Monday, December 31, 2012

ඔය මැදෑ දෙය්යනේ වැස්සා...!



උදේ පාන්දරින් අවදිවෙනව කියන්නෙ...මේ දවස් වලනම් ..අන්තිම අමාරු කාරියක්. රෑ තිස්සෙම එක විදියට අනෝරා වැස්ස..ඒ මදිවට කාලතුවක්කු උන්ඩ පතිත වෙනව වගේ අකුණු. හවස 2ක පහුවෙනවත් එක්කම අහස පුරාම වැහි බීරම. ඊටපස්සෙ පහුවදා එලිවෙනකන්ම එකදිගට වැස්ස.  පහුගිය දවස් ටිකේම මේ විදිය තමයි.

 වැරදිලාවත් උදෙන් අවදි උනොත්...පචෝස්...පචෝස්...කිවිසුම් ගිහිල්ලම බඩ කොරවෙනව..පරම්පරාවෙ ආරයක්ද මන්දා..පීනස කියන්නෙ නම් කරදරකාරී ලෙඩක්. ඒහින්දම මේ දවස්වල ටිකක් දවල්වෙනකන් නිදාගන්නව..ඒත් දැන් ඉස්කෝලෙ පටන් ගත්ත ගමන් ඒ කෙරුවාවත් ඉවරයි. ඇයි ඉතිං අපේ ලොක්කිව එක්කරන් ඉස්කෝලෙට දුවන්න එපායැ උදැහැනැක්කෙම.

ඒ මදිවට ගංවතුර. අපේ ගමට නම් ගංවතුරෙන් හානියක් නෑ...ඒත් අපිට හැතැක්ම 3ක්,4ක් ගිය ගමන්...හැමදාම ගංවතුර.  අපේ ගම්වලට ටිකක් දුර උනාට..නෙළුව,හිනිදුම කියන්නෙ ගිංඟඟේ දඟකාරකම් හැමදාම බලන්න වෙන ගම්මාන...! මීට අවුරුදු කීපයකට කලින් රත්නපුර,දෙනියාය පැත්තට හොඳටම වැහැල ගංවතුර ගලල..හොඳටම හානිවෙලා තිබුන. එහේ ගං වතුර ඔක්කොම දිනකීපයක් යද්දි , නෙළුව,තවලම පැත්තට ඇවිත්  ඒ ගම්මාන යට උනා. තවත් දින කීපයක් යද්දි අපේ පැත්තෙ ගම්මාන යට උනා...ඒ වතුර තමා ගිංතොටින් මුහුදට යන්නෙ.

http://www.silumina.lk/2012/01/15/_art.asp?fn=au1201151


පුංචි කාලෙ නම් ඉතිං වහිනවා කියන එක තරම් ජොලියක් තවත් නෑ..!
වැස්සත් එක්ක කන්දෙන් කඩා හැලෙන පුන්චි දිය ඇලි , ගලාබහින වතුර හරස් කරල හදන ජලාශවේලි...ඒවායේ පාකරන කඩදාසි ඔරු...පුන්චි ලෝකය පිරිල තිබුන. 

වහලේ පීල්ලෙන් එක සීරාවට වැටෙන වැහි වතුරෙන් නාල හෙඹිරිස්සාව හදාගත්තත්...ආයිත් වැස්සොත් කරන්නෙම ඒක..අම්මට අහු උනොත් මදීනොකියන්න කෝ‍ටු පාර කන්නෙත් ඒකට තමා.

අඩි 10කට වැඩි උස කන්ඩියෙන් මතුවෙන උල්පත් වලට...අන්නාසි කොල අරගෙන පීල්ලවගේ හිටින්න ගහල එක සීරාවට වතුර වැටෙන කොට නැගෙන සද්දෙට කොච්චර ආසා කලාද අපි..ස්භාවධර්මයේ නිර්මාන අපේ කරගත් හැටි. ආයිත් ඒ කාලෙට යන්න ඇතනම් කියල හිතෙනව.


