අපේ ගෙදර ඉඳල තාර පාරට මීටර්200ක් ඇති උපරිමේට. නැත්නම් වංගු දෙකයි.10වසරෙ ඉන්න අපිට ඔයටික ඇහිපිල්ලමක් ගහන ටිකට දුවල යන්න ඇහැකි.
තාත්ත ගෙදර නැති වෙලාවක් බලල අම්මට..පුංචි බෝලයක් බස්සල...ගෙදරින් පිටවෙන්නෙ හරියට මිටින් හැරි කුරුල්ලෙක් වගේ. කොහොමත් ගෙදරට හිරවෙලා ඉන්න මේ වයසෙ...මේ කාලෙ කොල්ලෙකුට පුලුවන්ද..?
මේ වගේ වැඩ කරන්න බොහෝම කපටි නරි නුවණක් උවමණායි. ගෙවත්තෙ කන්ද උඩට බඩගාල....ලපටි කිතුල්ගහකින් මෝරපු පිත්තක් කපල..හරහට.ඉරටු තුනක් එකට තියල අඹරල..එකට ගැටගහල හදාගත්තු සරුංගලේ තමා අපිට පිහිට වෙන්නෙ. එත් ඉතිං සරුංගලේ අලවන්න සව්කඩදාසි මිලට ගන්න සල්ලි ඉල්ලගන්න අම්මට නොවඳිනා වැඳුම් වඳින්න එපායැ. සමහර දවස්වලට ඒක හරියන්නෙ නැහැ. ඒකටත් විකල්පයක් මේ සූටි කපටිමොලේට තියෙනව.
වෙසක් එකට සාමාන්‍යයෙන් කූඩු 8ක් වත් අපේ ගෙදර හැදෙනව. මල්ලියි , නංගියි පුන්චි නිසා උන්ගේ ආසාවනෙ කියල මම හදන තරමක් වෙසක් කූඩු අලවන්න අම්ම සැදී පැහැදී ඉන්නව.මමත් ඉතින් රබර් වත්තෙන් හොරෙන් ගලවගෙන උහුලන්න බැරි ගඳගගහ ගෙදර ගෙනාපු ඔට්ටපාලු ටික ඉවර වෙනකන් අටපට්ටම් හදනව...
ඉඳල හිටල අලුත් නිර්මාණ කියල ජාතියකුත් හදනව...ඒත් ඒකෙ නම මොකක්ද..කියල හදන මමවත්..බලන්න එන අයවත් , ගෙදර කවුරුවක්කත් දන්නෙ නැහැ. අමුතුම නිර්මාණයක්ම තමා. ඉතිං ඔයාකාරෙන් හදාපු කූඩුවල පසු ප්‍රයොජනය තමා ප්‍රවේසමෙන් ඉරල අරගෙන සරුංගල් රාජයාව අලෝන එක..!
සරුංගලෙත් අරන් පිම්මෙ දුවන්නෙ තාරපාර අද්දර ගේ තියෙන හිච්චි බප්පලාගෙ දිහාට. පාර අද්දරම තියෙන ගේ එක්කම පිටිපස්සෙ තියෙන්නෙ බොහෝම පුංචි ඉඩක් ..එහෙම නැත්නම් පිලිකන්න කියන්නෙ අන්න ඒක.ඊලඟට" පිටවාන". පිටවාන කියන්නෙ වතුර ගලායන කානුවක් වගේ ඒත් පොඩි වෙනසක් තියෙනව .
කුඹුරු කරන කාලෙට ඔය පිටවාන හරස් කරල වැටියක් ගහනව...ඒකට කියන්නෙ "වක්කඩේ " කියල. අර ප්‍රස්තාපිරුළකුත් තියෙන්නෙ..." වක්කඩේ හකුරු හැංගුවා වගේ" කියල. ගලායන වතුර පාර නවත්වන්න තමයි වක්කඩේ ගහන්නෙ.
ඒකත් හරි අපූරුයි.., උස අඩි5ක්,6ක් විතර වෙන සවිමත් කෝටු පේලියක් ලඟින් ,ලඟින් මුලින්ම හිටෝනව. ඊට පස්සෙ තව අඩියක් විතර දුරින් ඒ වගේම තවත් පේලියක් , පිටවාන හරස්වෙන්න හිටෝනව.
ඔය පේළි දෙක දැන් සමාන්තරයි, ඔය අතරට ලියැද්දින් කපාගත්තු තණකොලත් එක්කම පස් පිඩලි වලින් පුරෝගන්නව. ඒඅතරේ හිටවපු ලී ශක්තිමත් වෙන්න ඒව එකින් එක යාවෙන්න හරහටත් ලී හෝ පොල්පිති තියල ගැට ගහනව. හරියටම පුන්චි වේල්ලක් බැන්ඳවගේ. මේ නිසා වතුර පල්ලෙහාට බහින එක නවතිනව.වක්කඩේ ගානට වතුර පිරුනම ඒතනින් තමයි..ලියැද්දට වතුර ගන්නෙ.
පිටවාන එක්කම වෙල ආරම්භවෙනව..ලියැදි එකින් එක...!
පිටවාන එකසැරේ පනින්න අමාරුයි. ඒදණ්ඩක් දාල තියෙන්නෙ ඒකට තමා. ඒත් අපේ ප්‍රධාන විනෝදාංශය ඔය පිටවාන එගොඩත්,මෙගොඩත් පනින එක තමා.මේකටම හරියන්න...බප්පලාගෙ ගෙදර මල්ලිලා දෙන්නෙක් හිටිය.ලොකු එක්කෙනා "උකුං" අනෙකා..රෝහිත..නැත්නම් මලේ...මලේ කිව්වට ..මලපහ කියල තමයි නැතිතැන කියන්නේ හැබැයි ඌට ඒකට මල පනිනව...ඕක කෙටිකරල..මලේ කිව්වම ගානක් නෑ.
