කුඹුරු ගැනයි,කමත් බාසාව ගැනයි කලින් පෝස්ට් දෙකක් ලිව්වත් මුලින්ම ලියන්න හැදුවෙ වෙනම දෙයක්. මේ දවස් වල කුඹුරු කැපිල තියෙන එකේ ඔය කුඹුරු වලින් සතපහකට වැඩැක් නෑ කියල ඉවතදමන "මැඩුවං"( පිදුරු) වලින් අපේ ගැමිය ගත්ත ප්‍රයෝජන එමටයි. ඉන් එකක් තමයි මේ.
පිදුරු හතු...! ඕනම කුඹුරක ඉවත දමන දෙයක් උනත් පිදුරු කියන්නෙ මහාර්ඝ සම්පතක්. ගොවියාට බැත සපයාදීල ඉවත් උනාට පස්සෙ ඒ බැත ආහාරයට ගන්න ඉතා රසින් පිරි වෑන්ජනයක් සකස් කර ගන්න අමුද්‍රව්‍යත් සපයල දෙනව.
සාමාන්‍යයෙන් පිදුරු, ගොයම් පාගන පාවරෙන් ඉවත් කලාම ගොඩක් විදියට නැත්නම් පිලිවෙලක් නැතිව වීසිකරල දැමීමක් තමයි වෙන්නෙ. එහෙම උනාම මේ පිදුරු අර ඉඳිආප්ප වැල් වක්කරනව වගේ තමයි ගොඩ ගැහෙන්නෙ. එතකොට ඔය අතරෙ යම් හිඩැසක් හිටිනව.
පිදුරුවලට උරුම උනු යම් විශේෂත්වයක් තමා දැඩි ඌශ්නයක්,රස්නයක් රැඳිල තියෙන එක. මේ රස්නය නිසා පිදුරු වැල් ඇතුලෙ යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක් නිසා පරිසරයට විවෘත නොවුන ඇතුලට වෙන්න මේ පිදුරු හතු වල බීජ හටගන්න ගන්නව. සමහර විට මේ දිලීර විශේෂය පිදුරු ගහටම ආවේනික ලෙස තිබෙන්නට පුලුවන් .
ඒගැන යම් පර්යේෂණයක් කෙරිල තියෙනවද කියන්න නම් දන්නෙ නැහැ.
හොඳින් බැලුවොත් පෙනේවි කුඩා අංකුර විදියට මතුවෙන හතු.
පිදුරු ගොඩගහල දවස් හතරක්,පහක් යනකොට පිදුරු වලට ජලය,පින්න වැටෙන්න ගත්තම...ඇතුලෙ උශ්ණත්වය හොඳටම වැඩිවෙන්න ගත්තම මේ පිදුරු හතු අංකුර හැදෙන්න ගන්නව.ඇත්තටම මේ අංකුර හැටියට තමයි මේවා ආහාරයට ගන්නෙ.
දැනටත් අපේ කුඹුරු කපල මාසයකටත් වැඩියි ඒත් තවමත් හතු හැදෙනව.
අපේ ගම්වල ස්වයංපෝශිත ආහාර රටාවට වෙන උදාහරණ අවශ්‍ය නැතිතරම් මේ පිදුරු හතු ගැන අවදානයට ගත්තොත්. අපේ අම්මල නම් දිනපතාම ගොයම් කැපුවට පස්සෙ ආහාරයට එක්කර ගන්නෙ කිසිම වියදමක් නැතිව,ඉතා උසස් මාංශමය පෝෂණ ගුනය තියෙන ආහාරයක් විදියට.පවුලක පස්දෙනෙක් හිටියත් මාසයක් දෙකක් පුරාවට පිලිවෙලට මේ අස්වැන්න නෙලාගත්තොත් ප්‍රමානවත් වෙනව.ඒ කියන්නෙ දිනපතාම අපිට ව්‍යංජනයකට ඇතිවෙන්න හතු ලැබෙනව.රසයෙනුත් ඉහලයි.
