Thursday, January 10, 2013

ඉස්කෝලයගෙ කුන්දිරා ගහ




 ටවුමෙ ඉඳල අපේ පන්සලට ඕන්නම් හැතැක්ම බාගයක් ඇති.වංගු දෙක තුනක් පහුකල ගමන් ඈතට පේන්න වම් අත පැත්තෙ කන්ද උඩ  තියෙන්නෙ. 
පන්සලට අල්ලපු වත්ත ඉස්කෝලයගෙ වත්ත.

නැති තැන එහෙම කිව්වට මූණට නම් එහෙම කියන්නෙ නැහැ.පලාතෙ ප්‍රසිද්ධ ඉස්කෝලෙක වයිස් ප්‍රින්සිපල් කෙනෙක් උන එතුමා ගමේ ප්‍රභූ කෙනෙක් විදියටයි සැලකුවෙ. තල එලළු හීන්දෑරි මුන්නැහේ කොහේදෝ දුර පලාතකින් ඇවිත් බින්න බැහැලයි කියල තමා ගමේ අය කියන්නෙ. ලමයි නැතිව හිටියත්  බොහෝම ලෝභ කෙනෙක් විදියට තමා සැලකුනේ. ගමේ කොල්ලො එකතුවෙලා කරන මොනයම් හෝ කටයුත්තකට කීයක් හෝ ලබාගන්නවාය කියන්නෙ...ඉබ්බගෙන්  පිහා‍ටු ගන්නව වගේ තමා.මේ නිසා අපේ කොල්ලො සෙට් එකට මුන්නැහේ වහ කදුරු වගේ තමා.

ඉස්කෝලයගෙ ගෙදරට ගෙවල් දෙකක් විතර උඩින් අපි දන්න කියන තැනක මලගෙයක් තිබුන. තොරණ ගහමුයි කියල සුදු මහින්දය අපට කලින්ම දැනුම් දීල තිබ්බ නිසා අපිත් රාත්‍රී ආහාර කිසත් අරගෙනම ඒ පැත්තට ගෑ‍ටුවේ අවශ්‍ය කියන  උපකරන කීපයකුත් අරගෙනමයි.

සාමාන්‍යයෙන් මලගෙදරක රිජිෆොම් වලින් තොරනක් ගහනවා කියන්නෙ අමාරු රාජකාරියක්.ඔක්කොටම වඩා අමාරු අකුරු කපන එක තමා.ඉංග්‍රීසි අකුරු වගේ නෙවේනෙ සිංහල අකුරු රවුම් ගතිය වැඩියි. ඒ නිසා හොඳට කැපෙන පිහි උවමනා වෙනව මේ කාරියට. අපි සා.පෙ ලියන කාලෙ නිසා අපිට දැන්තියෙන නානා ප්‍රකාර පිහි තිබ්බෙත් නෑ.

මේකටත් අපි උපක්‍රමයක් හොයාගෙන තිබුන. යකඩ කපන කියත් තලයක් අරගෙන ඉන් බාගෙට කඩල ලියවන පට්ටලයකට දීල එක් කොනක් උලක් වෙන්නත්, හොඳින් මුවහත් වෙන්නත් ලියවාගන්නව.මේ කාරියට යකඩ කපන කියත්තලයක්ම යොදාගන්නෙ..අනෙක් හැම පිහියක්ම රිජිෆෝම් කපනකොට ඉක්මනින්ම හං වෙන නිසා .
පිහිදෙකකුත් අරන්ගියේ තවත් කෙනෙක්ගෙ සහයෝගය මට ලැබෙන නිසා.

ටිකක් රෑවෙන්න ඇරල අපේ වැඩේ අපි පටන් ගත්ත. වේලාසනින් පටන් ගන්නබැරි පලාතෙම ඉන්න පොඩිඈයො ටික වටේට පිරුනාම කිසිම දෙයක් කර ගන්න බැරි නිසයි.

