Wednesday, May 30, 2012

බුලත් අතක් දීලම ආරාධනා කරන්න කියල ආවෙ...

ඉතිං අවසරයි.....!




සිංහල බ්ලොග් අවකාශයට සම්භන්ද වෙලා මාස 4ක් වගේ තමයි වෙන්නෙ.ඒකත් ඉතිං කියවිල්ලට විතරයි, විශේෂයෙන් සිත් ගත් බ්ලොග් කිහිපයක්ම තිබුන. ජීවිත අත්දැකීම් ,කතා,තාක්ෂණික ලිපි මේ ..නොයෙක් නොයෙක් ලිපි නිසා මටත්,හීනිවට හිතුන බ්ලොග් එකක් ලියන්න ඕන කියල.


ම්...ම්..මොනවද..? ලියන්නෙ.ඇයි ඔය ලියල තියෙන්නෙ..තමන්ට වුනු පිස්සු හැදෙන කතා.., තාක්ෂණික  ලිපි..,
අනේ ඉතිං මං දන්න තාක්ෂණය ඕං ගෙයක් හදන්න යන කෙනෙක් උපදෙසක් දෙන්න කිව්වනං ඕන්න දෙන්න තිබ්බ.


ඊලඟට අග්න්‍යාසයයි..ආමාශයයි..මාරුවෙන තරමට පනපලයන් කියල හිනායන එව්වා, ඒපාර එක එක දේවල් ගැන කෙරෙන විග්‍රහ..ඔය වගේ එකී නොකී දේවල් දැක්කත්,
මම දු‍ටුව හොඳම දේ තමයි හිත හොඳ මිනිසුන් රාශියක් මේ වටා ඉන්නවයි කියන එක. ඒ අතරෙ හිත් බි‍ඳෙන දේවල් ද..නොදු‍ටුවා නොවේ. ඒත් මේක හරි සුන්දර වැඩක් විදියට මට පෙනුනා.


ඔව් ...මම පටන් ගන්නව,


ඊලඟ ප්‍රශ්ණය..කොහොමද..බ්ලොග් එකක් කරන්නෙ..බ්ලොග් අවකාශෙ  ඉන්න අයට ඒතරම් වැඩක් නොවුනට අපිවගේ අලුත් එව්වොන්ට මේක හරි ප්‍රශ්ණයක් මම ඉතිං පණ දාගෙන හොයාගත්තා..  ,සෑම දෙයක්ම ලියන රනුල් හසික  මහත්මයාටත්,L.k Downlods ලියන සනෝජ් තරංග මහත්මයා, වගේ අයට ස්තුතියි. තවත් ඒව ඇති මට මේවායින් මූලික දැන්නුම ලැබුන.


එතකොට දැනට කාඩ් දදා පාවිච්චි කරන අනාගතය ගැන කියකිය ඇඩ් දාන කොම්පැනියෙ කනෙක්ෂන් එකක් ටිකක් කට්ටක් කාලා බිල් කනෙක්ෂන් එකක් ගත්තා ඒකත් හරි රසවත් කතාවක්. ඒක බ්ලොග්  ලිපියක් විදියට පස්සෙ දාන්නම්. හැදුව ඒපාර වැරදි ,වැරදි බ්ලොග් එකක්. ඒකට නමක් හොයන්නත් ලොකු කට්ටක් කෑව..
ඒත් මට හිතෙන විදියට හොඳ නමක් ලැබුන.නෙලුම් විල ලියන බින්දිත් කියල තිබුන නම ලස්සනයි කියල..
ගොඩක් අයට කමෙන්ට් වලින් නම් සහයෝගය නම් දැක්වුව.ඒත් ෆලෝ කරන්නනම් තවම පුලුවන් උනේ ටිකයි ඉතිරි ටික ඉස්සරහට කරනව.


හැම දේම කරන ගමන් රස්සාව කරගන්නත් එපැයි..නැත්තම් ඉතිං හුලං තමයි..!
ඊළඟට..සිංහල ටයිප් කරන හැටි...ඒකට ස්තුතිය..සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයේ සාමාජිකයකු උන තමීර සේනානායකට. ඒකියන්නෙ සිංග්‍රීසි වලින් තමයි ලියන්නෙ.


තව... මම ඉතිං අලුත්ම අලුත්නෙ..ඒක නිසා වැරදීඑහෙම උනොත් සමාව ඉල්ලනවා මුලින්ම..මට උදව් කරන්න..පුලුවන් විදියට ලියන්නම්.. ස්තුතියි  සියලු දෙනාටම....


බත බුලතින් සරුවේවා...!