අපේ කුඹුරු දෙකෙන් එකක් ටිකක් ඈතට වෙන්න තියෙන්නෙ මිල්ලේදන්ඩ කුඹුරු යාය. ඒත් මගෙ මල්ලිගෙ ගෙදර තියෙන කුඹුර තියෙන්නෙ නිවසට යාබදවමයි. ඒ නිසා ඒ කුඹුරෙ මඩුවං වලින් උපරිම හතු අස්වැන්න නෙලාගන්නව විතරක් නෙවේ කොටසක් මටත් එවනව.
ඒත් මිල්ලෙදන්ඩෙ කුඹුරුයායට යාබදව නිවෙස්වල ඉන්න මිනිස්සු මේ හතු ආහාරයට ගන්නෙ නෑ..ඒත් ඒ යායෙ කුඹුරු හැම එකකම මැඩුවං තියෙනව.ඒ කියන්නෙ හතු අස්වැන්න ඕන තරම්.
ඒත් අපේ මිනිස්සු කිසිම ගුනයක් නැති ,මිලෙන් වැඩි බෝංචි පන්සීයක් අරන් ඇවිල්ල කෑවත් අර නිකන්ම පරවෙලායන පිදුරු හතු ආහාරයට ගන්නෙනෑ...ඉතිං කෑ ගහනව ජීවන වියදම ඉහලයි ජීවත් වෙන්න බෑ කියල.
කතා ඇති මෙන්න පිදුරු හතු වෑන්ජනය..!
ඊට ඉස්සෙල්ල මේ පින්තූර ටික බලලම ඉමු.
මේ තියෙන්නෙ පිදුරු හතු වෙනම ගත්තම.( පැහැදිලි ඡායාරූප නැතිවීම ගැන සමාව ඉල්ලනව මගේ දුරකතනයෙන් ගත්තෙ.)
මේ තියෙන්නෙ නෙලාගෙන අපද්‍රව්‍ය ඉවත් කරගත් පසු අහුරු දෙකක් විතර තුන්දෙනෙක් ඉන්න කෑම වේලකට ඉහටත් උඩින්.
වෑන්ජනේ හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය.
මෙතැන ජාති කීපයක් අඩුයි..මගේ කලබලේට ඒව සූජානම් කරන්න කලින් පින්තූරෙ ගත්තෙ.
තරමක් හීනියට ලියාගත්තු රටලූණු හෝ රතුලූණු ටිකක්.
කපාගත් තක්කාලි ගෙඩියක්.
හීනියට ලියාගත් කරපිංචා කොල කීපයක්.
හීනියට ලියාගත්ත සුදුළූණු බිකක්.
ලියාගත්ත අමු මිරිස් කරල් දෙකක්.
අවශ්‍ය තරමට උම්බලකඩ,ලුනු,කෑලි මිරිස් ටිකක්.
ඊට පස්සෙ කරන්න තියෙන්නෙ සාමාන්‍ය බැදුමක් හදන ආකාරයට බැදුම හදාගන්න ඒක තමා.
තාච්චියකට තෙල් චුට්ටක් දාල...කරපිංචා,ළූණු, සුදුළූණු,උම්බලකඩ,අමුමිරිස්,කෑලිමිරිස් ආදිය දාල ගානට බැදිල එනකොට හතු ටික දාල ටිකක් තෙම්පරාදු කරල ගානට ලුනු කුඩු ටිකකුත් එකතු කරල රන්වන් පාට වෙනකොට බාගන්නව.( ටිකක් තැම්බෙන්න අඩු ගින්දරේ පියනකින් වහල තියන්නත් ඕන.)
පුලුවන්නම් හොයාගෙන ආහාරයට එක්කරගන්න කියල හැමෝගෙන්ම ඉල්ලාහිටිනව.
සමහර වෙලාවට පාරෙ යන උදවිය මැඩුවං තියෙනව දැකල වෙලට බැහැල පිදුරු ගොඩ ගොඩ අවුස්සල හතු කඩන් යනව මම දැකල තියෙනව.