වටේට ඉන්න මල්වට්ටි දිහාත් බලන ගමන් , ටොම්පචකාරයින්ගෙ ඉල ඇදෙන කතා අහන ගමන් වැඩේ කරගෙන යනව. රෑ 12 පහු උනා විතරයි අපේ ඉන්න වසූරියය්..කෝඳුරුවයි..එහාට ඇඹරෙනව , මෙහාට ඇඹරෙනව. 
ඔහොම මෙහෙම තවත් හෝරාවක් ගෙවුන.

"මෙහෙම ඉන්න බෑ බං...බඩ පපුව දනව..මේ ප්ලේන්ටිම බීල..!"

"ඉතිං..!"

"මරුවැඩක් තියෙනව." වසූරිය කියනව.

අපි කර කර හිටිය  වැඩේ නවත්තල ඒ පැත්ත බැලුව.වැඩේ බාරගත්ත සුදුමහින්දය..පු‍ටුවක් උඩ කකුල්දෙක තියාන තවත් පු‍ටුවකට බරවෙලා සරම ඔලුවෙ ඉඳල පෙරෝගෙන නිදි. කොහොම ඉන්නද අපේ බිලට දාල මූ කරේ තව දෙතුන් දෙනෙක් එක්ක ගල් බෝතල් කීපයකට වගකියපු එකනෙ.
අපේ ගැන් එකේ එකෙක්වත් ඒකාලෙ අරක්කු බිව්වෙ නැති උනාට,කොච්චර ගමේ කම තිබ්බත් අරක්කු මූඩියක්වත් දෙන්නැතිව මලගෙවල් වල සමහර වැඩ කරවගන්න අමාරුයි.

"මේ... ඉස්කෝලයගෙ දොරකඩ තියෙන කුන්දිරා ගහේ වලු බිමට පාත්වෙලා..ඉනිත් ගහල තියෙන්නෙ බං.."

කට්ටියගෙම මූනෙ ගිය හිනාව හරියට තමන්ගෙ ගෑණුලමය මූනට මුලිච්චි උනාම නැගෙන හිනාව වගේ..!

"වැඩක් නෑ බං ඕක කුනානෙ අහැරගෙන ඇති දැනටමත්.."

"නෑ බං අන්න ආරි බාප්පත් එක්ක ඕමියකට සෙට් වෙලා..දැන් ඉතිං තව පැය තුනකටවත් නැගිට්ටා බොරු."

  මම අර පිහිදෙකත් අතට අර ගත්ත..තොරණ පාලුවට තියල අපි හැමෝම පල්ලම් බැස්ස කාටවත් නොදැනි.

මමත් පුතාත් මහපාරෙ ඉස්කෝලයගෙ ගේට්‍ටුව ගාව ඔත්තු බලද්දි..සනා,කෝඳුරුව,වසූරිය,ජූඩි...තාප්පෙන් පැනල වත්තට ඇතුලු උනා. ඇතුලෙ මොනවද වෙන්නෙ කියල කිසිම දෙයක් පේන්නෙත් නෑ..ඇහෙන්නෙත් නෑ..

 විනාඩි 10ක් යන්නැති..ඈතින් වාහනයක් ආවත් අපි ඒතරම් ගනන් ගත්තෙ නැති උනත්..ලඟටම එනකොටයි දැක්කෙ....
පොලීසියෙ පැට්‍රෝල් යන ජීප් එක..අපි ටිකක් විතර ඩිම් උනා.

"බ්‍රාස්........" ඒකසැරේට බ්‍රෙක් ගැහැව්ව,නැවැත්තුව.
"එකෙක් දුවන්නෑ..".ජීප් එකේ දොරක් ඇරෙන ගමන් බැස්ස රාලහාමි කෙනෙක් කියාගෙන අපිගාවට ආව.

චූ යන්නත් වගේ...!හයියෝ...!

"මොකද තොපි මෙතැන කරන්නෙ.."