මේ සැරේ එච්චර දරුනුවට මේ පැත්තට ගං වතුර ගැලුවෙ නැතත් වැස්ස කරදර කරන එක නතර කලේ නැහැ. තාමත් වහිනව.

අපේ ගෙවල් වල තාම පාවිච්චි කරන්නෙ දරලිප් තමා උයන්න පිහන්න. ඉඩම් ලොකුවට තියෙන නිසාත් , දර නො අඩුව මේ ගෙවත්තෙ තියෙන නිසාත් ,අපේ ගෙදර උන්දෑ  කිසිම විස්සෝපයක් නැතිව රාජකාරිය කරන නිසාත් ගෑස් හෝ විදුලි ලිප් පාවිච්චියට අපි තාම හිතලවත් නෑ. අනිත් එක අපේ මහගෙදරින් කුරුඳු දරත් ,කුරුඳු කපන මුරේට ලැබෙන නිසා දරවලින් නම් අඩුවක් නෑ.

නමුත් ප්‍රශ්ණේ තියෙන්නේ මේ වැස්සත් එක්ක තමා. දර මඩුවෙ  දර ඉවර වෙනකම් පාවිච්චි කරල තිබුනොත් ඉතිං අබසරනයි. 
අපේ ගෙදර තියෙන දර මඩුවෙ දරත් මේ ටිකට ඉවර වෙලා..දර කොට කීපයක් තිබුනත් ඕව පලන්න තියෙන කම්මැලි කමට මන්න පිහියයි,පොහොර බෑග් එකකුයි අරන් කන්දට ගෑ‍ටුවේ හොදින් වේලිච්ච දර නැතත් , වේලිලා ගස්වලින් වැ‍ටුනු අතු හොඳට  වේලිලා තියෙන්න පුලුවන් නිසයි. ඊයෙ ඉර හොඳට දහවලේ පායලා තිබුන නිසා කඩන් ඇවිල්ල අපේ ගෙදර තියෙන ගල්පොත්ත උඩින් දැම්ම. නම් පටස් ගාල වේලෙනව. 

අපේ ඉඩමට උඩ ඉඩම අපේ තාත්තලගෙ මහගෙදර..ඒකත් අක්කරයක ලොකු ඉඩමක්...ගස්කොලන් එමටයි..මහගෙදර කඩල එතනම පොඩිගෙයක් හදාගෙන පදිංචිවෙලා ඉන්නෙ නැන්දකෙනෙක්. ඒ මාම  සුලු ‍රැකියාවක් කරන්නෙ...ඒ උනාට උයන්නෙ ගෑස් වලින් . හරිම ආඩම්බරේට කියන්නෙ...

"අපිනම් උයන්නෙ ගෑස් වලින් ...දැලිගෑවෙන්නෙත් නෑනෙ."

ලොකු මහත්වෙච්ච ඉස්කෝලෙ යන දැරවියක් තමා ඉන්නෙ , ඇය තමා එහෙම කියන්නෙ. 

අනේ මන්දා දැලි ටිකක් ගෑවෙන එක ලැජ්ජාවට කාරනයක්ද..?

මටනම්  එහෙම හිතෙන්නෑනෙ...නාගරිකව ඉන්න,උදේ පාන්දර නැගිටල උයල පිහල ‍රැකියාවට යන කාන්තාවන්ට ඒක පහසුවක් වෙන එක සාධාරනයි.ඒත් මේ ගහකොල හොඳට තියෙන අර්ධ නාගරිකව ඉන්න අපිට මොටද ඕව.

