මාත් එක්ක අත්වැල් බැඳයන්නට..
එනවද.. සංසාරෙ පුරාම....
අහන්න හිතෙනවා.. මට..!
ජීවිතය පොදි බැඳගෙන..
සතුටු සිනා උතුරාගෙන..
නැහැ ගලා ගියේ මල් යහනාවක...
විටෙක ඇනුම් බැනුම් අසාගෙන...
සෙනෙහස දෝතට තුරුලු කරගෙන...
මහ මෙරක් උසට බලාපොරොත්තු ගොඩනැගුවා නුඹ මට...!
මගේ පැල්පත එළියකරගෙන...
හැමදාමත් ඉන්නවාද මා අසලින්ම...
අහන්න හිතෙනවා... මට..!
මල් වගේ පැංචියෝ දෙන්නෙක්ම..
නුඹේ ප්‍රේමය නිසා දුන් මට...
හැකිවෙයිද ...පතන්නට..!
සුභ උපන්දිනයක් වේවා නුඹ හට..!
සුපුරුදු පිරිමි ගතිය මතු උනානොවැ...."අමතකවීම"
හිටියෙත් කතරගම....ඒකත් එකහේතුවක්..!
පින්තූරෙ මෙතනින්..,http://www.flickr.com/photos/phoechan/7820232546/
මිසිස් වී ට සුභ උපන් දිනයක් කියලා පතනවා..!
ReplyDeleteඅදහස ලස්සනයි.. :)
හාමිනේ දොස් තිබ්බේ නැද්ද උපන් දිනේ අමතක වුනාට?
මූන හට්ටි දෙකක් විතර ඇති...! දවසෙම
Deleteස්තුතියි මචං..!
තාම උඹ ගෙදර ගියෙ නැද්ද.. එහෙමන ගියාට පස්සෙ හම්බවෙයි..
ReplyDeleteවී පොකුරිට සුභ උපන්දිනයක් වේවා!!!
නෑ මචං ගෙදර ඊයෙ ආවෙ හවස..!
Deleteස්තුතියි මචං..!
හප්පේ බොරුවට පොස්ට් දාලා තම්බන්නද හදන්නේ... එල කිරි කවිය මමත් මේ වගේ දෙයක් කොපය් කොරන්න ඕනේ අපේ මායියට දෙන්න. අයියේ අක්කට සුභම සුභ උපන් දිනක් පැතුවා කියලා කියන්න කෝ....
ReplyDeleteආයිත් අහල..!
Deleteකෝරලේ මහත්තය කිව්වොත් ඉතින්....!
ස්තුතියි...මචං.!
''හැකිවෙයිද පතන්නට සුබ උපන්දිනයක් ''කෑල්ල ආපු විදිහ මට නම් හිතාගන්න පුළුවන් .
ReplyDelete''ඉහි ඉහි දැන් එන්න එපා මෙතන විශ් කරන්න . ඊයේ මතක්වත් තිබුනේ නැහැ .''
බය වෙන්න එපා අඳුරු අහස වැස්සට පස්සේ වැඩියෙන් ලස්සන වෙනවා .
විපොකුරිට මගෙනුත් සුබ උපන්දින පැතුමක් මෙන්න .
හ්ම්...හ්ම්...බින්දිත් ඉතිං අත්දැකීමෙන්ම දන්නවා ඇති නොවැ..
Deleteටක්කෙටම කිව්ව..!!
එහෙනං ...එහෙනං ...!!!!
ස්තුතියි ඔයාටත්..!
අපෙත් සුභ පැතුම්....,
ReplyDeleteකවිය ඒල....
ස්තුතියි මචං..!
Deleteඇයට සුභ උපන් දිනයක් කියලා මමත් පතනවා... හිටියෙ කතරගම නම් කළු දොදොල් කෑල්ලක් කවලම සුභ පැතුවා නම් වැඩේ ගොඩ යයි...
ReplyDeleteහොඳටම වැස්ස මචං...!දන්නවනෙ..කතරගම වහිනකොට පොලවෙ අඩියක් තියන්න බැහැ...හැමතැනම...මඩ..!
Deleteමම ඉතින් ඉගිල්ලුනා ...ආව..මොකවත් ගත්තෙ නැහැ..!
සිරාටත් ස්තුතියි මචං..!
අනේ... මිසිස් වී ට, සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කලා කියන්න හිතූ!!
ReplyDeleteකියන්නම්...අනිවා නංගෝ...!
Deleteඔයාටත් ස්තුතියි..!
ආ.... ඔය අමතක වීම නම් එතරම් හොඳ දෙයක් නෙමේ.. අනිත් එක..ඔය වගේ සුට්ටං සුට්ටං දේවල් අමතක කරන්නත් එපා..මොකද කෙල්ලකට වටින්නෙ මං කිව්වා වගේ සුට්ටං සුට්ටං දේවල් තමා...
ReplyDeleteඔන්න වී පොකුරිට අපිත් සුභ පතනවා...සුබම උපන්දිනයක් වේවා !
