ඉර ගිණිබෝලයක් වගේ ඈතට පෙනුනට දැන් හවස හයත් පහුවෙලා.ඒත් ගිනිකූටක අව්ව තාමත් එහෙම්ම තියෙනව.ඈත වෙල ඉස්මත්තෙ කලවිට අද්දර හිස් බිමේ වගේම තවත් ලියැදි කීපයකම මිනිස්සු කඩිගුල වගේ වැඩ. වෙලාවකට හිතෙනව මේ ලංකාවෙ මිනිස්සුමද ...කියල. ඔව් අපේ මිනිස්සුම තමා.
මේ දවස්වල පහතරට තෙත්කලාපයේ වෙච්ච අපේ ගම්වල කුඹුරු කපන කාලෙ.එහෙම නැත්නම් ගොයම් කපන කාලෙ.
අපේ ගම් වල වෘත්තීයමය ගොවියො දැන් ඇත්තේම නැහැ. ඉස්සරත් හිටියෙ නැති තරම්.රජරට,ඌව,දකුණෙ ඈතට වෙන්න වගේ විශාල කුඹුරු ඉඩම් මෙහේ ඇත්තේම නැති තරම්.කුඩා කුඩා ලියැදි වලින් පිරිච්ච වී කුරුනි 6ක් හෝ 12ක් වගේ තමයි ගොඩක් අයට තිබුනෙ. ඊට වඩා වැඩිපුර තිබුන අයත් හිටිය ඒත් අඩුයි. මහනුවර පැත්තෙ වගේ හෙල්මලු ක්‍රමේ නම් ඇත්තේම නැහැ.
අහස් දියෙන් වගාකරන නිසා කාලවකවානු වලට නියමිත පරිදි කුඹුරු වගා කිරීම සිදු උනා. ඒ නිසාම ගොයම් කපන්නෙත් එක කාලයට. හැමෝම එකා වගේ මහන්සි වෙනව. පාරෙ යනකොට නාස්පුඩුවලට දැනෙන නැවුම් ඉපනැල්ලෙ සුවඳ...අපේ ලේ නහර වල,ජානවල තැම්පත්වෙලා තියෙන බතබුලතක හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.
මේ දවස් වල උදේ හවා කාර්යාලයට යනෙන මට කුඹුරු ඉසව්වෙදි නැහැයට දැනෙන මේ පඬු ඉපනැල්ලෙ මිහිරි සුවඳත් ඒක්ක හිත අතීතයට යන්නෙ නොදැනුවත්වම.
මේ තියෙන්නෙ මිල්ලේදන්ඩ කුඹුරු යාය.දැන් ගොයම් කපල ඉපනැල්ල විතරයි. හරක් තමයි දැන් අයිතිකාරයො.
අපේ තාත්තටත් කුඹුරත් තිබුන. එක යායකට තිබුන ඒ වෙල් ඉසව්වට කිව්වෙ.."මිල්ලේදන්ඬ " කියල. සින්නක්කර ඔප්පුවල සඳහන් වෙන්නෙ එහෙමයි.අක්කර බාගයයි,නැත්නම් වීකුරුනි 6යි.මගේ තාත්ත පෙදරේරුවෙක් උනාට කුඹුරු කරන්න පුදුම ආසාවක් තිබුනෙ. අද කාලෙ වගේ නෙමේ. තනිකරම මිනිස් ශ්‍රමය විසින්ම තමා කුඹුරු කලේ.මුලින්ම වේලි බඳිනව..කුඹුරු කපල කාලයක් වෙන නිසා මේ වෙනකොට ගමේ එළ හරක්,මී හරක් අරක් අරගෙන ඉන්නෙ.උන්ගෙ කුරවලට වේලි යන්තම් පස්ගොඩක් බවට පත්වෙලා ඉවරයි. දෙන්නෙකුට දවස් දෙකක වැඩ තියෙනව.අනික් කාරනය වේලි බැන්දම ඒවයෙ තියෙන තණකොල මැරෙනව. ඔය කුඹුරු කොටන කොට දෙපාරක් කොටන්නෙ ඒකනෙ. මුල් කෙටුමෙ තණකොල තියෙන පස් උදලු පාරට පේලියට පෙරලාගෙන යනව. ඊට පස්සෙ ලියදිවල වතුර බඳිනව.තියෙන තනකොල ඔක්කොම තැම්බෙනව.ඊලඟට දවස් හතකින් විතර අර තැම්ඹුන පිඩලි ටික නොපිට හරවනව..ඒක දෙකෙටුම් කියල කියනව. ඉන්පස්සෙ තමා වපුරන්නෙ.
ඔය සිද්ධි දාමය දැන් වෙනස් වෙලා..මුලින් වස ගහනව. දවස් කිහිපයයි කෙලින්ම කොටල වපුරනව. අත්ටැක්ටරෙන් හාන එකත් ජයටම කෙරෙනව.මීහරක් දාල හාන එකනම් කෙරෙන්නෙම නැති තරම්.ඒත් සාර්ථකම ක්‍රමය ඒක කියලයි වැඩිහිටියො කියනව මට ඇහිල තියෙන්නෙ.
මී හරකගෙ ඇඟ හරිම ඌශ්ණයි.උන් දවස තිස්සෙම මඩේ ලැගල ඉන්නෙ ඔය ඌශ්ණය අඩුවෙන්න කියලනෙ කියන්නෙ. උන්ට පෑගිලා ඇඹරිලා මැඩවෙන පොලවෙ කාලයක් යනකන් වල්පැල වැවෙන්නෙ නැහැ. වෙන හේතුවක් තියේද මන්ද..?
වස ගැහැව්වමත් වෙන්නෙ ඔය සිද්දියම බරපතල විදියමටම තමා.ඒත් වස වලට පොලොවෙ ඉන්න ගොයම් ගහට හිතකර සත්තු ඉඳල ..වතුරෙ ඉන්න මාලුවා පවා මැරෙනව. අනතුරු දායකම වැඩේ ඔය විස කාලයක් යනකන් ඉවත්වෙන්නෑ..කුඹුරට බහින ගොවියට විසක් බවට පත්වෙන්නෙත් ඕවම තමා.