"අ..අපි මලගෙදර ආව..,හපෝ මුගේ තිබ්බ මරුමුස් පාට ඒ මදිවට බීලද කොහේද..!

"මෙහේට වර..."

අපිව ජීප් එකේ ලයිට් එලිය ගාවට ගත්ත.
"මලගෙයක් කොයේද බොල මෙතැන.."

"අර උඩහ... "පුතා දිග අරින්න බැරුව වගේ අත බාගෙට දිග්ගස්සලා පෙන්නුව.

"බොරුනේද බොල කියන්නෙ..පෙන්නාපියව් සාක්කු..."

විනාසයි..මුලින් පුතා පෙන්නුව. ඊලඟට මම...

"ආ..මේ තියෙන්නෙ බඩු...පිහිදෙකක් නේද...තොපි මංකොල්ල කනව නේද..!"
මගේ කලිසමෙන් අල්ලන ගමන් අහපි..

"නෑ..නෑ මේ මලගෙදර..තොරණ ගහන්නෙ අපි..ඒකයි මේ පිහි දෙක."

"පිහි මොකටද බොල තොරන් ගහන්න.."

දැන්නම් මේ වෙලාවට නැති කට කොස් කන්නයැ.
"ස්..සර්..මේ පිහි වලින් තමා රිජිෆෝම් කපන්නෙ."

"හා..ඔය කියන්නෙ..එතකොට තොපි මෙතැන මොකද කරන්නෙ.."

"නිදිමත යන්න කියල ටිකක් ඇවිදින්න ආව.". මම කිව්ව. 

ඔන්න එතකොටම වගේ ..මහ ඝෝෂාවක් ඇහුනම අපි හැමෝම ඒ පැත්ත බැලුව.
මලගෙදර ඉන්න මහ සෙනඟම ටෝච් ගහගෙන ,හුලු අතු දල්වාගෙන පාරට එනව. බැලින්නම් තාප්පෙන් පැන්න උන් ටික මලගෙදරට ගිහින් විස්තරය කියල හැමෝම එක්කරගෙන ඇවිල්ල අපිව බේරාගන්න.
ජීප් එක ඇතුලෙ ඉඳල තව ලොකුමහත්තැන් කෙනෙකුත් බැහැල ආව එතකොටම. හැමෝටම කතාකරල වැරදීමක් උනේ කියල යන්න ගියා. 
හැබැයි එහෙම උනේ නැත්තං උන් අපිව බයිට් එකට අරන් කූඩුකරනව.

ඒකෙන් බේරුනා කියමුකො..මිට වඩා හොඳයි කූඩුවෙ ලැග්ගනම් කියල හිතුනෙ...මලගෙදර ඉන්න,,ආච්චිල,සීයල ගෙ පටන් අපේ කට්ටිය පැණිපෙරපු ගෑල්ලමයි දක්වාම විස්තරය අහනකොට කියල ඉවරයක් නැති උනාමයි.

කොහොම කොහොම හරි කට්ටිය එහා මෙහා වෙනකං ඉඳල...කෝඳුරුව කියපි,

"දැන්වත් යමුද අර ටිකට මොනව හරිකරල එන්න."

"මොකක්..?" මම හිතුවෙ මුන් ආයිත් වැඩේට යමු කියනව කියලයි.

මොන  මලගෙදරට ටිකක් දුරින් තිබ්බ කුරුඳුගස් ගොඩක් අස්සෙ..මේන් කුන්දිරා වලු දෙකක් බැබලි බැබලි..හඳ එලියට දිලිසෙනව..හැක්..හැක්...හැක්...හිනාගිය පාරට මට ඉස්මොල්ලෙත් යනව තව පොඩ්ඩෙන්.
අපි අරහෙ පොලීසියත් එක්ක ඔට්‍ටු වෙන අතරෙ මුන්ටික ගේම දීල...

