ටවුමෙ ඉඳල අපේ පන්සලට ඕන්නම් හැතැක්ම බාගයක් ඇති.වංගු දෙක තුනක් පහුකල ගමන් ඈතට පේන්න වම් අත පැත්තෙ කන්ද උඩ තියෙන්නෙ.
පන්සලට අල්ලපු වත්ත ඉස්කෝලයගෙ වත්ත.
නැති තැන එහෙම කිව්වට මූණට නම් එහෙම කියන්නෙ නැහැ.පලාතෙ ප්‍රසිද්ධ ඉස්කෝලෙක වයිස් ප්‍රින්සිපල් කෙනෙක් උන එතුමා ගමේ ප්‍රභූ කෙනෙක් විදියටයි සැලකුවෙ. තල එලළු හීන්දෑරි මුන්නැහේ කොහේදෝ දුර පලාතකින් ඇවිත් බින්න බැහැලයි කියල තමා ගමේ අය කියන්නෙ. ලමයි නැතිව හිටියත් බොහෝම ලෝභ කෙනෙක් විදියට තමා සැලකුනේ. ගමේ කොල්ලො එකතුවෙලා කරන මොනයම් හෝ කටයුත්තකට කීයක් හෝ ලබාගන්නවාය කියන්නෙ...ඉබ්බගෙන් පිහාටු ගන්නව වගේ තමා.මේ නිසා අපේ කොල්ලො සෙට් එකට මුන්නැහේ වහ කදුරු වගේ තමා.
ඉස්කෝලයගෙ ගෙදරට ගෙවල් දෙකක් විතර උඩින් අපි දන්න කියන තැනක මලගෙයක් තිබුන. තොරණ ගහමුයි කියල සුදු මහින්දය අපට කලින්ම දැනුම් දීල තිබ්බ නිසා අපිත් රාත්‍රී ආහාර කිසත් අරගෙනම ඒ පැත්තට ගෑටුවේ අවශ්‍ය කියන උපකරන කීපයකුත් අරගෙනමයි.
සාමාන්‍යයෙන් මලගෙදරක රිජිෆොම් වලින් තොරනක් ගහනවා කියන්නෙ අමාරු රාජකාරියක්.ඔක්කොටම වඩා අමාරු අකුරු කපන එක තමා.ඉංග්‍රීසි අකුරු වගේ නෙවේනෙ සිංහල අකුරු රවුම් ගතිය වැඩියි. ඒ නිසා හොඳට කැපෙන පිහි උවමනා වෙනව මේ කාරියට. අපි සා.පෙ ලියන කාලෙ නිසා අපිට දැන්තියෙන නානා ප්‍රකාර පිහි තිබ්බෙත් නෑ.
මේකටත් අපි උපක්‍රමයක් හොයාගෙන තිබුන. යකඩ කපන කියත් තලයක් අරගෙන ඉන් බාගෙට කඩල ලියවන පට්ටලයකට දීල එක් කොනක් උලක් වෙන්නත්, හොඳින් මුවහත් වෙන්නත් ලියවාගන්නව.මේ කාරියට යකඩ කපන කියත්තලයක්ම යොදාගන්නෙ..අනෙක් හැම පිහියක්ම රිජිෆෝම් කපනකොට ඉක්මනින්ම හං වෙන නිසා .
පිහිදෙකකුත් අරන්ගියේ තවත් කෙනෙක්ගෙ සහයෝගය මට ලැබෙන නිසා.
ටිකක් රෑවෙන්න ඇරල අපේ වැඩේ අපි පටන් ගත්ත. වේලාසනින් පටන් ගන්නබැරි පලාතෙම ඉන්න පොඩිඈයො ටික වටේට පිරුනාම කිසිම දෙයක් කර ගන්න බැරි නිසයි.