උන්දෙන්නට නං ගෙදරින් කිසි බරබරයක් නෑ...හොයන්නෙත් නෑ...මහ එවුන්ට ගානකුත් නෑ..! මම එන සුනංගුවට උන් දෙන්නා පැනල එන්නෙ. උන්දෙන්නට සරුංගල් හදන්න බැරි එකතමා ප්‍රධාන හේතුව.සරුංගල් ඕන එහෙකුට හදන්න ඇහැකිනෙ. ඒත් වැඩේ කියන්නෙ, කූරිය ගහන්නෙ නැතිව උඩයන සරුංගල් හදන්න හැමෝටම බෑ...!
මටත් ඉස්සර බැහැ. හදන , හදන සරුංගලේ කූරිය ගහනව..මොන වෙනස්කම කලත් හරිගියේ නැහැ.
අවුරුදු නිවාඩුවට අම්මලාගෙ ගමේ ගිය වෙලාවක පොඩිමාම තමයි ටක්කෙටම මිනුම් අරන් ආයෙ කූරිය ගහන්නෙ නැතිව උඩම යන සරුංගල් රාජයො හදන හැටි කියල දුන්නෙ.
සරුංගලේඅරන් පිටවාන පැනල ගේ හරියට නොපෙනෙන මානයට ගියාම හම්බවෙනව "ඇල".මේක තමයි ප්‍රධාන ඇල. වැහිකාලෙට පිටාර ගැලුවත්..ටිකදවසක් පායනකොට වතුර ටිකපැහැදිලි වෙන්න ගන්නව. පුංචි අපිට ආසාවෙ බෑ..හැබැයි හැමතැනම නාන්න බැහැ.සමහර තැන් ගැඹුරුයි.තවත් තැන් අපහැදිලියි..!
සමහර කොල්ලො නම් ඉන්නව උන්ගෙ ..පෙකණිවැල ඇලේ තියල කපල වගේ...අපි පොලවෙ ඇවිදිනවට වඩා පහසුවෙන්..වතුරත් එක්කඔට්‍ටුවෙන්න්නෙ. අපිටනම් ඕව ඔට්‍ටු නෑ..අඩුම තරමේ ටික දුරක් පිහිනන්නවත් බැහැ.ඒක නිසා ගෑණු ලමයි..නාන ,මංකඩක තමයි අපි නාන්නෙ. මලයල දෙන්නට නම් පිහිනන්න පුලුවනි.
ඔය මොනව කලත් මේ සියල්ල...කලහැකිවන්නේ කුඹුරු කපපු කාලයට විතරයි. අනිත්කාලයට පිටවානෙන් පැනල ලියදි දිගේ යන්නවත් කොලු අපිට කුඹුරු අයිතිකාර සීයල ඉඩ දෙන්නෙ නැහැ.ඔවුන්ගේ ගෙවල් කුඹුරු වටේට පිහිටල තියෙන නිසා...කාක්කෙත් වැහුවත් ඔවුන්ට පේනව. ගොයම් පිදෙන කාලයට කොහොමත් ගොවියො කුඹුරට ඇහැ ගහගෙනම තමා ඉන්නෙ.
සමහර වතුර අඩුකාලෙට අපි ඇලදිගේ උඩහට යනව...අපේ කොලු නඩේට තවත් කීපදෙනෙක්ම හිටිය. ඇලදිගේ තැනින් තැන...පිටවානවල් එකතුවෙන තැන් තියෙනව..මේ තැන්වල මාලු පිරිල. කොහොමත් සරුංගල් අරින්න එනකොට යටට ඉස්කොලෙ අඳින කොටකලිසම ඇඳල උඩින් සරම ඇඳල තමයි එන්නෙ.ටික වෙලාවක් අතින් මාලු අල්ලල හති වැටෙනව.ඊටපස්සෙ සරම අරන් දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලල පිටවාන දිගේ අරගෙන ගියාම මාලු අල්ලන්න පුලුවනි. පිටවානෙ ගොඩක්ම ඉන්නෙ "උඩ්ඩො" තමයි.සමහර ඈයො හඳයො කියලත් කියනව.උන් නිතරම ඉන්නෙ වතුරෙ උඩමයි.හරියටම ඔලුවෙ උඩට වෙන්න..පොඩි ලපයක් තියෙනව ඒක වතුරට හඳවගේ දිලිසෙනව ඒකයි හඳය කියන්නෙ. ඊලඟට "දන්ඬි"...උන්නම් වර්ග කීපයක් ඉන්නව..."ලේදන්ඬි"...උන් රතුපාටයි."හැලදන්ඬි" බොරපාටයි...තව "තිත්තයො...මේව මට වැඩිය දන්නෙ.උකුං තමයි...උන් ඉතින් නිතරම ඔය පිටවානෙම තමයි.
කොහොමහරි අන්තිමට යවපු සරුංගලයක් නම් නෑ..මලපහ නම් සරුංගලෙත් ඒක්ක ටිකක්වෙලා ඔට්‍ටු වෙනව . ඒත් සරුංගල් යවන එකත් ලේසිනැහැ...!
සමහර දහම්පාසල් දවස්වලට තමයි අපේ නියම ජොලිය තියෙන්නෙ.කොල්ලො කට්ටිය කතාවෙලා දහම්පාසල් ඉවර උන ගමන් ඇලේ පනිනව . එදාට නම් ඇල බොරවෙනකම් නානව දියබුං ගහනව...එක විකාරයයි. ගොඩක් එවුන් නාන්නෙ හෙලුවෙන් තමයි..ඇයි දහම්පාසල් ගිහිල්ල එන ගමන්නෙ.
ඒක නිසා කට්ටිය නාන්නෙ ගැහැණු උදවිය නාන තැනට උඩින්...ඒ හරියට අයිතිකාරයෙක් ඉන්නවා.
ඒ තමයි "වෙදා"...! අපි කියන්නෙ නම් එහෙම..!
වෙදා කරන වෙදකමක් නම් අපි කවදාකවත් අහල දැකල තිබුනේ නැහැ. තට්ටෙ පෑදිල සුදු උන කෙස්ටික උඩට පීරල හිටියෙ. උඩි රැවුල තඩි පොල්ලෙල්ලක් වගේ ඒතරම් ලොකුයි.
