Sunday, June 24, 2012
පයිතගරස්ලා මෙව්ව හොයාගන්නකොට අපේ මිනිස්සු ඒකෙන් වැඩත් ගන්නවද..?
මගේ බ්ලොග් එකට ආපු හැමෝම දන්නව ඇති මම ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියෙක් කියන වග. ඉතින් මේ රැකියාවට මම ඇතුලූඋනේ අහම්බෙන් කීවොත් නිවැරදියි..! ඉස්කෝලෙ ගිහිල්ල ඉවරවෙලා,හතර අතේ රස්තියාදුවෙවී ඉන්නකාලෙ දෙමව්පියන්ට ඕක ටිකක්විතර හිතට වදයක් වෙනවනෙ.
ඔන්න ඉතිං මාත් අපේහරියෙහිටපු හොඳම ගැන්සියට සෙට් උනා.ඒකාලෙ දැන් වගේ චාටර් වැඩ නොකලත්,තක්කඩි වැඩනම් අනන්ත කරල ඇති.හැබැයි කතාවට ඒව අදාල නැහැ.
මගේ පියා පලාතෙ ප්‍රසිද්ධ මේසන් හෙඩ්බාස් කෙනෙක් ,මට මතකයි...අපි කුඩාකාලෙ ඉන්ජිනේරු සැලසුම් , ගෘහනිර්මාණ සැලසුම් වගේ දේවල් මුකුත් නැතිව තාත්තල තට්‍ටු 3,4, ගොඩනැගිලි හැදුව,ගෙවල් හැදුව. මේව සියල්ල සැලසුම් කෙරුනෙ හෙඩ්බාස්ගෙ ප්‍රධානත්වයෙන් සහ දැනුමෙන් ,හැබැයි මේඅය සැලසුම් කියල ඇන්දෙ නිකං දිග පලල සහ කාමර බෙදෙන හැටි දැක්වෙන සටහනක් විතරයි. සියල්ල තිබුනෙ බාස්ගෙ හිතේ. ඒ වගේම මගේ පියා ඉස්කෝලෙ ගිහින් තිබුනෙ 3පන්තියට විතරයි..ඒ නිසා අකුරු ලියන්නත් ටිකක් අමාරුයි.හැබැයි..ඒකාලෙ බොරුවැඩනැහැ..ගෝලයෙක් විදියට සෑහෙන කාලයක් පෙරුම්පුරල..තමයි ඉගෙන ගන්න ඕන.මුලින්ම අත්වැඩ දෙන්න ඕන , ඊට පස්සෙ තමයි බාස් වැඩේට පුරුදුකරන්නෙ.සමහර වෙලාවට ගුටිත් කන්නවෙනව වැරද්දුවාම.වාස්තු විද්්‍යාව හොඳට ප්‍රගුණකරල තිබුනනිසා සැලසුම් අඳිනවැඩෙත් තාත්ත කලා.
ඔය හේතුව නිසාම මට ඉබේම වගේ සැලසුම්වල ගනන් මිමි දාන්න වගේ දේවල්වලට සම්බන්ධ වෙන්න උනා.මටත් කිසිම දැනුමක් තිබ්බෙ නැහැ..හිතල සහ තාත්ත කියල දීපු කාරනා විශේෂයෙන් ජෝයාතිශය ගැන වගේ දේවල් ටිකක් ඉගෙන ගත්ත.
ඔහොම ඉන්න අතරෙ එක දවසක් තාත්ත කියපි..
"හෙට නැකැත් දවසක් මට එක තැනක වැඩක් තියෙනවා,අහවල් තැන...උඹ අහරෙ වැඩක් තියෙනවා තනියම ගිහින් ලණු ටික ඇදල දීපන්..මෙන්න ප්ලෑන් එක හොඳට බලපන්.."
ඒකියන්නෙ හෙට උදේ පාන්දර කුකුලත් අතින් අරන් නැගිටපන්කො...
දැන් ඉතින් මාත් ප්ලෑන් එක බලනවා ප්‍රශ්ණයක් නෑ...
මටත් ඕකෙ එච්චර බරක් පතලක් තේරුනේ නැහැ.
"හරි..හරි.."
මමත් ගනන් ගන්නෙ නැතිව කීව.