ප/ලි.................. මේ දවස් වල හිතේ කිසි නිදහසක් නෑ...මගේ ප්ලොටර් එක ඒක සැරේටම ඔන් වෙන්නෙ නැතිව ගියා. පවර්සප්ලයි එකේ අවුලක් කියලයි මීට කලින් හදන්න ආපු එක්කෙනාට ඇමතුක් දුන්නාම කිව්වෙ. ඒත් මෑන්ව අල්ල ගන්න අමාරුයි .අද එනව..හෙට එනව කිය රවට්ටනව දැන් සතියකටත් වැඩී තාම ආවෙ නෑ. වැඩ ගොඩ ගැහිල ප්‍රින්ට් ගන්න බැරිව. දැන්නම් අලුත් එකක් ගන්න හිතිල තියෙන්නෙ. ඒත් මිල තමයි දරාගන්න බැරි.මේ පෝස්ට් එක පොරොන්දු උන ඉක්මනින් දාන්න බැරි උනේ ඒකයි...!
හතු වගේම රසයි ද?
ReplyDeleteපැහැදිලි මදි.?????
Deleteහතු ව්‍යංජනය නම් රසයි.
මට හිතුනා අපේ ගෙදර මිදෙල්ලදණ්ඩ කුඹුර ගාව තිබුනානම් කියලා. ඒ ගෙවල්වල මිනිස්සු අනුන්ගේ කුඹුරක් හින්දා ඒකට බහින්නේ නැතුවවත්ද? aparade appa.
ReplyDeleteමට මේක දැක්කම මතක් උනේ ඉඳලොලු. ඒවත් කවදාවත් කඩෙන් ගන්න බැරි ටිකක් දුලබ හතු ජාතියක්නේ. අපේ ගෙදරත් එක සැරයක් පිපුනා ඒවා. මම කාල තියන රසම හතු ජාතිය. පිදුරු හතු කාල තියද කියලනම් මතකයක් නෑ.
නැහෑ සයූ.. උවමනාවක් නැතිකම.
Deleteඉඳලොලු මගේ ගෙදරත් හැදෙනව..කීප තැනකම. එකසැරයක් මහා විසාලෙට හැදිල.අපිට බයයි වෙන මොනවාහරි හතු කියල.කිට්ටුව මාමකෙනෙකුගෙන් අහල එයාලටත් දීල තවත් අයට දුන්න. ඒත් ඉඳලොලු ..කතානොකර කඩන්න ඕනලු කෙමක් වගේ. ඇත්තටම ඉන් පස්සෙ තාම හැදුන්නෑ..!තවත් අයට කිව්ව නිසාද මන්ද..?
මන්නම් ඉඳලෝළු වගේම මේ හතුත් කාල තියෙනවා.හැබැයි අපේ ආච්චි ඕවා හදන්නේ වෙන විදිහකට.දැන් ඉතින් පිදුරු ගිනි තියන නිසා පිදුරු හතුනම් දකින්න නෑ තමයි.රෑට අකුණු ගහන දවසට පස්සේ උදේ තමයි ගොඩක් වෙලාවට හතු පිපෙන්නේ කියලා අපේ ආච්චි කියනවා.ඒක ඇත්තද මං දන්නේ නෑ.සමහරවිට එකට මොකක්හරි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඇති නේ.සයුරි කොමෙන්ට් එකක් දාලා තියෙනවා දැක්කේ කාලෙකට පස්සේ.
Deleteහසරැල්...අකුනු කතාවෙ සම්භන්දයක් තියෙනවලු. වායුගෝලයට වැඩිපුර නයුට්රජන් මුදාහැරීමක් වෙන නිසා කියලයි මම පුවත්පතක දැක්කෙ.
Deleteඅපේ වයසක ඇත්තො මේව කොහොම දැනගෙන හිටියද මන්ද..?
පරණ මිනිස්සුන්ට තිබුනේ සම්ප්‍රදායෙන් ආපු දැනුමක්.අපේ කුඹුර සීය කලේ තෙල් පෝර නොගහ.දැන් ඒ කුඹුරම අපි කරන්නේ [අදේට දීලා තියෙන්නේ]තෙල් පෝර ගහලා.ඒත් ඒ කාලේ අස්වැන්න දැන් ගන්න බෑ කියලා තාත්තා කියනවා.
Deleteඅඩේ..ගොඩ කාලෙකින් රස බැලුවේ නෑ! ආයේ ගමේ යන්න ඕනේ!!!!