ඒකනම් ඇත්ත ලිහිනියෝ...!
Deleteපොඩි දේත් මහමෙරක් කරගන්නව තමා..!
ඔයාටත් ස්තුතියි..!
අමතක වීම තමා නරක වැඩේ..පව් හලෝ..දුක හිතෙන්න ඇති නේ.. ඔන්න අපිත් ආදරෙන් සුභ පැතුවා කියන්න අක්කිට හ්ම්ම් :)ජයම වේවා සහෝ!
ReplyDeleteඔබ ලියූ වචන ටිකත් හරිම අපූරුයි සහෝ!
ReplyDeleteකාන්තාවනට බොහොම සුළු දේටත් දුක හිතෙනවා නේන්නම්..
Deleteනිවාර්යයෙන්ම කියනවා හිරු..!
ස්තුතියි ඇගයූවාට..!
ඔබටත් ජයහේ...!
ඔන්න නරක වැඩක් කරලා..!ඇයි එහෙම අමතක වෙන්නේ හ්ම්..!ගැහැණු පරාණ ඔය වගේ දේවල් වලින් සතුටු වෙන තරම කියන්න බැරි තරම්,ආයෙත් එහෙම බැහැ එහෙම ඔන්න.පරක්කුවෙලා හරි ඔන්න මමත් සුබ පැතුවා කියන්න වී පොකුරිට!සුභ උපන්දිනයක්!
ReplyDeleteහ්ම්...ඒක ඇත්ත රෙහානි..!
Deleteමම කියන්නම්..!
ස්තුතියි ඔයාටත්..!
වී පොකුරිට මමත් සුභ උපන්දියනක් කියල පතනවා....!!!
ReplyDeleteමහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි කියලා කියනවලු නේ....... :)
ස්තුතියි සමනලී....!!
Deleteඑහෙනං....මාත් ආසම සිංදුවක් සෝමතිලක ජයමහ මහතාගෙ.
කවි ටික එළකිරි මචං!!
ReplyDeleteවී පොකුරි සහෝදරියට සුබම සුබ උපන් දිනයක් වේවා!!
ස්තුතියි චන්දන....!!
Deleteවී පොකුරි, ඔයාට සුභම සුභ උපන්දිනයක්.
ReplyDeleteවිශේෂ ඉල්ලීමයි. උපන් දිනේ, එතකොට වෙඩිං ඇනිවර්සරි එක අමතක වෙන එක පිරිමියාගෙ ජානවල තියෙන ලක්ෂණයක්. මමත් පොර වගෙ ඕවා මතක තියාගෙන ඉන්නෙ ෆෝන් එකට පින් සිද්ධවෙන්නයි. ඒකෙන් ආදරේ අබමල් රේණුවක තරමක්වත් අඩුවෙලා කියලා අදහස් වෙන්නෙ නෑ. ඒ අපේ හැටි. ඒක හදන්න බෑ. ඒ නිසා අපේ වීයාට සමාව දෙනවා නේද මේ හොඳ දවසෙ?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අන්න මචං ටොක් එක...හෙටම පෙන්නන්න ඕන...:))))
Deleteස්තුතියි මචං..!
සුබම සුබ උපන්දිනක් වී අක්කේ :)
ReplyDeleteහරිම නෝටි හස්බන්ඩ කෙනෙක් නේද මෙයා..??
හෙට දවසේ ලන්ච් එක කපාහරින්න දඬුවමක් විදිහට :ඩී
හය්යූ ..ලන්ච් එක...!
Deleteනෑ නෑ නෝටිනෑ....උඩින්ම ලියල තීන්නෙ..!
ස්තූතියි ප්‍රමුදි...!
සුභම සුභ උපන්දිනක් කිව්වා කියන්න අයියේ.
ReplyDeleteකියන්නම් නිශාන්..!
Deleteස්තුතියි...මචං..!
මගේනුත් සුභ පැතිම ඇයට.
ReplyDeleteස්තුතියි...ගයානි..!
Deleteවී අක්කට සුබ උපන්දිනයක් වේවා කියන්න. :) හැඟීම් බර විදියට ලියල තියනවා..
ReplyDeleteආ ඒක නෙමෙයි, කවුද කිව්වේ අමතක වීම පිරිමි ගතියක් කියලා? හිහි
ස්තුතියි..සයුරියේ..!
Deleteඈ ඒක එහෙම එකක් නෙවීද..? එහෙනං සයුරිටත්...අමතක වෙලා තියෙනව....!
එතුමියට සුබ උපන් දිනයක් වේවා .,,!
ReplyDeleteබොහොම ස්තුතියි ගාමිණි අය්යා..!
Deleteඔබගෙ පැමිනීම සතුටක්..!
මිසිස් වී ට මමත් සුභ උපන්දිනයක් කියල ප්‍රාර්ථනා කරනව.
ReplyDeleteඋඹට අමතක උනාය කිව්ව! එහෙනම් ඔය පැත්තට ගිගිරුම් සහිත වැසි තියෙන්න ඇති නෙහ් ...