අපේ තාත්ත කාලෙකට උඩදි කුඹුරු වැඩවලට සම්බන්දවීම අතහරින්නත් හේතු උනේ වස. වස ගහල කුඹුරු කොටන අයගෙ කකුල් වලට විවිධ ලෙඩ හැදෙනව.විස බිබිලි දානව,කහන්න අර ගන්නව,දැවිල්ල ගන්නව. අපේ තාත්තගෙ කකුලෙ සුව නොවන තුවාලයක් ඇති උනා වස වලට.
තාත්තගෙන් මට අක්කර බාගෙ කුඹුර අයිති උනත් මට ඔය කෙරුවාව කරගෙන යන්න අමාරුයි.එකසැරයක් හරි කුඹුරකට බැහැලම බලන්න ඕන රඟේ. දැන් කුඹුරුවැඩ වලට මිනිස්සු අඩුයි.හැබැයි ඉන්න මිනිස්සු ටික ඒ කාලයට අල්ලගන්නත් අමාරුයි. කොහොම උනත් දැන් දැන් කුඹුරු කරන අය අඩුයි.කොහොමත් ලාබයක් නම් නෑ...හිතේ සතුට විතරයි තියෙන්නෙ.
මට හිතුන කුඹුරු වැඩත් එක්ක ගෑවිච්ච..වචන, භාණ්ඩ ගැන දන්න විදියට ලියන්න. අඩුපාඩු තියේනම් කියමු.මට බැරිඋන ඔයාලට මතක් උන වචන තියේනම් ලියමු.
(මෙය අන්තර්ජාලයෙන් උපුටාගත් පින්තූරයකි)
මඩවන්න ගත්තෙ මීහරක්,ගොයම් කපල පාගන්නත් මීහරක් හවුල් කරගත්ත. ඒත් අපේ පැත්තෙ නම් මම දැකල නෑ. අඹ යාලුවෝ ටෙලිනාට්‍යයේ තිබුනෙ. උන්ට කිව්වෙ "අම්බරුවෝ "
(මෙය අන්තර්ජාලයෙන් උපුටාගත් පින්තූරයකි)
වේලි වලින් වෙන් කරල ලියදි හදනව. ලියැද්දෙන් ලියැද්දට වතුර ගන්න පිටවානෙන් වක්කඩයක් බඳිනව. පිටවාන කියන්නෙ...මුලු කුඹුර වටා ජලය ගෙනියන ප්‍රධාන ඇලට. පිටවානෙ ඉවුර කපල හදන සිදුරට වක්කඩේ කියනව.
කුඹුර කොටල හෝ සීසාල ...තරමක් පැලවුන වී ඇට ඉහිනවට කියන්නෙ...වපුරනව .
දිනෙන් දින ගතවෙලා ගොයමේ මල් පීදෙන..පිපෙන කාලයට
හීන් බන්ඩි..ඊටපස්සෙ ගොයම් මල් ඇට බවට පත්වෙනකොට මහ බන්ඩි.
ගොයම් කපනකොට වී ඇට බිත්තර.
ගොයම් කපල ගොඩක් විදියට එකතු කරන තැන පාවර.
එකතුවන ගොයම් ගොඩ ගොයම් කොලේ.(ඉස්සර නඩුවකටත් ඈඳල කියන්නෙ..ගොයම් කොලේට මුවාවෙලා වෙඩි තිබ්බ කියල)
ගොයම් පාගල ඇට එකතුවෙනකොට බැත කියනව.
ගොයම් කපල ගන්නකොට ගහේ මුල්හරිය ඉතුරු වෙද්දිනේ කපන්නෙ. ඒ ඉතිරිවන ටික ඉපනැල්ල.
පාගල ඇට වෙන්කරගෙන වීසිකරන ඉතිරිහරිය මැඩුවං(හරක්ට කන්න දෙන්නෙ.)
වී වේලන්න ගන්නෙ මාගල(දිග විශාල පැදුර)
වීවේලනකොට දුහුවිල්ලක් වගේ කොටසක් තියෙනව කාටුව .
අපේ ගෙවල් වලට වී පුරවල ගේන ගෝනි උඩ නගින එක අපේ ජොලිවැඩක් තාත්ත හරි අම්ම හරි දැක්කොත් ගුටියක් තමා..දරුවො කන බත් පතනේ..පව් සිද්දවෙනව.
ඉස්සෙල්ලම අලුත් හාලෙ බත් කන එකත් පූජාවක් වගේ.මාලුපිනි මොනව හරි එක්ක පපඩම් බැදල,කටට රහට කෑම හදල මුල්ම කොටස එලිමහනෙ රාත්‍රී 9න් පස්සෙ පූජාවක් තියනව.වතුරත් තියනව.අස්වැන්න සරු උනාට පිංදෙනවා.
අදවගේ මතකයි. එදාට තාත්ත වෙලාසන නාල පිරිසිදු වෙලා..තටුවක් හදනව...ගොට්ටක් වගේ අපේ ගෙදර තියෙන ගල උඩ තමා පූජාව තියන්නෙ.මැටිපහනකුත් පත්තුකරනව.
අලුත් හාලෙ තියෙන නැවුම් සුබුඩ්ඩ නිසා බත් පුදුම රහයි. දැන් සමහරු හාල් ඇටේ සුදු වෙනකන් පාහිනව.ඒත් අදටත් මම ආසම හොඳට රතුපාටට සුබුඩ්ඩ තියෙන හාල් වලට. කියන්න බැරි උනා අපි වගා කලේම රතු හාල් වී...........බෝඹුවල,හීනටි,සුවඳැල්,...තව ඒව මතක නැහැ.
දැන්නම්...තනිකර අංක වලින් කියන වී වර්ග..අස්වැන්න හොඳයි කියනව...ඒත් ලෙඩ වැඩී.
ඒත් මගේ කුඹුර මම මල්ලිට දුන්න.
මම මේ අහංට කියලත් හිතන් හිටියෙ ටික දොහකින් දැක්කෙ නෑ කියල.
ReplyDeleteඅපේ පැත්තෙ නම් මොන කුඹුරුද ඉතිං. ඒත් මම ආසයි ඔය කුඹුරු වැඩ ගැන කම්වල තියන කතා අහංට. අස්වැන්න නෙලාගෙන කමතක ඒව රෑ එලිවෙනකන් පාගල මොනාද සීන් වගයක් යනවනේද, අහං ඉන්ට ආස කතා.
ඔය කමත් භාෂාව ගැන 5 ශිෂ්‍යත්වෙ පේපර් එකේ ප්‍රශ්නත් තියෙනවද කොහොද, මටත් මතකයි අපිටත් 5 පන්තියෙදි ඔහොම පාඩමක් කළා.