ReplyDeleteහොඳට නාඩි වැටෙන්න නම් ආහාරයට ගතයුතුමැයි..!
Deleteකෘෂි රසායන යොදන නිසා අද කාලේ පිදුරු හතු හැදෙන්නේ නැති තරම්. මම දැක්කා වැලිඔය ප්‍රදේශයේ ගොවි මහතෙක් පිදුරු තට්ටු වශයෙන් ලී මැස්සක තැන්පත් කරලා, හොඳින් වතුර යොදලා, මුන් ඇට කුඩු, රතු කැකුළු හාල් කුඩු යොදා, කළු පොලිතීන් එකකින් වසා තබා, පිදුරු හතු හදන හැටි. ඒවා ඉතාම රසවත්. මම 1960 දශකයේදී පමණ කෑව ස්වභාවික පිදුරු හතු වගේමයි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
හරි එහෙනම් ඒකයි දැන් මේ පිදුරු හතු හැදෙන්නත්තේ,මං හිතුවේ පිදුරු වෙන වැඩවලට ගන්න නිසා කියලා.
Deleteවිචාරක....බොහොම ස්තුතියි ඔබේ අත්දැකීම එකතු කලාට.ගොවියො එහෙම ප්‍රයෝජන ගන්නව කියල අහන්න ලැබීමත් සතුටක්.
Deleteකෘෂි රසායන වලින් හානි වෙනව වෙන්න පුලුවනි. අපේ කුඹුරුවලට තාත්ත වස ගහන්න දෙන්නෑ..දුන්නත් අඩුවෙන්.
අපිත් මාර ආසයි බං හතු කන්න. වැඩේ ඔහොම කඩාගෙන කන්න බයයි විෂ හතු අඳුනන්නෙ නැති නිසා.
ReplyDeleteඔව් ඩූඩ් ..හැබැයි පිදුරු හතුවලට එහෙම ප්‍රශ්න නෑ..ඒවම විතරයි හැදෙන්නෙ.අර සයුරිට කිව්ව් වගේ අපිට අමාරුයි හඳුන ගන්න.
Deleteවී අයියට පිං කියන ගමන් මට හරි ලැජ්ජාවකුත් හිතුනා ඇත්තටම මේ පලවෙනි වතාව මේ වගේ දෙයක් ගැන දැනගත්ත, අපි රත්නපුරේ උනාට ටවුන් එකේම නිසා මේ වගේ දේවල් අත්විදල නෑ. අම්මගේ යාලුවෙක් ඉන්නවා කුරුවිට පැත්තෙ, ඒ නැන්දගෙ ගෙදර ගියාම තමයි ගමේ ගොඩේ දේවල් කාල තියෙන්නෙ.
ReplyDeleteඅර මම ඉස්සෙල්ලා පෝස්ට් එකේ දැම්ම කොක්මොට කැද හම්බ උනෙත් එහෙන් තමයි.
නෑ නංගි වෙලාතියෙන්නෙ අපි අව්‍යාජත්වයෙන් මිදිල.කෘතීම බව පිරිච්ච ..ගහකොල වලින් මිදුනු ලෝකයකටනෙ යන්නෙ. ඒකයි අපි විනාස මුඛයට යන්නෙ. ඉස්සර මිනිස්සු තමන්ගෙ වටපිටාවෙන් හොයාගත්ත සරල ආහාර එක්ක අවු.100ක් විතර ජීවත් උනා.කිසිම ලෙඩක් නැතිව.
Deleteෂා.... රහ පාටයි ඈ.... මගේ කටට කෙලත් ඉනුවා.... මං කාලා නෑ අප්පා ඔය හතු.....
ReplyDeleteමේ හතු පොඩියි දිගටියි වගේ නේද....
ඔන්න ඔයාගෙ පොරොන්දුව ඉටුකලා.
Deleteප්‍රමානයෙන් කුඩා හතුවර්ගයක් තමා. පිපෙන්න කලින් පොට්ටුව තමා ආහාරයට ගන්නෙ.
හතු.. ගුණ කෑමක් නේ. මේ තියන්නේ හතු වවන හැටි සහ හතු ගැන තවත් විස්තර ටිකක්.