ඒවටත් වග කියල...තොරණත් ගහල දෙයියනේ කියල එලිවෙන ජාමෙ ගෙදර ආව.

51 comments:

  1. පොලෝසියෙ මාමිලටත් ඔය කුන්දිරා ගෙඩියක් දෙකක් දීල වැඩේ ෂේප් කරගත්ත නම් අහවරයිනේ, ගමම කුලප්පු කරන්නෙ නැතුව.

    කිව්වත් වගේ බං අපේ ගෙදර තියෙන්නෙත් පන්සලක් ළඟ. පන්සලේ මොකක් හරි උත්සවයක්, කඨිනෙ එහෙම තියෙන දවස්වලට අපේ පාර පැත්තෙ තියෙන තැඹිලි ගහේ (වැඩිය උස නැති ගහක්) තැඹිලි අඩුවෙනව. දැන් නම් එහෙම එකක් තියෙන දාට අපි දවල්ට තැඹිලි බාගෙන බොනව. :) කොල්ලො වෙන කාගෙ හරි ඒවට වග කියනව ඇති.

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්..ඒකත් සිරා වැඩේ...
      පව් බං කොල්ලොන්ට ..!

      Delete
  2. තව පොඩ්ඩෙන් පොලොසියෙන් හොදටෝම කන්න වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. බැරි වෙලාවත් අරුන් සද්දයක් කලානම් බඩුම තමා.

      Delete
  3. අරේ අප්පා... පොලීසියේ ප්‍රශ්ණ කෝටිය මැද්දෙත් කුන්දිරා ගහට වැඩෙත් දීලා..අදහන්ඩ වටින කොල්ලො ටිකක්නේ..හි හි හී

    ReplyDelete
  4. ගේම අතෑරලා නෑ මොනවා උනත්. රෑට ඉතින් මල ගෙයක් නම් අනිවා කොල්ලෝ පොල් ගස් වල බර අඩු කරනවා..

    ReplyDelete
    Replies
    1. අඩේ ලියාපන්කො ඕවා අපිටත් දැනගන්න එක්ක.

      Delete
  5. උඹලා දැන් ඔය හොර කුන්දිරා බාන එක කරන්නෙ නැද්ද වීක් එන්ඩ් එකට වත්?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ ගස්බඩගාන එවුන් නැති එකනෙ.

      Delete
  6. අන්න එහෙම තමයි කොල්ලො ඉන්න ඕන. ලෝකෙ පෙරලුනත් තමුං ගිය වැඩේ කොහොම හරි කරගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මොනව කියනවද..
      ඉස්මුරුත්තාව හැදෙනකං කුරුම්බ බිව්ව.

      Delete
  7. මාර සැට් එකක් නේ. බිලී බාන පොරවල් වගේ. තොපිව පොලිස් ඇමට ඇමිණෙන කොට උන් වැඩේ දීලා.. හෙහ්. නියමයි..

    ReplyDelete
  8. ඉස්කෝලයට මාට්ටු උනේම නැද්ද ඉතිං... හි හි...

    ReplyDelete
    Replies
    1. පොරට එච්චර මීටර් වෙන්න නැතිව ඇති අපියි කුරුම්බ කැඩුවෙ කියල...බටයක් අදින්න පාරට ආව කියල හිතන්න ඇති.

      Delete
  9. හපොයි... මේ ගොල්ලෝ පොලිසියට මාට්ටු වෙලා ඉන්න අතරේ අනික් හොරු ටික වැඩේ දීලනේ.... හික්.... පව් අප්පා පොලිසියේ මාමල....

    ReplyDelete
  10. ඔන්න ඔය වගේ කොලු කමක් කලේ නැත්නම් මොනවටද ඒ කාලෙ....පස්සෙ කාලෙක කියන්න වෙන්නෙ අපරාදෙ මගෙ කොලු කාලෙ කියලා...