අර ගොයම් කොලේ නඩුවෙ කතාව කොල්වින් ආර් ද සිල්වා මහත්මයගෙ වැඩක් නේද?
ස්තුතියි ඩී.ඩී.ටී..!උඹත් පහුගිය දොහේ පේන්න හිටියෙ නෑනේද..?
Deleteඉස්සර අම්බරුවොන්ගෙන් ගොයම් පාගන කාලෙ තමා එලිවෙනකං .කුඹුරු ගොඩක් තියේනම් තමා.
සමහර වචන අමතකයි..බලමු අපේ අය මතක්කරාවි..?
නඩුව නම් ඒ වගේ මතක.
ddt,
Deleteඇයි බන් මාතර කුඹුරු නැද්ද ?
සෙන්නා,
Deleteදිස්ත්‍රික්කයක් විදියට ගත්තම නම් මාතර කුඹුරු කරනවා, ඒත් අපේ ගම් පළාත්වල නම් කුඹුරු නෑ - මූදුකරේනේ. ගම් දෙක තුනක් රට ඇතුළට වෙන්න නම් කුඹුරු ටිකක් තියෙනව මම දැකල තියෙනව, ඒත් මම දැකපු දා ඉදල ඒව පුරන් කුඹුරු, කවුරුවත් වපුරන්නෙ නෑ.
ඩීඩීටී මල්ලි මුදෙන් අක්කර දෙක තුනක් අරන් වගාවක් දැම්මොත් හොදනෙව.. ඔහේට ඕවා තෙරුං ගන්න කල් යයි.. හික්.. ඇත්තට ඔහේගේ ගම මක්කැයි
Delete@සෙන්නා.., උඹත් හරි ඒව අහන්නෙ. උඹට මතක නැද්ද DDT..සුනාමියටත් අහු උනා කීව.
Delete@ DDT,.....//දිස්ත්‍රික්කයක් විදියට ගත්තම නම් මාතර කුඹුරු කරනවා//ඔය දීල තියෙන්නෙ උත්තරේ.
@ දේශකයා.., DDT මාතරම නොවේ මම හිතන්නෙ..ඊට මෙහා ගාල්ල කිට්ටුව.
ගමේ නම නම් ලංකාවෙ බොහෝ දෙනෙක් අහල තියෙන නමක්. පුද්ගලිකත්වය ඕනවට වඩා බ්ලොග්වලට කාන්දුකළ යුතු නැහැ කියල මම හිතන නිසා ඔන්න පන්දුව නිදැල්ලේ යන්න හරිනව. :)
Deleteඒක නෝබෝල් එකක්ලු..තව පන්දුවක් ඉතිරියිලු.ඇයි බං ඕක කිව්ව කියල මක් වෙනවද..?
Deleteඔව් ඔව්, ශිෂ්‍යත්වෙට ඉගැන්නුවා වගේ මතකයි
Deleteඅපේ ගෙවල් පැත්තට වෙන්නනම් කුඹුරු තියනවා. මාතරින් හැතැප්ම 5ක් විතර ඇතුලට වෙන්න. ඒවත් මේ වගේ තමයි. විසාල යායවල් නෙමෙයි.
Deleteකඹුරුපිටියද..?
Deleteහෙහ් හෙහ් .... වීයා හරි උනන්දුයිනේ කමෙන්ට්කරුවොන්ගෙ ගම් රටවල් දැන අඳුනගන්න.
Deleteඅනේ මචං සමාවෙයන් මීට පස්සෙ අහන්නෑ...!
Deleteහිහි..නෑ නෑ. ලොකු අම්මලනම් කඹුරුපිටියේ.
Deleteඒ පැත්ත ලස්සන කුඹුරු පිරිච්ච පලාතක් ඒකයි ඇහැව්වෙ.
Delete@ වීයා,
Deleteඅර මක්කටෙයි බං සමාවක් ඉල්ලන්නෙ, මම විහිලුවටනේ කිව්වෙ.
:))))))))
Deleteඔහේලට සිංදු කියන්නෙයි මං ලිව්වේ. අනේ බොල තොපි මෙතන මාතර ඈයෝ මක්කටෙයි ඇමිණි ඇමිණි ඉන්නේ. හා මං කියන්නේ බොරුයැ...
Delete//වේලි බැන්දම// අපි කියන්නේ නියර බඳිනවා කියල.
ReplyDeleteමෙහෙ දෙකෙටුමෙන් පස්සේ කුඹුර මට්ටම් කරනවා. එකට කියන්නේ උදලු ගානවා කියලයි. ඊ ලඟට ලියද්ද කොටස් කීපයකට බෙදනවා පෝරුවකින්. පෝරුව කියන හඳුන්වන්නේ ලී වලින් හදාපු තලයක් සහිත දිග මිටක් තියන උදැල්ලක් වගේ එකක්. ඊට පස්සේ තමයි වී ඉහින්නේ. වී ඉහින්නම ගන්න පෙට්ටියකුත් තිබුනා කලින් නම්. ඒක උරහිසේ එල්ල ගන්න පුළුවන්. තව එකක්.. ඔය වැඩ වලදී "කරණ" බලල කරන්නේ. එතකොට සත්තු බහින්නේ නෑ. ඒක මං හිතන්නේ ලිත් වල තියනවා. ඒ ගැන වැඩි අවබෝධයක් නෑ මට.
නගුලේ අල්ලගන්න තියන කොටසට කියන්නේ නියන් කුරුල්ලා... හරක්ගේ කර උඩ තියන්නේ වියගහ. අනිත් කොටස් ටික මතක නෑ.
//ගොයම් කපනකොට වී ඇට බිත්තර.// පැළවෙන්න දාන වී ඇට වලටත් බිත්තර කියනවා නේද මචං. බිත්තර වී කියල කියන්නේ. අර රතු ගොයම් වර්ගය ඉඳ හිට කුඹුරු වල පැල වෙලා තියනවා. අලුත් හාලේ බතක් උයන කොට ඔය චාරිත්‍ර ටික කෙරෙන්නේ නෑ මෙහෙ. පන්සලට දානයක් හදාගෙන යනවා.