අපේ ගෙදර  උන්දෑ මේ දවස්වල ඉන්නෙ අසනීපයෙන් ඒ නිසාම නිවාඩු දවසෙ ගෙදර රාජකාරිය මම ගත්ත. දර කැඩුව,පැලුව...ඉතිරි වෙලාතිබුන වලංටික හෝදල දැම්ම...(වීපොකුරි ඇහැ දාගෙන උන්නෙ වලං කීයක් බිඳිනවද කියල..හිකිස්..!) රෙදිනම් ඉතිං මැෂිමකට බාරදීලනෙ . පොඩි උන් දෙන්න නෑව්ව...ලොක්කි නම් අවුලක් නෑ...අප්පොච්චියේ පොඩ්ඩි නාවනවා කියන්නෙ නම් අමාරු ගේමක් තමා..නාන්ඩ හරිම බයයි ඇහේ වතුර යනවලු,කනේ වතුර යනවලු..රටේ නැති හේතු...මාත් එක්ක කොහේද ඒව... වර...අල්ලල නෑව්ව...
හැබැයි ඇඟ හෝදන්න ගියාම වතුර ටැප් එක ගාවින් ගන්න බෑ.

වැස්සක් හින්ද ඔන්න ඔහොමයි ජීවිතේ ගලායන්නෙ. දැන් ටිකකට කලින් තමා හවස වැහැපු වැස්ස පෑව්වෙ..අකුනු ගහන නිසා කාර්‍යාලයේ වැඩ කරන්නත් බෑ...අන්තර්ජාලෙට යන්නත් බෑ... සිග්නල් අඩුයි.
ඒ මදිවට පාරවල් ජලාශ බවට පත්වෙලා...උතුරු වයඹ...හා දකුනේ පහලම ජනතාව තාම අනාථ වෙලා...! 

ඉතිං ඇති දෙය්යනේමේ......... කැලැන්ඩර ක්‍රමේට උනත් අලුත් අවුරුද්දක් ලබන දවස් ටිකේ වත් සහනයක් ඇතිව මිනිස්සුන්ට ඉන්න දෙන්න.
.......................................................................................


2012 ඉවර වෙලා ලබන 2013 අවුරුද්දට හැමෝම සුභ පතනව. ඒ නිසා මගේ සුභ පැතුමත් මේ විදියට පිරිනමන්න ඕන කියල හිතුව.

ලබන්නා වූ 2013 අවුරුද්ද ජය  සතුට පිරි සිතුම් පැතුම් සඵලවන ප්‍රීතිමත් අවුරුද්දක් වේවා..!  බ්ලොග් අවකාශයේ කිසි දිනක දැක නැතත් ලෙන්ගතුවූ ඔබ සැමට හදපිරි භක්ත්‍යාදරයෙන් පිරිනමමි..!  




66 comments:

  1. ඔබටත් ලබන්නා වූ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  2. අපෝ.. දැලි ගැන නම් කතා කරන්න එපා... මගේ ගෑස් ලිපෙත් හොඳටම දැලි එනවා... මොකද මන්දා.. හොඳම ගෑස් එක තමයි පාවිච්චි කරන්නෙත්.. අපේ මහත්තයා ගලවලා සුද්ධ කරලා දෙන්නම් කිව්වා.. ඒත් තාම වෙලාවක් හම්බුනේ නෑ... භාජන වල දැලි ගෑවුනාම හෝදන්න කරන්න ඉඩ කඩ ඕනේ.. අපේ මේ තියෙන පුංචි සින්ක් වල ඔය වැඩේ පොල් මුඩු දාගෙන අතුල්ලන්න ගියාම හොඳ භාජන පවා විනාසයි.. ඇඳුම් වල ඉඳන් විනාසයි... මට මේ ටිකේ හරිම වදයක් වෙලා තියෙන්නේ... මම දැලි ගෑවෙනවට නම් පුදුම අකමැතියි... දර වලින් උයලම නෑනේ... ( මම නම් උයන්න පාවිච්චි කරන්නේ එකම මැටි හට්ටියක් නිසා ගොඩක් භාජන හෝදන්න වෙන්නේ නෑ.. ඒවගේම අර පොල්කටු අඟුරු ලිපෙත් එච්චර දැලි එන්නේ තෑ.... )

    තාත්තා නවනවට ආස ඇති කෙල්ලො දෙන්නා.. ඇති වෙන්න වතුරෙ නටන්න හම්බුවෙනවනේ... අම්ම නම් ටක් ගාලා ගොඩට ගන්නවා ඇති.. හි හි..