දැන් උදේ පාන්දරින්ම නැගිට්ටා, කොහොමත් රාත්‍රියේ හරිහැටි නින්දක් ගියෙත් නැහැ මේ වැඩේ හරියට කරතෑකිද..? කියල හිතේ බයකින් තමයි හිටියෙ. ත්‍රීවීල් රාජයෙක් ඇවිල්ල හෝන්කරල අපිව වැඩේ කරනතැනට එක්කගියා කියමුකො. "ගෙපල" කියලනෙ සාමන්්‍ය භාශාවෙන් කියන්නෙ. දැන් එතනට ගියාම හරිපිලිගැනීම..ඒ වගේම සෙනග පිරිල ..මාව නිකං ස්ටේජ් එකක් උඩ තනියම තිව්ව වගේ උනා. ඒමදිවට කකුල් දෙකත් ටිකක් විතර වෙව්ලන්න ගත්තා කතාකරගන්නත් බැහැ.
මිනුම්ටේප් එකක් මගේ අතට දීල, හතර පැත්තට අල්ලල දිග , පලල බලල, තාත්ත මෙහෙම කිව්ව...
"ඉස්සෙල්ල මේ 28 දිග පැත්ත ඒකට මාලිමාව තියල දිශාවට ගහනව ,අනිත් ලණුව ඊලඟට හරහට තියල..දිග පැත්ත අඩි 20ක් දානව , කොට පැත්ත අඩි15ක් දානව. හරහට අඩි 25 ගන්නව එතකොට පරහ හරි."
ම්...ම්... මම නිකං කරකවල අතෑරිය වගේ..! හුරුපුරුදු..ක්‍රමයක් මෙන්න මේක,
"තව එකක් මුලින්ම කූංඤය ගහනකොට කකුලෙ ඇඟිලිකරුවෙ තියල තමයි වෙලාවට ගහන්න ඕන.
ඔය විදියට එක,එක උපදෙස්..මමත් හා..හා.. කියල කිව්වත් එයින් කීයක් ඔලුවට වැටුනද මන්දා..? කොහොම හරි තාත්ත ටික වෙලාවකින් ගියා , දුන්නු උපදෙස් විදියට වැඩේ කලා කියමුකො. ගේ හතරැස් කරල ඉවරවෙනකොට , එක ..එක ..ඈයො තමන්ගෙ දන්නාකම පෙන්නන්න පටන් ගත්තා , මම පොඩි එකානෙ.වයසක බාස්ල නිකං ලෙමන් බික්කක් කටේ තිබ්බවගේ,අරහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා.ඇයි මේ පුන්චි එකා පොරවෙලා , ඉහ නිකට ඉදෙනකන් වැඩකරපු උන්ට කිසිම තැනැක් නැහැ.
දැන් හෝගාල එක..එක උපදෙස් මමත් නිකං බඩයන්න ඔන්න මෙන්න එකාවගේ අරහෙට...හැරෙනවා ...මෙහෙට හැරෙනව...!ඒ අස්සෙ එකෙක් කියපි..
"මුල්ලෙන් මුල්ල අල්ලල පරහ බලමු" කියල.
මාත් ඉතින් බැලුව.. සමාන වෙන්න එපායැ..හුටා..!!!.මගේ කන්දෙකේ ඉඳල..මුලුසරුවාන්ගෙම රත්වෙන්න ගත්ත...අඟල් 6ක් වෙනස්.....මලා..!!! දැන් මොකක්ද....කරන්නෙ..?
මමත් ඉතිං 9,10 කැලෑසිවල..ගණිත..තාක්ෂණය දාල බැලුව..කෝණය අංශක 90 වට ගන්න එපායැ...ඔන්න බොලේ වැඩේ..පොතේ තිබුනට මෙතන්ට දාන්නෙ කොහොමද...? ආයිත් ඔන්න උපදේශකයින්ගෙ විවිදාකාර උපදෙස්..අරෙහෙම..කරන්න , මෙහෙම කරන්න..! හැටහුටාමාරකුයි...තවත් ටිකකුයි..උපදෙස්..!! හැදුව ..,හැදුව...ම්හ්..හරියන්නෙ නැහැ...ඊටපස්සෙ අවක්ඤාව..මේ පොඩි එකකුට පුලුවන්ද...? මේ වගේ අමාරුදෙයක් කරන්න තාම හුජ්ජකොල්ලො...! මල සංතෑසියයි...මට කකුල් දෙකත් පණනෑ වගේ...ඒ මදිවට කතාකරගන්නත් බැහැ.හැමෝම වටවෙලා..එක..එක කතා..,
"පරහ තියෙන්න හොඳ නෑ ගෙවල් වල..ගෙහිමියාට .මෙව්ව වෙනව" එකෙක් කියනව.
"පො...පො..ඩ්..ඩි බාෂුන්නැහේ...මොක්..කක්ද... ප්‍රශ්ණේ...ස්..සපෝට් එකක් ඕන නම් කියන්ඩ...ලැජ්ජ වෙන්න එපා..හ් හර්රී...! "ඒ අස්සෙ උදේපාන්දරම කණපැලෙන්න බීපු එකෙක්..මගෙ උරහිසෙන් අල්ලල කියනවා.. යකෝ මම බාස් කෙනෙක්යැ..මට මල එකයි..ඒත් මොනව කරන්නද...ඉවසනව හැර.