ඔය වෙනස්වීම ගැන කියවෙන සින්දුවක් තිබුනා, දැන් මතක් වෙන්නේ නෑනේ.. මේ ඒකෙ මැද කොටසේ පදයක්. "ඇසුනා ට්‍රැක්ටර් හඬ ඇසුනා.. නිදියා ගත්තද අම්බරුවෝ.."
ඔය ඉන්නේ ඕව ගැන අහන්න කියාපුකෙනා,
Deleteචන්දන ... මචං වේලි බඳින්නෙ..අර වටේට වතුර ගෙනියන පිටවානෙ.නියර කියන්නෙ ලියදි එකිනෙක වෙන්කරන ඒවට නේද..?
Deleteඋඹ ඔය අඩුපාඩුත් එක්ක ලියල තියෙන්නෙ ..ස්තූතියි..!. මට අමතක උනා පෝරුව.
අමිලයා...සම්පූර්ණ ඇත්ත.
Deleteඅමිල... මාත් වැඩිය දන්නේ න බං.. ටිකක් ටිකක් තමයි.
Deleteවීයා, හරි හරි බං. එහෙම තමයි. මෙහෙ "වේලි" කියන වචනය භාවිතා කරනවා අඩුයි. එකයි මං හිතුවේ උඹ මේ කියන්නේ නියරවල් ගැන ද කියල.
අපිනම් ඉතින් අර්ධනාගරිකයො වෙච්චි.. කුඹුරු නෑ...සීයලෑ ගෙදර ගියාමනම් තිබුනා ඒත් ඒවා ඉතින් නිවාඩු කාලෙට විතරනෙ..ඔය වගේ මුහු වෙනන් ලැබිලා නෑ.. එකම එක සැරයක් ගොයම් කපන්න ගිහින් දෑ කැත්තට කැපිච්ච එකේ පාර තාම තියනවා..
ReplyDeleteමේකතා අහන්න, දකින්න හරි ආසයි.. මම තවත් කොහෙදි හරිත් දැක්කා දැන් වී වගාව වල පල්ලට යනවා කියලා..
ඇත්තටම ට්‍රැක්ටරේ දාලා කුඹුරු කරවනවට වැඩිය, යායෙ කට්ටිය එකතු වෙලා අත්තම් ක්‍රමයට, මී හරක් යොදාගෙන කරන කුඹුරු කෙරිල්ල කොච්චර ෂෝක්ද ? ඒත් ඉතින් කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙලා..
සෙන්නා ඇත්තටම මම ලියන්න හිතුවෙ..වී වගාවට වෙන්න යනදේ තමා.ඒත් ඕව ලියල මොකට හිත් රිදව ගන්නවද...පොලුමුගුරු අරන්නෙ කට්ටිය වලියට එන්නෙ.
Deleteදෑකැත්තට කැපුනම හරි විසයි. ඇයි කියතවගේ කට්ට තියෙනවනෙ. අපේ අම්මගෙ හැමදාම කැපෙනව කුඹුරු කපන දවසට.අව්වෙ ඉන්න වෙලාවනෙ ලේ යනව හරියට.මගේ එක පාරක් කැපුන.එවෙලෙම දිවිකදුරු කිරි තිබ්බම කැලල ඇතිවෙන්නෙ නෑ.
හොඳම වැඩේ තමා පොඩිකාලෙ අපි පුරුදු නැතිව ගොයම් කපන කාලෙට වෙලට බැස්සම කාටුවට හා ඉපනැල්ල ගෑවිලා කහන්න ගන්න එක.ඉන්න බෑ මෙලෝ පුතෙකුට කහලම ඇඟේ පලු දානව.
යායෙ කට්ටිය එකට කුඹුරු කරනකොට හරි ජොලි. ඇයි හැමෝම විශේෂ කෑම ජාති හදන් ඇවිල්ල හැමෝම අතරෙ බෙදාගන්නවනෙ.
අනේ බං සෙන්නා උඹ හැමදාම ඔහොමයි මතක අවදිවන කමෙන්ට් තමා දාන්නෙ.ඉතින් තව පෝස්ට් එකකට අදහස් එනව. මෙතම ලියවෙනව තව පොඩ්ඩෙන්.
ලිපිනය කියහන්, ඉන්වොයිස් එක එවන්න.. :D
Deleteඒ පාර මූටත් ලෙඩේ බෝ වෙල. :D
Deleteමොකක්ද ලෙඩේ ? "ත්" කිව්වෙ තව කාටද තියෙන්නෙ ?
Deleteඇයි බං සෙන්නො ඔය උඩින් අපේ වීයයි, දේශකයයිත් ගම-රට කොහේද කියල විමසීම්කරල තියෙනව දැක්කෙ නැත්ද? උඹත් මෙතන ලිපිනය අහන්නෙ. :)
Deleteඉස්සර ගාල්ලේ ඉද්දි නම් අපේ තාත්තාට කුඹුරක් තිබ්බා.. පස්සේ කොළඹ ආවට පස්සේ ඒවට මොනා උනාද දන්නේ නෑ.. ඒවා ඔක්කොම අත ඇරුනේ හුගාක් පුංචි කාලේ හන්දා මේ වචන සමහර එවුවා මට නම් අළුත්..
ReplyDeleteඅපේ තරුණ ඈයො ගොඩක් ඇති මචං මේ වචන නොදන්න.ඒ නිසයි දන්න ඒව ලිව්වෙ.ඔය වගේ වචන පතල් කර්මාන්තෙත් තියෙනව්නෙ.
Deleteදිනෙෂ් ගාල්ලෙ කොහෙද..?
කොහෙද බන් ගිහින් හිටියේ?
ReplyDeleteඋබත් චන්දන වගේ අපෙඅතිතය මතක් කරලා ඒ අතීතයට අපි ඇදන් යනවාබන්,
අමිලයා..මගේ ලොකු දුව අසනීප උනා..උනක් හා සෙම අමාරුවක් ඇවිල්ල ජයවර්ධන පුර රෝහලේ දින කීපයක් නවත්වලා හිටිය.දැන් නිට්ටාවටම සුවයි.ඒ නිසා ඔලුවට ඉස්පාසුවක් උනේ නෑ මචං. ස්තූතියි..!. අනික පහුගිය දව්ස් වල වලිනෙ බ්ලොග් අවකාශෙ.
Deleteමගේ විතරක් නොවේ රටේ අතීතය මචං..!
උඹේ බ්ලොගක් නැද්ද බං..?