    හරි හොඳයිනේ වැඩ ටිකට උදව්වුක් දෙන එක... ආදරේ හිතෙන්නේ නැතුවයැ ඉඳලා හිටලා හරි එහෙම කරන මහත්තුරුන්ට.. හි හි

    සුභ අලුත් අවුරුද්දක් වේවා කට්ටියටම... හි හි

    ReplyDelete
    Replies
    1. අම්මෝ දැලි ගෑවුනාම නියපොතු අස්සෙ යවන්න පට්ට අමාරු තමා.!

      ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..! ජයෙන් ජය ලැබේවා

      Delete
  3. ඔය පැත්තට තවම වහිනවද මචං. අපිට නම් වැස්ස අඩු වෙලා මේ වෙද්දී.

    අපිටත් මචං දර වලින් නම් කරදරයක් නෑ. ගෙදර වත්ත වටේ රවුමක් ගියා නම් ඇති. වැහි දවස් වලට නම් පොඩ්ඩක් කේස් තමයි. දර ලිප පාවිච්චියෙන් පොඩි ව්‍යායාමයක් වෙනවද කියලත් මට හිතෙනවා. ලිපට පිඹින්න හුස්ම අල්ල ගන්න එහෙම ඕනනේ හොඳට. හැබැයි ඉතින් මේ කාලේ හැමෝටම ඕක කරන්න වෙලාවක් නෑ තියන වැඩ ටිකේ හැටියට.
    පොඩි එවුන්ට නම් නාන්න බෑ කියල හිතුනොත් ඒවාට කියන්න දහසක් හේතු තියනවා නේ. :)

    වීයාටත් පවුලේ හැමෝටමත් සුබ නව වසරක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇයි දර කපන,පලන එක ව්‍යායාම තමා.

      ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..! ජයෙන් ජය ලැබේවා

      Delete
  4. ලබන්නා වූ 2013 අවුරුද්ද ජය සතුට පිරි සිතුම් පැතුම් සඵලවන ප්‍රීතිමත් අවුරුද්දක් වේවා..!

    ඈ.. චීයො... "පචෝස්...පචෝස්..." ගාලද උදේට කිවිසුම් යන්නෙ ? අපිට නම් "හචෝස්.. හචෝස්.." ගාල යන්නෙ. :D

    චීයා.. පච කියන නිසා වෙන්න ඇති :P

    ReplyDelete
    Replies
    1. ඔව්මයි නේ බං..මිස්ටෙක්...මිස්ටේක්..!

      ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..! ජයෙන් ජය ලැබේවා

      Delete
  5. ගෑස් කියල ජාතියක් නොතිබ්බ කාලෙ යසට දර ලිපෙං උයපු ගෑණු කට්ටියට දැං ගෑස් නැතුවම බැරි වෙලානෙ.

    වීයාටත් පවුලේ හැමෝටමත් ප්‍රීතිමත් සුබ නව වසරකට ආසිරි පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසන්න..!

      ගැණු කම්මැලි වෙලා..:)

      ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..! ජයෙන් ජය ලැබේවා

      Delete
  6. හප්පොච්චියේ....එතකොට වීයා ඉන්නෙ හිනිදුම පැත්තෙද ? මම ආසම පරිසරයක්. අවුරුද්දකට වතාවක් ඔය පැත්තෙ ගියා ආවා.හිනිදුම පල්ලියට... දැන් නම් යන්නෙ අම්මා විතරයි. ගමේ තව කාණ්ඩෙකුත් එක්ක.