ReplyDeletehttp://janathakshan.com/index.php?option=com_content&view=article&id=344%3Amushroom-cultivation&catid=58%3Aagriculture-technical-infomation&Itemid=67&lang=si
http://www.rivira.lk/edition/koratuwa/item/503
ලිපිය බැලුව මචං..!
Deleteවානිජව වගාකරන හැටි නේද.
අපේ මිනිස්සුන්ට නිකං ලැබිලත් අගයක් නෑ..!
උඹ වෙනමුකුත් කියන්නැද්ද..)))
හතු ගැන වැඩිය දන්නේ නෑ බං.. මං අර කලින් දවසක් කිව්වේ හතු සහ මගේ සම්බන්ධය ගැන.. :D
Deleteඕවා පිපිලා තියනවා නම් දැකල තියනවා. දැන් නම් නෑ එහෙමට. අර විචාරක තුමා කිව්ව වගේ දැන් ගොයමට රසායනික යොදන නිසා වෙන්න ඇති.
ඒ ලින්ක් එකේ තියන්නේ වාණිජව වගා කරන්න උපදෙස් ටිකක් තමයි. ඔහොම වගා කරන අය ඉන්නවා. ඒවටත් හොඳ ඉල්ලුමක් තියන්නේ. උදේ පැකට් ටික කඩවල් වලට දාපුවම දවල් වෙද්දී ඔක්කොම වගේ ඉවරයි. කොහොමත් වගා කරන හතු වලට වඩා, මිනිස්සු කැමැත්තෙන් හොයාගෙන යනවා ඔහොම ස්වභාවිකව හැදෙන හතු.
උඹ මේක රස කරලා කියන හැටියට මටත් පොඩ්ඩක් සලකා බැලීමක් කරන්න හිතුනා හතු ගැන. කොහොම ද මං බිම්මල් ලෝලියෙක් වුනොත්.. කාට ද ආඩම්බර.. ? :D
වෙගිටේරියන් අයට ප්‍රෝටීන් ලබාගන්න තියෙන හොඳම ක්‍රමය.
Deleteඋඹලයි පැත්තෙත් යහමින් ඇතිනේ බං..!
මේකට නම් මොනා හරි කරන්න ඕන. මෙයා මෙතන කාලා ඇවිල්ල අපිට කියනව පුළුවන් නම් හොයාගන්න කියල. අපි කොහෙන් හොයන්නද පිදුරු හතු. දැක්කෙත් අදමයි දෙයියනේ.
ReplyDeleteහතු කන්න නම් මමත් ආසයි. අර කඩේ විකුණන්න තියෙන සුදුපාට පෙති වගේ හතු පැකට් ගෙනත් තමා කන්නෙ. ඒත් නිතර කන්නෙ නෑ, සීතලයි කියල අම්ම ගේන්න දෙන්නෙ නෑ.
අර ප්ලොටර් එකට මක්කෙයි වෙලාය කිව්වෙ. වීයා ළඟ එහෙම එකක් තියෙන බවක් මම දැනගෙන හිටියෙ නෑනේ. මටත් ඔටෝකැඩ්වලට එහෙම පොඩි ආසවක් තිබුනත් ඒක කෙරුනෙ නෑ. බැයිද පස්සෙ දවසක ඔය වැඩ ගැන විස්තර ඇතුව පෝස්ට් එකක් දාන්න. ප්‍රින්ටර් නම් ඕන තරම් දැකල තිබුනට ප්ලොටර් එකකින් ප්‍රින්ට් කිරීම ගැන මට කිසිම දැනීමක් නෑ.
ඔව් බං වැරදියි තමා..! මුහුදුකරේ අයට නම් දකින්නවත් ලැබෙන්නැ. කඩේ විකුනන්න වගාකරන ඒවට නම් මම ඒ හැටි කැමැත්තක් නෑ. මේවට උරුම අමුතු රහක් තියෙන්නෙ.
Deleteමගේ ප්ලොටර් එක කියල. අඩි 3.A0 ප්‍රමානය. දැන් අවුරුදු 10ක් විතර වෙනව ජපානයේ පාවිච්චි කරපු එකක් ගෙන්න ගත්තෙ. අපි අඳින පලෑන් එකක් ප්‍රමානයෙන් ඉහල කොලයක තම්යි ප්‍රින්ට් කරන්න වෙන්නෙ.