Deleteනෑ යාළුවා, චන්දනත් කියනවා පටන් ගන්න, එත් මට වෙලාව අඩුයි මම ඉන්නේ ලන්කාවෙන්පිට අධිකවැඩ,
Deleteවීය ඉතින් මේවා ගැන නොදන්න විදිහක් නැහැනේ....
ReplyDeleteහි..හි..නමට විතරයි වීපොකුර..!
Deleteමම පොඩි කාලෙ ගෙදර අයට කියල තියෙනවා කුඹුරක් ලගින් ඉඩමක් අරන් ගෙයක් හදන්න කියල :)
ReplyDeleteදැන් කොහෙද බං මේ පැත්තෙ කුමුරු ඉඩම්. ඔක්කෝම ගොඩ කරල.
ලස්සනයි. සුන්දරයි බං.
ජය !
මම දැනටත් ආසයි බං කුඹුරක් ලඟ ගේකට.
Deleteඅපේ පැත්තටත් ටික..ටික..ඔය දේ වෙනව.
අපේ තාත්තත් හරි ආසයි වෙලක් ගාව ගෙයක් හදන්න,, මෙහේ නෑනේ,, තාත්තගේ ගමේ නම් තියනෝ,, (ගාල්ලේ)
Deleteබලන්ගියාම දකුණට සම්බන්දයිනෙ කවුරුත්..!
Deleteඅලුත් හාලේ බත් හරිම රසයි. මම එක පාරක් අනුරාධපුරේ යාපුවෙක්ගේ ගෙදර ගියාම යාලුවගේ අම්ම කන්න බත් උයල දීල කිව්වා පරන හාල් තියෙන්නේ ඒ නිසා රස අඩුයි ගොයම් කපන කාලේට එන්න අලුත් හාලේ බත් කන්න කියලා. මට ඒ වෙලාවේ ඒකේ ගානක් තිබ්බේ නෑ. ඒත් පස්සේ කාලෙක අපහු එහේ ගියපු වෙලාවක අලුත් හාලේ බත් කන්න හම්බ උනා. හරිම රසයි. පොල්සම්බොලයි බතුයි කනවා නම් කන්න අලුත් හාලේ බත්ම තමයි ඕනේ.
ReplyDeleteඔව් මචං අලුත් හාලෙ නැවුම් රහනම් කියල වැඩක් නෑ..! ඒව කෑවම ලෙඩත් අඩුයි බං.
Deleteඅලුත් කැකුලුහාලෙ බතුයි,පොල්සම්බලයි,බැදපු බලකරෝල කෑල්ලකුයි කන්න ඕන.අම්මෝ කටට කෙලත් උනනව.
මමත් ආසම අලුත්හාලේ බත් කලටිපොල් සම්බෝලයක් එක්ක, දැන්නම් ඒවා හීනයක් වෙලා ඉවරයි
Deleteඕං දෙයියනේ කියල කොල්ල ඇහුවොත් කුඹුරු ගැන උඹේ මේක තමා කියවල උත්තර දෙන්නේ..
ReplyDeleteඅනේ මචං මම ලොකු සූදානමකින් ලියපු එකක් නොවේ. තව වචන ගොඩක් තියෙනව.මට මතක නැහැ.
Deleteහෙහ් මටත් මතක නෑ ඕයි
Deleteදැන් ඔය එක එක සමාගම් වල ඕන එපාකං වලට වස කිලෝ ගණන් දාල හදන හාල්වල ඉස්සර තිබ්බ හාල්වලිං එන රසය නෑ. කුඹුරු කරල ලාබයක් ගන්න බැරි එකටත් හේතුව ඕක තමයි.
ReplyDeleteලස්සන ලියවිල්ලක්.
තාමත් පරණ වී වගාකරන සීයල ඉන්නව.රජයෙන් දෙන පෝර දාන්නෙත් නෑ.වස ගහන්නෙත් නෑ.අපේ පැත්තෙනම් අඩුයි.
Deleteඒ මිනිස්සුන්ට් රජයෙන් දිරිදීමක් නෑ මචං.
බෝඹුවල වී ගහ ලොකුයි නිකන්ම ගහ බිම වැටෙනව .ඒ නිසා කපන්න වැඩි වෙලාවක් යනව.
අපේ සීයාගෙන් උරුම වුණු කුඹුර තාත්තා බැරිමරගාතේ හරි කරන්නේ කරන්න ඕනේ නිසා. අපේ දේ නිසා. ඒත් මේ පාර කුඹුරු වැඩ කිසිම එකකට යන්න වුණේ නැහැ විභාගේ සෙට් වෙලා. තාත්තලා පරම්පරාව ගියාට පස්සේ කුඹුරු ටිකත් යන්නම යාවි :(
ReplyDeleteමටත් දුක ඒකයි බං..! උඹ ඉතිහාස කාරයනෙ. අතහරින්න එපා.
Deleteමේ කන්නෙ තමා පහතරට සාරම "මහ" කන්නය.
කිසිදා කුඹුරු අඟලක්වත් අයිතිව නොහිටි අපිට නම් ඔය වගේ අත්දැකීම් නෑ මචං. . ඔය බැත, ඇඹුල වගේ දන්න වචන කීපයත් සිංහල පාඩමට ඉගෙනගත්ත ඒවා.
ReplyDeleteනමුත් ඔය කුඹුරු සාහිත්‍යය අනිත් උන් ලියලා තියෙන විදිය කියවලා රස විඳින්නවත්, කුඹුරක් දිහා බලාගෙන ඉඳලා හිතින් අහිංසක සුවයක් විඳින්නවත් ඒක බාධාවක් නෙවෙයි.
සම්ප්‍රදායික ක්‍රමය හොඳ තමයි මචං. අපි වුනත් වස විස නැති ස්වභාවික ක්‍රම වලින් නිපදවපු කෑම කන්න කැමතියි. නමුත් ඒක අද තියෙන ඉල්ලුම සැපයුම ක්‍රියාවලියට විසඳුමක් නෙවෙයි.
අත්දැකීමෙන් කියන්නෙ ඩූඩ්. පරණ වී වර්ග වල බත් නිවුඩ්ඩ තියල ගත්තම ගොඩක් කන්න බෑ බඩ පිරෙනව.ඒත් පෝෂනය උපරිමේට ලැබෙනව. ඉතිං හාල් ගොඩක් ලැබෙන වී වල බත් ගොඩක් කනවද පැරනි පෝශ්‍යදායි ටිකක් කන වී වගාකරනවද..? වැඩිවෙන ජනගහනයටත් එක්ක බලනකොට ගැටලුවක් තමා.