    අපේ ගමේ ගෙදර අම්මා තාමත් උයන්නෙ දර ලිපේ. දර ඕනෑ තරම් තියෙනවා. ගෑස් වලින් උයන්න පහසුකම් තිබ්බත්...අම්මා නෙමේ ඒ දිහා හැරිලාවත් බලන්නේ. අනික දර ලිපේ මැටි හට්ටිවල උයලා ගන්න කෑම මොනතරම් රසද...

    කොළඹ ඉන්න අපිට එහෙම නෑනේ. නැත්තම් මාත් ආසයි දර ලිපේ උයන්න පිහන්න.. දැලි නම් වදයක් තමා. ඒත් ඉතින් ඕක හැම තිස්සෙම ඇඟේ එල්ලන් ඉන්නවයෑ...

    අපිට නම් ඒ හැටි වැස්සක් නෑ. අව්වකුත් නෑ. මන්දාරම විතරයි. හවසට හවසට නම් චුට්ටක් විතර වහිනවා.එච්චරයි. ඔය පැත්තෙ කූඩැල්ලෝ ඉන්නවා නේද ?

    කොහොම උනත් නව වසරට සුබ පැතුම් වීයෝ.... පවුලේ හැමෝටම නිදුක් නිරෝගී වසරක්ම වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලිහිණි..!

      නෑ හිනිදුම නොවේ අපේ ගමට අම්බලන්ගොඩට හැතැක්ම 10යි...හයිවේ එක කිට්‍ටුව ගමක් තමා..හිනිදුමට පොඩි දුරක් තමා තියෙන්නෙ..පැය එකහමාරක විතර.
      අපේ පැත්තෙත් මීට ටිකකාලයකට ඉහතදී කූඩැල්ලො හිටිය..දැන් නෑ හිනිදුමත් එහෙමයි..හේතුව තේ ඉඩම් වලට දාන..පොහොර හා ඉසින වස නිසා..!

      ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..! ජයෙන් ජය ලැබේවා

      Delete
  7. අයියටත් පවුල් ඔක්කොටමත් සුභම සුභ නව වසරාක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..!
      ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..! ජයෙන් ජය ලැබේවා

      Delete
  8. 2013 සුභ නව වසරක් වෙවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..ඉන්ද්‍රජිත්..!
      ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..! ජයෙන් ජය ලැබේවා

      Delete
  9. ඒකනේ කියන්නෙ අපේ වගේ පැත්තක පදිංචි වෙන්න කියලා... ගංවතුර නෑ.. නායයාම් නෑ.. කිසිදු ආපදාවක් නෑ...
    වීයටත් දෙදාස් දහතුන සියළු පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. කොහේද බං ඒ..වස් වදීවිද දන්නෑ...දෙහි ටිකක් කපන්න...:))

      ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..! ජයෙන් ජය ලැබේවා

      Delete
  10. අයියෝ. දැං කාඅලේ ගෑනු දැරිවියෝ ඔහොම තමා. ඕකට හිත නරක් කොරගන්න එපා. දැන් ඉතින් විසි එක්වන සියවසනේ. සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. දැලි ටිකක් ගෑවුනාම මොකද නේද..?

      ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..! ජයෙන් ජය ලැබේවා

      Delete
  11. Vi pokure v aiyata hoda katta thama set vela thiyenne.kamak naa pavul pansal unama ovvath karanna epai.apita nam dan wessa vassath karadara kaari lesa naaa eka nisa shape.
    Oyatath suba nava vasrak ve va vi aiye.........!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා..!


      ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..! ජයෙන් ජය ලැබේවා

      Delete

  12. පොස්ටුවේ තියෙන පරිසරය පිලිබඳ විස්තරයට
    නම් හිත ගියා ගොඩක්...
    ඔබටත් , ඔබගේ පවුලේ සියලු දෙනාටත් ලබන්නා වූ
    නව වසර වසනා වන්ත නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. කුකුලගෙ කරමලේ වගේ අපිට අගයක් නෑ..!

      ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..! ජයෙන් ජය ලැබේවා

      Delete
  13. අව්ව වැස්ස කාලගුනේ. නිරන්තරයෙන් දෙස් දෙවොල් අහනවා අර කතාවක්තියෙනවානේ "වැදූ මටටත් මහපොළවටත් මෙ මහා භද්‍ර කල්පයෙහී නොමැත නිවනක්" කියලා ඒවගේ තමයි.

    සියලු සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක්ම වේවා ඔබටත්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත...සහෝ..!

      ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..! ජයෙන් ජය ලැබේවා

      Delete
  14. සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ.අපේ පැත්තට නම් ඊයේ හොඳට වැස්සා ඒත් අද හොඳට පායලා.
    හිනිදුම කිව්වාම නම් අමතක වෙන්නේ නැහැ එක පාරක් හිනිදුම කල්වාරිය නගින්න ගිහින් ගඟේ නාද්දී මාව ගහගෙන යන්න හැදුවා.

    ReplyDelete
    Replies
    1. ඒ හරියෙ ගඟ සැරයි...
      කලින් මහා ගං වතුරට වැල් පාලමත් ගහගෙන ගිහින් තිබුන.

      මලේ මම ඒ පැත්තෙ නෙවේ ..
      අම්බලන්ගොඩ කිට්‍ටුව.

      ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..! ජයෙන් ජය ලැබේවා

      Delete
  15. වාසනාව ගෙනේන නව වසරක් වේවා ඔබට

    ReplyDelete
    Replies
    1. ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..! ජයෙන් ජය ලැබේවා

      Delete
  16. වීයටත් පවුලේ සැමටත් වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..! ජයෙන් ජය ලැබේවා

      Delete
  17. අපේ ගෙදර නම් ගෑස්,දර,ලාම්පු ලිප් කියන වර්ග තුනම භාවිතා වෙනවා.ඔය තුනෙන් ගෑස් එකේ ඇර අනිත් දෙකේ දැලි එන එකේ අඩුවක් නෑ.

    වී ට, වී ගේ පවුලේ අයටත් 2013 සුභම සුබ අවුරුද්දක් වේවා..!

    ReplyDelete
    Replies
    1. ඉෂාන්....ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..! ජයෙන් ජය ලැබේවා

      Delete
  18. Replies
    1. ගයනි....ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..! ජයෙන් ජය ලැබේවා

      Delete
  19. වහින දිහා බලන් ඉන්න පොඩි කාලෙ ඉදන් මමත් සෑහෙන්න කැමතියි. වැටෙන වැහි බිදු අතරින් මැවෙන චමත්කාරය දිහා කොච්චර බලන් හිටියත් ඇති වීමක් නෑ...

    අකුණු ගැන මතක් කරන්න එපා... මගේ රවුටරේටත් වැඩේ දුන්නා...

    එළඹෙන නව වසර සුභ වේවා !

    ReplyDelete
    Replies

    1. හ්ම්...මාත් කියෙව්වා..රවුටරේට වැඩ හරි කියල.

      එලඹුනා ඔන්න.2013 ඔබටත් එසේම වේවා.

      Delete
  20. අපිටත් දර වලින් අඩුවක් නෑ පල්ලෙහා රබර් වත්තනේ :) ඉතින් දර වලින් තමයි උයන්නේ .. දැලි ගෑවෙන එක පොලවේ පය ගහල ජීවත්වෙන කෙනෙක්ට නං ප්‍රශ්නයක් වෙන්න බෑ ....................ඔයාටත් සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. රෙහානිගේ කතාවට සතු‍ටුයි..!

      එලඹුනා ඔන්න.2013
      ඔබටත් එසේම වේවා.

      Delete
  21. ඔබ සැමට සුබ නව වසරක් වේවා.