දැක්කම ටිකක් බයත් හිතෙන තරම්.වෙදාගෙ ගේ තියෙන්නෙ තාර පාර අද්දරම. ඒනිසා මේ ඉඩමට එන්න නම් වෙල දිගේ එන්නම වෙනව.අපි ඔය ඉඩමට කිව්වෙ "වෙදාගේ කලවිට" කියල. කලවිට කියන්නෙ කුඹුරුවල ට එක් එක් උවමනාවලට ඉතුරු කරපු කුඹුරු වලින් වට උනු ගොඩ ඉඩමකට.ඒත් මේ ඉඩම කොහොම හරි අයිතිකරගන්න වෙදා සමත්වෙලා තිබුන.ගමට පිටින් ඇවිත් පදිංචි වෙලාතිබුනත් යම් ප්‍රභූ පරම්පරාවක වූ නිසාම යම් බලයක් ඔවුන්ට තිබුන.අනිත් කාරනය වෙදහාමිනේ...අපිනම් කියන්නේ වෙදගෑනි කියල...ගෙදරටත් සාරිය ඇඳල..සාරිපොට නිතරම ඉනේ ගසාගෙන හිටියෙ.අපේ ගමේ ගෙදරට සාරියක් ඇන්දෙ මේ ගෙදර කාන්තාව විතරමයි.
මේ වෙදාගෙ කලවිටේ පොල්ගස් 4ක්,5ක් විතර තියෙනව...පොල් පිරිල ..එවුන්ට පොල්වලට කරන්න දෙයක් නැහැ නිකං ගෙදර ගොඩ ගහගෙන ඉන්නෙ. හැබැයි අපිටනම් ඕක මල්මසුරං..!!
දහම් පාසලෙන් පැනල ඇවිල්ල ඇල උඩහ වෙදාගෙ කලවිට ලඟ නාන කොට අර පොල්ගස් පේන කොල්ලන් ටික නලියනව...කුරුම්බා කන්න. සාමාන්‍යයෙන් එකගහක් ලයිට් කණුවක් තරම් උස ඇති ඕක එකහුස්මට නගින්න පුලුවන් කොල්ලො කීපදෙනෙක්ම අපේ කල්ලියෙ හිටිය. එකම ප්‍රශ්නෙ වෙදාට නොදැනෙන්න කොහොමද කුරුම්බා කඩන්නෙ කියන එක.
ඒක සාමූහිකයි එකෙක් වෙලේ ඈත බලාගෙන ඉන්නව වෙදා එනවද බලන්න. අනිත් උන් ගහ මුල ගෙඩි ගහේ ඉඳන් දානකොට අල්ලන්න. ඇයි බිමට දැම්මොත් සද්දෙ ඇහෙනවනෙ. එතකොට තප්පරේට වෙදා මෙතන.
කොහොමහරි ඔන්න එදත් සුපුරුදු පරිදි වැඩේට බැස්සා...මම ඇරෙන්න තව එකයි කලිසන් ඇඳන් හිටියේ..අනිත් උන් ඔක්කොම හෙලුවෙන්..නානව...! ඔන්න එකෙකුට ආව අදහස කඩමු කුරුම්බ.
එකෙක් ගහට නගින්න කැමති උනා. මමත් තව තුන්දෙනෙක් උඩ ඉඳන් දාන කුරුම්බා අල්ලන කල්ලිය.තව එකෙකුට තමයි බැරෑරුම්ම කාරිය....ඇලට ගලා බසින පිටවාන ඇතුලට බැහැල ඔලුව විතරක් උස්සල වෙදා එනවද බලන කාරිය. අන්තිම එකාට කඩන කුරුම්බා හංගන රාජකාරිය. කඩන කුරුම්බා අනිවාර්‍යයෙන්ම හංගන්න ඕන.ලොකු කොල්ලො ටිකට අපි කුරුම්බා කඩනව කියල ඉව වැටුනොත් උන් ටික අපිට ගහල ඇලට තල්ලුකරදාල...කුරුම්බ ටික උන්ගෙ වගේ අරන් බීල දානව...අපිට ඉතිං හෙලුවෙන් අඩන්න තමා වෙන්නෙ.
ඒත් එව්ව කොහේද අපිත් ඒක්ක...ඔක්කොම හන්ගන්නේ හන්ගපු එකාටවත් හොයාගන්න බැරිවෙන්න....සමහර දවස් වලට එහෙමත් වෙනව..ඇයි ඇල ඇතුලෙ වැටකෙය්යා ගස් අස්සෙනෙ හන්ගන්නෙ...පස්සෙ බලනකොට ගහගෙන ගිහිල්ල...ඉතිං අරූට බැනල කුනුහරප විමානයයි..!
ඔන්න දැන් හරි වීරවික්‍රම මෙහෙයුම සූදානම්...ගහේ දෙන්නයි එකෙක් කඩනව...අනිකා ගහේ මැද හරියෙ ඉඳන් කඩල දෙන ගෙඩි ගන්නව ඊටපස්සෙ බිම ඉන්න අපිට දානව.උස ගහකින් කඩන නිසා තමයි මෙහෙමකරන්නෙ. හැබැයි උඩ ඉඳන් දාන ගෙඩි සීරුමාරුවට අල්ලන්න ඕන..නැත්නම් අත්දෙක ඉවරයි..කිලෝ 3ක්,4ක් නේ.
වල්ලක තියෙන ගෙඩි ඔක්කොම කඩනව..වැඩි වෙලාවක් ගියේනෑ.....!
"හු*** පුතාල තොපේ කවුරු ඉන්ඳපු ගස් වලද යකෝ මේ මහ දවල් කුරුම්බ කඩන්නෙ ඔහෙ හිටු..!!!"කෙලියයි...වෙදා...ඇවිල්ල ලඟටම එනකන් කවුරු වත් දැක්කෙ නෑ....!
