්සේ වැඩියෙන් ලස්සන වෙනවා .

    විපොකුරිට මගෙනුත් සුබ උපන්දින පැතුමක් මෙන්න .

    ReplyDelete
    Replies
    1. හ්ම්...හ්ම්...බින්දිත් ඉතිං අත්දැකීමෙන්ම දන්නවා ඇති නොවැ..
      ටක්කෙටම කිව්ව..!!

      එහෙනං ...එහෙනං ...!!!!
      ස්තුතියි ඔයාටත්..!

      Delete
  5. අපෙත් සුභ පැතුම්....,
    කවිය ඒල....

    ReplyDelete
  6. ඇයට සුභ උපන් දිනයක් කියලා මමත් පතනවා... හිටියෙ කතරගම නම් කළු දොදොල් කෑල්ලක් කවලම සුභ පැතුවා නම් වැඩේ ගොඩ යයි...

    ReplyDelete
    Replies
    1. හොඳටම වැස්ස මචං...!දන්නවනෙ..කතරගම වහිනකොට පොලවෙ අඩියක් තියන්න බැහැ...හැමතැනම...මඩ..!
      මම ඉතින් ඉගිල්ලුනා ...ආව..මොකවත් ගත්තෙ නැහැ..!
      සිරාටත් ස්තුතියි මචං..!

      Delete
  7. අනේ... මිසිස් වී ට, සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කලා කියන්න හිතූ!!

    ReplyDelete
    Replies
    1. කියන්නම්...අනිවා නංගෝ...!
      ඔයාටත් ස්තුතියි..!

      Delete
  8. ආ.... ඔය අමතක වීම නම් එතරම් හොඳ දෙයක් නෙමේ.. අනිත් එක..ඔය වගේ සුට්ටං සුට්ටං දේවල් අමතක කරන්නත් එපා..මොකද කෙල්ලකට වටින්නෙ මං කිව්වා වගේ සුට්ටං සුට්ටං දේවල් තමා...

    ඔන්න වී පොකුරිට අපිත් සුභ පතනවා...සුබම උපන්දිනයක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ලිහිනියෝ...!
      පොඩි දේත් මහමෙරක් කරගන්නව තමා..!
      ඔයාටත් ස්තුතියි..!

      Delete
  9. අමතක වීම තමා නරක වැඩේ..පව් හලෝ..දුක හිතෙන්න ඇති නේ.. ඔන්න අපිත් ආදරෙන් සුභ පැතුවා කියන්න අක්කිට හ්ම්ම් :)ජයම වේවා සහෝ!

    ReplyDelete
  10. ඔබ ලියූ වචන ටිකත් හරිම අපූරුයි සහෝ!

    ReplyDelete
    Replies
    1. කාන්තාවනට බොහොම සුළු දේටත් දුක හිතෙනවා නේන්නම්..

      නිවාර්‍යයෙන්ම කියනවා හිරු..!
      ස්තුතියි ඇගයූවාට..!
      ඔබටත් ජයහේ...!

      Delete
  11. ඔන්න නරක වැඩක් කරලා..!ඇයි එහෙම අමතක වෙන්නේ හ්ම්..!ගැහැණු පරාණ ඔය වගේ දේවල් වලින් සතුටු වෙන තරම කියන්න බැරි තරම්,ආයෙත් එහෙම බැහැ එහෙම ඔන්න.පරක්කුවෙලා හරි ඔන්න මමත් සුබ පැතුවා කියන්න වී පොකුරිට!සුභ උපන්දිනයක්!

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඒක ඇත්ත රෙහානි..!
      මම කියන්නම්..!
      ස්තුතියි ඔයාටත්..!

      Delete
  12. වී පොකුරිට මමත් සුභ උපන්දියනක් කියල පතනවා....!!!

    මහ වරුසාවට පසුව නැගෙන සඳ
    වෙනදාටත් වැඩියෙන් එළියයි
    නෝක්කාඩුවට පසුව ඔබේ වත
    ඒ එළියට වැඩියෙන් එළියයි කියලා කියනවලු නේ....... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනලී....!!
      එහෙනං....මාත් ආසම සිංදුවක් සෝමතිලක ජයමහ මහතාගෙ.