    මොනවා උනත් දර ලිපක මැටි හට්ටියක උයන කෑමවල පට්ට රසක් තමයි තියෙන්නේ. ඔය හින්දම මම මැටි හට්ටි දෙකක් බොහොම අමාරුවෙන් බිඳෙන්නේ නැතුව ලංකාවෙන් අරගෙන ආවා. ඒවා ගෑස් ලිපේ තියලා උයනවා. දර ලිප් පත්තු කරන්න ගියොත් ඉතින් පොලෝසියේ නවතින්න වෙයි :(

    ReplyDelete
    Replies
    1. //ඔය හින්දම මම මැටි හට්ටි දෙකක් බොහොම අමාරුවෙන් බිඳෙන්නේ නැතුව ලංකාවෙන් අරගෙන ආවා.// ආදර්ශමත් ශ්‍රී ලාංකික ගෘහණියක්..! සතු‍ටුයි ඔබගැන. අව්‍යාජ ව කියපු එකගැන ස්තුතියි..

      ගින්දර පත්තුකරන්න තහනම්ද..?

      ඔබටත් ,සැමදෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..!

      Delete
    2. //ගින්දර පත්තුකරන්න තහනම්ද//

      හ්ම්ම් :( දුම් දැම්මොත් ඉවරයි. ෆයර් එලාම් එක වදිනවා කන් පැලෙන්න.

      Delete
  22. මම නම් වැස්සට ආසයි..ඒත් ඕනවට වඩානම් ඕනෙම නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං එහෙම උනාම එපා වෙනව.

      ඔබටත් ,සැමදෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..!

      Delete
  23. මට මේක මඟහැරිල ඊයෙ, ඕන්න ආවා.

    අනේ .... අවුරුදු කීපෙකට කලින්නම් වැස්ස කියන්නෙ ආයෙ කතාකරන්න දෙයක් නෑ, මම කැමතිම දෙයක්. දැන්නම් එක දිගට වහින කොට එපා වෙනව. අපි ඉන්න පැත්තටත් සුනාමි ඇරෙන්න වෙන කිසිම කරදරයක් නෑ, මූද කිට්ටුව නිසා කොච්චර වැස්සත් පිරෙන්නෙ නෑ, ඒ වුනාට පොඩි කාලෙ නම් මම කොහේ හරි ගං වතුරක් ටීවී එකේ දැක්කත් ආසාවෙන් හිතනව අනේ අපිටත් ගංවතුර ගලනව නම් කියල. ගංවතුරෙ සෙල්ලම් කරන හැටි ගැන මිස ඒකෙන් වන හිරිහැරය ගැන කිසි හැඟීමක් තිබුනෙ නෑ ඉස්සර. අපේ ජීවිත දැන් කොයිතරම් වෙනස් වෙලාද, අනේ මන්ද.

    වීයාටත් පවුලෙ සියළු දෙනාටත් 2013 අවුරුද්ද සියළු පැතුමන් ඉටුවන නිදුක් නීරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ නව වරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ආ අයියා.. අර එකෙක් ඩීඩීටී වලින් කිතුල් මදින්න යනවා. බැලුවේ නැද්ද,
      http://chandanadm.blogspot.com/2012/12/ddt-sinhala-story.html

      Delete
    2. DDT ...පහුගිය දවස් ටිකේ පේන්නත් හිටියෙනෑ නේද..?

      ඔබටත් එසේම වේවා..!

      Delete
    3. සුට්ට සුට්ට වැඩ තිබුන වීයා, පුළු පුළුවන් වෙලාවට ආවා ඉතිං.

      ස්තූතියි දේශකයා. මමත් ගියා ඕං බලන්න, මේව කුමන්ත්‍රණ, හරිය. :)

      ඈ බං, එඋන්දෑ ඩීඩීටීවලින් කිතුල් මැදල නෙවිනේ, රොටි පුච්චල.

      Delete
  24. අනේ බං මං මේක කියෙව්වේ 31 නෙව. ඒත් කොටල නෑ නෙව. මං හිතන්නේ මගේ මිස්ටේකයක් සමා වේවා.. එහෙනං වීයෝ බොට Happy New yearයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මචං..!
      මටත් ඕය ව්ගේ වැඩ වෙනව.