ගහේ මැද හරියෙ හිටිය එකා .බෘරූස්.............ගාගෙන ලිස්සල ඇවිල්ල
" දොහ්" ගාල ගහ මුල දෙරිගැහැව්ව. අපිත් පුලුපුලුවන් විදියට දිය යටින් ගිහිල්ල..වැටකෙය්ය ගාලට රින්ගුවා...කිසි කෙනෙකුට මුකුත් හිතාගන්න බෑ..! මොකක්ද උනේ කියල...??
"බැහැපිය පරයා...අඬු කඩන්න තොගේ...!" කුනුහරප වැලයි..!
"අනේ වෙදමාමෙ... අපි..මේ ..පුවක් ටිකක් කඩාගන්නයි ගහට නැංගේ..!"
"හෑ ...&^%$%^&%^ පුවක් කොහෙද යකෝ පොල් ගස්වල...!"
"අනේ වෙදමාමේ අර තියෙන්නෙ පුවක් ගහ...ඒකෙ නගින්න අමාරු නිසා..පොල් ගහෙන් නැංගේ..!"
අපට හිනාවෙන්නත් අමතක වෙලා...නැත්නම් මේ වෙලාවෙ මේ කියන දේවල් වලට බඩක් හොයන්න බෑ..!!
"අනේ පල බූරුවො යන්න ...තෝ එනවද මාව තම්බන්න....බැහැපිය කිව්වේ.....!!!"
" මාමේ ඔන්න නොකිව්වයි කියන්න එපා...මට කරදර කරොත්...පනිනව මං ගහෙන්..ඕං"
මෙන්න බොලේ මේකාට ඝණදෙවි නුවන ඇවිල්ල.
"ඒව කොහේද... කෝ මුං එක්ක ආපු අනික් එවුන්...!
මලා...!! මෙන්න වෙදහාමිනෙත් ඇවිල්ල දැක්කෙම නෑ..එතකොට තමයි අපිට මතක් උනේ ඔත්තු බලන්න..එකෙක්ව..පිටවානෙ හැංගුවා නේද කියල...මේ යකා ගෙදර ගිහිල්ලද අපිට නොකියාම..!
මූට වෙච්ච දෙයක් නෑනෙ.
ඒ අතරේ එකපාරටම ......
"ජබෝස්" ගාල සද්දයක් ආව ...!
"බුදු අම්මෝ මං ඉවරෝ"..කියල කෑ ගැහිල්ලකුත් එක්ක.
ඒ එක්කම සුනාමියක් වගේ වතුර පාරක් ඇවිල්ල අපිව ගහගෙන යන්න හැදුව ...!
මලා........! අරූ ගහෙන් පැනල ඇලට..අපේ උරහිසට විතර වතුර තිබුනත්...ඌව නොපෙනී ගියා..!
ඒ අතරේ වෙද ගෑණි බයවෙලා...ඇඳන් ඉන්න සාරිය දනපොල්කට්ට ගාවට උස්සගෙන දුවන්න ගත්තෙ නැතෑ..ඒ පස්සෙ...වෙදා..මුන් දෙන්නා භය වෙලා ..!
ගහේ හිටිය එකා...වැටුන සද්දේ ඇහිලද කොහේද....මෙන්න එකසැරේට....ඔත්තු බලන්න දාපු එකා හිට ගත්ත............මලා...!
ඌ අමු නිර්වස්ත්‍රයෙන්....!පිටවාන මැද ...හොල්මනක් වගේ..!
ඒ එක්කම..දුවන් ආපි..වෙද ගෑණි...!
"බුදු අම්මෝ....!!!" මරණීය විලාපයක් එක්ක..අරගෑණු මනුස්සය පය පැටලිල...ඔත්තු බලන්නදාපු..හෙලුවෙන් හිටිය එකාගෙ ඇඟ උඩටම වැටුන....! ඒ මදිවට අරූ හෙලුවෙන්..!
ඔය එක්කම ආපු වෙදත් ඒ උඩටම වැටුන..ඒ සැරේ නම් අපිට ඉල ඇදෙන හිනා...! ඒ අතරේ ගහෙන් පැනපු එකත් ඇවිල්ල හිනාවෙනව.
පිටවානෙ හිටිය එකා බඩගාගෙන ඇවිල්ල ඇලට පැන්න ..අපි නිකන් ජලජ ජීවීන් වගේ වතුරෙම ඉඳන් හිනා කනව. වෙදයි...හාමිනෙයි..අමාරුවෙන් නැගිටල ගියා මඩ නාල...! (ඔත්තු බලන්න හිටිය එකා පිටවානෙ ඇතුලෙ ඉන්නකොට..මාලුරෑනක් ලඟටම ඇවිල්ල..මූ රාජකාරිය තියෙද්දි මාලු අල්ලල.)
අපිට මොන ගානක්ද..! ඇදුම් ටිකත් හනිකට ඇදගෙන...ටිකක් එහාට වෙන්න තියෙන ගලක් උඩට ගිහිල්ල..කුරුම්බ ටිකට වග කිව්ව...!ගහෙන් පැන්න එකා..ජීවිත බයට නොවෙයි බයකරන්නම තමයි පැනල තියෙන්නෙ...ඒ උනාට පිට පුරාම පොල්ලකින් තඩි බාල වගේ..රතුවෙලා පැන්න පාරට වතුරෙ වැදිල...! හීන් සැරේ කට්ටියම ගෙදරගියත් දවස් ගානක් බයේ හිටියෙ වෙදා ගෙදරට පැමිනිලි කරාවි කියල..හොඳවෙලාවට...අපිව අඳුරගෙන නෑ..නැත්නම්..පැමිනිල්ල දානවම තම..!
ඡායාරූප කතාවේ චරිත වලට අදාල නැත . අන්තර්ජාලයෙන් උපුටාගැනුනි.
ප/ලි. මේ ඇල දැන් අතුරුදන් වී ඇති අතර විශාල කානුවක් බවට පත්වී ඇත. පිටවාන ගොඩකර ඉඩම් වලට ඈඳාගෙන තාප්ප ගසා..සියලු ජරාව ඉතිරිවී ඇති පිටවානකානුවට බැහැර කරයි. මේවා ඇලට ගමන් කරන නිසා කකුල් හෝදන්නවත් කිසිවකු බසින්නේ නැත.