    මේ පොටෝව බොලාගෙ ගෙදර නෙමෙයි නේද ? නැත්නම් සැට් එක හූල්ලලම ගෙඩි ටික හැලෙයි...

    ReplyDelete
    Replies
    1. වයසට ගියාම ආඩම්බරේට කියන්න තියෙන්නෙ ඕවනෙ.

      අපේ ගෙදර තිබ්බ එකම තැඹිලි ගහ මම කැපුව ගෙට බයේ.

      Delete
  11. අන්න කොල්ලෝ.. ඔන්න ඕවට තමයි වැඩ කියන්නේ..

    ReplyDelete
  12. යකෝ රෑ 12ට ගස් බඩගාන්නෙ මල යක්කු...

    ReplyDelete
    Replies
    1. හි..හි..අපියි උනුයි අතර වෙනස මොකක්ද බං...!

      Delete
  13. ඉස්කෝලයා පහුවෙනිදා දෙස් දෙවොල් තියන්න ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. අපිට නම් බැනල නෑ...
      කොහොමත් ඔය ගහේ ගෙදර උන්ට ගෙඩි කන්න ලැබෙන්නෑ...!

      හසිතට මේ දවස්වල ගොඩක් වැඩ යෙදිල වගේ නේද..?

      Delete
    2. @ Hasitha

      ඔව් අයියා. ටිකක් වැඩ වැඩියි. සෙමෙස්ටර් එකත් අදින් ඉවර වුණු නිසා විභාගයට දැන් ලෑස්ති වෙන්නත් තියෙනවා. ඉතින් වැඩ වැඩ වැඩ තමා :D

      Delete
    3. ඒ අතරෙ මේ පැත්තට ගොඩ උනාට ස්තුතියි.සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා..!

      Delete
  14. කුන්දිරා කියන්නේ කුරුම්බා කියන එකමද? හොඳ වැඩේ කරලා තියෙන්නේ ලෝබයින්ට ඔහොම තමයි කරන්න ඕන

    ReplyDelete
    Replies
    1. නැහැ...කුන්දිරා කියල පොල්ගස් වර්ගයක් තියෙනව ඒ ගස් එච්චර ලොකු වෙන්නෙ,උස යන්නෙ නැහැ..ඒ උනාට ගෙඩි පිරිල.
      ඒවයෙ කුරුම්බ කනව,බොනව විතරයි. පොල්වලට ගන්නෙ නැහැ..කිරි ගතිය අඩුයි
      කුරුම්බ මාර රහයි සීනි දාල වගේ.

      Delete
  15. කුන්දිරා මෙහෙයුමක් ..හි හි තව ටිකෙන් හම්බෙනවා නේද කුන්දිරා !

    ReplyDelete
    Replies
    1. ආයිත් අහල...
      කොලු වැඩනෙ..හි..හි.

      Delete
  16. කුන්දිරා නම් අපට අහුවෙලා නෑ තැඹිලි කුරුම්බාවලට නම් වග කියලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔය කොය්වත් එකයි ඉතිං හොරෙන් කනකොට..!:)))

      Delete
  17. මම හිතුවෙ වැඩේ කරගන්න බැරි වෙලා කියලා...නියමයි..වැඩේ සාර්ථකයිනේ

    ප්‍රශ්නෙ ගෑල්ලමයින්ට චා වුන එක විතරයි

    ReplyDelete
    Replies
    1. //ප්‍රශ්නෙ ගෑල්ලමයින්ට චා වුන එක විතරයි//
      පැහැදිලි නෑනෙ..???

      Delete
  18. මගෙත් තියෙනවා කුරුම්බා කතා කිහිපයක්ම.

    ReplyDelete
    Replies
    1. හිත් පොජ්ජෙ තියාන ඉන්නෙ ලියන්න අසරනයා..!

      Delete
  19. අප්පේ වීයත් නිකම් ඉඳල නෑ එහෙනම්. කොලු කාලෙ ඔහොම තමා මල්ලි. ඒ මතකය සුන්දරයි තමා.