      Delete
  25. වාසනාවන් මේ වගේ ස්වාමි පුරුෂයින් . කෙල්ලන් නාවන්න ..අය්යෝ අපේ දිහා දුන්නොත් තත්තව නාවල එවයි . අලි බලන එක ලෙසිලු මුන් බලනවට වඩා .
    අපේ පොඩි එකිටත් නාන්න ගියහම දාහක් ප්‍රශ්න . තනියෙන් නා ගන්න හිතුනම එහෙමත් කරනවා . සිතල කාලෙට නම් හරිම හොරයි .

    වැස්ස ///අපෝ මුල සතියම වැස්සට දිය වුනා . අපේ මාමණ්ඩි උපන් ගම ගින්ගග පෙනෙන මානයේ .

    ReplyDelete
    Replies
    1. කෙල්ලො දෙන්නව මම බයකොරාගෙන ඉන්නෙ දැන්මම..ඒ නිසා හි‍ටු කිව්වම ඒ විදියට ඉන්නව...හි..හි..!

      බද්දෙගම පැත්තෙද මාමන්ඩි...!

      Delete
  26. වැස්ස වතුර කියන එක වැඩි වුණත් කචල් අඩු වුණත් කචල්.....

    ReplyDelete
  27. උඹ ගෑනුන්ගෙන් ගුටිකන මාතෘකාවක් ඇදගෙන තියෙන්නෙ වැස්සෙ ඔස්සේ ගිහිල්ලා.

    ලැබුවාවූ නව වසර උඹටත්, වී පොකුරිටත්, කෙල්ලෝ දෙන්නටත් ප්‍රීතිමත් එකක්ම වේවා!

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා..!

      නෑ බං බලපන් කමෙන්ට් කරපු ගොඩක් අය මැටි වලං වල උයන්න ආසයි බං.

      කොහෙද උඹට අපිව අමතක වෙලානෙ තිබ්බෙ..!

      උඹ ආවත් හරි දෙන කමෙන්ට් එක මාර පිට්..බං..!

      Delete
  28. අපොයි වීයා මම පොරමාදයි බං. අවුලක් නෑ ඉතින් බොලා ඔහොම පමාවෙලා වැහැපං වැහි වලාවේ කිවුවට මෙහෙ ඉන්න අපි නම් වහිනවනම් කොච්චර හොඳද කියලා හිතන වාර අනන්තයි. ඉතින් සුභම සුභ නව වසරක් වේවා ඔබටත් පවුලේ සියලුම දෙනාටත්.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා...!
      මම හිතන්නෙ මම එහේ ගියා සුබ පැතුම් අරගෙන.

      Delete
  29. අදමයි ආවේ මේ පෑත්තේ... ටික ටික සේරම ටික කියවන්නම් අය්යේ... මේ ලබපු අලුත් අවුරුද්ද අය්යටත් පවුලේ හෑමෝටමත් සුභම සුභ නව වසරක් වේවා....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔයාටත් එසේම වේවා..!

      Delete
  30. මල්ලී, අදමයි මෙහෙට ආවෙ වීයා. නමුත් බින්දිගෙ නෙළුම් විලේ දී අදහස් කියවා තියෙනවා. සතුටුයි අළුත් අවුරුද්දෙ මෙහෙම එන්න ලැබුනට. ඔබටත් පවුලේ සැමටත් වාසනාවන්ත නව වසරක් වේවා! කියා සෙනෙහසින්ම පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔබටත්...සතු‍ටුයි ඔබේ පැමිනීමට..!
      ඔබටත් වාසනාවන්ත අවුරුද්දක් වේවා..!

      Delete
  31. අයියේ ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා........ජයවේවා.......

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා...!
      නිරතුරු ජය ලැබේවා...!

      Delete
  32. ඕන ආයෙත් ආවා මං

    ReplyDelete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...