මේවා දකිනවිට හිතට මහා කනගාටුවක් උපදී.
ගොඩක් සුන්දර අතීතයකට මාව ගෙනගියා . ඒත් ඔබ කියු අයුරට අද ඒ සුන්දරත්වය නෑ එහෙම හිතෙනකොටනම් කනගාටුයි තමා
ReplyDeleteමම "ආතම්මගෙ පෙට්ටගම" ලියන ලොකුජෝන්
ලොකු ජෝන් හුඟ කාලෙකින්..,
Deleteමං හිතන්නෙ ඔයාලටත් ඔයවගේ අතීත තියෙන්න ඇති.
ජය වේවා..!
දැන් කාලේ ළමයින්ට කොහෙද මේ වගේ අත්දැකීම් උදේම නැගිට්ටා ලෑස්ති වුණා ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ ඇරුණා ක්ලාස් එකට ගියා රෑ වෙලා ගෙදර ආවා. හෝම් වර්ක් ටික කළා ආපහු නිදා ගත්තා. එච්චරයි :(
ReplyDeleteඔව් හසිත අධ්‍යාපනය විතරයි..(පොතේ දැනුම)
Deleteසමාජය,පරිසරය,වටපිටාව ගැන කිසිම දැනුමක් නෑ..
එහෙම අය පොලවට බරක්.
ලියල තියන විදිහ නියමයි :)
ReplyDelete"සමහර කොල්ලො නම් ඉන්නව උන්ගෙ ..පෙකණිවැල ඇලේ තියල කපල වගේ...":) :)
දැන් ඔන්න මට කුරුම්බා ඕනියෝ..:)
හ්ම්...කුරුම්බා බොන්න ඕනි..එකෙ ලොඳහූරල කුරුම්බ ගෙඩිය ඇතුලෙදිම..සීනි ටිකකුත් දාල ම්..ම්...ම්..රස..
Deleteඅවවාදයයි....නිතර බීමෙන් සීනි මට්ටම උග්‍ර විය හැක.
හි හී..ඒ කාලෙ කොහෙදා ආයෙ එන්නෙ නේද ... දැන් ඉන්න ළමයින්ට ඔය වගේ රස කර කර විඳින්න අතීතයක් තියෙයිද සැකයි..ඔය සෙල්ලම් කොහෙද දැන්...මාව මගෙ ළමා කාලයටත් අරන් ගියා ඔයාගෙ පෝස්ටුව...නියමයි..දඟකම..
ReplyDeleteජීවිතෙ ඒ ලැබූ අත්දැකීම්...දැන් සමාජයෙ ජීවත්වෙන්න හරි වටිනව.
Deleteස්තුතියි ළිහිණි.
අපේ අය්යා එහම නම් ඔය ජාතියේම වැඩ කළා . අපි කෙල්ලෝ නිසා එතරම්ම ඉඩක් ලැබුනේ නැහැ . සරුංගල් නම් ඇරලා තියෙනව . අපේ අය්යා හොඳට සරුංගල් හැදුවා . අක්ක ලොකු වෙද්දී මන් තමයි උදව්වට යන්නේ . කලකට කලින් කය්යකුත් ලිව්වා ඔය ගැන .
ReplyDeleteමේ අතීත කතා නම් අහන්න අහන්න ආසයි. මඩොල් දුව කියෙව්වා වගේ .
අපි ඔය වගේ දඟවැඩ කලාට..දෙමාපියන්ට හරි බයයි..ඒ වගේම කීකරුයි.
Deleteඅපේ ගමේ වැඩිහිටියන්ටත් ඒ වගේ.
ඇත්තටම දැනුත් සරුංගලයක් අහසෙ දැක්කොත් බලාඉන්න පුරුද්දක් මට තියෙනව.
අතීත කතා එමටයි බින්දි හීන්සීරුවේ ලියාදාන්නම්.
මේවගේ අමන වැඩනම් මීගොඩය අනන්තවත් කොරල තියෙනවා.. ඒත් නිර්වස්තරෙන් ඉද්දි ගෑනියෙක්නම් ඇඟ උඩ වැටිලා නෑ
ReplyDeleteනියම ආතල් වැඩේ ඒක බං තාමත් මතක්වෙලා හිනාකනව.
Deleteඅමන වැඩ නොවෙයි බං ඒව කොලුවැඩ.
දෙයියනේ .... මී ගොඩය මක්කෙයි නිරුවස්තරයක් ඇඳන් කොලේ. උඹ කියපු හැටියට මට හිතුනෙ උඹ නිතරම යකඩ සූට් එකෙන් හිටියය කියල. :)
Deleteඅහ්හ්හ් හා... මේක කියෙව්වාම ලෝබේ බෑ........ :( එහෙම ඇළකට පැනලා දිය බුං ගගහා නාන්න තියෙනවානම් ජොලිනෙ.. :D අපිට ඉතින් ඔහොම කරන්න පුලුවන් ට්‍රිප් එකක් ගියොත්නෙ.. ඒ අතින් වී අයියා හෙන ලකී.. :D ලස්සන අතීතයක්...
ReplyDeleteපොඩිකාලෙනම් ඕව කලා..ඒත් දැන්...?
Deleteලංකාවෙ තියෙන සියලුම ජල ධාරා...දූෂණය වෙලා ..මේ කෘමිනාශක,පොහොර නිසා, වතුරකට බැස්සොත් කකුල් කහනව.
අපිට ඉතින් ගෙදරින් නම් ඉඩක් ලැබුනෙ නැහැ..හොරෙන් තමයි යන්නෙ.
ලස්සන ගමක ලස්සන චිත්තරයක් මැවුනා... අපිත් ඉස්සර නාන්න ගියාම දාන්න තියෙන සෙල්ලම් ඔක්කොම දාලා එන්නෙ... අපිත් එක්ක කොල්ලෙක් හිටියි ගස් නගින්න උපන් හපන්... ඌට වලලු ඕනෙත් නෑ... දියයටින් ඇළ දිගේ ඇවිල්ලා වතුර බේරි බේරි ගහට නැගලා කුරුම්බා කඩලා, ගෙදර උන් ගහ ළගට එද්දි ගහේ ඉදන්ම බල්ටියක් ගහනවා ඇළට... අද කොල්ලො කොහෙද මේවා දන්නෙ...
