ඉතිං අවසරයි.....!
සිංහල බ්ලොග් අවකාශයට සම්භන්ද වෙලා මාස 4ක් වගේ තමයි වෙන්නෙ.ඒකත් ඉතිං කියවිල්ලට විතරයි, විශේෂයෙන් සිත් ගත් බ්ලොග් කිහිපයක්ම තිබුන. ජීවිත අත්දැකීම් ,කතා,තාක්ෂණික ලිපි මේ ..නොයෙක් නොයෙක් ලිපි නිසා මටත්,හීනිවට හිතුන බ්ලොග් එකක් ලියන්න ඕන කියල.
ම්...ම්..මොනවද..? ලියන්නෙ.ඇයි ඔය ලියල තියෙන්නෙ..තමන්ට වුනු පිස්සු හැදෙන කතා.., තාක්ෂණික ලිපි..,
අනේ ඉතිං මං දන්න තාක්ෂණය ඕං ගෙයක් හදන්න යන කෙනෙක් උපදෙසක් දෙන්න කිව්වනං ඕන්න දෙන්න තිබ්බ.
ඊලඟට අග්න්‍යාසයයි..ආමාශයයි..මාරුවෙන තරමට පනපලයන් කියල හිනායන එව්වා, ඒපාර එක එක දේවල් ගැන කෙරෙන විග්‍රහ..ඔය වගේ එකී නොකී දේවල් දැක්කත්,
මම දුටුව හොඳම දේ තමයි හිත හොඳ මිනිසුන් රාශියක් මේ වටා ඉන්නවයි කියන එක. ඒ අතරෙ හිත් බිඳෙන දේවල් ද..නොදුටුවා නොවේ. ඒත් මේක හරි සුන්දර වැඩක් විදියට මට පෙනුනා.
ඔව් ...මම පටන් ගන්නව,
ඊලඟ ප්‍රශ්ණය..කොහොමද..බ්ලොග් එකක් කරන්නෙ..බ්ලොග් අවකාශෙ ඉන්න අයට ඒතරම් වැඩක් නොවුනට අපිවගේ අලුත් එව්වොන්ට මේක හරි ප්‍රශ්ණයක් මම ඉතිං පණ දාගෙන හොයාගත්තා.. ,සෑම දෙයක්ම ලියන රනුල් හසික මහත්මයාටත්,L.k Downlods ලියන සනෝජ් තරංග මහත්මයා, වගේ අයට ස්තුතියි. තවත් ඒව ඇති මට මේවායින් මූලික දැන්නුම ලැබුන.
එතකොට දැනට කාඩ් දදා පාවිච්චි කරන අනාගතය ගැන කියකිය ඇඩ් දාන කොම්පැනියෙ කනෙක්ෂන් එකක් ටිකක් කට්ටක් කාලා බිල් කනෙක්ෂන් එකක් ගත්තා ඒකත් හරි රසවත් කතාවක්. ඒක බ්ලොග් ලිපියක් විදියට පස්සෙ දාන්නම්. හැදුව ඒපාර වැරදි ,වැරදි බ්ලොග් එකක්. ඒකට නමක් හොයන්නත් ලොකු කට්ටක් කෑව..
ඒත් මට හිතෙන විදියට හොඳ නමක් ලැබුන.නෙලුම් විල ලියන බින්දිත් කියල තිබුන නම ලස්සනයි කියල..
ගොඩක් අයට කමෙන්ට් වලින් නම් සහයෝගය නම් දැක්වුව.ඒත් ෆලෝ කරන්නනම් තවම පුලුවන් උනේ ටිකයි ඉතිරි ටික ඉස්සරහට කරනව.
හැම දේම කරන ගමන් රස්සාව කරගන්නත් එපැයි..නැත්තම් ඉතිං හුලං තමයි..!
ඊළඟට..සිංහල ටයිප් කරන හැටි...ඒකට ස්තුතිය..සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයේ සාමාජිකයකු උන තමීර සේනානායකට. ඒකියන්නෙ සිංග්‍රීසි වලින් තමයි ලියන්නෙ.
තව... මම ඉතිං අලුත්ම අලුත්නෙ..ඒක නිසා වැරදීඑහෙම උනොත් සමාව ඉල්ලනවා මුලින්ම..මට උදව් කරන්න..පුලුවන් විදියට ලියන්නම්.. ස්තුතියි සියලු දෙනාටම....
බත බුලතින් සරුවේවා...!
ඉස්සරවෙලාම ආපු මම බ්ලොග් ලෝකෙට සාදරයෙන් ඔබව පිලිගන්නවා සුබගමනකට ආසිරි
ReplyDeleteස්තුතියි...! බොහෝම..
Deleteකියාගන්න බැරි සතුටක්.. දැනෙනවා..
්‍ආරාධනාව පිළි අරගෙන මාත් ආවා මේ පැත්තට. ජය වේවා !..
ReplyDeleteස්තුතියි...! ඔබටත්.
Deleteදිගු ගමනකට සුබ පැතුම් !!!
ReplyDeleteජයම පතමි !!!
සතුටක් ඔබගේ පැමිනීම.. ඒවගේම ධෛර්‍යයක් ..ස්තුතියි..!
Delete//බත බුලතින් සරුවේවා...!//
ReplyDeleteබ්ලොගවකාශේ ටිකක් අඩුවෙන් දකින්න ලැබෙන හොඳ යෙදුමක් :)
දිගු ගමණකට සුබ පැතුම්!
හොඳයි.. නේද..? අද කාලෙට ගැලපෙන්නත් එක්ක..
Deleteස්තුතියි.. ආවාට.. ආයිත් එන්න..ලඟදිම.. පෝස්‍ටුවක් දානවා...!
