Sunday, August 19, 2012

හිත රිදුනු වැහිබර දවසක්.....!



පාළු  අහසම අඳුරු    වෙනවා
පවන රළුවී වියරු     වෙනවා
අඳුරු කුටියම නිසල   වෙනවා
නුඹේ සෙනෙහස මතක් වෙනවා

රුවන් පැහැයට නුඹව දිලෙනා
සිනිඳු ලෙස සිප ගන්න සිතුනා
දෝරගලනා සෙනෙහෙ  පතුරා
නුඹව තුරුලට ගනිමි සැනෙනා

සෝ තැවුල් සිත වෙලා ගැනෙනා
කොතෙක් තිබුනද මසිත   අසුරා
නුඹේ සියුමැලි මුවින්    පිදෙනා
සිනිඳු සීතල හදට       දැනුනා
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*




කොහොම තවරා කෙලෙස ලැබුනත්
පැණිරසක් නම් නැතේ    කිසිවක්
දිවට අපුලක් නමුදු       දැනුනත්
නුඹව නැති කල නැතේ    පිහිටක්

‍රැය පහන්වනු හිතට නොදැනේ
කඳුලු සඟවා බමණ    මතුවේ
සවි ගතේ වාරුවත්    නැතිවේ
අහස පොලවද කියා නොදැනේ

නොදු‍ටු සැනසුම සොයා යනවා
එයින් සිතිවිලි විකල්   වෙනවා
විකල් සිතිවිලි නිසල    වෙනවා
නිසල සිතිවිලි සසල    වෙනවා



උඩම පින්තූරය මෙතැනින්....cindrellaforever.blogs...
ඊ ලඟ එක මෙතැනින්....murraymitchell.com