      Delete
  13. කවි ටික එළකිරි මචං!!
    වී පොකුරි සහෝදරියට සුබම සුබ උපන් දිනයක් වේවා!!

    ReplyDelete
  14. වී පොකුරි, ඔයාට සුභම සුභ උපන්දිනයක්.

    විශේෂ ඉල්ලීමයි. උපන් දිනේ, එතකොට වෙඩිං ඇනිවර්සරි එක අමතක වෙන එක පිරිමියාගෙ ජානවල තියෙන ලක්ෂණයක්. මමත් පොර වගෙ ඕවා මතක තියාගෙන ඉන්නෙ ෆෝන් එකට පින් සිද්ධවෙන්නයි. ඒකෙන් ආදරේ අබමල් රේණුවක තරමක්වත් අඩුවෙලා කියලා අදහස් වෙන්නෙ නෑ. ඒ අපේ හැටි. ඒක හදන්න බෑ. ඒ නිසා අපේ වීයාට සමාව දෙනවා නේද මේ හොඳ දවසෙ?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අන්න මචං ටොක් එක...හෙටම පෙන්නන්න ඕන...:))))
      ස්තුතියි මචං..!

      Delete
  15. සුබම සුබ උපන්දිනක් වී අක්කේ :)
    හරිම නෝටි හස්බන්ඩ කෙනෙක් නේද මෙයා..??
    හෙට දවසේ ලන්ච් එක කපාහරින්න දඬුවමක් විදිහට :ඩී

    ReplyDelete
    Replies
    1. හය්යූ ..ලන්ච් එක...!
      නෑ නෑ නෝටිනෑ....උඩින්ම ලියල තීන්නෙ..!
      ස්තූතියි ප්‍රමුදි...!

      Delete
  16. සුභම සුභ උපන්දිනක් කිව්වා කියන්න අයියේ.

    ReplyDelete
    Replies
    1. කියන්නම් නිශාන්..!
      ස්තුතියි...මචං..!

      Delete
  17. මගේනුත් සුභ පැතිම ඇයට.

    ReplyDelete
  18. වී අක්කට සුබ උපන්දිනයක් වේවා කියන්න. :) හැඟීම් බර විදියට ලියල තියනවා..

    ආ ඒක නෙමෙයි, කවුද කිව්වේ අමතක වීම පිරිමි ගතියක් කියලා? හිහි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..සයුරියේ..!
      ඈ ඒක එහෙම එකක් නෙවීද..? එහෙනං සයුරිටත්...අමතක වෙලා තියෙනව....!

      Delete
  19. එතුමියට සුබ උපන් දිනයක් වේවා .,,!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගාමිණි අය්යා..!
      ඔබගෙ පැමිනීම සතුටක්..!

      Delete
  20. මිසිස් වී ට මමත් සුභ උපන්දිනයක් කියල ප්‍රාර්ථනා කරනව.

    උඹට අමතක උනාය කිව්ව! එහෙනම් ඔය පැත්තට ගිගිරුම් සහිත වැසි තියෙන්න ඇති නෙහ් ...

    මටත් ඔය උපන්දින වගේ දවස් මතක හිටින්නෙ නැහැ සාමාන්‍යයෙන්. සමහරදාට මගේ උපන්දිනෙත් මට අමතක වෙනව ගෙදර අය මතක් කරනකම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං..!
      ගිගිරුම්.....ම්හ්...අහස අඳුරුවෙලා..තිබුන..!
      ඩූඩ් ලියල තිබුනෙ උඩ...ජානවලින්ලු එන්නෙ පිරිමින්ට..! :))))

      Delete
    2. ජාන වලින් නෙමෙයි උවමනාවක් නැතිකම වී....

      Delete
    3. එහෙම නෑ සිත්තමී...ගිය මාසෙ ඉඳල හිත ....හිත..හිටිය ..ඒත් අමතක උනා..!
      ඔය ගැන දීර්ඝ විග්‍රහයක් තියෙනවා..පෝස්ට් එකක් විතර..!