ReplyDeleteඇත්තමයි සිරා...ඔය අත්දැකීම් තමයි අපිට පොලවෙ පයගහල ඉන්න පුලුවන් කලේ.
Deleteඒ ගම දැන් නෑ සිරා..ඉස්සර මිනිස්සු කොච්චර ඔය වගේ වැඩ කලත් පොලීසි ගියේ නැහැ.උපරිම ගෙදරට පැමිනිලි කරනවා විතරයි. ඒ මිනිස්සු දන්නවා ඒව කොලු වැඩ කියල.
වීයා. ඔය වෙසක් කූඩු වලින් අලුත් නිර්මාණ මමත් කරලා තියෙනවා. එක අවුරුද්දක් නිර්මාණය කරපු ගමන් ඒක අනිත් අවුරුද්දෙ ගානට කොපි කරලා අනිත් උන්. ඇත්තම කිව්වොත් අට පට්ටමේ හතරැස් කොටු වෙනුවට රවුම් දාලා ඉස්සෙලම වෙසක් කූඩුවක් හැදුවෙ මම. මට ඒක ඔප්පු කරන්න සාක්කි නම් නෑ. නමුත් ඔය ස්ටයිල් එක අවුරුදු ගනනාවකට පස්සෙත් තවම අපේ පැත්තෙ හදනවා මම දැකලා තියෙනවා.
ReplyDeleteහලේ බං මටත් මගෙ ජීවිතේට කූරියා නොගහා උඩ යන සරුංගලයක් හදන්න බැරි වුනානේ. මගෙ සරුංගල් හෙන පෙනුමයි, මාර හැඩයි, වැඩ කෝටියයි. අප්සෙට් එක උඩ යන්නෙ නෑ බං.
ස්තුතියි බං ආපහු අපිව ඒ සුන්දර ළමා කාලෙට එක්ක ගියාට.
අර තණකොල කපන්න කිතුලට නැග්ග කතාවෙ වෙනස් කරන්න් වෙනවනෙ දැන්.
අරක නම් මාර ආතල් සිද්දිය. මැවිලා පේනවා.
යකෝ අඳුනන්න බැරි වුනේ මොකෝ උඹලව? අනික හෙලුවෙන් ඉඳලත්?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
//හලේ බං මටත් මගෙ ජීවිතේට කූරියා නොගහා උඩ යන සරුංගලයක් හදන්න බැරි වුනානේ. මගෙ සරුංගල් හෙන පෙනුමයි, මාර හැඩයි, වැඩ කෝටියයි. අප්සෙට් එක උඩ යන්නෙ නෑ බං//
Deleteහෙහ් .....හෙහ්...මාර කතාව බං ඒක.
ඒතැන ටිකක් කැලෑව...ගහේ හිටිය එකානම් අදුනගෙන තිබුන..ඌ වෙදාගෙම නෑයෙක්.අපි ටික සිං...සිං...ගාල මාරු උනේ ..අත්දැකීම් තියෙනවනෙ..හැංගෙන්න ඕනතැන් දන්නවා.
මමත් දළදා මාලිගාවක් හැදුව එක පාරක්...පස්ට මහන්සියක් වෙන්න ඕන බං..!
හෙන්රි අයියා මාව නියෝජිත තැන බවට පත් කලාට පස්සෙ බොහෝ තැන් වල අපි එක ළග කමෙන්ට් කරන්නෙ... කොහොමද අපේ බිස්නස් ෆිට් එක...
Deleteහ්ම්...හ්ම්...දියුනුවෙන ලකුනු තියෙන්නෙ...!
Deleteහරි සිරා පාට්නර් උඹට පුලුවන් වුනාද කූරියා ගහන්නෙ නැතුව උඩ යන සරුංගලයක් හදන්න?
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හෙහ්...හෙහ්...ඔන්න දීපංකො උත්තර..!
Deleteහික් .. හික් .. මුන් දෙන්නගෙ ලව් එක.
Deleteමටත් සරුංගල් හදන්ට බෑ, ඒ දවස්වල තාත්තා තමා හදල දුන්නෙ. පස්සෙ ඉතිං සරුංගල් යවන්න ලොකු ආසවන් තිබුණෙ නැති නිසා ඒක ඉගෙන ගන්න උනෙත් නෑ.
ReplyDeleteඇත්තෙන්ම උඹලට ලස්සන ළමා කාලයක් තිබිල තියෙනව, මූද අයිනෙ ඉන්න අපිට ඉතිං ඇල දොලවල් කොහෙද, මූදට යන්නෙත් ඒ දවස්වල තාත්තට නිවාඩු දවසක අපි කවුරුත් ගිහිල් නාගෙන එනව. තනියම යන්න, කොල්ලොත් එක්ක යන්න නම් දුන්නෙ නෑ. දැන් ඉතිං යන්න පුළුවන් කම තිබ්බත් ආසාවක් නෑ, අවුරුද්දකට දෙහෙකට සැරයක් තමා මූදෙ නාන්නෙ.
අපි පොඩි එවුන් දවස්වල තිහගොඩ නැන්දලගෙ ගෙදර ගියාම නම් එහේ අයියා එක්ක දොලේ නානව, පාරු පදිනව. දොල උඩින් දාපු ඒදණ්ඩකින් යන්න තිබුණු ලොකු වත්තක් තිබුණ නැන්දලට, එකේ එක එක පළතුරු ජාති එහෙම පිරිල තිබුණ. ගියාම කටට නිදහසක් නෑ, කොයිවෙලෙත් හපනව. දොල තිබුණෙ නැන්දලගෙ ගෙදර අයිනෙමයි. ළඟකදි මම ඒ පැත්තෙ යද්දි නම් ඒ දොල ජරාවාස වෙල, කුණු වතුර ගල ගල තිබුන. දැක්කමත් දුකයි.