Deleteඔහොම ගැටලුවක් තියෙනව. කොහොමත්පහතරට වී අස්වැන්න අම්පාර වගේ පලාත් වලට වඩා තුනෙන් එකයි තියෙන්නෙ.
//නමුත් ඔය කුඹුරු සාහිත්‍යය අනිත් උන් ලියලා තියෙන විදිය කියවලා රස විඳින්නවත්, කුඹුරක් දිහා බලාගෙන ඉඳලා හිතින් අහිංසක සුවයක් විඳින්නවත් ඒක බාධාවක් නෙවෙයි// අනිවා .... උඹේ හදවත ලස්සනයි කියල දන්නව මචං.
ඉස්සර සිස්සත්තෙට උඩ දාගෙන පාඩම් කොලේ ඕවා! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උඹට සිස්සත්වෙට පාඩම් කරන්නත් වෙලාවක් තිබ්බද..?
Deleteපහේ පන්තියෙදි අපි කැලේ පැන්න කාලෙ බං.
කුලියාපිටියේ ඉන්න අපේ ලොකු මාමට කුඹුරු යායක් තියෙනවා. ගොයම් වැඩ කාලෙට මමත් එහෙ ඉඳලා තියෙනවා. හරිම සුන්දරයි. මම නම් ආස කුඹුරටම අරන් එන ඇඹුල කන්න. අම්මෝ රස. වැඩිය යමක් නෑ එකේ. රතු හාලේ බත් එක්ක කොස් මැල්ලුම්, කරවල හොද්දක් එක්ක පලා නියඹලාවක් විතරයි. ඒත් රස...
ReplyDeleteවීය දන්නවද අලුත් හාල් එක්ක කරන දෙයියන් වැඳිල්ල ගැන ? මාමාලාගෙ පැත්තෙ නම් ගමේ අය ඔක්කොම එකම තැනකට එකතුවෙලා ඒක කරන්නේ..හරිම අපූරුයි. අලුත් හාලෙන් බත එක්ක හත් මාළුව හදලා , කැවිලි හදලා යාතිකා කරන එක. මමත් සහභාගි වෙලා තියෙනවා.
දැන් ඒවා කරනවද දන්නෙත් නෑ. මාමලා උනත් හාල් ගන්නෙ කඩෙන්. කුඹුරු කරන්න අය නෑ. මහන්සි වෙන්න පුළුවන් මිනිස්සු නෑ..ලේසියට හාල් කඩෙන්..
අපේ පැත්තෙ ලොකුවට මහාපරිමානෙන් වී වගාව කරන්නෙ නෑ ලිහිණි.පහත රට තෙත්කලාපයනෙ. දෙවියන් ට මුල් බත් ටික දෙනව තමා ඒක එක්,එක් ගෙවල් වල තනි තනිව කරන්නෙ. සමහරු පන්සලටත් අරන් යනව.
Deleteකුඹුරට ගේන ඇඹුල විතරක් නොවේ දවල් බතත් පුදුම රහයි. ඒකට හේතුව ගොයම් ගහේ තියෙන අමුතු පුසුඹ ඒකට කියන වචනෙ මතක නෑ.ඒ පුස්ඹට කෑම වලට අජිනමොටෝ දැම්ම වගේ තමා.
දැන්නම් මේ කමෙන්ට් දැකල හිතයි මල්ලිගෙන් ආයිත් කුඹුර ඉල්ලන්න...:))
කුඹුරු කෙරුවාව සුන්දර අත්දැකීමක් වුනත් විකුණ ගන්න වෙන්න ඕන මහන්සිය නිසා වෙන්නැති මිනිස්සු මෙච්චර මන්දෝත්සාහී වෙන්නෙ..!!
ReplyDeleteකොහොම වුනත් මේ ගැන කියවද්දි ආයෙත් පරණ කාලේ කතන්දර මතක් වුනා..
මෙහෙමයි රූ ...වෘත්තීය වශයෙන් කුඹුරු කිරීමයි, ආහාරයට කුඹුරු කිරීමයි අතර ලොකු වෙනසක් තියෙනව කියලයි හිතෙන්නෙ.
Deleteඅනික ගොවියව නිලධාරි පැලැන්තියක් විසින් පාලනය කරන ගතියක් දැන් තියෙන්නෙ ඇඟට නොදැනි.
පරණ කාලෙ කතා ලියන්නකො බ්ලොගක් පටන් අරන් අපිටත් බලන්න..:)))
පෝරුවෙන් ඇළමං අදිනවට කියන්නෙ වපුරනවා කියල.ඊට පස්සෙ වී ඉහිනවා.
ReplyDeleteගොයම් කපනකොට වී ඇටේ බැත.
ඉහින්න ගන්නෙ බිත්තර වී
කුල්ලට කියන්නෙ යතුර
තවත් මතක් වුණාම පස්සෙ දාන්නම්
මාත් කොල්ල කාලෙ වී බෙර තුනක් තනියම අස්වද්දපු එකෙක්.පොඩි කාලෙ අම්මලගෙ ගමේදි තමා කුඹුරුවැඩ පුරුදු වුණේ.එහෙ අවුරුද්දකට කන්න තුනක් වැඩ කරනව.හැමදාම අපි වෙලේ.
Deleteදැන් නම් කුඹුරු කිරිල්ල හරි අමාරුයි වියදම වැඩි නිසා.කඩෙන් හාල් කන එක ඊට ලාබයි.ඒත් කඩේ හාල් කුඹුරු හාල් තරම් රස නෑ.දැන් නම් මට පොඩි කුඹුරක් තියෙන්නෙ.ඒකත් වල් බිහිවෙලා මම ලංකාවෙ නැති නිසා.
හැලපෙ එහෙනං ගොඩවැදුන මෙහේ..!
Deleteඅදම අහපු වචනත් තියෙනව. බොහොම ස්තුතියි...!
පලාතෙන් පලාතට පොඩි වෙනස්කම් ටිකක් තියෙනව වගේ.
"බෙර " කියන්නෙ අපි කුරුනිය කියන එකට වෙන්න ඇති. කුරුනියත් ප්‍රමාණය පලාතෙන් පලාතට වෙනස් වෙන නිසා තමයි මම අක්කර බාගෙට වීකුරුනි 6ක් කියල ලිව්වෙ.