    ReplyDelete
    Replies
    1. චන්දි අක්කා..,
      ඒ කාලෙ කොල්ලො ඔය වගේ වැඩ කලාට..හරි විනයක් ඇතිව,අම්මට තාත්තට හොඳට ගරු කල,ඒ වගේම බයට හැදුනෙ.

      අනික ගමේ අය ඕය වගේ වැඩක් කොල්ලො කලාට පොලීසි ගියෙත් නෑ..!

      Delete
  20. ලස්සන කතාවක්. යාලුවන්ගේ නම් ටිකත් ඒ වගේම ලස්සනයි. :)

    මට මෙහෙම එකක් කල්පනා උනා. මල ගෙයක් චාමෙට කරන්නේ නැතුව ඇයි ඔය විදියේ අමාරු තොරන් ගහන්නේ කියන එක. (මින් කාටවත් හිත් රිදවෙනවා නම් සමාවෙන්ට. මගේ පුද්ගලික අදහසක් පමනයි. )

    හැබැයි කවුරු මොනවා කීවත්, අර මහන්සියට කුන්දිරා බීව එක නම් වැරැද්දක් විදියට පෙනෙන්නේම නෑ.:D

    ReplyDelete
    Replies
    1. ////මල ගෙයක් චාමෙට කරන්නේ නැතුව ඇයි ඔය විදියේ අමාරු තොරන් ගහන්නේ කියන එක.//// මමත් අනුමත කරන්නෙ නැහැ.බොරු වැඩ තමා. දැන් දැන්..ඒ ප්‍රවනතාවය අඩුවෙලා.

      ඕකට හේතුවෙන්නෙ මලගෙදර යාලු මිත්‍රයො ,නෑදෑයින් තමන්ගෙ හිතෛෂී කම පෙන්නන්න ඕහොම දෑ බාරගෙනලකුනු දාගන්න බලනව.

      හැබැයි ඉස්සර කාලෙ ඕකෙ යම්කිසි සංස්කෘතික ගත්ලක්ෂන තිබුන ..අර පොල් ගෙඩි වලින් කරන ගෙඩි තොරන් එහෙම.

      අනික මලගෙවල් වලින් මිනිස්සු තමන්ගෙ බලපුලුවන්කාරකම පෙන්නනවනෙ.
      පොඩී කොහොමත් සංවාදශීලී කාරනා මතුකරනවනෙ.අමනාපයක් නෑ. ඊට.

      //හැබැයි කවුරු මොනවා කීවත්, අර මහන්සියට කුන්දිරා බීව එක නම් වැරැද්දක් විදියට පෙනෙන්නේම නෑ//
      කේස් එක හොරෙන් බීපු එකනෙ. :)))

      Delete
  21. පොලිස් බල්ලෝ බලන්නේ කොහෙන් හරි ජරාවක් කන්න නේ ඒකනේ බල්ලෝ කියන්නේ :P අනුනවයයි දශම නවෙන් බේරිලා තියෙන්නේ. :)

    ReplyDelete
    Replies
    1. ඕං...කෝරලේ ඇත්තො එහෙම ..ඔහොම කරනවා නොවෙයි..))

      Delete
  22. කුන්දිරා ටික බීල එහෙම හිටියනම් පොලීසිය අල්ල ගන්නකොටම අතේමාට්ටු වෙන්න තිබ්බා.ඇයි ඒව පිටවෙන්නත් එපායැ.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම උනානම් බඩෙන් අල්ලනකොට සුරුස් ගාල පල්ලෙහා කොනින් පිටවෙන්නෙ..හිකිස්..!

      Delete
  23. මෙහෙමත් සොරු.... හික්ස්...

    ReplyDelete
  24. වීයා දිග විරාමයක් අරගෙන මොකද..? වැඩ වැඩිද මේ දවස් වල.

    ReplyDelete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...