      Delete
  21. අපොයි ඔයත් අමතක කරන කෙනෙක්ද?....ඒකටනම් සමාවක් නෑ....

    නොදන්නා වී පොකුරියේ සිත්තමී කෙල්ලත් පරක්කු වුණා සුභපතන්න...ඔයාට සුභම සුභ උපන්දිනයක්ම වේවා....

    ReplyDelete
    Replies
    1. පුංචි සමාවක් දෙමු වී කෙල්ලේ ආදරණීය වචන ටිකට නේද? පදටිකනම් අපූරුයි සහෝ...

      Delete
    2. ස්තුතියි..! කියන්නම් සුභ පැතුවා කියල.
      දැන් වැඩේ ෂේප්...පෙන්නුවා කට්ටිය සුභ පතල තියෙන හැටි..අනික..මං ..කවියෙක්නෙ...හෙහ්..හෙහ්..! :)))

      Delete
  22. ජීවිතේ පුංචි පුංචි දේවල් මත තමයි අපේ හිතේ සතුට තියෙන්නෙ.....
    ඉතින් අපිත් සුභ පැතුවා කියන්නකෝ....
    වෙලාවක් තියෙනවනමි අපේ දින පොතටත් ගොඩවෙලා යන්නකෝ
    ......
    snimalka.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම ඕං ගොඩ උනා ඒ පැත්තෙ.
      පුංචි උනත් වටිනවනෙ නේද..
      ස්තුතියි මචං..!

      Delete
    2. හි හි දැක්කා දැක්කා ....
      පුංචි පුංචි දේවල් අහක දාන්න හොද නෑ කියන්නෙ ඒකනෙ!...

      Delete
  23. කවි ටිකනම් සුපිරි යාළු...අඃ...වී කෑල්ලට සුභ උපන්දිනයක් වේවා...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං..!
      ආයිත් එන්න.

      Delete
  24. වී පොකිරි හෙක්.. වී කෙල්ලට ඔන්න අපිත් සුභ පැතුවා.යුද ප්‍රකාශ කලේ නැද්ද?..

    ReplyDelete
  25. වී පොකුරිට මගෙනුත් සුභ පැතුම්. වී පොකුරටත් පොකුරිටත් වාසනාවන්ත අනාගතයක්.

    අමතක වීමට සබ්බුවක් නැතුව ඇතියි කියලා හිතනවා :D

    ReplyDelete
    Replies
    1. හසිතට නිවාඩුවක් ලැබුනද...කාර්‍යබහුල වෙලානෙ ඉන්නවයි කිව්වෙ.
      නෑ මචං...මූන දික්කරන් හිටිය..!
      ස්තුතියි..!

      Delete
    2. අද පොඩ්ඩක් විවේකයෙන් ඉන්නේ :)

      Delete
  26. ඔන්න මමද මංදා අන්තිමටම අවේ.. මේ දවස්වල කාලගුණය අවුල් ඒ නිසා විදුලිය අවුල්ව තිබුණා දින කිපයක්ම.

    අමතක වූ උපන්දින සුබ පැතුම කවියෙන්ම කියලා... කවිය හිතට දැනෙන අරුතක්.ලයාන්විත නිසදැසක්.

    ඔබේ ආදරණිය වීපොකුරිගේ උපන්දිනයට පමාවී හෝ මගෙත් සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දයා..!
      හ්ම්..හැමතැනම විදුලිය...අන්තර්ජාල පහසුකම් අවුල් තමා මේ ටිකේ..!

      Delete
  27. එන්න පරක්කු වුනා බන්... වී පොකුරිට මාත් සුබ පැතුවා කියහන්...

    මටනම් ලඟම හිතවතුන්ගෙ උපන් දින ලෙහෙසියෙන් අමතක වෙන්නෑ..

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචං ..! ස්තුතියි.! කියන්නම්
      අන්න හොඳ ගතිගුණයක්...ඒත් මට ඕකෙ අනික් පැත්ත.

      Delete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...