අනිවා වියදම වැඩී හැලපෙ.ඒත් ගෙදර බතේ ආසාවටනෙ කරන්නෙ.මල්ලිට දුන්නට කොටහ මට ලැබෙනව.
කුඹුරු කරනව නම් ලඟ ඉන්නම ඕන . හිටපු ගමන් හරක් බහිනව වෙලට.විනාසයි ඉතිං.
අපිටත් කුබුරු තිබුනා ඉස්සර. අපි පොඩි කාලේ නම් ඒවා වැපිරුවා. දැන් නම් ඒවා කරන්නේ නෑ. එකක් නම් අර හයිවේ එක හදනකොට ඒකට ගියා කෑල්ලක්... ඉතුරු ටික පාරෙන් එහා පැත්තේ. ඒ නිසා විකුණලා දැම්මා. තාත්තා නම් කියන්නේ ඕවා කරන්න මිනිස්සු හොයනවට වඩා ලේසියි කඩෙන් ගන්න එක කියලා....
ReplyDeleteපොඩි කාලේ මටත් මතකයි ගොයම් කපන දවසට කුබුරට ගිහින් සෙල්ලම් කරන හැටි. ගොයම් කපන අය කැපුවට පස්සේ මග ඇරිලා වැටිලා තියෙන කරල් අපි අහිදිනවා. ඇයි අර පිදුරු ගොඩවල් උඩ නැගගෙන සෙල්ලම් කරපු හැටි.... මතක් වෙද්දී ආයෙත් ඒ කාලෙට යන්න හිතෙනවා.....
සත්තකින්ම වැටිච්ච කරල් ඇහිඳින්නෙ තරඟයට.මේ මෑතක් වෙනකන් වී කරල් මිටක් තිබුන ම්ගේ ගෙදර බුදුපහන ගාව. මගේ ප්‍රෝෆයිල් එකට ඒකෙ පින්තූරයක් මුලින් දාන්න හැදුවෙ. සමන්ලීත් ලස්සන පොඩිකාලයක් ගෙවපු කෙනෙක්...සතුටුයි..!
Deleteපිදුරු ගොඩේ පිනුම් ගහනව,බල්ටි ගහනව...අතපය උලුක් කර ගන්නව..!
පරන උනාම ටික දවසකින් පිදුරු හතු හැදෙනව ..මාර රහයි කාල ඇතිනේ.
// මතක් වෙද්දී ආයෙත් ඒ කාලෙට යන්න හිතෙනවා....// යමු යමු..අපි කට්ටිය එකතුවෙලා වෙලක් අස්වද්දමු.
පිදුරු හතු??? කාලා නැද්ද කොහෙද.... ඒ ගැන නම් ඒ හැටි මතකයක් නෑ.....
Deleteහරිම රස ලිපියක් අයියේ, පුංචි කාලේ මින්නේරියෙ ගිහින් කුඹුරු වල ඇවිදල, සෙල්ලම් කරල තියනවා ඊට පස්සේ බැහැලම කුඹුරක බැහැලම නෑ..
ReplyDeleteමට මාර සතුටක් දැනෙන්නෙ..
Deleteමම හිතුවෙ නැහැ මේලිපිය හැමෝටම පොදු මාතෘකාවක් වේවි කියල.
මින්නේරිය කියන්නෙ ගොවිරජවරු හිටිය පලාතක්නෙ.
මේකේ ඔය කට්ටිය කමෙන්ට් වල කියලා තියෙන වචන ටිකත් එකතු කරලා පොඩ්ඩක් වෙනස් කරලා මෙන්න මේ බ්ලොග් එකට දැම්මනං වටිනවා වීයෝ... බ්ලොගේ අයිතිකාරයෝ ටික ඒෙක් පැත්තක ඉන්නවා... එක්කෙනෙක්ට මේල් එකක් දැම්මනං වැඩේ කරගත්තෑකි.. මේවා වටිනවා අන්තර්ජාලේ පාවිච්චි කරන ළමයින්ට එහෙම...
ReplyDeleteතුන්පත් රටා
සත්තකින්ම ..ස්තූතියි මග පෙන්නුවට..
Deleteඒ බ්ලොග හිත් ගත්තා .ඒකට ගැලපෙන විදියට ලිපිය හදන්න ඕන.
මේ වචන ටික දැම්මෙත් ඒකයි.දැන් හිතෙනව වැඩිහිටියෙක්ගෙන් තව විමසල දැම්ම නම් හොඳා කියල. අනාගතේ දරුවන්ට වටිනාකමක් ඇතිවෙන්න
මමත් ඉස්සර සීයල කුඹුරු කරන කාලෙ ගිහින් මඩේ නටනවා... හැබැයි ඒ කාලෙත් පාවිච්චි කරේ කෘමිනාශක තමයි... ඒත් අද කාලෙට වඩා අස්වැන්න තිබුනා
ReplyDeleteවෙලේ මඩ වලට කකුලෙ නියපොතු නරක් වෙනව. විශේෂයෙන් මහපට ඇඟිල්ලෙ. ඒ නිසා ඉටිකොලයක් ඔතන් තමයි සමහරු වෙලට බහින්නෙ.
Deleteඉස්සර කෘමි හානි අඩුයි. තිබුනත් ඒවට ඒ දව්ස් වල තිබුන වී වර්ග ඕරොත්තු දුන්න.
සුන්දර වචන ටිකක්.ඒත් කුඹුරකට බහින්නම ඕන එහි සුන්දරත්වය විඳින්න.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඔව් ඒක ඇත්ත..ගොවියට මනා සැලසුම් තිබුන තමන්ගෙ කුඹුර ගැන.නිසි කලට වතුර බැඳීම..පෝර ගැසීම වල් නෙලීම .......තව කොච්චරක් දේවල්ද..පෝස්ට් එකක් ලීවැකි.
Deleteඅපේ සීයලගේ ගෙදර වටේටම කුඹුරු. හැබැයි සීයගේ කුඹුර තිබුනේ හෙන ඈත. ඒ හින්දා ඒක මම අද වෙනකන් දැකල නෑ. ගොඩක් වෙලාවට සීයාගෙන් අපිට අලුත් හාල් ලැබුනා. සුවඳල් මටත් මතකයි. මම වැඩිපුරම කැමති තද රෝස පාට හාලක් තිබුනා, මොකක්ද මතක නෑ.