මූදත් ආතල් තැනක් තමා ඒත් එතන සංස්කෘතියෙ පොඩි වෙනසක් තියෙනව.ඒ නිසා වෙන්න ඇති තාත්ත යන්න නොදුන්නෙ.
Deleteදොලක නාන්න ඇත්නම්...මතක් වෙනකොට ආසාවෙ බෑ අප්පා.
දැන් පිරිසිදු වතුරක් හොයන්න සිරිපා අඩවියටම යන්න ඕන.
මාර ආතල් නේ...
ReplyDeleteඒත් දැං ඒ ආතල් ගන්න ළමයිංට පරිසරයක් ඉතුරු වෙලා නෑනේ...
ඔව් අපේ ලම්යින්ට දොලක් ,ඇලක් පෙන්නන්න කටුගෙයකට යන්න වෙය්ද..?
Deleteලස්සන අතීතයක් අයියා
ReplyDeleteමට නම් තාමත් උඩ යන්න සරුංගලයක් හදාගන්න බැහැ :)
ඈ...නිශාන් තාමත් සරුංගල් යවනවද....:)))
Deleteලස්සන අතීතයක් තමා මචං..!
දැන් ළමයි දන්නේ පරිඝනක ක්‍රිඩාව විතරයි.එත් ඒ සුන්දරත්වය ඒ ළමයින්ට විදින්න ලැබේන්නේ නැ.එක වැඩිහිටියන්ගේ වැරැද්ද.මගේත් ළමා කාලයට මම ගියා.
ReplyDeleteඒකනෙ දැන් ලමයින්ට ලෙඩ වැඩි.
Deleteවැඩිහිටියන් ඒ වැරැද්ද බාරගතයුතුයි තමා.
මර කාලයක්නෙ...අපිට ඔය වගෙ ළමා කාලයක් නෑනෙ...
ReplyDeleteරසවත් අතීතයක් නැතිවෙන්න බෑ ලමයිනට...!
Deleteකූරියා නොගහා යන සරුංගලයක් තාමත් මට හදාගන්න බෑ. :(
ReplyDeleteකුරුම්බා නම් හොරෙන් කඩලා බීලා තියෙන්නේ A/L කාලේ.ඒ මළගෙවල් වලට ගිහින් ආචාර සමාචාර දක්වලා මහ රෑ කම්මැලි කමේ ඉද්දි.
මටනම් වී ට වගේ ඔය වගේ අත්දැකීම් තිබුනේ නෑ.මං පොඩි කාලෙම ගමෙන් නගරෙට ආව හින්දා.ඒ අතින් ඔයා ලකී.
හප්පා මල්ගෙවල් වල නිදි මරල...කුරුම්බයක් බිව්වම තීන සනීපෙ.
Deleteපොඩිකාලෙ ලබපු අත්දැකීම් තමා, දැන්...ඔයවගේ තැන් හොයන්නත් නෑ.
වෑවර තැඹිලි හොඳ ගිනියම් ඇති දාටයි
Deleteඒවයේ රස දැනෙන්නේ වැඩිපුර රෑටයි.. :):)
අනික හොරෙන් බොනකොටයි..!
Deleteෂෝයි අනේ..
ReplyDeleteපොඩි කාලේ ගස් බඩ ගාලා එහෙම තිබුනට මේ වගේ අත්දැකීම් නම් නෑ.
ඉරිසියා හිතෙනවද මන්දා...
මොකට ඉරිසියා කරනවද අනේ කොලු වැඩවලට..!
Deleteහික්...හික්.... මරු කතාව..... :)
ReplyDeleteඅපේ තාත්තත් හොඳට සරුංගල් හදන්න දන්නවා. අපෙ අම්මා කිව්වා, දවසක් අපේ තත්තා ගේ ඇතුලේ ලොකූ සරුංගලයක් හදලා අලෝලත් ඉවර වුනාට පස්සෙලු මතක් වෙලා තියෙන්නේ දොරෙන් එළියට ගන්න බෑනේ කියලා....හික්...හික්.....
හිකිස් ...තාත්තත් ජොලි පොරක්නෙ.
Deleteමටත් ඒ වගේ වැඩක් උනා පැටවුත් එක්ක වෙසක් කූඩුවක් හදල ගේ ඇතුලෙ..එලියට ගන්න බැරි උනා.
උඹ මාව මගේ පුංචි කාලෙට අරන් ගියා.
ReplyDeleteහිනා වෙලා බඩත් කොර වුනා..:D කුරුම්බා සීන් එක මැවිලා පේනවා බන්.
අපිටත් තිබුන පොදු පොල් වත්තක්. ඇතිවෙන්න කුරුම්බා බොනවා ඒ කාලේ. වෙලාවක ලියන්නම්කො. දැන් පොඩි එවුන් තරඟයට අහුවෙලා දුවන හැටි දැක්කම නම් කනගාටුවක් ඇති වෙනවා මචං. අපිට ඒ අතින් සිරා ළමා කාලයක් තිබුනා.
මෙතන ඇති මං මුල් කාලේ ලියපු පොඩි ලිපියක්. ඉවර තියන වෙලාවක බලන්න.
අපේ ගම සහ අපේ ළමා ලෝකය
පොඩිකාලෙ ආතල්නේ බං...!
Deleteපොඩි ඈයො විතරක් නොවේ ලොකු අපිත් තරඟයක දැන්..!
හරිම ලස්සන චිත්‍රයක් හිතේ ඇඳුනා කතාව කියවගෙන යනකොට. මෙහෙම කාලයක් දැන් කාලේ ළමයිටනම් එන එකක් නැහැ. පොඩි කාලේ ආස කරපු තැන් වෙනස් වෙලා තියනවා දකිනකොට දැනෙන දුක මට හිතාගන්න පුළුවන්. .
ReplyDeleteසයුරිගේ ගමත් ලස්සන ඇතිනේ...දකුනේ කිව්වනෙ.
Deleteහැම ගමක්ම දැන් වෙනස් වෙලා...!