මටත් ඔය උපන්දින වගේ දවස් මතක හිටින්නෙ නැහැ සාමාන්‍යයෙන්. සමහරදාට මගේ උපන්දිනෙත් මට අමතක වෙනව ගෙදර අය මතක් කරනකම්.
ස්තුතියි මචං..!
Deleteගිගිරුම්.....ම්හ්...අහස අඳුරුවෙලා..තිබුන..!
ඩූඩ් ලියල තිබුනෙ උඩ...ජානවලින්ලු එන්නෙ පිරිමින්ට..! :))))
ජාන වලින් නෙමෙයි උවමනාවක් නැතිකම වී....
Deleteඑහෙම නෑ සිත්තමී...ගිය මාසෙ ඉඳල හිත ....හිත..හිටිය ..ඒත් අමතක උනා..!
Deleteඔය ගැන දීර්ඝ විග්‍රහයක් තියෙනවා..පෝස්ට් එකක් විතර..!
අපොයි ඔයත් අමතක කරන කෙනෙක්ද?....ඒකටනම් සමාවක් නෑ....
ReplyDeleteනොදන්නා වී පොකුරියේ සිත්තමී කෙල්ලත් පරක්කු වුණා සුභපතන්න...ඔයාට සුභම සුභ උපන්දිනයක්ම වේවා....
පුංචි සමාවක් දෙමු වී කෙල්ලේ ආදරණීය වචන ටිකට නේද? පදටිකනම් අපූරුයි සහෝ...
Deleteස්තුතියි..! කියන්නම් සුභ පැතුවා කියල.
Deleteදැන් වැඩේ ෂේප්...පෙන්නුවා කට්ටිය සුභ පතල තියෙන හැටි..අනික..මං ..කවියෙක්නෙ...හෙහ්..හෙහ්..! :)))
ජීවිතේ පුංචි පුංචි දේවල් මත තමයි අපේ හිතේ සතුට තියෙන්නෙ.....
ReplyDeleteඉතින් අපිත් සුභ පැතුවා කියන්නකෝ....
වෙලාවක් තියෙනවනමි අපේ දින පොතටත් ගොඩවෙලා යන්නකෝ
......
snimalka.blogspot.com/
ඉස්සෙල්ලම ඕං ගොඩ උනා ඒ පැත්තෙ.
Deleteපුංචි උනත් වටිනවනෙ නේද..
ස්තුතියි මචං..!
හි හි දැක්කා දැක්කා ....
Deleteපුංචි පුංචි දේවල් අහක දාන්න හොද නෑ කියන්නෙ ඒකනෙ!...
කවි ටිකනම් සුපිරි යාළු...අඃ...වී කෑල්ලට සුභ උපන්දිනයක් වේවා...!
ReplyDeleteස්තුතියි මචං..!
Deleteආයිත් එන්න.
වී පොකිරි හෙක්.. වී කෙල්ලට ඔන්න අපිත් සුභ පැතුවා.යුද ප්‍රකාශ කලේ නැද්ද?..
ReplyDeleteනෑ මචං..!
Deleteස්තුතියි..!
වී පොකුරිට මගෙනුත් සුභ පැතුම්. වී පොකුරටත් පොකුරිටත් වාසනාවන්ත අනාගතයක්.
ReplyDeleteඅමතක වීමට සබ්බුවක් නැතුව ඇතියි කියලා හිතනවා :D
හසිතට නිවාඩුවක් ලැබුනද...කාර්යබහුල වෙලානෙ ඉන්නවයි කිව්වෙ.
Deleteනෑ මචං...මූන දික්කරන් හිටිය..!
ස්තුතියි..!
අද පොඩ්ඩක් විවේකයෙන් ඉන්නේ :)
Deleteඔන්න මමද මංදා අන්තිමටම අවේ.. මේ දවස්වල කාලගුණය අවුල් ඒ නිසා විදුලිය අවුල්ව තිබුණා දින කිපයක්ම.
ReplyDeleteඅමතක වූ උපන්දින සුබ පැතුම කවියෙන්ම කියලා... කවිය හිතට දැනෙන අරුතක්.ලයාන්විත නිසදැසක්.
ඔබේ ආදරණිය වීපොකුරිගේ උපන්දිනයට පමාවී හෝ මගෙත් සුබ පැතුම්..
බොහොම ස්තුතියි දයා..!
Deleteහ්ම්..හැමතැනම විදුලිය...අන්තර්ජාල පහසුකම් අවුල් තමා මේ ටිකේ..!
එන්න පරක්කු වුනා බන්... වී පොකුරිට මාත් සුබ පැතුවා කියහන්...
ReplyDeleteමටනම් ලඟම හිතවතුන්ගෙ උපන් දින ලෙහෙසියෙන් අමතක වෙන්නෑ..
අවුලක් නෑ මචං ..! ස්තුතියි.! කියන්නම්
Deleteඅන්න හොඳ ගතිගුණයක්...ඒත් මට ඕකෙ අනික් පැත්ත.