"මල්ලි ඔයා මුල ඉඳල ආයි ලණුගහන්න" ඒ තව උපදෙසක්,
"එපා...එපා ..අපෝ..මුල් ලණුව ගලවන්න එපා..හොඳ නෑ..! තවෙකෙක් කියනව...මට මොනව කරන්නදකියල හිතා ගන්න බෑ..!!! මට ආව හොඳ අදහසක්
තව ටිකකින් තාත්ත ඒවි එතකන් ඉමු...ලැජ්ජාව වහගෙන මම කිව්ව....! තාත්ත ආව ආපු ගමන් අර බාස්ල ටික සමච්චලයට වගේ ඔක්කොම ටික කිව්ව ,
හා සුලු දෙයක්නෙ කියල අංශක 90ට කෝණය හැදුව හරිම අපූරු විදියට...කට්ටිය හූම්..නෑ..!
මට මගෙ මේ වෘත්තියෙ , පලමු වැදගත්ම පාඩම කියල දුන්න... ත්‍රිකෝණයක පාදවල තියෙන සම්භන්දතාවයකින් අපට පරස් නැතිව (අංශක90 කෝණ ඇති)ලණුගහන හැටි කියල දුන්න. ඒක කොහොමද 3 පන්තියට විතරක් ඉස්කෝලෙ ගිය තාත්ත දැන ගත්තෙ ..? මට ප්‍රහේලිකාවක්...!
"ඕක බොලා ඉස්කෝලෙන් ඉගෙන ගත්තට මේක මට ඉගැන්නුවෙ මගේ ගුරුන්නාන්සෙ , එතුමට උගන්නල තිබුනේ උන්දැගෙ ගුරුන්නාන්සෙ..ඔව්ව සුද්දො ගේන්න කලින් අපේ මිනිස්සු දැනගෙන හිටිය බොල..!"
"මේක එක කරමයක් විතරයි...තව ඒව තියෙනව.. කිව්ව.
ඇත්තටම මමනම් හරියට දන්නෙ නැහැ මේක මොන සූත්‍රයෙන් එන එකක්ද කියල...ඒත් අපේ මිනිස්සුන්ට කලින් සුද්දො මේක හොයාගත්තද..? නැත්නම් මේක මුලින් අපි හෝ ඉන්දියානුවන් හොයාගත්තද... මේතරම් තාක්ෂණය දියුනු නැති කාලෙ අපේ මිනිස්සු කරල තියෙනදේවල් දිහා බලනකොට..මොකක්ද හිතෙන්නෙ....!!!!
මේකෙන් ලැබුනු කීර්තියත් එක්ක ගෙදර ආපුගමන් තාත්ත කිව්ව...
"මම දැනගෙන හිටිය උඹට මේ සාත්තරේ පිහිටනව කියල අහවල් හාමුදුරුවන්ට කියල කේන්දරේ බලවල තමයි උඹව මම අරන් ගියේ... මේව පරම්පරාවෙන් අපේ මුතුන් මිත්තො රැකගෙන ආපු දේවල් ඒක නිසා මේක අදකාලෙට හරියන්න උඹට ඕනවිදියට ඉගෙනගෙන මේකකරපන්..මගේ අල්මාරියෙ ඇති වාස්තුවිද්්‍යාව ගැන ලියවුනු පොත් , පත්තර කියවාපන් , "
මට එතකොට තමයි තේරුනේ තාත්ත උවමනාවෙන්ම මාව එතනට දාල ජීවිතේටම මතක හිටින අත්දැකීමක් ලබාදුන්න කියල. ඒ අත්දැකීම් දැන් වැඩක් කරන්න ගියහම කොච්චර වටිනවද...?
ඒ කාලෙ කොයි සාත්තරෙත් ගෝලයින්ට දුන්නෙ අත්දැකීම් වලින්,ඒකයි ඒ අය වැඩ හරියට කරන්නෙ..න්‍යායික දැනුමට වඩා ප්‍රායොගික දැනුමටයි ප්‍රමුඛත්වය දුන්නෙ. පයිතගරස්ලා පොත්වල හිටියට අපිවැඩකරන්නෙ...මහපොලවෙනෙ...!!(හැබැයි මේක පයිතගරස් වගේ විද්්‍යාඥයන්ට අපහාසයක් නම් නොවේ.)
(පයිතගරස් පින්තූරය ගූගල් වෙතිනි.)
Subscribe to:
Posts (Atom)