ඈ.... බං අයියේ..... බොහොම සුන්දර අතීතයක් නේ තියෙන්නේ අපිට කොහෙන්ද පූසෝ තෝර මාළු....... මටත් හිතෙනවා ඔයාලගේ කාලේ ඉපදුනානම් හොඳයි කියල. අනෙක මට පොඩි කාලේ ඉඳන්ම ලංකාවේ ගොඩක් ළමයින්ට තියෙන නිදහස අහිමිවෙලා ගෙදරට කොටුවෙලා ඉස්කෝලෙයි ගෙදරයි විතරයි අයියෝ සල්ලි.............................. එල පොස්ටුව තව ලියන්න මේ වගේ එව්වා මමනම් හරි ආසයි....
ReplyDeleteඊරිසියය්ද බං....හි..හි...!
Deleteඋඹල එනව නම් ලියන්නම් මචං...!
වෙලා තියෙන්නෙ ගලපගෙන ටයිප් කරගෙන ලියන්න ගියාම කාලය ගොඩක් ඕන එකයි.
අතීත ආස්චර්යයි, වත්මන් ආසිචර්යයි දෙකම තියෙනව. මාගලේ වගේ උනාට රහෙන් අඩුවක් නෑ.
ReplyDeleteමාතලන් ඔබේ පැමිනීම සතුටක්...!
Deleteමාගල...හිකිස්..! ඒකනම් ඇත්ත. ඒත් දෙකට කඩල ලියන්න තරම් දෙයක් නැති නිසා ඔහේ ලීව.
බොහොම ස්තුතියි..!
ඇත්තටම යාළුවා හිතට ලොකු දුකක් එනවා. ඒකාලේ අපේ මතකත් එක්ක වර්තමානය සංසංදනය කරන කොට. දියුනුවයි කියලා අපි කරලා තියෙන දේවල් දියුණුවමද කියලා හිතලා බලන්න දවසක් එනවා අපට. අපූරු අතීතාවර්ජනයක් යාළුවා.
ReplyDeleteසරත්... සතුටුයි මෙහේ ගොඩ වැදුනාට..මමත් ඒ පැත්තෙ ගියා..!
Deleteදියුනුව කියන්නෙ අපි මහපොලවත් එක්ක තියෙන සම්භන්දය නැතිවෙන එකද මන්දා..???
කතාව දිග උනත් මරු බං
ReplyDeletecupid...සාදරයෙන් පිලිගන්නවා වීපොකුරට..!
Deleteකතාව දිග වැඩිද මචං...!
(නම සිංහලෙන් කියන නියම විදිය වෙලාවක ලියමු)
මේක කියවනකොට මගේ හිත තිබුනේ රජරට මගෙ ගමේ. මාත් ඉස්කොලෙ යන කාලෙ හැන්දැවට කොලු නඩේත් එක්ක අයිතිකරුවන් නැති පොල්වතුවල ඇවිදිම්න ඇති තරම් කරුම්බා බිව්වා. අදටත් කුරුම්බා දක්නකොට නලියනවා.
ReplyDeleteඅද මේවගේ සුන්දරත්වයක් නූතන පරම්පරාව විඳිනවද මංදා..
මතක් වෙන කොටත් ...මාර ආශ්වාදයක්..නේද දයා...!
Deleteසික් බලන් ගියහම මුන්දලට වඩා මට පුළුවන් වගේ සරුංගලයක් හදා ගන්න . අය්යා ලොකු වැඩ දාල ලස්සන සරුංගල් හදද්දී මාත් පොඩි කවුඩෙක් කාරිය හදල තියෙනව .
ReplyDeleteඅපේ පැත්තේ හිටියේ සරුංගල් ඔස්තාර්ලා . ගඟෙන් එගොඩ ඉඳන් හැම අවුරුද්දේම වෙනස් සරුංගලයක් [ ලොකු ] එවනවා අපේ පැත්තට . ඕක බිම දැමීම තමයි මේ පැත්තේ කොල්ලන්ගේ පරම පිවිතුරු චේතනාව වුනේ .
ආඩම්බර වෙන්න...!ආඩම්බර වෙන්න...! මුං යවල තියෙන්නෙ සරුංගල් නොවේ ,කාක්කො..හිකිස්...!
Deleteමටත් මතකයි....තරඟෙට සරුංගල් යැව්වා..! අපිට ඒ දවස් වල තිබ්බ ලොකුම් ප්‍රශ්ණෙ නූල් තමා..!
ගඟෙන් එගොඩ කිව්වෙ..ගම් පලාත කොහෙද බින්දි.
කැලණිය පැත්තේ . අපි ගම්පහ දිස්ත්‍රික්කේ . කැළණි ගඟෙන් එහා කොළඹ දිස්ත්‍රික්කේ .
Deleteපින්වන්ත ප්‍රදේශයක් නොවැ...
Deleteසතුටුයි...ජයවේවා ඔබට..!
හරි ආසයි බන් මේ වගේ ඒ ලස්සන කලෙ ගැන කියවන්ඩ.. ඒත් අන්තිමට අද තියන යතාර්තය දැක්කම බඩ පපුව දාලා යනවා. උඹලෑ ඇලට වෙලා තියෙන්නෙත් ඒකම තමයි.
ReplyDeleteඒකයි සෙන්නා ..... මම ලියන්නෙ..මේ වගේ කතා කියවන්න ආසා අය ඉන්න එකත් සතුටක්..!
Deleteස්තුතිය් සෙන්නා.
අනිවා බං, අපි හැමෝම වර්තමානෙ අඩුපාඩු දකින ඒ ගැන පැමිණිලි කරන, අතීතෙ සුන්දරත්වය හිතින් විඳින මිනිස්සු. තවත් සහෘදයෙකුගෙ ඒ වගේ ඇත්දැකීම් ගැන කියවන එකත් හිතට සනීපයක්.
Delete//අපි හැමෝම වර්තමානෙ අඩුපාඩු දකින ඒ ගැන පැමිණිලි කරන, අතීතෙ සුන්දරත්වය හිතින් විඳින මිනිස්සු.//
Deleteහිතට වදින වැකියක් බං..!
(හෙට ඉඳල ත්‍රීවීල් වල ගහයිද දන්නෑ..!)