වටේට ඉන්න මල්වට්ටි දිහාත් බලන ගමන් , ටොම්පචකාරයින්ගෙ ඉල ඇදෙන කතා අහන ගමන් වැඩේ කරගෙන යනව. රෑ 12 පහු උනා විතරයි අපේ ඉන්න වසූරියය්..කෝඳුරුවයි..එහාට ඇඹරෙනව , මෙහාට ඇඹරෙනව.
ඔහොම මෙහෙම තවත් හෝරාවක් ගෙවුන.
"මෙහෙම ඉන්න බෑ බං...බඩ පපුව දනව..මේ ප්ලේන්ටිම බීල..!"
"ඉතිං..!"
"මරුවැඩක් තියෙනව." වසූරිය කියනව.
අපි කර කර හිටිය වැඩේ නවත්තල ඒ පැත්ත බැලුව.වැඩේ බාරගත්ත සුදුමහින්දය..පුටුවක් උඩ කකුල්දෙක තියාන තවත් පුටුවකට බරවෙලා සරම ඔලුවෙ ඉඳල පෙරෝගෙන නිදි. කොහොම ඉන්නද අපේ බිලට දාල මූ කරේ තව දෙතුන් දෙනෙක් එක්ක ගල් බෝතල් කීපයකට වගකියපු එකනෙ.
අපේ ගැන් එකේ එකෙක්වත් ඒකාලෙ අරක්කු බිව්වෙ නැති උනාට,කොච්චර ගමේ කම තිබ්බත් අරක්කු මූඩියක්වත් දෙන්නැතිව මලගෙවල් වල සමහර වැඩ කරවගන්න අමාරුයි.
"මේ... ඉස්කෝලයගෙ දොරකඩ තියෙන කුන්දිරා ගහේ වලු බිමට පාත්වෙලා..ඉනිත් ගහල තියෙන්නෙ බං.."
කට්ටියගෙම මූනෙ ගිය හිනාව හරියට තමන්ගෙ ගෑණුලමය මූනට මුලිච්චි උනාම නැගෙන හිනාව වගේ..!
"වැඩක් නෑ බං ඕක කුනානෙ අහැරගෙන ඇති දැනටමත්.."
"නෑ බං අන්න ආරි බාප්පත් එක්ක ඕමියකට සෙට් වෙලා..දැන් ඉතිං තව පැය තුනකටවත් නැගිට්ටා බොරු."
මම අර පිහිදෙකත් අතට අර ගත්ත..තොරණ පාලුවට තියල අපි හැමෝම පල්ලම් බැස්ස කාටවත් නොදැනි.
මමත් පුතාත් මහපාරෙ ඉස්කෝලයගෙ ගේට්ටුව ගාව ඔත්තු බලද්දි..සනා,කෝඳුරුව,වසූරිය,ජූඩි...තාප්පෙන් පැනල වත්තට ඇතුලු උනා. ඇතුලෙ මොනවද වෙන්නෙ කියල කිසිම දෙයක් පේන්නෙත් නෑ..ඇහෙන්නෙත් නෑ..
විනාඩි 10ක් යන්නැති..ඈතින් වාහනයක් ආවත් අපි ඒතරම් ගනන් ගත්තෙ නැති උනත්..ලඟටම එනකොටයි දැක්කෙ....
පොලීසියෙ පැට්‍රෝල් යන ජීප් එක..අපි ටිකක් විතර ඩිම් උනා.
"බ්රාස්........" ඒකසැරේට බ්‍රෙක් ගැහැව්ව,නැවැත්තුව.
"එකෙක් දුවන්නෑ..".ජීප් එකේ දොරක් ඇරෙන ගමන් බැස්ස රාලහාමි කෙනෙක් කියාගෙන අපිගාවට ආව.
චූ යන්නත් වගේ...!හයියෝ...!
"මොකද තොපි මෙතැන කරන්නෙ.."
"අ..අපි මලගෙදර ආව..,හපෝ මුගේ තිබ්බ මරුමුස් පාට ඒ මදිවට බීලද කොහේද..!