දිගු ගමනකට මගෙන් කෙටි සුබ පැතුමක් !!
ReplyDeleteස්තූතියි....බ්ලොග් අවකාශෙ ජනප්‍රිය සඳරුගෙ බ්ලොග් එක නිසා තමයි..
Deleteමමත් මෙතනට ආවෙ. ආයිත් එන්න.
ඔන්න අපිත් ආවා.සුභ පැතුම් හැටට හැටේ ලියමු ඉතින්...
ReplyDeleteඔව් ..ඔව්..එහෙම තමයි හිතන් ඉන්නෙ..!බොහොම ස්තුතියි ආවාට..ආයිත් එන්න.
Deleteඔන්න ඉතිං හඳුන්වාදීමේ කතාවෙං පස්සෙ දාන්ඩ එළකිරිස් ටොප් කතාවක්.
ReplyDeleteඅනිවා .... මට මේ හිතාගන්න බැරිව ඉන්නෙ.. මොන කතාවද..? දාන්නෙ කියල..
Deleteබොහොම ස්තුතියි ආවාට..ආයිත් එන්න.
හිස් අහසෙන් දෑකලා ආවෙ..දිගු ගමනකට සුභ පැතුම් මගෙනුත්....
ReplyDeleteඔව්.සොයුරිය...හිස් අහසෙන් පොදු ආරාධනාවක් කලා...(ගෑල්ලමයකුත් ආවාට සතුටුයි..!)
Deleteබොහොම ස්තුතියි ඔබටයි..!
ගිනි ගින්දර.... පටන් ගත්තා නේද වීයෝ වැඩේ... :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
එහෙමයි...! වී අටුකොටු පිරෙන්ඩ කියල ආයි එන්ඩ..ආයිබොවන්..!
Deleteදැන් නවක බ්ලොග් කරුවො බොහෝ දුරට බ්ලොග් ගැන දැනුවත්. මම පටන් ගත්තේ පොල්ලෙන් ගහනව වගේ එක පාරට. ඊට පස්සේ තනියම ලිය ලිය ඉදලා අනිත් බ්ලොග් කියවන්න ගත්තම තමා යාළුවෝ හැදුනේ. දැන් අය බ්ලොග් කියවලා දැනුමක් අරන් ලිවීම පටන් ගන්නවා. එයම හොද ආරම්භයක්.
ReplyDeleteජයෙන් ජය..
ස්තුතියි.. සෑම්..
Deleteඔබේ පැමිනීමත් සතුටක්.ඒ පැත්තෙනම් නිතරම යනවා.
පෝස්ට් එකක් ලියන්න ගියත් එහෙම තමයි..අත්දැකීම් අඩුනිසා කතා කොච්චර තිබුනත් ගලපගන්න ගොඩක් කාලයක් යනව..
මුලින්ම අපි ඔබව සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් ආවකාශයට.
ReplyDeleteදිගු ගමනක් යන්න සුභ පතනවා.වෙලාව අරගෙන හෙමිහිට ලියන්න හැමෝම එතකොට ආස හිතෙයි.
ජයෙන් ජය!!
බොහොම ස්තුතියි..ඔයාලගෙ උපදෙස් ගොඩක් වටිනව...! ආයිත් එන්න..
Deleteමගෙනුත් සුබ පැතුම් :) දිගු ගමනක් යන්න ලැබේවා...
ReplyDeleteබොහොම ස්තුතියි...! සයුරි..
Deleteසිංහල බ්ලොග් අවකාශේ දිගු ගමනකට සුබ පැතුම්
ReplyDeleteකාලෝ අයන්තේ..........
බොහොම ස්තුතියි...! හසිත ආයිත් එන්න..!
Deleteදෙයියනේ.. මම මේ අහම්බෙන් දැක්කෙ.. මගේ බ්ලොග් එකට අඅපු මුල්ම කාලෙ මම බැලුවාම ඔයාගෙ බ්ලොග් එක පටන් අරන් තිබ්බෙ නෑ.. පසුව ලියනවා කියලා තිබුනු නිසා ම්ම හිතුවා පටන්ගත්තාම කියාවි කියලා..
ReplyDeleteකොහොම කියන්නද නේද? බුකියෙ මුනගැහිලාත් නෑනෙ මම..සතුටුයි!!!
හුඟාක් දිග ගමනකට මගෙන් උණුසුම් සුභ පැතුම්!!!
බොහොම ස්තුතියි හිතූ....!මම බුකියේ නැහැනොවැ..!
ReplyDeleteආ.. වී ලොක්කා.
ReplyDeleteමොකෑ මේ පරන ඒව ආයෙ උඩට ඇවිල්ල හිටං.
ඔන්න මගෙනුත් සුබ පැතුම්... දිගු ගමනක් යන්න ලැබේවා...
ReplyDeleteටෞකන්ඩ පරණ ඒවා..
ReplyDeleteඋඩට දාලා වීයා
අලුත් එකක්...අලුත් එකක්..ඕනේ
ReplyDeleteමෙහෙම හරි යලි මතු වීම වටිනවා වීයා. වීයා කිවුවේ හෙන්රි. මම ඒත් හිතුවා ආපහු ලියන්න පටන් ගත්තා කියළා. ඒ වගේ සුබ ලකුණක් මේකේ පේන්න තියෙනවා. මේ සතියේ බොහෝ දෙනෙක් ආපහු ලියන්න පටන් අරගෙන. මෙහෙම පරණ පොස්ට් එකකට කමෙන්ට් කළාම, ඒක සබ්ස්ක්‍රයිබ් කරළා ඉන්න හැමෝටම මේක යනවා. ඉතිං ඒකෙන් පරණ අයට ආපහු ලියන්න උත්තේජනයක් එන්න පුළුවන්.
ReplyDelete