මෙහි තියෙන විශේෂත්වය තමයිthikners නිවැරදිව,demenshion හරියටම ගණනය කරල ප්‍රින්ට් කිරීම. අපි ඇතුල් කරන් කොලය පවා හරි කෙලින් ඇතුල් කර ගැනීම. එහෙම නැති උනොත් ප්‍රතික්ශේප කරනව . සෙන්සර් ගොඩක් තියෙනව. ගාල්ලෙ මල්ලි කෙනෙක් අලුත්වැඩියාකරන්නෙ. මිනිහ දැන් වෙන බිස්නස් වලට අතගහල මේවට එන්නෑ.කොලඹින් තමා ගෙන්නන්න වෙන්නෙ.
මේ බඩගින්නෙ ඉන්න අස්සේ,, :/ කෑම දාලා මෙයා.. ඇයි අනේ :(
ReplyDeleteඇයි දෙයියනේ රෑ 11 වෙනකං බඩගින්නෙ..!
Deleteපට්ට රහයි අනේ මෙව්වා..කටට කෙල උනනවා මතක් වෙනකොට..
ReplyDeleteඔය කියන්නෙ..!)))
Deleteකලින් කිව්වා වගේම වීයෝ මම නම් කාලා තියෙනවා. කුලියාපිටියේ මාමලාගෙ ගෙදරදි. මේ පිදුරු හතු බැදුමත් එක්ක කළවම් පළා ටිකකුත් අනා ගත්තම....අම්මෝ..ආයේ මොනාද ...
ReplyDeleteඅලේ අමතක උනානේ..ඕකට වැඩිපුර රතු ලූණුයි, උම්මලකඩ යහමිනුයි දැම්මම තමා රස වැඩි..ෂැක්..කටට කෙලත් ඉනුවා අප්පා..
Deleteඒකනේ කියන්නෙ...රසගුන හඳුනන ඇත්තෝ..!
Deleteඅම්මෝ වීයෝ පට්ටම රහයි... මමත් කාල තියෙනව ගාල්ලෙ ඉන්න කාලෙ.... දැන් මේක දැක්කම කටට කෙල ඉනුව බොලේ...
ReplyDeleteදෙන්නද..දෙන්නද..ටිකක්..ටිකක්..! කෑඇත්තෝ රසගුණ දනිති.
Deleteකාල නම් නැහැ නමුත් හොයන් කන්න ඕනේ.
ReplyDeleteකුඹුරු කරන ඈයොදන්නව මචං..හොයාගන්න අමාරු වෙන්නෑ.විකුනන්න නම් නෑ..!
Deleteහතු කියන්නෙ මගෙත් ප්‍රියතම කෑමක් තමයි. ඒත් ඕවනං මේ පැත්තෙ හොයාගන්න අමාරුයි. ඉඳලෝලු හතුනං කනව.
ReplyDeleteසතුටුයි ප්‍රසන්න හැමෝගෙම අත්දැකීමක් උන එකට.
Deleteමචො ඔය බැදෙන්න ඔලිව් තෙල් ටිකකට තල තෙල් ටිකක් දාල ගනින් පට්ට රසක් තියෙන්නෙ
ReplyDeleteඑහෙම නම් කාල නෑ.. බලන්න ඕන..!
Deleteපිදුරු හතු මතක් වෙනකොටත් කෙල උනනව. ඒත් සුනාමිය බූතය ඇවිල්ල පිදුරු ගස් කෑලිවලට කැඩිල කුඹුර පුරා යන මේ කාලෙ මොන පිදුරු හතුද! ඒකත් අතීතයේ තිබුන එක දෙයක් විතරක් වෙලා.
ReplyDeleteමචං සුනාමිය,භූතය ඉන්නෙ..මහාපරිමානෙන් කුඹුරු කරන පැත්තෙනෙ.වස වැඩිපුර භාවිත කරන්නෙත් ඒ පැත්තෙ.ඉතිං එහේ නැති උනත්,
Deleteපහතරට තෙත් කලාපෙ වෙච්ච අපේ පැතිවල නම් වරදින්නෙ නෑ.