ReplyDeleteමට කුඹුරු අත්දැකීම ලැබුනේ ලොකු අම්මලාගේ කුඹුරෙන්. ලොකු අම්මා පන් පෙට්ටියක අහුරලා දෙන ඇඹුල බයිසිකලේ තියාගෙන වෙලට ගේන්නේ අයියලා. කෑමෙන් පස්සේ ගෙදර හැමෝම කුඹුරේ. අපිටනම් සෙල්ලම තමයි ඉතින්.
ලස්සන අතීතයක මිහිරියාව නේද...!
Deleteඅපූරු මතක. අපට නම් තාමත් කුඹුරු නම් තියෙනවා. ඒවගේම මමකුඹුරු වැඩටත් මනාපයි. ඒත් අපි තෝරාගෙන ඇති වෘතීන් නිසා කාලයේ ගැටළුවක් තියෙනවාය.
ReplyDeleteඒ ක තමයි හැමෝටම තියෙන ප්‍රශ්නෙ
Delete//අපේ ගෙවල් වලට වී පුරවල ගේන ගෝනි උඩ නගින එක අපේ ජොලිවැඩක් //
ReplyDeleteමටත් ඔය අත්දැකීම තියෙනවා. ඇත්තටම මරු ජොලි වැඩක්....
රසවත්, සුන්දර පෝස්ට් එකක්. මහින්ද කුමාර දළුපොත මහත්තයගෙ පොතක් කියෙව්වා වගේ දැනුනා.
ස්ථීර ආදායම් මාර්ගයක් තියෙන (ගොවිකම හැර) අය උනත් කුඹුරු කරන කාලෙට තමන්ගෙ පාරම්පරික ඉඩම පුරං වෙන්න නොදී වැඩ කරන හැටි මම දැකල තියෙනවා. ගොඩක් අය එහෙම කරන්නෙ ආත්ම තෘප්තියටයි, පුරුද්දටයි වෙන්න ඕන.
මහින්ද කුමාර දළුපොත මහත්මයා ..මම ආසම කරන චරිතයක්.... ස්තූතියි සිල්වා මතක් කලාට.
Deleteඇත්තෙන්ම මිනිස්සු ආත්ම තෘප්තියටයි. පුරුද්දටයි ගොවිතැන් කරන්නෙ කියන කාරනාව සත්‍යක්. අනික ගෙදර හාලෙ තියෙන විස්තර කරන්න වචන නැති නැවුම් රහට.
වක්කඩට තියන කිතුල කොටේට කියනවා කුඹහා කියලා. හුලංකරන්න කලින් වී ගොඩ බැත. කමත අතුගාන ඉදල බෝල් අත්ත. ගොයම් කොලය අවුස්සන ලිය දැතිගොයියා. මි හරකගේ බෙටි ගොංපස්.. පියසේන කහදගමගේ මහතාගේ පොතේ සියලුම කමත් වචක සෙට් එකම තියනවා මලේ..
ReplyDeleteනලීන් අයියා..ගොඩක් ස්තුතියි..බෝල අත්ත මම මතක් කරගන්න සෑහෙන්න උත්සාහකලා මතක් උන්නෑ පෝස්ට් එක ලියන්න කලින්.
Deleteනියමයි...වචන ටික හරි වටිනව.
පොත අරන් කියවන්න ඕන.
වී ගොවිතැන පාඩමක් කොරලා තියෙන්නේ.. වී ගොcඉතැන කොහොමත් පාඩුයි බොලල්ලා. ඕක රනිල් කිව්වාම, ඒ සත්තරං මනුස්සයා මරා ගන්න යනවා. ඇස් බීන් ලා කිව්වම, ඇත්ත තමයි කියනවා..
ReplyDeleteපාඩු උනත්.... ජීවිතයට හරි රහයි මාතලන් වීගොවිතැන. ගෙදර බත් ටික.
Deleteඅනික අදකාලෙ මොනවද ලාබ.
මේ පෝස්ට් එකේ තියෙන කරුණු ටික නම්
ReplyDeleteසෑහෙන්න වටිනවා වීයෝ..ඔන්න අද නම්
නමේ හැටියට ගැලපෙන වටින පෝස්ට් එකක් ...
නමේ හැටියට..:)))
Deleteකමෙන්ට් වලත් සෑහෙන්න කරුනු තියෙනව මචං.
ඔය වගේ විස්තර අහන්න ආසයි මොකද අපේ පැති වල ඕවා දකින්න නැහැ.
ReplyDeleteඔව් නේද.. නාගරිකයො උනාම ඔහොම තමයි.
Deleteඅයියන්ඩිය මේ පැත්තෙ ඇවිත් යනවද?
ReplyDeletehttp://nadiniabenayaka.blogspot.ae/2013/03/3.html
ගියෙමි,බැලුවෙමි,...!
Deleteමේ දවස් වල ඔය වගේ අපේ දේවල් ගැන කතා වෙන්නෙත් අඩුවෙන්. අපේ මිනිස්සුන්ට ඒක අවනම්බුවක් වෙලා තියෙන්නේ ගොවියෙක් කියන එක.
ReplyDeleteපහුගිය ටිකේ එපාවෙල තිබුනෙ බං...ඉවරයක් නෑ බ්ලොග් විනාසයි කියල හිතුවෙ මරාගන්නව කුනුහරප කියනව.
Deleteගොවිකම අපේ ජානවල තියෙනව බං..!
මට මතකයි ඒ කාලේ අපේ කුඹුරුවල වැඩ කරද්දී. අපිට වී කුරිනි 24ක් තියෙනවා. එත් එකම තැන නෙවෙයි තැනින් තැන. තාත්තල තවමත් කරනවා. හැමදාම මොකක් හරි ලෙඩක් හැදිලා අස්වැන්න අඩුවෙනවා. කොහොම වුනත් මාස 5-6 ඇති වෙන්න හාල් ගන්නවා.
ReplyDeleteගොයම් කපපු කාලෙට ක්‍රිකර්ට් ගහන්න තමා වැඩියෙන් ආස.
ඕව් බං ඇයි එල්ලෙ ගහන්නෙ වෙලේනෙ. හයියෝ..........උඹල මගෙ මතක අවදි කරනවනෙ...තව පෝස්ටුවක් ලියන්න හෙතෙනව..!
Delete