"මෙහේට වර..."
අපිව ජීප් එකේ ලයිට් එලිය ගාවට ගත්ත.
"මලගෙයක් කොයේද බොල මෙතැන.."
"අර උඩහ... "පුතා දිග අරින්න බැරුව වගේ අත බාගෙට දිග්ගස්සලා පෙන්නුව.
"බොරුනේද බොල කියන්නෙ..පෙන්නාපියව් සාක්කු..."
විනාසයි..මුලින් පුතා පෙන්නුව. ඊලඟට මම...
"ආ..මේ තියෙන්නෙ බඩු...පිහිදෙකක් නේද...තොපි මංකොල්ල කනව නේද..!"
මගේ කලිසමෙන් අල්ලන ගමන් අහපි..
"නෑ..නෑ මේ මලගෙදර..තොරණ ගහන්නෙ අපි..ඒකයි මේ පිහි දෙක."
"පිහි මොකටද බොල තොරන් ගහන්න.."
දැන්නම් මේ වෙලාවට නැති කට කොස් කන්නයැ.
"ස්..සර්..මේ පිහි වලින් තමා රිජිෆෝම් කපන්නෙ."
"හා..ඔය කියන්නෙ..එතකොට තොපි මෙතැන මොකද කරන්නෙ.."
"නිදිමත යන්න කියල ටිකක් ඇවිදින්න ආව.". මම කිව්ව.
ඔන්න එතකොටම වගේ ..මහ ඝෝෂාවක් ඇහුනම අපි හැමෝම ඒ පැත්ත බැලුව.
මලගෙදර ඉන්න මහ සෙනඟම ටෝච් ගහගෙන ,හුලු අතු දල්වාගෙන පාරට එනව. බැලින්නම් තාප්පෙන් පැන්න උන් ටික මලගෙදරට ගිහින් විස්තරය කියල හැමෝම එක්කරගෙන ඇවිල්ල අපිව බේරාගන්න.
ජීප් එක ඇතුලෙ ඉඳල තව ලොකුමහත්තැන් කෙනෙකුත් බැහැල ආව එතකොටම. හැමෝටම කතාකරල වැරදීමක් උනේ කියල යන්න ගියා.
හැබැයි එහෙම උනේ නැත්තං උන් අපිව බයිට් එකට අරන් කූඩුකරනව.
ඒකෙන් බේරුනා කියමුකො..මිට වඩා හොඳයි කූඩුවෙ ලැග්ගනම් කියල හිතුනෙ...මලගෙදර ඉන්න,,ආච්චිල,සීයල ගෙ පටන් අපේ කට්ටිය පැණිපෙරපු ගෑල්ලමයි දක්වාම විස්තරය අහනකොට කියල ඉවරයක් නැති උනාමයි.
කොහොම කොහොම හරි කට්ටිය එහා මෙහා වෙනකං ඉඳල...කෝඳුරුව කියපි,
"දැන්වත් යමුද අර ටිකට මොනව හරිකරල එන්න."
"මොකක්..?" මම හිතුවෙ මුන් ආයිත් වැඩේට යමු කියනව කියලයි.
මොන මලගෙදරට ටිකක් දුරින් තිබ්බ කුරුඳුගස් ගොඩක් අස්සෙ..මේන් කුන්දිරා වලු දෙකක් බැබලි බැබලි..හඳ එලියට දිලිසෙනව..හැක්..හැක්...හැක්...හිනාගිය පාරට මට ඉස්මොල්ලෙත් යනව තව පොඩ්ඩෙන්.
අපි අරහෙ පොලීසියත් එක්ක ඔට්ටු වෙන අතරෙ මුන්ටික ගේම දීල...
ඒවටත් වග කියල...තොරණත් ගහල දෙයියනේ කියල එලිවෙන ජාමෙ ගෙදර ආව.