මට නම් කන්න ලැබිලම නැහැ මගේ හිතේ වීයෝ.මේක කියවද්දී
ReplyDeleteආස හිතුණා ගොඩක්..හැබැයි පුංචි කාලේ ලේනා හතු කියන ජාතිය
කන්න ලැබිලා තියෙනවා ...ඔයාගේ පහු ගිය post කීපය මග ඇරිලා මට .
ඉන්නකෝ හෙමීට බලන්න...බොහොම නිදහසේ රස විඳින්න ඕනේ ඒවා
මේ..
ලේණ හතුත් රසවත් කෑමක්නෙ.
Deleteකියවමු හිමීට.
මට මතක විදියට ගොයන් කපන කාලේදී මේ වගේ කෑමක් කන්න ලැබිල තියෙනවා. කොහොම හදනවද කියලනම් දන්නේ නැහැ.
ReplyDeleteරසවත් සරල කෑමක් මචං..!
Deleteකෙළ උනනවා ඕයි! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හිකිස්...කට පීදාගන්..!
Deleteයකෝ දැන් බ්ලොග් ලෝකෙ චෙප්ල වැහි වැහැල,අලුත්ම එකා තමා චෙප් වීයා
ReplyDeleteමාත් දාන්න ඕනැ රෙසිපි එකක් බලන්න
දාමු..දාමු කෝ හැලපයිය කියනව විතරනෙ.
Deleteමට නම් කඩවල් වල තියෙන හතු වල රස අල්ලන්නේ නැහැ.ඔය හතු වර්ගයත් හම්බුනොත් කාලා බලන්න ඕනි.ඒත් දන්නවනේ මෙහෙ කොහෙන්ද ඕවා කියලා.
ReplyDeleteකොහොමත් කෘතිමව හැදුවම නියම රස,ගුන නෑ නිශාන්..!
Deleteඇත්තටම මම නම් මේවා කාලම නෑ.. ආස හිතුනා.. ඒත් කොහෙන් හොයා ගන්නද..
ReplyDeleteදකුනෙ ගම්වල තියෙනව. සමහර පිදුරු සල්ලි වලට ගෙනිහින් මල්පැල වලට දානව ඒත් ඒකෙ හැදෙන ගුනවත් හතුටික කඩාගන්නෙ නෑ..!
Deleteපිදුරු හතු මිරිසට උයලත් රසයි කියලා මම දැනගත්තෙ අපේ නැන්දා හදලා ගෙනත් දුන්නාම..ස්තුතියි වීයා..මේ පෝස්ටුවෙන් ඒ පරණ මතක අවදි වුනා..
ReplyDeleteඔව් ඕකෙ ව්‍යංජනත් හරිම රසවත්. මයියොක්ක ටිකක් තම්බල ගත්තනම්..පුහ්...! කියල වැඩක් නෑ..!!!
Deleteඅඩේ මරුම තමා.. මට නං ඉතිං මේව ඉද හිට ලැබෙනවා. ගෙදර කමතෙන්ම. මේ වගේම තමා ලේන් හතුත් වීයෝ.
ReplyDeleteනලින් අයියත් හරි ලක්කාරයනෙ බලන් ගියාම.))))
Deleteමේ වගේ හතු වර්ගයක් නම් දැක්කමයි. අපි මෙහේ සුපර් මාර්කට් එකෙන් ගන්න හතු වර්ග හදනවා ගොඩක් ඔය විදියට.
ReplyDeleteලංකාවේ බිම්මල් මස් වගේ රසට හදන බව මම කොහේ හරි පොතකින් කියෙව්වා වගේ මතකයි. හැබැයි එහෙම හදපු ඒවා කාලා නෑ.
ගැමි ජීවිතය ගැන හොඳ දැනුමක් ලබා දෙන, ගොඩක් රසවත් ලිපියක් වීයෝ.:)
මස් පරාදයි පොඩ්ඩි..!
Deleteඇට හැපෙනවද..? කොලොස්ටරෝල්ද..? අහක දාන්න දෙයක්ද..?
ගෙඩිය පිටින්ම ආහාරයට..
වඩා වැදගත් වෙන්නෙ නැවුම්ව ආහාරයට ගැනීමයි.
කටට කෙළ ඉනුවා බන්..ඇත්තමයි...හතු කෑමේ පුදුම දොලක් උපන්නා මේක කියෙව්වට පස්සෙ.. :D
ReplyDeleteප්ලොටර් එක කියන්නෙ මොකක්ද බන් ? ඔය ගැන කියලා පෝස්ට් එකක් දැම්මොත් සමහර විට උදව්වක් ලැබෙයි..
හේ..හේ..කෙලත් ඉනුවද බං..!හොයාගන්න බැරිවෙන එකක් නෑ ගොයම් කපන කාලෙට.
Deleteඔටෝ කැඩ් වලට, ප්ලෑන් ප්‍රින්ට් කරන්න ගන්නෙ ප්ලොටර්. මාගාව තියෙන එක පට්ට පරනයි බං.රීකන්ඩිශන් එකක් බ්‍රෑන්ඩ් නිව් එකක් බර ගානක්.පෝස්ට් එකක් දැම්මම නයි අරිනව කියල හිතයිද මන්දා. අනික දැන් ගොඩක් අය ගාව තියෙනව.
සියරට දේ සිරිසැප දේ :)
ReplyDeleteස්වයං පෝෂිත ආර්ථිකේට මේව තමයි ඕන.
Deleteමගේනම් ආසම කෑමක් හතු කියන්නේ.අපේ ආම් ට වඩා රහට හතු අපේ තාත්තා හදනවා.ඒ කියන්නේ සැර වැඩියෙන්.. :)
ReplyDeleteඒත් මේ පිදුරු හතු නම් කාලා නෑ.හතු ප්ලේට් ඒක දකිද්දී කියන්න පුළුවන් නියමෙටම ඇති කියලා.
සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ..!
ReplyDeleteසිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
ReplyDeleteපැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!
ඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
ReplyDeleteකෝ මේ වීස්....??
ReplyDeleteමචං ලා..........සියලුදෙනාටම,
ReplyDeleteවෛරස් උන නැමැති මහා පජාත උන ..මා ඇතුලු පවුලේ සියලු දෙනාට වැළඳීම නිසා...අවකාශේ පැත්ත පලාතක නාවෙමි...අදසිට පැමිනියෙමි.
සුබපැතුම් එක්කල සියලුදෙනාටම ස්තූතියි,සැමටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනය කරමි.
(තවමත් නිසි සුවය නැති නිසා ඉබි ගමනින් අවකාශෙ සැරිසරමි.)
හප්පා...ඉක්මන් සුවය ලැබේවා
Delete//.මගේ ප්ලොටර් එක ඒක සැරේටම ඔන් වෙන්නෙ නැතිව ගියා. පවර්සප්ලයි එකේ අවුලක් කියලයි ........අලුත් එකක් ගන්න හිතිල තියෙන්නෙ. ඒත් මිල තමයි දරාගන්න බැරි......//
ReplyDeleteඅළුත් එකක් ගන්න පෙර ඔය පවර්සප්ලයි එක මාරු කරල බලුවොත් නරකද? ඔරිජිනල්ම අවශ්‍ය නෑ. ඒ පවර්සප්ලයි ජාතියම හොයාගන්න අමාරු නං, පවර්සප්ලයි එකේ පිටිපස්සෙ ගහල ඇති වොල්ටෙජ් එකටයි , ඇම්පියර් ගානටයි ගැලපෙන වෙන පවර්සප්ලයි එකක් අරගෙන පරණ එකේ පවර් කනෙක්ටර් එකට මාරු කරගන්න බලන්න.
ස්තුතියි මචං..!
Deleteමම නම් මේක කියෙව්වෙ නෑ ඔන්න.
ReplyDeleteමේ වෙලාවට මේක කියෙව්වොත් බඩ රිදෙන්න ගන්නව කෙළ ගිලලම.
මේ ගෙදර මතක් කර කර අම්මගෙ බත් එකේ සුවඳ මතක් කර කර ඉන්න වෙලාව.
ගෙදර ගිහිල්ලම බලනව